namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, January 1, 2019

මොහොමඩ් සාලී ගීත මංජුසාව..........

එදා මියැසි සාදයේ නැගි රස ගී සරය -  මොහොමඩ් සාලි  - පළමුවැනි පිටුව 

ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ .....

ඈත එපිට දුර ආකාසේ ....



70 දශකයේ යෞවනයේ අසහාය හඞ පෞරුෂය සතු වු ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි ක්‍ෂේත්‍රයට පිවිසෙමින් ගැයු වෙළඳ තැටි ගීත අතර රැඳී වත්මනෙහි ද එකලෙස රසික සම්භාවනාවට පාත්‍ර වෙයි


මෙකී තැටිය නිකුත් වු යුගයේ අගනුවර ප්‍රිය සම්භාෂණ - සංගීත සංදර්ශන සංගීතවත් කළවුන් අතර දසත පතල කීර්තියක්‌ අත්පත් කරගෙන සිටි සංගීත ශීල්පීන් අතර මොහොමඩ් සාලි ද වූ බව කියෑවෙයි

මේ ඔහු ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන් හා එක්‌ව ක්‍ෂේත්‍රයේ හිනිපෙත්තේ වැජඹුනු පළමු මිල්ටන් නාමධාරියා එනම් ජේ ඒ මිල්ටන් පෙරේරා වෙනුවෙන් විරහ ගී මාලා සම්පාදනය කරමින් සිටි අවධියයි

ක්‍ෂේත්‍රයේ දෙවන මිල්ටන් නාමධාරියා ලෙස මිල්ටන් මල්ලවාරච්චි නම් යව්වන අධුනිකයා අබිසෙස්‌ ලැබුවේ මොහොමඩ් සාලි සංගීතඥයා ගේ තනු නිර්මාන රැගත් උක්‌ත ගී සමුච්ඡයෙනි

ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ ......

තොටියෙකි මා මෙහි සීතල වතුරේ ....

පායා එන්න සඳේ මට දී ආලෝකේ .........


එපමණකුදු නොව මොහොමඩ් සාලී නම් වු මේ ගාන්ධර්වයා නොසිටින්නට මිල්ටන් පෙරේරා නමැති සුලලිත විරහ ගී විශේෂඥයා බිහිනොවන්නට ද ඉඩ තිබුනි


මිල්ටන් පෙරේරා ට අමතරව රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද්‍රිගෝ - ගාමිණි රොද්‍රිගෝ යන මෙකී ශීල්පීන් වෙනුවෙන් මෝහණිය ගුවන් විදුලි සරළ ගී රැසක්‌ බිහිකල සාලි මාස්‌ටර් 60 දශකයේ දී ආර් ඒ චන්ද්‍රසේන ජ්‍යෙෂ්ඨ සංගීතඥයා ගේ වාද්‍ය වෘන්දයේ සාමාජිකත්වය දරනු ලැබිය

සිංහල භාෂා සාහිත්‍යය හා සංස්‌කෘතිය පිළීබඳව අල්ප මාත්‍ර හෝ දැනුමක්‌ සතු නොවි සිටියෑයි කියෑවෙන මේ අපුර්ව මියෑසි විසිතුරු රටා මවන්නා වෙත අදාළ නිර්මාණයට සහභාගි වෙන සෙසු ශිල්පීන් නියමිත ගීතය පිළිබඳව එහි අර්ථය කුඵගන්වා පැහැදිලි කිරීමක්‌ ලබාදිය යුතු විය

නමුත් එහි අරුත් ගැන්වු සැණින් ඔහු සිය ඇගිලි තුඩු හර්මෝනියම් වාද්‍ය භාන්ඩය මත යුහුසුඵව ළෙලවා භාවපූර්ණ සංවේදී තනු රටා මැවි යෑයි වාර්තා වේ එපමණකින් නොනැවතුණු සාලි ඒවායේ මිහිර තෙගුණ දෙගුණ කරන්නට මධුර මනෝහර අන්තර් වාදන රටා එක්‌කලේය


සියඵ සත්වයෝ - නිදුක්‌ වෙත්වා - නිරෝගී වෙත්වා ......

දහම් වැස්‌සෙන් සකල වැස්‌සන් - තෙමි තෙමි යෙත්වා........

(පද කරුණාරත්න අබේසේකර - ගැයුම මිල්ටන් පෙරේරා)
-------------------------
මෙතැනින් සවන්දෙන්න
------------------------
Share Music - Embed Audio Files -
දයානන්ද කුමාරසිරි නම් 70 දශකයේ කවියා පබැඳු මේ පදවැලට ඔහු දුම්රියේ ගමන් ලතාව මුසුකලේය එයින් නැගෙන විවිධ හඞ මතුකර දැක්‌වීම පිනිස මනස්‌කාන්ත අන්තර් වාදන රටා වැයෙන්නට වග බලා ගත්තේය

විදුලි දුම්රියේ චංචල නාදෙන් - සවනත වැකෙන සඳේ.......

කඵඳු පිරි දෙනෙත් අතරින් මිහිරක්‌ - මතුවිය සැළෙන හදේ.....

සීත කඳුකරේ මිහිදු මහ දිගයි - පමා වුනෙමි සොඳුරේ......

රූපවාහිනි අංජන රේඛා  - නලගන ඔබද ලඳේ ......

---------------------------
ගීතය රසවිඳින්නට මෙතැනට පිවිසෙන්න
----------------------------

මේ ගීතය කළඑළි බට 70 දශකයේ මුල් යුගයේ එයින් ගෙනහැර දක්‌ව සංසිද්ධීන් ලාංකිකයන්ට සිහිනයක්‌ම පමණක්‌ විය

ජාතික ගුවන් විදුලියේ ප්‍රමුඛ නිවේදිකා රත්නා ලංකා අබේවික්‍රම ද කරුණාරත්න අබේසේකර -  ප්‍රේමකීර්ති ද අල්විස්‌ - කේ ඩි කේ ධර්මවර්ධන - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ - චන්ද්‍රා වයමන් - චිත්‍රානන්ද අබේසේකර - ලලිත් එස්‌ මෛත්‍රිපාල  - දයා ද අල්විස්‌ - කුසුම් පීරිස්‌  - චන්ද්‍රසේන රංගේ - හේමන්තා තිලකසිරි - සුමනා ජයතිලක - තිලක සුධර්මන් ද සිල්වා  - මාලා වජිරා පෙරේරා - පාලිත පෙරේරා - සමන් ආතාවුද හෙට්‌ටි  යන මෙකි නොකී  සිය සෙසු කාර්ය මන්ඩල සාමාජිකයන් අනුව යමින් තෙමේද අරුත්බර ගීත ගණනාවක්‌ පබැඳුවාය


වරෙක ඇය පතිකුලයට යන යුවතිය අරබයා මෙසේ ලියා තැබීය 

උඩට උඩු වියන් - පාවඩ පයට අතුරලා..........

දෙපස මල් යහන් ආසිරි - දසත පතුරලා..................

සිහල උණුසුමයි - පැළ ඇතුලේ එකසමයි ..........

අමිල හදවතයි - ඇය පතන සැනසුමයි .................
-----------------------
ගී පද - රත්නා ලංකා අබේවික්‍රම

ගැයුම - රූපා ඉන්දුමතී සහ ලක්‍ෂමන් රොද්‍රිගෝ
---------------------------
සවන්දෙන්න මෙතැනින්
Embed Music - Embed Audio Files -
රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොදි්‍රගෝ සරළ ගී වැඩසටහනකින් උපත ලැබු එහි පදඅරුත බිඳකුදු හෝ බිඳී නොයන තනුවකින් එය සරසාලන්නට මොහොමඩ් සාලි නම් මේ විජාතික තනු නිර්මාපකයා සමත්විය
ඔහුට පෙරාතුව ඔහුගේ සමකාලීනයන් වූ ටී එෆ් ලතීෆ්   ද ඔහුට පසුව සිනමා ගීත රසය කැළතූ ගලගෙදර හක්‌ ද නොමියන රුසිරු තනු බිහිකරන්නට සමත් වු බව සැබවි එනමුදු ලක්‌දිව සිංහල ගීත කෙතේදී  ඔවුන් හෝ අන් කිසිම මූසල්මානුවෙකු එදවසද මෙදවසද ඔහු පෑ ගී තනු විකුම් අසලකටවත් ලං වන්නට සමත් වි නොතිබිණි


දෙවැනි පිටුව ට පිවිසෙන්නට පෙර විරාමය ...................

(මුලාශ්‍ර  - ගාන්ධර්ව අපදාන - අංක 05 - මහාචාර්ය සුනිල් ආරියරත්න - ගොඩගේ ප්‍රකාශනයකි)

No comments:

Post a Comment