namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 20, 2019

එදා බොදු ගීතයක කරුණා රසය

ඈත බලන් පුත කඳුළැලි පිසදා අමා නදී පේනා .....පෝය දිනේ තරිඳු නැගේ එළිය ගෙනෙනවා.................... සිරිපද පද්ම නමාමී........එදා බොදු ගී කලාව - 1976  

ජාතික ගුවන් විදුලිය අඩසියවසක් ඉක්මවා දිවයිනේ එදාමෙදා තුර ඒ ඒ ක්‍ෂේත‍්‍රය විශීෂ්ඨතමයන්ගේ දහදිය - කැපවිම - ප‍්‍රයන්තයන් - ප‍්‍රතිභාවයන් දෘෂ්‍ය මාධ්‍යයෙන් එක්තැන් කොට ලු එකම ස්ථානයයි.


මෙකී අති දැවැන්ත අමිල නිර්මාණ ගොන්නෙන් අද අසන්නන්ට රසවිඳිනට ඉඩකඩ  විවර වි ඇත්තේ අල්ප මාත‍්‍ර ගීත ගණනකටය. සාහිත්‍යමය සංගීතම්‍ය ෙඓතිහාසිකමය අගනා වටිනා ගී නිර්මාණ මහත් ගණනක් අද එහි සැගවී පවතී.

සරළ ගී ගායක ගායිකාවන්ට නියමව තිබු පරිදි තම වැඩසටහනේ එක ගීයක් ආගමික ප‍්‍රස්තුතයක් ඔස්සේ නිර්මාණය විය යුතුය යන්න අනුගමනය කිරිම නිසා එහි ප‍්‍රතිඵලයක් ලෙස  බොදු ගී විසල් ගණනක් ඊට එකතුවිය. 

සිත් පහන්කර නිවාලන පෙරදිග සංගීත ශීල්පිය ඥානය මත පදනම් වු නාදරටා සහ තනු ඒ සඳහා භාවිතාවිනි. කරුණා භක්ති රස ජනනය කරවන මෙකී ගුවන් විදුලි බොදු ගීතාවලියේ අතීත මතක සැමරුම් ඔස්සේ සිත මෙහෙයවන එදා ශ‍්‍රාවකයන් මීට සාක්‍ෂි දරනු ඇත.

මේ ගී අතර බොහෝ ගීත වර්තමානික තරුණ පරපුරට ශ‍්‍රවණය කරන්නට අවස්ථාවක් නොලැබි ඇති බැවින් එකම ගීත සංඛ්‍යාවක් බොදු ආගමික වැඩසටහන් අළලා යළි යළි පුහුණුවෙමින් ගායනා කරන්නට උත්සුක වි ඇති බවක් පෙනීයයි

එවන් සැගව ගිය ගීතයක පදවැළ මෙපරිදිය


දෙසුව අමා දහම ලොවේ...

දසත විහිදුවා .........

පෝය දිනේ ...

තරිඳු නැගේ ...

එළිය ගෙනෙනවා ...........


ගායනය - ටියුඩර් ජයශාන්ත - මල්කාන්ති නන්දසිරි - රූපා ඉන්දුමතී

තනුව - ඩී ආර් පිරීස් ?

පද සංකල්පනාව - චිත‍්‍රානන්ද අබේසේකර ?
----------------------
(සවන්දෙන්න මෙතැනින්)
Free Music - Audio Hosting -

ගීත කලාව විශාල වශයෙන් වානිජකරණයට ලක් වු 1978 වසරේ සිට ගුවන් විදුලියෙන් බැහැරව නිර්මිත ’බොදු ගී’ පවතින්නේ අල්පමාත‍්‍ර සංඛ්‍යාවකි. 

1981 වසරේදී ගුවන් විදුලි ශීල්පියෙකු ඉන් ඉවත්ව දියත් කල ’ශ‍්‍රීමාලී’ නම් කැසට් ලේබලය යටතේ මුල්වරට? ගුවන් විදුලියෙන් බැහැරව කැසට් මාධ්‍ය බොදු ගීතාවලියක් බිහිවිය. එහි ගායිකාව විශාරද සුජාතා අත්තනායකයි.

සුපුරුදු පරිදිම පරසිඳු ’හින්දි’ තනු උකහා ඊට වදන් ඇමිණු ගීත පෙළකින් ඒ කැසට් පටය සමන්විත විය.

ශ‍්‍රී සම්බුද්ධරාජා වඳීම්

මා සෑසි තිලෝනා වඳීම්


ගීතයේ උපත සිදුවුයේ මේ කැසටය හරහාය.


ඊට පෙරාතුව ග‍්‍රැමෆෝන් යුගයේ නිමාවෙන් පසු වෙළඳපොළ ජයගත් ’ඊ පී’ වෙළඳ තැටි ඔස්සේ එළිදුටු මුල්ම අනුමානිත බොදු ගීත යුගලය ගැයුවේ ද සුජාතාවන්ය. එහෙත් තැටි ගී කලාවට අවේනික බටහිර තුර්ය නාද සංකලනයන්ගෙන් සමන්විත එහි උක්ත ගුවන් විදුලි ගීතයේ රැුඳි සංයමය නොපවතී.


’සිල්වර්ලයින්’ නම් ලේබලයේ නිකුත් වු ඒ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පබැඳුමකි

’වෙසෙතුරු බෝසත් දුවේ පුතේ

ජාලීය ක‍්‍රිෂ්ණජිනා.............

නාඞා සැනහෙන් පිය රජුගේ ....

දන් පාරමිතා පිරුණා ..................

ඒ ගීතයයි.
---------------------
(සවන්දෙන්න)
Share Music - Share Audio -
මේ ප‍්‍රභවයන් ත‍්‍රිත්වය (ගුවන් විදුලි - කැසට් - තැටි) හැරුනුවිට නවමු ’බොදු ගී’ බිහිවිමේ වෙනත් අවස්ථා ඇත්තෙවිනම් ඒ රජ්‍ය හෝ පෞද්ගලික අංශ බැති ගී උත්සවයකදී පමණකි. එහෙත් ඒවා පටිගතකර ප‍්‍රචලිත කිරිමේ ක‍්‍රමවෙදයක් ක‍්‍රියාත්මක කරන්නට කිසිවෙකු ඉදිරිපත් නොවන අවස්ථාවකදී ඊට ඇති සුවිශේෂි නිදසුනක පසුබිම් පුවත මෙපරිදිය.

ආචාර්ය නාත් අමරකෝන් ඇතුඵ පිරිසකගේ සංවිධානයෙන් රාජ්‍ය වෙසක් උත්සව සැමරුමක් සුගතදාස එළිමහන් ක‍්‍රිඩාංගනයේ පැවැත්වෙන්නට යෙදුනු බව වාර්තාවන්නේ 1975 වසරේදීය. අග‍්‍රමාත්‍ය සිරිමාවෝ ආර් ඩී බන්ඩාරනායක මැතිනිය ඇතුඵ සම්භාවනීය පිරිසක් ද ඊට සහගාගී වු බව කියැවේ. එහිදි නව බොදු ගී නිර්මාණ රැුසක් එළිදැක්වු අතර එහි ජයග‍්‍රාහි ගීතය ගායනා කලේ ගුවන් විදුලියේ නන්දා මාලිනි ගෝකුල යුවතිය විසිනි. 

භක්ති රසය කැටිකොටගත් සංස්කෘත වාග් මාලාවකින් හෙබි එහි පද රචකයා නැසිගිය කිවිවර විමලේන්ද‍්‍ර වතුරේගමයන්ය.


ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා..........

මෝහාන්ධකාර වනසා....

ජනතා විමුක්ති සලසා....

වජ‍්‍රසනාරූඩ වූ....

සිරි ඝන මෛත‍්‍රී මූර්තී....

සිරිපද පද්ම නමාමී....

කරුණා සීතල හදෙහි...

වස්වා සධර්ම වර්ෂා....

ලෝකාලෝක සදා.....

පෑ ලෝකානුකම්පා....

සිරි ඝන මෛත‍්‍රී මූර්තී...

සිරිපද පද්ම නමාමී...

(සවන්දෙන්න)
Podcast Hosting - Download Audio -

2 comments:

  1. මියුරු බොදු ගීත කිහිපයක් ශ්‍රවණය කිරීමට ලැබුණා. ස්තුතියි!

    ReplyDelete