namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, February 27, 2022

Santur Music in Sinhala Song world


සිංහල ගීතයේ සන්තූර් නාද මිහිර ...02

රාව ප‍්‍රතිරාව නංවමින් නැංවෙන තත් නද විසිතුර... 


 ලාංකීය ගීතලෝළීන් ඔහු මැනැවින් හඳුනති. එහෙත් එයින් අතිබහුතරය ඔහු ’ගායන ශිල්පියෙකැයි’ පවසති සෙස්සෝ එපමණකින් නොනැවතී ඔහු මධුරත්වයෙන් අනූන භාවපුර්ණ විචිත‍්‍ර ’තනු නිර්මාපකයෙකැයි කියති. ඔවූහූ නිවැරදිය. එහෙත් ඒ ඔහුගේ ප‍්‍රතිභාවය මදක්් ලඝුකොට තැකිමකැයි යන්න වෙසෙසින් සඳහන් කළ යුත්තේමැයි. ඒ කෙසේද යත් එයින් ඔවුහූ ’රෝහණ වීරසිංහ’ නම් විශීෂ්ඨ සිතාර් වාදකයා’ නොසළකා හරින බැවිනි. 



-----------
ආචාර්ය රෝහණ වීරසිංහ
- 70 දශකයේදී .....

-------------

1973 වසරේදී එනම් ’මාතර ආච්චි’ සිනමා වෘතාන්තය තිරගත වූ යුගයේ ’සඳකඩ පහනක කැටයම් ඔපලා........පාවෙන දේදුනු....’ ගී රසය පුරා ගලාගිය සිතාර් රාවය මතුකරවනු වස් එහි තත් අතර යුහුසුඵව දිව ගිය අතැගිලි ’සන්තූරයේ තත් හඬ නංවන ’දඬු’ කැබැලිති වෙත යොමුවූ අතීත පුවතක තතු විමසනු වටී.


රෝහණ වීරසිංහ, ලක්‍ෂමන් විජේසේකර ඇතුඵ පිරිස රජයේ සංගීත විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසු මානවකයන්ය. ඔවූහු සම්භව්‍ය පෙරදිග සංගිතාගාරය වු ’භාත්ඛන්ඩේ’ ප‍්‍රයෝගික පරික්‍ෂණයට බඳුන් වනු පිනිස එහි පෙනිසිටිය යුතුව තිබින. ඒ අනුව මිතුරු හවුලේ සාමාජික පිරිස ’70’ දශකයේ ලාභදායි ගමන් මාර්ගය අනුගමනය කරමින් ’තලෙයිමන්නාරම’ ජැටියෙන් සිඳු තරණය කොට භාරත දේශයේ ’දුම්රිය’ සේවාව භාවිතා කරමින් එහි ලගාවිය. එකම ’ශ‍්‍රාස්ත‍්‍රිය තක්සලාවක් ක් බඳුවන්  ’ලක්නව්’ පුරවරයේ ඔබමොබ සැරිසරන ’රෝහණ’  ’සන්තුර්’ යේ වාදනරසයෙන් මන්මත් වී එකී වාද්‍ය භාන්ඩය වෙනුවෙන් බරුපන වැයකලේ නිවසට ගොස් විවේකයෙන් එය හදාරා වාදනය කිරිමේ රිසියෙනි.


නියමිත අරමුණ සපුරා ගත් මිතුරු සමාගමය පෙරළා එන මග හමුවන ’මදුරාසි’ පුරවරයේ තාවකාලික ලැගුම් ගත්තේ එයින් පිටත්විමට නියමිතව තිබු යාත‍්‍රාවේ ගමන පමාවන බව දැන ගන්නට ලැබිමෙනි. 


කාලය ගෙවාගන්නට රිසි වූ පිරිස සිය අනන්‍යතාවය කියා පා සුප‍්‍රකට මදුරාසියේ ’වාහිනී’ චිත‍්‍රාගාරයේ ගීත පටිගතකිරීම් නරඹන්නට කතිකා කර ගන්නා ලදී. 50 දශකයේ ලක්දිව තිරගත වු ජනප‍්‍රිය සිනමා වෘතාන්ත වූ (*  ගීත ද පටිගත වුයේ එහිදීය. 


තමා සන්තකයේ තිබෙන නවතම තූර්ය භාන්ඩය පිළිබඳ තතු විත්ති සොයා දැනගනු වස් ’රෝහණ’ එහි එකී වාද්‍ය භාන්ඩයේ ශීල්ප දැක්වීමේ නිපුණයා වූ ’රාජු’ හා අල්ලාප සල්ලාපයේ යෙදුනු අතර ඔහු ඉතා කාරුණිකව අසල්වැසි දීපයේ ආගන්තුකයාගේ ඉල්ලිම ඉටු කරදෙන ලද්දේ තමා කලකට ඉහත ’මොහිදින් බෙග්’ නම් වු ගායකයා වෙනුවෙන්ද සන්තූරය වාදනය කළ බව කියමිනි.


මිතුරු ’අබේ’එනම් ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය ගේ පෙරැුත්තයෙන්, රෝහණයන් ලාංකීය ගීත ක්‍ෂේත‍්‍රයට ’සන්තූරය’ හඳුන්වාදෙමින්  එයින් වැයුනු කුඵඳුල් වාද්‍ය රටා ඇතුළත් ගීතය ’ගුවන් විදුලි මැදිරියක්’ තුලදී නිර්මණය කරද්දී 1976 වසර ගෙවෙමින් තිබෙන්නට ඇත.

එඅයුරින්  අන්තර් සහ ආරම්භක වාදනයන් මුඵමනින්ම අඛන්ඩව සන්තූරයෙන් හැඩ කරන ලද 

 හෙළ සංගීත ඉතිහාසයේ එකම සහ පළමු සිංහල ගීතය මෙසේ බිහිකරන්නට පුරෝගාමි වුයේ ආචාර්ය රෝහණ වීරසිංහයන් ය. 

ඔහුගේ ප‍්‍රයන්තය සපුරා ඵලදරන්නට යෙදුනු බව එතැන් හි සිට අඛන්ඩව විවිධ සංගීත අධ්‍යක්‍ෂවරුන් යටතේ බිහිවු විශාල ගීත සංඛ්‍යාවකට එකී සංගීත භාන්ඩය යොදා ඇති බව නිරික්‍ෂණය කිරීමෙන් පසක් කොට ගත හැකිය. 


ඒ පිළිබඳව ඉදිරි කොටසින් සාකච්ඡුා කෙරේ

--------

ඔහු -

කුඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි............


රන්කඳ වාගේ රන් මැණිකේ ..................


සීතල වතුරට නුහුරුද මන්දා ....


හිතට දුකයි මගේ රන් මැණීකේ ....


ඇය - 


ගිණිකන ගිනි අව්වේ කොටනවා .............


වෙල් නියරේදි මට පෙනුනා ....


අනේ හැබෑටම මොකදෑ මන්දා ...


හිතට ඉබේටම දුක හිතුනා ...


ඔහු - 


අසරණ අපිගැන අනේ එහෙමවත්....


හිතන්න කවුරුත් ඉන්නවාදෝ ...


ගතේ දුකට වැඩි හිතින් විඳින දුක ...


මා මිස කවුරුත් දන්නවදෝ....


(ගී පබැඳුම - නැසිගිය ආචාර්ය අජන්තා රණසිංහයන් විසිනි නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලිය - 70 දශකය)

(ගායන සහය - විශාරද ගායන ශීල්පිනී නිර්මලා රණතුංග)

-------------------------------

මෙතැනින් සවන්දෙන්න
 

 -----------------------------------

ගීතයේ මිහිරෙන් මත් වු ශ‍්‍රාවක ඔබ ඈත වන්නිකරයේ හුදකලා ගම්මානයක නිල්කෙත්යායේ දහදිය හෙළා විඩා නිවාගනු පිණීස ’කුඹුකේ ළිඳ’ වෙත ගිය ගොවි මානවකයා සිය ළබැඳි පෙම්වතිය හා යෙදුනු පේ‍්‍රම සල්ලාපයේ චිත්තරූප තිව්ර කරනු වස් රෝහණයන් වැයූ සන්තූර් වාදනයට වසග නොවන්නේද ?


එසේ වසගයට පත් වු සහෘදයන් දහසක් අතරින්  ’කපු’ එනම් ’ගුණදාස කපුගේ’ අයෙකි. 

-------------------

සන්තූරයේ යොදා ඇති සංකීර්ණ තත් වියමන....

(එක් ස්වරයකට තත් සතරක් බැගිනි)

-------------------

’අනේ මචං................මටත් එකක් කරලා ඔ්නෑ ..................’ රෝහණයන් වෙත කෙරුණු ආයාචනයකි.  


’බලමු...බලමු....’ ඔහු පිිළිවදන් දුනි.


එක්තරා දිනයක කපුගේ සිය මිතුරෙකු හා දොඩමඵ වෙමින් ගමන් කල බස්රථය ’කොළඹ සරසවි’ බස්නැවතුම වෙතට සේන්දු විය. වහා වහා ඊට ඇතුඵ වු සරසවි මානවිකාවක් ඉදිරි අසුනක හිඳ ගත් වහාම සිය ආදරවන්තයාට තුරුඵ වෙමින් පෙම්බස් දොඩන්නට විය.


ඔය.... මගේ ගමේ ...මාත් ..එක්ක.. යාඵවෙලා ..මම බඳින්න ඉන්න කෙල්ල...............’ මිතුරා වික්‍ෂෝපයෙන් හඬා වැටෙන්නට වු අතර අවේගයෙන් විකල් සිතින්  ඉදිරි අසුන කරා පියඹා යන්නට සැරසුනු ඔහුගේ ප‍්‍රයන්තය ’කපුගේ’ විසින් වළක්වන ලද්දේ එහි නොයන ලෙසත් එසේ කිරිමෙන් සිත් තැවුල් පිටාර ගලාගොස් ඛේදවාචකයට මුල පිරිය හැකි බවත් එය නිරර්ථක කාරණයක් බව කියමින්  බෑගෑපත් ලෙස ආයචනය කරමිනි.


මතු ’සරළ ගී’ වැඩසටහනකදී එය ගීතයක් බවට පත් කරන ලද්දේ ’සුනිල් ආර් ගමගේ’ නම් වු ගි පබැඳුම් රසවතාණන් විසිනි. රෝහණයන් මිතුරු ’කපු’ ගේ ඉල්ලීම ඉටුකරදෙන ලද්දේ සන්තූර් රසමිහිරෙන් කපුගේ ස්වර සංකලනය ඔප් නංවමිනි.


ඔබ පෙම් කරනා ............


ඔබේ කුමාරි ...............


ඔබට ආදරෙයි කියනා අයුරින්......


පෙර දවසක මා පෙම් කරනා සඳ ...........


මටද ආදරෙයි කියා තිබේ...................


ඔබ පෙම් කරනා ...


ඔබේ කුමාරි ....


මටද ආදරෙයි කියා තිබේ..............


සාගර වෙරළේ ...


සොඳුරු සැඳැවක ...


රගහල කෙළවර ...


අඳුරු නිමේෂක...


අද ඔබ ලග ඉඳ සනසාලන ඇය..


සනහස සගවා ... දෙනෙත නුරාවෙන්..


මටද ආදරෙයි කියා තිබේ....

-----------------------

ගී පබැඳුම - සුනිල් ආර් ගමගේ


තනුව සහ සංගීතය - නැසිගිය ගුණදාස කපුගේ


සන්තූර් වාදක - ආචාර්ය රෝහණ වීරසිංහ


නිපැයුම - ලංකා ගුවන් විදුලිය


--------------------------------

’60 දශකයේ සිට අඛන්ඩව නිර්මාණකරණයෙන් යෙදී පසුකාලිනව ’ඉලෙක්ට්‍රෝනික ගිටාර්’ වාදන මිහිරෙන් දැයක් වසග කල නැසිගිය සංගීතඥ ගායන ශීල්පී ක්ලැරන්ස් විජේවර්ධන තමාගේ දෙවැනි සිනමා සංගීත අදියුරු භූමිකාවේ නිරත වුයේ නැසිගිය සිනමාවේදී එච් ඩී පේ‍්‍රමරත්න විසින් හැදු ’අපේක්‍ෂා’ සිනමාපටය උදෙසාය. ’ගිටාරය’ පසෙක තබා නැවුම් රසයක් ජනිත කරනු වස් ඔහු ඒ වෙනුවෙන් නිර්මාණය කළ අසමසම ගී රසගුලාව හැඩකරදෙන්නට ’සන්තූරය’ වාදනයෙන් එක්වුයේද ආචාර්ය රෝහණයන්ය.

------------------
සන්තූරයේ තත් කම්පනය කරවමින්.... 
------------------

ඒ කර්තව්‍යය ඉටුකර ගැනීම පිනිස වඩාත් ම සුදුස්සා ඔහුම බව ’ක්ලැරන්ස්’ හට සැළවි තිබින. ඇතැම්විට ඔහු වාදනයෙන් සහය වූ ගුවන් විදුලි ගීත පිළිබඳව ද ක්ලැරන්ස් හොඳින් දැනුවත්ව සිටින්නටද ඇත. සිංහල සිනමා ගීත කලාවට ’සන්තූරය’ එසේ පිවිසෙද්දී, එය අසල්වැසි භාරතයේ ප‍්‍රචලිත වි දශක දෙකක්ද ඉක්මවා ගොස් තිබෙන්නට ඇත.


සොඳුරු ලොවට මල් වැහැලා ...........’


’තව්තිසාවේ හද රැුඳිලා.............’


’හැගුම් පහන් තාරකා.....’


’පෙමට පායලා...................’


--------------------------------

ගී පද සංකල්පනාව - ප‍්‍රවින පුවත්පත් කලාවේදී නැසිගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ 


තනුව සහ සංගීත මුසුව - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


සිනමා පටය - අපේක්‍ෂා


වසර - 1978


සන්තූර් මිහිර - ආචාර්ය රෝහණ වීරසිංහ


-----------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------------

එක් ගීයකට පමනක් සිමා නොවුනු ’සන්තූර් වාදන රසය, සිනමාපටයේ ගැයුනු තවත් පෙම් යුග ගී යුග්මයකටද ඇතුළත් කරන්නට සංගීත අධ්‍යක්‍ෂ ක්ලැරන්ස් පසුබට නොවීය. ඔහු ඒ මිහිරෙන් නොමදව කුල්මත් වන්නට ඇත.


’කලක් ඇවෑමෙන් පෙරුම් පුරා..........’


’සැසඳෙන විසිතුරු ලොවක් සොයා.........’


’බවය පුරා ආ පෙරුම් පුරාගෙන............’


’ඔබ හමුවේ නව කෙනෙක් වුනා..................’


------------------------------

ගී පද - ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය - ධර්මසිරි ගමගේ


තනුව සහ සංගීතය  - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


ගැයුම - නැසිගිය මිල්ටන් මල්ලවාරච්චි සමග නැසිගිය ඇන්ජලීන් ගුණතිලක

--------------------------------

මෙයින් සවන්දෙන්න

------------------------------


සඳ තනිවෙලා අහසේ ..............


හිරු තනිවෙලා ...............


උතුරා ගැලූ ගගුලක් ...........


අද වියළිලා .......................


-----------------------

ගී පද - ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය - ධර්මසිරි ගමගේ


තනුව සහ සංගීතය  - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


ගැයුම - නැසිගිය මිල්ටන් මල්ලවාරච්චි සමග නැසිගිය ඇන්ජලීන් ගුණතිලක

-----------------

--------------------------------

සවන්දෙන්න මෙතැනින්......

------------------------------

’අපේක්‍ෂා’ රිදී තිරයේ ඇඳුනේ 1978 නොවැම්බර් 03 දිනදී බව දත්ත වාර්තා අනුව හෙළිදරවු වේ. ඉන් යම්තම් මාස එකහමාරකට පසුව තිරගත වු ’අනුපමා’ ප‍්‍රවිණ සිත්තර ’දයා රාජපක්‍ෂ’ ගේ සිතුවම් කථාවක් අනුව සිනමාවට නැංවුයේ මහඇදුරු සුනිල් ආරියරත්න විසිනි. එහි සංගීත අදියුරු ’ආචාර්ය වික්ටර් රත්නායක’ ද, අනුපමා තේමා ගීතය ගැයු ’අබේවර්ධන බාලසූරිය’ වෙනුවෙන් ’සන්තූරය’ එක්කරගනු ලැබිය.  ඒ එහි හඬ රාව ප‍්‍රතිරාව නැංවු දෙවැනි සිංහල සිනමා නිර්මාණය වන්නට ඇත. ’අනුපමා’ ශිල්පී නාමාවලිය තිරය මත ලියැවේද්දී ගැයුනු පසුබිම් ගීතයයි ඒ. සංගීතඥ ’වික්ටර’් උක්ත සංගීත භාන්ඩය සිය නිර්මාණයන් සඳහා යොදා ගත් ප‍්‍රථම අවස්ථාව එය වියහැකිදැයි විමසනු වටී.


මරු කතරේ පිපුණු මලක් ...........


වන්න අනුපමා ..............


නිල් ගුවනේ දිළෙන සඳක් .............


වන්න අනුපමා ......


යුග සවනේ කැඵම් පිපිලා ...


ආදරයේ දිය කඳුලක් වන්න අනුපමා .....................


------------------------------

ගී පද රචනය -  ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බන්ඩාර


ගැයුම - අබේවර්ධන බාලසූරිය


සිනමා පටය - අනුපමා


අදියුරු - මහාචාර්ය සුනිල් ආරියරත්න


වසර - 1978


සංගීත අදියුරු - ආචාර්ය වික්ටර් රත්නායක

------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------


මේ යුගය එනම් 1978 වසර ගතවෙද්දී, ’සන්තූරය’ ලාංකීය සංගීතඥයන් අතර අති සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වන්නට පටන් ගෙන තිබුනු අතර, එහි වාද්‍ය රසය ගැබ්වූ ගීත විශාල සංඛ්‍යාවක් නිතිපතා බිහිවෙමින් පැවතින. ඒ පිළිබඳව සවිස්තර තොරතුරු මතුවට සාකච්ඡුා කෙරෙන්නේය.


(විශේෂ තුති ප‍්‍රණාම - ප‍්‍රවිණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ වෙත)

----------------------------------------------(මෙතැන් සිට ඉදිරියට)-------------------------------------

8 comments:

  1. ✍👌 රසවත් හරවත් ලියමනක්....

    ReplyDelete
    Replies
    1. මෙහි විත් පසසා යෙදු මේ සටහනද සම්මානයක් දිනුවා වැන්න

      Delete
  2. ඇත්තටම මේ ලිපි පෙල, සමාජ සත්කාරයක්. ගන්නා මහන්සියට මගේ උපහාරය.🙏👌😊

    ReplyDelete
    Replies
    1. කලාකෘතියක්්සරසන්නට කලාකරැවා ගන්නා තැත අගය කරන්නට එක්වෙන සහෘද ඔබ ට ප්‍රනාමය

      Delete

  3. ගුවන් විදුලියට පෙම් බැඳ සිටි අයට
    එයින් ගී මිහිර රස ලැබගත් අපට
    අතීතකාමී මා වැනි දුහුනන්ට
    මී වදයක්ම දුන්නට තුති, තව දෙන්ට!

    ReplyDelete
    Replies
    1. රස දන්නෝ සහෘදයන් වෙති
      නිසි කල මිහිරෙන් මත් වෙති
      විස ගත්තෝ එ බව නොදනිති
      රස නසමින් ලොව වනසති

      Delete
  4. මේ ගීත බොහෝ වරක් අසා රසවිඳ ඇති ගීත. ඒත් ඒවායේ සුවිශේෂතා පිළිබඳව මෙසේ සිතන්නට පෙළඹී නෑ. ගීතය අලුතෙන් රස විඳින්නට පොළඹවන ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ගීතය නම් වු සාමුහික කලා කෘතිය පිළිබඳව ඇති තතු මනා ලෙස වටහගත්තෝ මේ දේශයේ විරළය.

      ඒ මෙහි වැසියන්ගේ රසඥතාවය පිළිබඳ ගැටඵවකි. ප්‍රඥාලෝකය දල්වා ගත් රසවතුන් පමණි එය පසක් කරගන්නේ

      Delete