namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, February 19, 2019

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 11

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය  - අසමසම සරපුවරු මියැසි සරය  -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ 

අංක - 11 

සාම්ප්‍රදායික සිංහල ගීතයේ පෙරනොවු විරූ නවතම පෙරළියක්‌ කරන්නට ඔහු අදිටන් කරගත්තේය 



සිය තැටි ගී නිර්මාණ උල්පත පදාගන්නට යොදාගත් ප්‍රබල ම අවිය වු සරපුවරුවේ යතුරු මත එවරද ඔහු අතැගිලි අන් කවරදාකටත් වඩා  යුහුසුඵව එහා මෙහා දිවගියහ 

යතුරු පුවරු මාලා වේදිකාවේ විදුලිය බඳු වේගයෙන් රගදුන් ඒවා විසින් සිහල ගී වදන් විසින් මින් පෙර නොහැඳිනගත් සත්සර රටාවක්‌ මවනු ලැබ තිබිණ

මිට පෙර තමා විසින් නිර්මාණය කළ ජනම් භූමි වන්දනා සරපුවරු නාදරටාවට සබඳකම් ඇති එයාකාරයේ වෙනත් තනුවක්‌ ඔහුට ඇවැසි වී තිබුනි 

ඒ ගීතයේ පදලියු සීලවිමලයන් හමුවේ එවර වඩාත් අභියෝගාත්මක කාර්යයක්‌ පැවරූ චන්ද්‍රසේනයන් ම මෙවර එහි වදන් ඇමිණිමේ ක්‍රියාවලියට සෘජුව ම මැදිහත් විය

මේ සංකීර්ණ තනුවෙන් සිය මනසේ ඇඳි නිර්මාණය එපරිද්දෙන්ම බිහිවන තෙක්‌ එය දැඩිලෙසපුරුදු පුහුණු කිරීමේ සම්පූර්ණ නිදහස ඔහු සතුවුයේ ශිල්පිනිය ඔහුගේ දෙටු දියණියම බැවිනි

එයුගයේ  මෙහි පමණක්‌ නොව ලොවපුරා භාවිත වු ශබ්දාගාරයන්  පැවතුනේ පටිගතකිරිමේ පඨ 02 ක්‌ පමණකි එකක්‌ වාද්‍ය වෘන්දය සඳහා ද අනෙක ගායන ශීල්පීන් ගේ හඞ මුසුකිරීම සඳහාද යොදාගැණිනි 

මෙවර ඔහුගේ සිතේ ඇඳුනු නිර්මාණයට පඨ 03 ක ශිල්පීය ක්‍රමයක්‌ ඇවැසිය  ඒ අභියෝගය ජයගැනීමේ කඩඉම දැන් පැනගත යුතුය 

ඒයුගය තෙක්‌ දශක 03 කට අධික කාලයක ට පෙරපටන් ක්‍ෂේත්‍රයේ රැඳෙමින්  සංගීතයේ එවකට ලොවපුරා භාවිතයේ පැවතී ගායන වාදන ශෛලීන් සියල්ල පිළිබඳව පුඵල් දැනුමකට හිමිකම් කියූ චන්ද්‍රසේනයන් ගේ එයින් සැහිමකට පත් වුයේ නොවේ

පෙර අපර දෙදිග සංගීත භාන්ඩයන් අඵත්වැඩියා කිරීම පමණක්‌ නොව ඒවා නිර්මාණය කිරිමේ තාක්‍ෂණික දැනුමෙන් ද ඔහු සන්නද්ධය

එපමණක්‌ නොව මේ සියල්ල එකට කැටිකොට ගීතයක්‌ බවට පත්කිරිමේ කාර්යයේ ඉංජීනේරුමය ශිල්පයද ඔහු අතැඹුලක්‌ සේ දැන සිටියේය

ඔහු වහා සිය ගැටඵව විසඳාගත්තේය වසර ගණනක්‌ වාර ගණනක්‌ තමා සමග එක්‌ව කටයුතු කරමින් පැහැදිලි අනෝන්‍ය අවබෝධයකින් හෙබි සිය පටිගත කිරීමේ ඉංජිනේරූ මර්වින් රොද්‍රිගෝ වෙත සිය මනසේ ඇදි නිර්මාණ සිත්තම හෙළදරවු කරමින්  ඇවැසි උපදෙස්‌ සහ මගපෙන්වීම ලබාදුන්නේය


-------------
සේයාරැව - අමර කුමාරරත්න
----------
ඒ අනුව වාර ගණනක දැඩි පුහුණුවකට යටත් කරමින් සිය කටයුත්තට සුදානම් කරගත් ශිල්පිනිය එනම් සිය දෙටු දියණිය කැටිව අදාළ දිනයේ දඵගම සරසවි ශබ්දාගාරයට ගිය චන්ද්‍රසේනයන් කිසිවෙකු මින්පෙර සිදුනොකළ සිය කටයුත්තට අතගැසුවේය

ඇයගෙන් ශබ්ද උපකරණ මයික්‍රෆොaනය ඉවත් කර සිය වාදක මන්ඩලය සංඥා කරමින් පටිගත කිරිම ආරම්භ කලේ පටියට ඇගේ හඞ හසු නොවන සේය ඒ අනුව දැන් පටිගත වන්නේ සංගීතයයි

යළි නැවත දිනක ඇය කැටුව එහි ගිය හෙතම  මින් පෙර  ලාංකීය ශිල්පීන් විසින් භාවිතා නොකළ හෙඩ්ෆොaන් උපකරණ පැළඳ ගැයීමේ ක්‍රමවේදය ක්‍රියාවේ යෙදවන ලදී එහිදී ඇය විසින්  පෙරදින පටිගත කල ශබ්ද හඞ පටය ඒ ඔස්‌සේ ශ්‍රවණය කරමින් ඊට ඇගේ හඞ මුසුකළාය
--------------------------------------------------
(ආරම්භක සරපුවරු වාදනය )

ශ්‍රී ලංකා කලා කෙතේ..................

සංගීතේ සාදන රසේ ....................

පුරවා ලු ගී මධු විතේ .... ................

මධු ලෝකේ මිවිත වේ

සදා දෙති රස ලෝ තලේ ...........

හෙළයේ ගීතේ මේ .....................

(පළමු අන්තර් වාදනය)


ලොව ලාලිත සාහිත කලා ................

රස සාගර ගී සරනා .............

පිරවූ සිත් මී බිඳු පෙරා ...............

රස පෑවා සංගීතේ ...........
---------------------------------

පද රචනය - හිටපු පරිපාලන නිලධාරී අමර කුමාරරත්න ගෙනි

තනුව - නැසිගිය ප්‍රවිණ සංගීතවේදී ආර් ඒ චන්ද්‍රසේන

සංගීත අදියුරු භූමිකාව - ඔහු විසින්මය

ගැයුම - ආචාර්ය වික්‌ටර් රත්නායක

තැටි ලේබලය - ශ්‍රීමත්

වසර - 1973

----------------------------------
සවන්දීම‍ මෙතැනින් 
Upload Music Files - Embed Audio Files - සටහන 

මෙහි ස්‌ථායි කොටස ගැයෙන්නේ වරකි අන්තරා කොටස්‌ දෙවරකි මීට පෙරාතුව වික්‌ටර් රත්නායක චන්ද්‍රසේනයන් ගේ සංගීත තනු නාද සංකලනය අනුව යමින් ජන්ම භූමි වන්දනා  ළිඳෙන් වතුර බීලා සහ පුන් සඳෙන් රැස්‌ ගං තෙරෙන් නම් ගීත චන්ද්‍රසේන වාද්‍ය වෘන්දය යටතේ ඔහුගේම අර් ඒ සී ලේබලය වෙනුවෙන් ගයමින් ඒවා සාර්ථක ලෙස රසික සම්භාවනාවට පාත්‍ර වන්නට කටයුතු සලස්‌වා තිබිණි

මේ ආචාර්ය වික්‌ටර් චන්ද්‍රසේනයන්ගේ දෙවැනි තැටි ලේබලය වු ශ්‍රීමත් වෙනුවෙන් ගැයු මුල්ම අවස්‌ථාවයි 

මෙහිදී ඔහු විසින් ලාංකිය සිංහල ගීත කලාවේ යළිදු වරක නිරත වු නවතම අත්හදාබැලීමක සේයා සටහන් වෙයි බටහිර සංගීතයේ මූලධර්ම මත යෑපුනු ආරම්භක වාද්‍ය ඛන්ඩය අන්තරා වාද්‍ය ඛන්ඩයන් අතරින් පැහැදිලිව වෙනස්‌ය ස්‌ථායි - අන්තරා සම්මත ආකෘතියට අභියෝග කරන්නට යෙදුනු නිර්මාණ ගණනාවක්‌ වත්මනෙහි ප්‍රකට වුවත් මේ ගීතය බිහිවූ 1973 වසර වනවිට එවැනි ගීත සිංහල සිනමාවේ හෝ ඉන් බැහැරව බිහිවී නොතිබුනු තරම්ය 

පුරෝගාමි මෙහෙවරක යෙදුනු විදේශියෙයකු වු රාමයියා මුත්තුසාමි ද පසුව ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ට පෙරාතුව චන්ද්‍රසේනයන් ක්‍ෂේත්‍රයට පිවිස සිටියදී උක්‌ත යුගලයට සාපේක්‍ෂව ඔහුට සිංහල සිනමාවේ ශීල්ප දැක්‌වීමට ලැබුනු ඉඩ ප්‍රස්‌ථා දැඩි ලෙස සිමා වීම අවසනාවකි ඔහුගේ ස්‌වාධීන තනු නිර්මාණ ඇතුළත් මිරිගුව සිනමා පටයේ සංගීත භාවිතාව සැලකිල්ලට ගැනිමෙන් එය පසක්‌ වේ 

කැන්ටාටා සොනාටා වැනි ඒ යුගයේ ලාංකිකයන්හට ආගන්තුක වු බටහිර ශීල්පීය ක්‍රම මෙහි රසිකයන්හට හඳුන්වාදී සිංහල ගීත කලා කෙත පුඵල් කරවාදෙන්නට චන්ද්‍රසේනයන් ගත් තැත උදෙසා මේ ගීතය ද කදිම නිදසුනකි

මේ ගීතය ඇතුළත් තැටිය උක්‌ත යුගයේ ගුවන් විදුලියේ තැටි ගබඩාවට පී (ප) අනුක්‍රමික ඛන්ඩනාම යටතේ සම්ප්‍රාප්ත වන්නට ඇත එහෙත් එය ගුවන් විදුලි තරංග අතරට මුසුවු අවස්‌ථා ඉතා විරළ බව කිව යුතුය එයින් වික්‌ටර් රත්නායක නම් අධුනික ශීල්පියා ගේ නව සම්ප්‍රදායක ගැයුම් රසය ඔහුගේ ගුවන් විදුලි රසිකයන්ගෙන් වසන් කෙරිණි

ඔහුගේ අතිසාර්ථක යුග මෙහෙවරට අඩිතාලම දැමූ ස ඒක පුද්ගල ගී ප්‍රසංගය දොරට වැඩියේ මේ තැටියේ ආගමනය සිදුවු වසරේදීම වීම විශේෂත්වයකි  එනමුදු චන්ද්‍රසේන වෙළඳ තැටි වල ඇතුළත් වු මේ ගීත කිසිවක්‌ ඔහු සිය ප්‍රසංගය පිනිස යොදාගත් බවක්‌ වාර්තා නොවේ 

-------------------------------------

මුල් හඞ පටය සහ ගායනය එකට මුසු කරවූ නව හඞ පටය සකසාගනිමින් එසේ සිය කර්ත්‍යයේ වැදගත්ම එමෙන්ම භාරදුර කොටස අවසන් කළ ඔහු මෙහි අවසාන පියවර ක්‍රියාත්මක කලේ තවත් දිනකය

දෙවන දින ගැයු ස්‌වර ලිපිය සංශෝධනය කරන ලදුව පුහුණුවී තෙවන දින යළිත් වරක්‌ ඇය හෙඩ්ෆොaනය ඔස්‌සේ ඉහත දිනයේ හඞ පටය ශ්‍රවණය කරමින් යළිත් ගැයුවාය

ඒ අනුව එසේa එදා ට්‍රැක්‌ස්‌ 03 කින් සමන්විත නව ආරක හර්මනි ගීතයක උපත සිදුවුයේ මින් ඉහත කිසිම දිනක කිසිම තාක්‍ෂණ ශීල්පියෙකු හෝ සංගීතඥයෙකු සිදු නෙකරන ලද කර්ත්‍යයක නිමාව සනිටුහන් කරමිනි 

මේ අපුර්ව නිර්මාණය නිකුත් වු දා පටන් එය ගායිකාවන් දෙදෙනෙකු විසින් ගැයු ගීතයක්‌ ලෙස වරදවා වටහගැනිමෙන්දෝ ගුවන් විදුලි බලධාරීන් එය එයාකාරයෙන් හඳුන්වාදුන්හ

ඇතැම් අවස්‌ථාවලදී ඒ තිලංගනී සහ දර්ශනී චන්ද්‍රසේන ලෙසයි  චන්ද්‍රසේන කණිටු දියණිය සංගීතාචාරිණී දර්ශනී සිය පියාණන් සිදුකල මෙම පර්යේෂාන්තාමක කෘතිය පිළිබඳව මෙසේ සඳහන් කරයි

මෙහි හින්දුස්‌ථානි රාගධාරි සංගීතයේ එන භාගේෂ්වරී රාගයේ ඡයාව වැටි තිබෙන බවක්‌ පේනවා

ඊට අමතරව ඇබා සංගීත කන්ඩායමේ  ගී ශෛලිය ද එහි ප්‍රකට වෙනවා එසේම නවින කෝඩ්ස්‌ ක්‍රම ද භාවිතා කරනු ලැබ තිබෙනවා


අන් කවර නිර්මාණයකටත් වඩා සිය කාලය හා ශ්‍රමය වැයකරමින් ද මුදල් වැයකරමින්ද සිදුකල මෙය අපතේ යවන්නට සැගවෙන්නට ඉඩහරින්නට කිසිවිටක ඉඩ නොතැබිය යුතුය ඒ අනුව ඔහු තෙවන වරටද සිය තැටි ලේබලය වෙනස්‌ කරනු ලැබිය නව නිකුතුව ශ්‍රීමත් ලෙසින් නම් කෙරිණි

එයින් නොනැවතී කලින් නිකුත් කල තැටි සඳහා අත්වු ඉරණම වලකාලීමේ සියඵ පියවර ගනු ලැබීය  එපමණක්‌ නොව සංගීත අධ්‍යක්‍ෂණය  
දිශ්‍රියාණි චන්ද්‍රසේන ය එසේම මෙවරද එවකටද ලක්‌බිම සතර දිග සිය නාමය රැන්දු වික්‌ටර් රත්නායක වෙනුවෙන්ද ගීතයක්‌ වෙන්කරනු ලැබුවේය

ආධුනිකයන් නගා සිටුවා ඔසවා තැබිමේ සිය සුපුරුදු මානව හිතවාදී ගුණාංගය ක්‍රියාවට නගමින් සිය සංගීතායතනයේ නවක සිසුවෙකු ටද අවස්‌ථාවක්‌ උදාකරදුන්නේය ඔහු ජෙරල්ඩ් ටී ළාමාහේවා නම් තැනැත්තෙකි

මරදානේ චන්ද්‍රසේන සංගීතායතනයේ නවතම ලේබලය යූ ශ්‍රීමත් හි ඇතුළත් වූ ගීත පහත පරිදිය

පළමු පැත්ත

01 ශ්‍රි ලංකා කලා කෙතේ - අමර කුමාරරත්න - වික්‌ටර් රත්නායක

02 මල්සරා මල්සරා - සිරිල් ඒ සිලවිමළ  - ජෙරල්ඩ් ටී ළමාහේවා

දෙවැනි පැත්ත

03 සිරිලංකා අලංකාර ලංකා - සිරිල් ඒ සීලවිමළ - තිලංගනී චන්ද්‍රසේන

04 සිගිති සුරතල් - සිරිල් රත්නවීර - ලතා වල්පොළ  

----------------------------------------------

සිරිලංකා අලංකාර ලංකා.................

මැණීක්‌ ගල ලංකා මැණික්‌ බිම ලංකා ................

පොළොගැබ හංගා ඉන්නා අසාවෙනි ................

පොළෝගැබ හංගා  ඉඳුනිල් .. සුදුනිල් .....කඵනිල් ....

ඉන්නා ...........ආසාවෙනි

-------------------------------
ගැයුම  - තිලංගනී චන්ද්‍රසේන (වයස අවු 23 පමණ)

පද සංකලනය - නැසිගිය ප්‍රවිණ පුවත්පත් කලාවේදී සිරිල් ඒ සීලවිමළ (දවස - රිවිරැස ප්‍රධාන කර්තෘ)

තනු සංගීත අදියුරු භූමිකාව සංයෝජක - ආර් ඒ චන්ද්‍රසේනයන් ම විසිනි

පටිගත කිරීම - මර්වින් රොද්‍රිගෝ - ප්‍රධාන ශබ්ද ඉංජිනේරු 

පටිගත කිරීමේ මැදිරිය - සරසවි ශබ්ධාගාරය  නුවර පාර - දඵගම - කැළණීය 

පටිගත කිරීමේ විශේෂ ප්‍රයෝග - මර්වින් රොද්‍රිගෝ 

උපදෙස්‌  - ආර් ඒ චන්ද්‍රසේන

වසර - 1973

ලේබලය - ශ්‍රීමත්

වේගය - 45 භ්‍රමණ වට 
-----------------------------------------------------------------
සවන්දෙන්න මෙතැනට පිවිස
Podcast Hosting - Free Audio - සටහන

සිංහල ගීත කලාවේ පෙර නොවූ විරූ තාක්‍ෂණික ප්‍රයෝගයකට බඳුන් වු සුවිශේෂී තනුවකට අනුව ලියෑවුනු ගීතයකි දුර්වල පද සංකලනයෙන්  හීන වී මිළීණ ව ඇති  සාහිත රසය අර්ථ රසය රසාලිප්ත මෝහණිය  නාද රසයෙන් ශුන්‍ය කරමින් උදාසින කරනු වැන්න

මේ තාක්‍ෂණික පෙරළියෙන් පිබිදුනු එය ගුරු තැන්හි තබා පසුව  බිහිවුනු සිංහල ගීත අතර ආචාර්ය වික්‌ටර් සංගීත රසය මුසුකර  ගැයූ මාලිනියේ ඉන්ද්‍රජාලය  (පද මහඇදුරු සුනිල් ආරියරත්න) සිහියට නැගේ එහි මුල්ම නිර්මාණය ජාතික ගුවන් විදුලියේ මැදිරි පටිගතකිරීමකි එහි තාක්‍ෂණික ශීල්පියා නැසිගිය යූ ආරියවිමල් යෑයි වාර්තා වේමතු දිනයක මෙතැන් සිට ඉදිරියට ........

සේ යා රැ සැපයීම   විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය -( ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත)

1 comment: