namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, February 6, 2022

සිංහල ගීතයේ සන්තූර් නාද මිහිර ...

යුගත් ළෙලවා මවන තත් පෙළහර....01


දිනය නිවැරදි ලෙස සඳහන් කරන්නේ නම් මින් වසර සතළිස්පහකට එපිට දී ය. එනම් මේ 1976 වසරේ එක්තරා දිනකි. ස්ථානය අගනුවර එක්තරා සිනමාහලකි.


අසාහාය භාරතීය සිනමා තාරකාව ’අමිතාබ් භච්චන්’ ද නවක නිළි සුරුපී එසේම අහිංසක පෙනුමැති ’ඡුයා බහදූරි’ ද දැවැන්ත කැන්වස් රෙද්දක දේදුනු වර්ණපැහැගන්වනු ලැබ සිත්තම් කෙරී එහි ඉහළ මාලයේ සදඵතලයක ප‍්‍රදර්ශනය කරමින් පවතී.


සවස 6 30 දර්ශනය ඇරඹිමට පැයකටත් අධික කාලයක් ඉතිරිවි තිබුනත්, 2 30 දර්ශනය තවම අවසන් වි නොතිබූ තත්වයක, ප‍්‍රවේශපත් කවුඵ දෙසට යොමුවි ඇති පෙත්මං අතුරු සිතුරු නැතිව පිරිගොසිනි. එපමණකුදු නොව, සිනමාහලට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අවුරා ඇති අකුළන දැල් ගේට්ටු ආවරණයට එපිටින් ඇති හිස්ගොඩ ඊට තරමක් දුරින් ඇති ප‍්‍රධාන මාර්ගය දක්වා පැතිර තිබෙයි.


මේ සිනමාහලේ ප‍්‍රදර්ශනයක කෙරෙමින් පවතින ’හින්දි සිනමා වෘතාන්තයේ’ දෙබස්ද ඊටත් වඩා ගීතද ඇතුළත් ’ගුවන් විදුලි වැඩසටහන්’ සතිපතා විසුරුවා හැරේ. එහි නිවේදකයා ගැඹුරු හඬින් එහි කියැවෙන කථාංගයේ වතගොත හෙළිදරවු කරයි. සිනමාශාලාවේ ඉදිරිපිට පොරකන්නන්ගෙන් සුඵතරය පෙර කී සිනමාවිවරණයට සවන් යොමා හටගත් කුතුහළය සංසිඳවා ගනු පිනිස මුල්වරට එහි පැමිණයවුන් වියහැකි අතර නිසැකවම බහුතරය එහි මියුරු මධුර ගී පෙළටද පුවතටද වසග වී එහි පැමිණියේ කීවෙනි වරටදැයි අසාදැනයුත්තේ ඔවුන්ගෙන්ම පමණි.


මේ සිනමාපටය මෙහි පෙන්වීම ඇරඹී දැන් දින සියයද ඉක්මවා බොහෝකල් ගොසිනි. එහෙත්, එක්රොක්වන සිනමාලෝලීන්ගේ උන්මාදය බිඳකුදු සිඳිබිඳි නැති බව පසක් වන්නේ ඔවුන්ගේ අඩුවක් පෙනෙන්නට නැති බැවිනි.


’සාරවිට’ ’වඩේ - කඩල’ වෙළෙන්දන්ගේ අතමිට සරුවි ඇතිසේය. ඔවුන් යාබද මහාමාර්ගයේ ද සිනමාශාලාවට මායිම් වි ඇති පටුමාවතේද ඔබමොබ සැරසරයි. එහි එක් කොණක නවත්වා ඇති ’මුරුක්කු’ කරත්තය තුළ මොහොතකට පෙර දැල්වුනු ’පැට්‍රෝමැක්ස්’ ලාම්පුවෙන් විහිදීනැගෙන කොළ-කහ පැහැ ආලෝකය එහි කුටීර වල අසුරා පුරවා ඇති නොයෙක් වර්ගයේ මුරුක්කු මත පතිත වී ඒවා හොඳින් දිස්වන්නට සළස්වන අතර කුසගිනි නොදැනෙන්නන්ගේ මුඛය තෙත් කරන්නට එය හොඳටම සෑහෙනු ඇත.



තවත් සුඵ මොහොතකින් මෙහි සුපුරුදු කාලගෝට්ටිය ඇරඹෙන්නට නියමිතය. මන්ද යත් පස්වරු දෙකයි තිහේ දර්ශනයේ සිනමා ලෝලීන් දැන් දැන් මහ දොරටුවෙන් මතුවෙන්නට ඉඩ ඇති හෙයිනි.


පැත්තෙන් ඇති පටුමගට මායිම් වන්නේ සිනමාශාලාවේ පේ‍්‍රක්‍ෂකාගාරයේ පැති බිත්තියකි. එහි සවිකොට කොට දැල්ගැසු ඇටවුම යොමුවි ඇත්තේ ’දෙවැනි පංතියේ’ ප‍්‍රවේශපත් කවුඵව වෙත වන අතර ඒ තුල වඳුරන් මෙන් ඇතැමුන් එල්ලී සිටිති. එය අගනගරයට එපිටින් ඇති සත්වෝද්‍යානයේ පෙරකී සතුන් ගේ නිවස්නෙන් වෙනස් වන්නේ දිග පළලින් පමණකි.


’ආ මචං දැන් ෂෝ එක ඉවර වෙන්න කිට්ටු ඇති.. අර කිශෝර් - ලතා’ ගේ ඩුවට් එක අන්න ඇහෙනවා..ඔය අන්තිම පාට් එකනේ කෙල්ලයි කොල්ලයි ආපහු සෙට් වෙනවා..’ එහි බිත්තියට සිය කනතබාගත් එකකු සිය සගයා අමතා කියනු ඇසිනි.

එහි ළතවෙන පේ‍්‍රක්‍ෂක හුදීජනයා ඊට එතරම් දුරකින් නොපිහිටන ’අසවල්’ වත්තේ ’අසවල් ලේන්’ එකේ ’කඵ අයියලා’ ද ’රතුසෝමේ’ ලාද ’කොටලාල්’ ලාද වෙති. දර්ශනය ඇරඹිමෙන් පසුව ’ඔ් ඩී සී’ සහ ’බැල්කණි’ අසුන් අරා විරාජමානව වැජඹෙන

සම්භාවනීය පේ‍්‍රක්‍ෂක භවතුන් ඉහත කී ’හුදිජනයා’ වරෙක නගන ’විසිල්’ හඬින්ද තවත් වරෙක නංවන ’හූ’ හඬින්ද සිය නිදගැට කඩා අවදිවෙති.


සිනමාදරශනයේ අතරවාරයේදී දැවැන්ත රිදීපැහැ තිරය ඒකාලෝක කරමින් එහි පතිතවන ආලෝක කදම්බයන් වඩාත් පැහැදිලිව විනිවිද යන්නේ ඔවුන් එකපෙළට නිකුත්කරන සිගරට් ධුමයයි. ඒ අලෝක ධාරාවන් එල්ල වන්නේ බැල්කනි ආසන පෙළටද ඉහතින් ඇති කවුඵ වෙතින් බව සිනමාහලකට පිවිසුනු ආධුනිකයන්ද ළපැටියන්ද ඒ නිසා හොඳින් වටහගනිති.


සිනමාශාලාව තුළින් එකවිට නැගෙන අඛන්ඩ ’සීණු නාදය’ ඇසුනු සියල්ලෝ නොසන්සුන්ය. දැල්කුඩුවේ ඇතැමුන් හැඳ නවාගත් සරම් එකපොදියට පහතට වැටෙන අතර ඇතැමුන් ඒවා තදකොට ඇඳ ගනිති.


’ඒ අඩෝ... දොරේ.. සයිඩ් වෙන්ඩකෝ අප්පා..........’ ඔය අයියා... තව ළංවෙන්ඩකෝ.. ෂයියෝ ... පනිනවා නේ.. අපේ චාන්ස් එක ... සොරි ලොක්කා.... ඉක්ුමන් කරන්ඩ අයියෝ....


පැයක් දෙකක් නොව දින ගණනක් පොරොත්තු වි සිටි හෝරාව එළඹී ඇති සේය... ගගක් ගලන්නා සේ එකපොදියට පේ‍්‍රක්‍ෂයන් ප‍්‍රධාන දොරටුවෙන් මතුවෙන්නේ කඩි ගුලකින් ඇවිස්සි ආ කඩියන් මෙනි. 


මොහොතකින් සියල්ල සන්සුන් වි ඇත්තා සේය. 


’මේ ඔයා මොකද ඔතන කරන්නේ ? ඔතනින් අහකට යන්ඩ පෝළිමට යන්ඩ නැත්තං අයින්වෙන්ඩ... අපට කරදර කරන්න එපා...’


දැල්ගේට්ටුවෙන් ඇතූලේ ආලින්දයේ සිටින ආරෝහපරිනාහ දේ හධාරීයෙකු ගෝරනාඩු කරයි. වියතකට මදක් අඩු ඉණකඩ හැඳි පටියේ මැද ගාංචුව රන්වන් පැහැයෙන් බබළයි. ගෙළමතුපිට පියවු බොත්තම් පුඵල් ටයිපටියෙන් ආවරණය වී තිබෙන අතර බුරුසුවක් වැනි උඩුරැුවුල ප‍්‍රතාපවත්බවට ආභරණයකි. 


ඔහුට පිටුපා දිස්වන  වවුල් දොරටුව තුළින් හොඳින් හැඳ පැළඳගත් මානව මානවකයන්ද නා නා විසිතුරු විලාසිතා වලින් හැඩවැඩවු ළපැටියන්ද ඇතුඵවෙයි. ඊට මදක් එපිටින් බිත්තියේ රඳවා ඇති දැවැන්ත වීදුරු ආවරණය තුල කුඩා ප‍්‍රමානයේ සමණළ වර්ණ සේයාරූ රැුසකි. ඒවායේ ’අමිතාබ්’ සහ ’ඡුායා’ ගේ විවිධ ඉරියව් දිස්වේ.


අඳුරින් පිරි උමං තුළයි දවස ගෙවෙන්නේ ...


මැණීකක් සොයා ගන්න අපේ දිවිය ගෙවේ..


හෙට කියා දිනක් එතැයි සිතට නැතෙයි සිතෙන්නේ..


දෝනාවේ.................


මිල්ටන් මල්ලවාරච්චිගේ පෙර නොඇසු නවතම ගීත පෙළක් මලානිකව ආලෝකමත් වු ශාලාවේ වාදනය වෙයි. එහි පසුපස දැඩි නිහැඬියාවකි එහෙත් ඉදිරිපස අසුන් වෙතින් මතුවන ඝොෂාවෙන් එය බිඳියයි. 


ට‍්‍රී....ට‍්‍රී....ට‍්‍රී...ං...ං...ං...ං..ං


සිණුව නාදවන්නේය. පියස්සේ ඔබ්බවා ඇති මලානික කහ පැහැ විදුලි බුබුඵ එකින් එක මිලාන වෙයි. තිරය මත පච්ච වර්ණිත අකුරු පෙළක් වැටි තිබේ...


’දුම්බිම තහනම්..............’



දෙපස ඇති දොරවල් එකිනෙක වැසියද්දී එහි ඉහතින් රක්තවර්ණයෙන් බබලන ආලෝකය ...................යන අකුරු තුලින් පෙරිඑයි.


ංංංංංංංංංංංංංංංංංංංංංංංං


මුවග මන්දස්මිතයක් තවරා ගත් ’අමිතාබ් බච්චන්ද’ සාම්ප‍්‍රදායික හින්දු යුවතියකගේ රූසිරු ලාලිත්‍යය ඔප් නංවන සාරියකින්  සැරසි ගත්  ’ඡුායා බහදුරි’ විසල් මයික‍්‍රෆෝනයක් වෙතට හැරී ගීයක් ගයති. ඇගේ නළලත තිලකය භාරතිය කුලංගනාව සිහිගන්වයි.


එය ශබ්දාගාරයක දර්ශන පෙළකි. එහි එක් පසෙක විදුරු ආවරණයකින් වෙන්වී ’වාදක මන්ඩලය’ සිය කාර්යභාරයේ යුහුසුඵව නිරත වෙති. එහි යන්ත‍්‍රසුත‍්‍ර පෙළකට මුහුණලා අසුන්ගත් කිහිපදෙනෙකු ඊට තදින් නෙත්යොමාගෙන සිටී.


ඔ්කේ වන්...ටු...ත‍්‍රී..


ලොට්කොයි මන්කනගර් බන්කිමිරා සාතී...................


(බටනලාව හැඬවෙයි)


 ලොට්කොයි මන්කනගර් බන්කිමිරා සාතී...................


ගීතයේ පළමු කොටස අවසානයේ පළමු අන්තර්වාදනය ඇරඹෙයි. වාදකයා සිය දෙඅත් මත රඳවාගත් කෙටි දඬු යුගළයකින් මේසය මත රඳවා ගත් කිසියම් තත් භාන්ඩයක් හඬවයි. එහි කම්බි දැඩිව කම්පනය වි නැගෙන නාදය කන්කඵය. 

-------------------
නරඹන්න මෙතැනින්
-------------------

21 වන සියවසේ අසමසම  අරුම පුදුම සංනිවේදන තාක්‍ෂනයට පින්සිදුවන්නට ඒ සිදුවිම පෙළ දිගහැරෙන ජවනිකා රැුගත් දර්ශනපෙළ අද දවසේ බාල මහඵ පේ‍්‍රක්‍ෂකයන්ගේ සුරත මත රුවා ගත් පුවරුවක් මතට එක්සැණින් ප‍්‍රක්ෂේපනය කරවාගත හැකිය. එදා එය නරඹනු පිනිස පෙර සඳහන් කළ පරිදි අපමණ දුක් පිඩා විඳි පේ‍්‍රක්‍ෂකයා ඉන් පරම්පරාවකට පසුව සිතූ සැණීන් එය සිය නිවසේ කාර්යාලයයේ රථයේ සිට නරඹයි.


මෙම දිරඝ පෙරවදන අවසන් කරන්නට මත්තෙන් පහත දක්වා ඇති පෙරකී ජවනිකාපෙළ විමසුම් ඇසින් නැරඹීමෙන් තොරව ඉදිරි ඡේදය කරා නෙත් යොමු නොකරන මෙන් ආයචනය කරන්නෙමි.



ලාංකිය සිනමාලෝලින් හට සදාතනික සිහිවටනයක් උරුමකරදුන්, ලාංකිය සිනමා ප‍්‍රදර්ශන වාර්තා සුණුවිසුනු කළ ඒ සිනමාපටය ’අභිමාන්’ ය. මෙකි සටහන උක්ත වාද්‍ය භාන්ඩය වු ’සන්තූර්’ හි යටගියාව සහ තතු විත්ති විමසා බැලිම පිණිස දරන ලද ප‍්‍රයන්තයකි.


පෙර කි පරිදි ’70 දශකය’ තෙක් එතරම් ප‍්‍රකට නොවී පැවතුනු මෙකී රසපූර්ණ හුරුබුහුටි තත් වාද්‍ය භාන්ඩය එකි දශකයේ මධ්‍ය භාගය වෙත එළඹිමේදී නිරතුරුවම ’මියැසි නද පතුරුවාහරින්නට යොදාගැනිම ඇරඹි අතර ඉන් දශකයක් ඉක්ම යද්දී ’සන්තූර්’ වාද්‍ය ඛන්ඩ ඇතුළත් ගීත පොකුරක් හෙළ ගීතාවලිය වෙතට එක්වුයේය.


ඒ මතු කී මධුරතර හින්දි සිනමා ගීතාවලියෙන් නැගුනු ’සන්තූර්’ නාද රසය අනුව යමිනි.



01 ඔ් මෙරේ දිල්කේ චේන් - ’මෙරේ ජීවන් සාති’ - 1972

------------------
නරඹන්න මෙතැනින්
---------------------


02 ජිස්කේ සප්නේ  - ’ගීත්’ - 1972 

------------------
නරඹන්න මෙතැනින්
---------------------

03 ගොරි තෙරා ප්යාර්  - ’චිට්චෝර්’ - 1976 - කේ ජේ ජේසුදාස්

------------------
නරඹන්න මෙතැනින්
---------------------


04 සුන් චම්පා සුන් ටාරා - ’අප්නා දේශ්’ - 1972 - ලතා මංගේෂ්කාර්

------------------
නරඹන්න මෙතැනින්
---------------------



05 බන්සුරි බනයි  - ’ගීත් - 1972’ - සුමන් කල්යානපුර්

------------------
නරඹන්න මෙතැනින්
---------------------


06 කිසි රහ මෙන් කිසි - ’මෙරේ හම්සෆර්’


------------------
නරඹන්න මෙතැනින්
---------------------


උත්තර භාරතීය සංගීත මුලධර්මයන් එහි ක‍්‍රමෝපායන් ඇතැම් ලාංකීය සංගීතඥයන් විසින් ද නොයක් අවස්ථාවන්හිදී අනුගමනය කරන්නට යෙදුනු අතර එකී නිර්මාණ ආභාෂය නොමදව ලබා තම නිර්මාණ ’හින්දි සිනමා ගී’ හා කරට කර තබන්නට උත්සුක වුහ.


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


ඔබට ආදරෙයි කියනා අයුරින් ................


පෙර දවසක මා පෙම් කරනා සඳ ................


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ................


(ගැයුම - නැසිගිය සංගීතවේදී විශාරද ගුණදාස කපුගේ)

-------------------------------------

තනු නිර්මාණය - ගුණදාස කපුගේ


නිපැයුම - ලංකා ගුවන් විදුලිය


සන්තූර් වාදන ශීල්පී - ආචාර්ය රෝහණ වීරසිංහ


වසර - 1976 පමන


ගී පබැඳුම- සුනිල් ආර් ගමගේ

------------------------------------------

නරඹන්න මෙතැනින්

-----------------------------------

මෙසේ ක‍්‍රමානුකූලව එහි නාදරටා විසිතුරු සිංහල ගීත කලාකෙත සිසාරා පැතිර ගියේය. එය මනාව හසුරුවාගනිමින් ද වාදනරසය නොමදව මතුකරගත් ශීල්පි නාමාවලියේ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය එක්තර යුගයක නියෝජනය කල නැසිගිය ’පියදාස අතුකෝරාළ’ නම් අතිදක්‍ෂ සිතාර් වාදකයාද නැසිගිය ’උපාලි ද සිල්වා’ නම් වු ’සරෝද්’ වාදන ශූරයාද  වෙති. එහෙත් ඒ ශිල්පීන් යුගළයට පෙරාතුව ශ‍්‍රී ලාංකීකයන් වෙත එය හඳුන්වාදීමේ පුරෝගාමි මෙහෙවර සිදුකළ ප‍්‍රශස්ත සංගීතවේදියා අන් කවරෙක් නොව සිංහල ගීතාවලිය වෙත අතිමහත් සංඛ්‍යාත මධුරතර තනු සහ සංගීත රටා නිර්මාණ කරදෙන්නට එක්වු ආචාර්ය රෝහණ විරසිංහයන්ය.


මෙතැන් හි සිට දිගහැරෙන්නේ ලාංකීය ගීත කලාවේ ශිල්ප දක්වන්නට ’70 දශකයේ’ සහයට ආ නවතම තූර්ය භාන්ඩ සාමාජික ’සන්තූරයේ’ පුවතයි...


මෙතැන් සිට ඉදිරියට .............................

4 comments:

  1. ඉතා රසවත් හා වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , මේ තිරය ඇරලා පොතේ ගුරා ගේ කියවිල්ලයි.

      Delete
  2. ලිපියක් ලිවීමට ඔබ ගන්නා වෙහෙස පිළිබඳව ඔබට මා හිස නමා ගරු කරමි! ඒ කරුණු සැලකිල්ලෙන් තෝරා බේරා ගෙන පෙල ගස්වා ඉදිරිපත් කිරීම ඉතාමත් සිත්ගන්නා සුළුය! අද නැතත් යම් දිනෙක ඔබේ මේ ලිපි රාජ්‍ය ලේඛණාගාරයේ තැන්පත්විය යුතු යැයි සිතෙන්නේ මට පමණක්ද!?

    ReplyDelete
    Replies
    1. මෙවන් ලිපිමාලාවන්හී වැදගත්කම අවබෝධ කරගත් ඔබටද මම කෘතඤ පුර්වක පුනාමය පිරිනමමි.

      අපරටෙ මිනිසුන් යමක අගය පමාවී වටහගනී.

      එය මෙහි ස්වභාවයයි.

      Delete