සමන් වැළේ ජයට පිපුනු මල් ...................... 03 වෙනි දිගහැරුම
ඔහු තමා නිරත ව සිටි ගීත ගායනා කලාව වෙත නැඹුර කරගන්නට තෝරාගත්තේ සිය කුටුම්භයේ ලාබාළතම සාමාජිකාව වූ සිඟිති ෂර්මිලා ය. ඇය සත්හැවිරිදි තරම් ළපැටි වියේ දී, එදවස ප්‍රසංග සඳහා පරසිඳු වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා ශාලාවේ පැවැත්වූ ’සවන් ඩ්‍රීම්ස් (SEVEN DREAMS) නමින් වු සංගීත ප්‍රසංගයේ දී ඉංග්‍රිසි ගීතයන් වූ MOTHER OF MINE සහ PAPER ROSES ගායනා කරන්නට යෙදුනාය.
Mother of Mine - 1971
PAPER ROSES
’එදා ජීප්සීස් ලා ත් සිංග් කළා, සුනිල් අයියා මාව වඩාගෙන බදාගත්තා සිංදුව ඉවරවෙලා’ ඇය පැවසුවාය.
එකී වකවානුවේදීම දෙහිවල සිංහ සමාජය විසින් පවත්වන්නට යෙදුනු සංගීත තරඟයක ’කණිෂ්ඨ අංශයේ’ පළමු ස්ථානය දිනා ගන්නට සමත් වූ ඇයට ශ්‍රැතිය අනුව හඞ මනාව හසුරුවාගනිමින් ගීත ගැයීමේ නිපුනතාවය ඇතිබව වටහා ගත් ’සී ඩී ෆොන්සේකා’ තම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් සඳහා ඇයව සහභාගි කරවා ගන්නට තිරණය කළේය.
1979 ජාත්‍යන්තර ළමා වසර මහත් උත්සවශ්‍රීයෙන් මෙහිද පවත්වන්නට යෙදුනු අතර ළමුන්ගේ විවිධ වැඩසටහන් සහ විනෝදාංශ සහ ප්‍රසංග ද සංවිධානය කරන්නට හා පවත්වන්නට යෙදිනි. ඇය සිය පාසලෙන් තෝරා එවන්නට යෙදී කොළඹ බිෂොප් විදුහල් ශාලාවේදී උක්ත ඉංග්‍රිසි ගීත යළි ගායනා කරන්නට අවස්ථාව ලද්දීය.
1977 වසරේ එක්තරා දිනයක බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ කණිෂ්ඨ අංශයේ සිසුවියක වූ සිඟිති ’ෂර්මිලා’ ට දිනක ’ඩැඩි’ ගෙන් විධානයකි.
’නංගී.... ලෑස්තිවෙන්න මගෙත් එක්ක රෙඩියෝ සිලෝන් යන්න......’
ෂර්මිලා මැදිරියේ තමා දෙසට රඳවා එල්ලා තිබුනු දිගු මයික්‍රෆෝනය දෙස නෙත් යොමා බලන්නී. නුහුරු පරිසරයේ ඔබ මොබ යුහුසුඵව නෙයෙක් වාද්‍ය භාන්ඩ අතදරා සැරිසරන වැඩිහිටියන් දෙස කුහුලින් යුතුව බලා සිටියාය.
ඩැඩී විසින් හොඳින් පුහුණු කර තිබුනු ඇය ඇමතු පියා...
’නංගී අපි ලෑස්තිවෙමු නේද ්’ විමසුනු ඇසුනු මහ සංගීතවෙීදි සෝමදාස ඇල්විටිගලයන්
නංගී - අයියයිද මේ ? කියමින් විහිඵ කරනු ඇසුණු ඇය සිය පියා දෙස බලමින් යම්තමින් සිනහ පෑවාය.
හෙළ ගීත කලාවේ එදාමෙදා තුර ශීල්ප දැක්වූ දැවැන්තයන් එකිනෙකා මැදිරියට ඇතුඵ වෙමින් සිය වාද්‍ය භාන්ඩ සූදානම් කරගන්නට විය.
-------------------ෂර්මිලා බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 06 ශ්‍රේණියේදී
--------------------
වික්ටර් දඵගම, පියදාස අතුකෝරාළ, පුන්‍යසිරි මහවත්ත, ටියුලින් ජයරත්න, සෝමපාල රත්නායක, රෝහණ බෝගොඩ වැනි ප්‍රවිණයෝ ඒ අතර විය.
මේ ඔවුන් සැරසෙන්නේ ලංකා ගුවන් විදුලි සරළ ගී වංශ කථාවේ ඉතා අල්ප ප්‍රමාණයකින් ගැයුනු ’පියා-දියණි’ සංවාදයක් පටිගත කරනටය.
මැදිරියේ ඉහළ දැල්වුනු ’රතු ආලෝකය’ ගීතය පටිගත කිරීමට සුදානම් විමේ සංඥාව නිකුත් කළේය. එදවස ගී පටිගතකිරීම් වාදක මන්ඩලය සමග සජීවීව සිදු කරන්නට නියමිතව තිබුනු භාරදුර කටයුත්තක් වූ අතර සුඵ අතපසුවිමකින් එය යළිත් පටිගතකරන්නට සිදුවි තිබිනි.
තාත්තේ... ?
සුදු දුවේ .....
තාත්තේ ...?
සුදු දුවේ ...
බෝනික්කි නළවලා වැලි පොල්කටු ලිපේ තියා....
මල්ලි එක්ක සෙල්ලම් බත් කුස්සියේ ඉව්වයි කියලා....
අම්මා මට මොකද බනින්නේ ...?
නාඞන් මගේ දූ කුමරියේ සැර කරන්නේ ...ආදරේට...
අම්මා දූට හරිම ආදරෙයි... නාඞා ඉන්න මගේ සුදු දුවේ...
පාසල් වැඩ ඉවර වෙලා ..අම්මිගේ තුරුළට දිව්වා ...
නැන්දා එක්ක කරන කතා ..අහන්න එනවයි කියලා...
කෝටු පාර දෙනවා කියන්නේ...
නාඞන් මගේ දූ කුමරියේ සැර කරන්නේ ...ආදරේට...
අම්මා දූට හරිම ආදරෙයි... නාඞා ඉන්න මගේ සුදු දුවේ...
--------------------------------
සවන්දෙන්න
---------------------------------
’මේක වැඩිගේ ඔෆීස් එකේ... අංකල් කෙනෙක් ලිව්වේ... මට දැන් නම මතක නෑනේ...’ සංවාදය අතරතුරේ දී ඇය පැවසුවාය.
ළමා ෂර්මිලා වයස අවු 07 දී ගී ගයමින්.....
__________________
එදා දිවයිනට පැවති එකම විද්යුත් මාධ්‍යය වු ගුවන් විදුලියෙන් මෙවන් ගීත ඇසූ ළපටි පෙළ අනන්ත අප්‍රමාණ විය හැකිය. දූ දරු - මා පිය සෙනෙහස දයාව මෙන්ම එදවස දනන් අතර වැඩිහිටියන් ළපැටියන්ගෙන් අපේක්‍ෂිත ආචාර ධර්ම පිළිබඳ කදිම ඔවදනක් මෙහි ඇතුළත්ය. අද වැඩිහිටියන්ව සිටින රසික ඔබ එදා ඔබේ වැඩිහිටියන්ගෙන් ළපැටි ඔබ ලැබූ මහරු ඔවදන් නිතැතින්ම සිහියට එනවා ඇත.
දිනක ’සී ඩී’ ගුවන් විදුලියේ එක්තරා කුටියක් කරා ඇය කැටුව ගියේ අමුත්තෙකු හමුවන්නටය. ඒ ඇය හා ගයන්නට තවත් සංවාදයක් පබඳාගනු පිණිසය. පියා සහ දියණිය ලෙස හොඳින් බැලූ අමුත්තා ඇය තම හිතවතා ගේ පවුලේ බඩපිස්සිය බව දැන සිටියේය.
ගීතය ලියාදුන් ඔහු අනාවැකියක් කියා සිටියේය.... ’සී ඩී... මේ සිංදුව හිට් නොවුනොත්.... මීට පස්සේ මට ’කරු’ කියලා කතාකරන්න එපා. ඔහු අන් කවරෙකුවත් නොව එවකට ගුවන් විදුලියේ ගීත රචනා කලාවේ ද නිවේදන සහ වෙළඳ දැන්වීම් පිටපත් කලාවේද දැවැන්තයා වූ නැසිගිය කරුණාරත්න අබේසේකරයන් ය.
ඇය එයින් තමාවැනි දහ දහසක් දරුවන්ට යළීත් සිඟිති පාඩමක් කියාදුන්නාය.
දියණීය
මම වෙමි තාත්තගේ බඩපිස්සී......
එමි ඔබ විදියට හැඩ ගැස්සී....
පියා
මගේ රිදී රන් රුවන් ලොවේ...
මගේ නිධානය ඔබයි දුවේ......
දියණිය
වින්ද දුකට හදමින් පෙරදා වන්දි ගෙවන්නද මා කවදා ..?
පියා
සුදුමල් කැකුඵය ගැහැණු ළමයි...
හැමකටම ලොකු හැදුනු කමයි....
දියණිය
සෙවණෙහි කීකරු වී ඉන්නම්...
සැපදුක එකලෙස විඳගන්නම්....
පියා
හැදුනොත් ලෝකෙන් දොස්නාසා...
දෙවියොත් වස්තුවේ වෙති ආසා......
(ගී පද - කරුණාරත්න අබේසේකර තනුව - සී ඩී ෆොන්සේකා විසිනි)
----------------------------------
මෙතැනින් රසවිඳින්න
---------------------------------
ප්‍රවිණ සංගීතවේදී ආචාර්ය ලයනල් අල්ගමයන් විසින් ඔවුන් උදෙසා සංගීතවත් කළ එකම ගීතය සඳහා පද රචනයෙන් දායක වූයේ පසුව පැවදි දිවියට පත් ’සරත් මුණසිංහ’ විසිනි.
රුවන් පොළෝ තලේ.... අපේ...
උතුම් රටයි සදා ලොවේ...
පියාණෙනි එපා යන්නට අපේ පුංචි රටින් එහා.....
ඔබ හා අම්මා හින්දා ...
මහා ඉසුරු සොයා ගන්න...
සැප සම්පත් ලබා දෙන්න...
යන්න ඕනෑ රටින් එහා....
--------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------------
---------------------
පසු සටහන
’70 දශකයේ අගභාගයේ වීවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස, විදෙස් ගතවිමේ සීමා මායිම් දැඩිලෙස ලිහිල් කරන්නට යෙදුනි. එතැන් හි සිට ..විශාල වශයෙන් පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් විශාල ලෙස මැදපෙරදිග ඇතුඵ වෙනත් බටහිර රටවල් රාශියක් කරා ඇදෙන්නට වු අතර එතැන්හිදී දයාබර සැමියාගෙන් දුරස් වූ බිරින්දෑවරුන් මෙන්ම දරුවන්ගෙන් දුරස් වු දෙමව්පියන්ද එමට විය. ඔවුන්ගෙන් බහුතරයකට යසඉසුරු ලැබු බව සත්‍යයකි. එහෙත් ඊට ගෙවන්නට සිදුවූ වන්දිය සිය කුරුඵ කැදැල්ලේ විසිරියෑමයි.
මෙම සංසිද්ධිය නිමිති කොටගෙන 1978-88 අතර කාලයේ ලියැවුනු ගීත, පබැඳුනු නාට්‍ය සහ සිනමා පට මෙන්ම ටෙලි නාට්‍යයන්ද එමටය.
නැවතත් දෙසතියකින් හමුවෙමු.....
No comments:
Post a Comment