ඕබෝ - ක්ලැරිනට් සහ කොර් ඇංගලීයිස් බැසූන් සහ පෙරදිග ’ෂෙනායි’ සමග නාදස්වරම්
සැක්සපෝනය නම් වූ සුශිර වාද්‍ය භාන්ඩය (wind) නුහුරු නුපුරුදු වූවන් යම් තරමකට හෝ එය හැඳිනගත්තේ රූපවාහිනි සංගීතමය විචිත්‍රාංග වෙතිනි. 1979 ස්වාධීන රූපවාහිනියද 1982 ජාතික රූපවාහිනිය ද සිය විකාශන කටයුතු දියත් කිරීමෙන් පසුව, මෙරට ජනතාව එදවස වඩාත් ඇඵම් කළ විනෝදාංගයන් ද්විත්වය වූ ’සංගීත සංදර්ශන’ සහ ’සිනමාව’ පුංචි තිරයට රිංගා ගත්තේය. ඒ අනුව සතියකට වරක් සංගීත සංදර්ශනයක අනුකරණය සහිත මැදිරි සංගීත සංදර්ශනයක්ද පැරණි ජනප්‍රිය චිත්‍රපටයක් ද එහි ප්‍රදර්ශනය කෙරිනි.
ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා ගේ ’ෆෝර්චූන්ස්’ කන්ඩායම එහි පෙනි සිටිද්දී ඔහු අතදරා ගත් ’ස්වර්ණ පැහැ’ උපකරණය කෙරෙහි සුඵ ප්‍රමාණයක හෝ සංගීත ලෝලීන් අවධානය යොමු කරන්නට ඇත. (අප රට රසිකයන් පුරුදුව ඇත්තේ ගීතයේ තනුව සහ රිද්මය හෝ පදමලාව රසවිඳගන්නට මිසක එහි වැයෙන සංගීත සංයෝජන රටා මිහිර විඳගන්නට නොවේ)
මෙහි සාකච්ඡා කෙරෙන්නේ ’සැක්සෆෝනය’ හැඩරුව ගත් එහෙත් කාලවර්ණ ඊට සමාන සුශිර සංගීත භාන්ඩය වූ ’ඕබෝ’ ව ගැනය. එයට හැඩරුවෙන් ඉතාමත් ම සමපාත වන ’ක්ලැරිනට්’ සහ ’කොර් ඇන්ගලිස්’ නම් වූ කටවහරෙන් ’නළා’ වන් අප රසිකයන්ට එතරම් එතරම් හුරු නැත. ඇත්තේ වී නම් ඒ සංගීත වාදන ක්‍ෂේත්‍රයේ ක්‍රියාශීලී සහ ඒවා හැදෑරූවන් අතර පමණක් බව උදක්ම විශ්වාසය.
එහෙත් 50 දශකයේ සිට අතිමහත් වූ ගීත සංඛ්‍යාවක් සංගීතවත් කරන්නට ඒවයේ අන්තර්වාදනයන්හීදී මෙම වාද්‍ය භාන්ඩ තුනම හරිහරියට වාදනය කෙරි ඇත. එහෙත් ඒවා අසවල් භාන්ඩය යැයි දන්නෝ පෙරකී සංගීතය හදරන අතළොස්ස පමණකි.
කුමක්ද මේ ’ඕබෝව’ ?
ශ්‍රී ලාංකීක රසිකයන්හට අවිෂය වූ ඔවුන් එතරම් අවධානයක් යොමු නොකරන එමෙන්ම මෙහි සංවිධානය කළහොත් අතළොස්සක් පමණක් සහභාගි වන ’සිම්පනි ඔකස්ට්‍රා’ වන්හිදී විවිධාකාර වාද්‍ය භාන්ඩ වයන සිය ගණනක පිරිස හමුවේ. වාද්‍ය වෘන්දය මෙහෙයවන්නා ගේ විධානයන් අනුව ඔවූහූ කිසියම් බටහිර සම්භාව්‍ය සංගීත ඛන්ඩ වයති. එවන් කන්ඩායමක ’ඔබේා්’ සහ ’ක්ලැරිනට්’ වාදකයන් එමට සිටිති. ශ්‍රී ලංකාවේ මේ කටයුත්තේ යෙදුනු එකම සංගීතඥයා වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දිවමන් ව සිටිද්දී ඔහුගේ ’මානසවිල’ ’පිරිනිවන් මංගල්ලය’ වැනි සංගීතමය ප්‍රණිතාංගයන් විසින් ඔහූ රාමුවකට කොටුවූ අඥාන ශ්‍රී ලාංකීක රසිකයන් බටහිර සංගීතයේ සීමාවන් මේ යයි එසේ පෙන්වා දක්වා සිටිමට උත්සහ දැරීය.
අදටද ’ඕබෝ’ ඇතූඵ ඒ පවුලේ සංගීත භාන්ඩ අතදරා වයන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදා බටහිර තූර්ය වාදක කන්ඩායම් පමණි. එදවසද කේමදාස ඇතුඵ පිරිස එවන් සංගීත භාන්ඩ හඞවල් සිය නිර්මාණ රසගන්වන්නට ඇවැසි විටකදී, ඔවුන් ගේ සහය පැතූහ.
අතීත කථාවෙන් අල්ප මාත්‍රයක්
දාරුමය වූ මෙම භාන්ඩයන්හී ද්විත්ව වායූ ධාරාවන්ගෙන් පණගන්වයි දැන් දැන් ප්ලාස්ටික් සහ රෙසින් වැනි කෘතිම ද්‍රව්‍ය යොදාගනිමින්ද ඒවා සාදනු ලබන බව සඳහන්ය.
විකපීඩියා හි වැඩිදුරටත් කියැවෙන්නේ මේවායේ ආදී මුතුන්මිත්තන් ලෙස සැළකිය හැකි වාදf්‍යා්පකරණ පුරාණ මිසර සහ රෝම ශීෂ්ඨාචාරයන්හි ද භාවිතා කෙරී ඇති බවය.
13 සියවසේ මැද පෙරදිග අරාබි සංස්කෘතියේදී ’සූමා’ ලෙස හඳුන්වාගත් උපකරණය ද මෙහි ආදිකාලින සමාජිකයෙකුව තිබිනි. නවලොව ’ඕබෝ’ ව පරිණාමය වන්නේ ප්‍රංශයේ දීය ඒ 17 වන සියවස තරම් ඈත යුගයකදීය. එකල එය ප්‍රංශජාතිකයන් විසින් ’හෝබෝයි’ ලෙස හඳුන්වන්නට යෙදිනි, එතැන්හී සිට එය බ්‍රිතාන්‍ය, ඇතුඵ යූරෝපිය සංගීත ප්‍රජාව අතර වේගයෙන් ජනාදරයට පත් විය.
අප්‍රිකානු බ්ලැක්වූඩ් නම් ලීයෙන් ද නිමැවූ ’ඕබෝව’ තියුනු ශෝකී හඞක් නංවයි. ඒ නිසා සිනමා පසුබිම් සංගීතයේදී ශෝකී, සංවේගාත්මක ජවනිකාවන් හිදී පසුබිමෙන් මෙම උපකරණයේ හඞ නංවන්නට යෙදිනි. එයාකාරයෙන්ම ශ්‍රී ලාංකීක සංගීතවේදීන් ’විරහ’ පදමාලාවක් සහිත ගීත වලදී හර්මනි හෝ අන්තර්වාදනයේදී මෙය වාදනය වන්නට සැලැස්වීය.
70 දශකයේ ගීත ලෝලී ඔබට එදවස අතිශයින්ම ජනප්‍රසාදයට පත් මෙම ගීතය සිහිකැඳවාගත හැකිද ?
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ..............
ගැට තුඹකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ ......................
හිත පාඵයි ගම පාඵයි නුඹ නොමැතිව නෑනෝ ..................
කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ .....................
ශෝකි හඞක් සහිත ’විල්බට් ඇන්තනි’ නම් වූ ප්‍රතිභාසම්පන්න ගායන ශීල්පියා විසින් ගැයූ මෙය සිය පෙම්වතිය ද නෑනන්ඩියද දුරු කතරක විවහයකින් බැඳීමෙන් මානවකයෙකු ගේ සිතෙහි කැකෑරී එන ශෝක වේදනාව මතුකර දක්වයි. මෙම ගීතය පුරාවමට ඇසෙන්නේ අප සාකච්ඡාවට බඳුන් කරන ’ඔබෝ’ වේ හඞය. මෙම ගීතයට සවන් යොමන නුහුරු රසිකයෙකුට පවා දැන් මෙම වාද්‍ය භාන්ඩයේ ප්‍රායෝගිකත්වය පිළීබඳ අදහසක් ඇතිකර ගත හැකිය. එමෙන්ම ඔබෝවේ හඞ සිය සවනට හුරු කර හැකිවන්නේය. ඇතැම්හූ මෙය පෙරදිග උත්තර භාරතීයන්ගේ ’ෂෙණායි’ වාද්‍ය භාන්ඩය ලෙසද හඳුනාගනී. කම්නැත ඒවායෙන් නිකුත්වන්නේ එකිනෙකාට සමීප හඩවල්ය. සංගීතය ගැඹූරින් හදාරන්නහට හැරෙන්නට එය ඔබට මට එතරම් වැදගත් නැත
මෙතැනින් රසවිඳින්න
---------------------------
ක්ලැරිනටය ද මෙහි තෙවැනි වාදf්‍යා්පකරණය වූ ’කෝර් ඇන්ගලිස්’ ද මේ හඞට නෑකම් කියන හඞවල් පිටකරයි. මේවායේ හඞ ට ආශක්ත වන සංගීත ලෝලීන්ට නුහුරු පාඵ බවක් සිතට දැනෙයි. එය වඩාත් හොඳින් අත්විඳිය හැක්කේ හුදකලා නිශා යාමයකදීය. කාර්ය බහුල නොවු බාහිර බාධක ශබ්ද නැති පරිසරයකදී මේ තත්වය වඩාත් ප්‍රකටය.
මෙම බටහිර වාද්‍ය භාන්ඩ නිකුත් වන හඞ හොඳින් වෙන්කර හඳුනාගත හැක්කේ බටහිර සංගීතය හදාරන්නන් හටය. සෙසු සාමාන්‍ය රසිකයන්හට එය තරමක අසීරූ කරුණකි. මෙම වාද්‍ය හඞට නෑකම් කියන පෙරදිග වාද්‍ය භාන්ඩය වන්නේ ’ෂෙනායි’ නමින් හඳුන්වන උපකරණයයි. එයින් නිකුත් වන හඞ ලාංකීයන්ට හුරු කාවඩි සංගීතයේදී භාවිතා කරන ශුෂිර වාද්‍ය භාන්ඩයටය.
ඉන්දීය හින්දු ආගමික කටයුතුවලදී වාදනය කෙරෙන ’ෂෙනායි’ පෙරදිග සංගීතයේදී ගීත සහ පසුබිම් සංගීත කටයුතු සඳහාද යොදාගැනේ. ශ්‍රී ලංකාවේ ජීවත් වූ අග්‍රගන්‍ය ෂෙණායි වාදකයා වූයේ ප්‍රවිණ ගුවන් විදුලි ගායිකා ’ඉන්ද්‍රාණි බෝගෝඩ’ ගේ වැඩිමහල් සොයුරු ප්‍රවිණ සංගීතවේදී නැසිගිය ’චන්ද්‍රදාස බෝගෝඩ’ ය. එදා ඇසුණු බොහෝ ගුවන් විදුලි ගීතවල දී වැයුනු ෂෙණායි වාදකයා ඔහුය.
දක්‍ෂින භාරතීය ’කර්නාටික’ සංගීත ශෛලියේදී වැයෙන ’නාදස්වරම්’ නම් වූ දිගු ශුෂිර වාද්‍ය භාන්ඩය ෂෙණායි’ හඞට වඩාත් සමිපය. එය ලංකාවේ ජීවත් වන ඔබට මට නුහුරු නැත්තේ කතරගම ඇතුඵ පෙරහරවල් වලදී නර්තනයේ යෙදෙන ’කාවඩි’ කන්ඩායමට සංගීතය සපයන්නෝ අත එය වැයෙන නිසාය.
ෂෙණායි උත්තර භාරතීය සංස්කෘතියේදී නුහුරු නුපුරුදු වාද්‍ය භාන්ඩයක් නොවේ. ඔවුන්ගේ මංගල උත්සව ’ සහ වෙනත් ආගමික කර්තව්‍යයන්හිදී ෂෙනායි’ වාදන සවන්දිය හැකිය.
’ඔබෝවේ’ ඉන්දියානු අනුප්‍රාප්තිකයා ’ෂෙණායි’ ලෙස හැඳිනගත්තාට එහි වරදක් නැත.
අරාබියානු (පර්සියානු) මහා අධීරාජ්‍යයේ සංස්කෘතිය සහ ඉන්දීය හින්දු සංස්කෘතිය එකිනෙක අත්වැල් බැඳගෙන මිශ්‍රිත වූයේ 15 වන සියවසේ උත්තර භාරතයේ හටගත් ’මූගල්’ අධීරාජ්‍යය නිසාය. පර්සියානුවන්ද අන් කවර සංස්කෘතියකටද නොදෙවෙනි ලෙස සිය අනන්‍යතාවය රැකගෙන සංගීත කටයුතු සිදුකරගත් පිරිසකි. එහි දී මුල්වරට මෙම වාද්‍ය භාන්ඩය භාවිතා කෙරෙන්නට ඇතැයි යන්න අනුමානයයි.
’නාදස්වරම්’ වැයෙන සිංහල ගී
ත වේද ? එසේය ඇත්තේය. ඒ ප්‍රවිණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ට පින්සිදුවන්නටය. 1979 වසරේදී තිරගත වූ ’සරුංගලේ’ හින්දු - සිංහල සංස්කෘතිය මනාව කැටිකොට දැක්වූ අග්‍රගන්‍ය සිනමා නිර්මාණයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි නිමැයූ එහි පසුබිම් සංගීතය සහ ගීත නිර්මාණය කළේ ’වික්ටර්’ විසිනි. එහි ගැයුනු පහත ගීතය නොහඳුනන්නෝ කවරහූද ?
ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි.....
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි....
තවිල් නදින් සවන් පිරෙන්නයි .....
කොකුමගරා නළල දිළෙන්නයි....................
(නිරංජලා සරෝජිනි සමග අබේවර්ධන බාලසූරිය ගැයු ගීතයේ පද රචනය ආරියරත්න සොයුරු තිලකරත්න කුරුවිට බන්ඩාරයන්ගේය)
---------------------------
ඒ සිනමාවේදීය එහෙත් ගුවන් විදුලියේදී ?
එය අසිමිතව ශ්‍රාවක ප්‍රතිචාර ලද ගීයකි
මන්නරාම් පිටි වැල්ලේ ....................
මදටිය වැල් ඔන්චිල්ලේ.......................
කොන්ඩේ කඩන් සඳට අඩන් සිංදු කියන්නේ ................
කූන්ඩුමනී..................
(දිවංගත ෆ්‍රෙඩී සිල්වා ගේ හඩ මුසුවූ ගීතයේ පද නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ විශීෂ්ඨ ගී පද රචකයාගෙනි) - 1973
---------------------
බැසූනය
සුපුන් සඳක් නැගීලා ....
කිරි බැබළෙන පාරුවේ ....
සුපුන් සඳක් ගළලා ...
පළිඟු පුලින තලාවේ .......
---------------------
1967 තිරගත වූ ’සිහින හතක්’ සිනමාපටය සංගීතවත් කළ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඉහත මධුරතර යුග ගීතය ඊට ඇතුළත් කළේ යුග යුග ශ්‍රාවකයන් හදබැඳ තබනු පිණිසය. ආචාරය සුජාතා අත්තනායක සමග මිල්ටන් පෙරේරා ගේ හඞ මුසුවු එහි ඇති ශෘංගාරාත්මක අන්තර් වාදන ගොන්න අතර පසුබිමින් ඔබට ’බැසූන්’ නම් වූ සුවිසල් ශුෂීර වාද්‍ය භාන්ඩයේ හඞ ශ්‍රවණය කළ හැකිය.
එහෙත් වර්තා වන පරිදි මෙම අවධියේදීම ලංකා ගුවන් විදුලි සේවයේ වාද්‍ය වෘන්දයද නියෝජනය කළ වැඩසටහන් සම්පාදක සංගීතඥ ’රෝහිත විජේසූරිය’ ද එය සිය ගුවන් විදුලි ගීතයන් සඳහා වාදනය කළ බව කියැවේ. (බිනරමලී එක්ක එන්න බිනරමහේ මැද...පායපන් මගේ පැලට පායාපන් සඳ.....) නම් වූ ගීතයේ ඒකල ගැයුම් හඩ ඔහුගෙනි. රංජිත් හේවාබටගේ ලියු එහි තනු නිර්මාපකයා ද ඔහුය.
දෑස පා සිනා කියන රහස තේරුනා .............
පෙම්ලොවක් දෙපා මුලේ මවාඉමි............
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි................
---------------------------
නැසිගිය හේම ශ්‍රි ද අල්විස්ගේ පදවැළකට ගැයුනු මේ ගීතයේ ගායිකාව ඔහුගේ ප්‍රිය බිරිඳ ’අයිරින් ද අල්විස්’ ය. ඇය 70 දශකයටද පෙර ගීත කලාවට පිවිස 60 දශකයේ රසිකයන් පිනවූ ජ්‍යෙෂ්ඨ ගායිකාවකි. මෙම ගීතය සංගීතවත් කලේ ’ශ්‍රි ලංකා නාවුක හමුදා’ සංගීත වාද්‍ය වෘන්දයේ නියමු නැසිගිය කොමදෝරු ’ප්‍රේමලාල් දන්වත්ත’ සංගීතවේදියා විසිනි. ඒ 1968 වසර තරම් ඈත යුගයක වුවද ගීතය නව සහස්‍රකයේ උපන්නෝ පවා හඳුනාගැනීමෙන් එය ලැබු රසික ප්‍රසාදයේ ගණන් මිමි පසක් කොට ගත හැකිය. එහි සංගීතය සපයනු ලැබුවේද නාවුක හමුදා තූර්ය වාදන වෘන්දයයි.
එහි ආරම්භක සංගීත ඛන්ඩයේ මුලින්ම වැයෙන්නේ ’බැසූන්’ වාදනයකි.
ලාංකීය ක්ලැරිනට් වාදකයන් අතර නැසිගිය ඒ ජේ කරීම් ගේ නාමය සටහන් කළ යුතුය
අද මේ වාද්‍ය භාන්ඩ කිසිවක් ආගාධයට ගොස් ඇති සිංහල සංගීත කලාවේ දක්නට නැත. වෘත්තීමය පළපුරුදු සංගීතඥයන්ද අද නැත. සිටියද ඔවුන් නිහඩය. නව පරම්පරාවේ ලාංකිකයෝ අතළොස්සක් හැරෙන්නට කිසිවෙකුට 70 දශකයේ ගීත කලාව රුස්සන්නේ නැත. එයින් කියැවෙන්නේ ලාංකිකයන්ගේ නව පරපුරේ රසිකත්වයේ දරුණු සෝදාපාඵවයි. එහෙත් එවැන්නක් ඔවුන්ද පිළීගන්නේ නැත. උන්මත්තකයන් කිසිවිටටත් තමන් ඒ තත්වයට පත්වී ඇති බව වටහනොගන්නා සේය. ඒ නිසාම ඔවුන් ගේ ඥාතින් ආවතේව කරන්නන් ඔවුන් වෙත ලබාදෙන ඖෂධ ගන්නේ නැත. ඒවා රෝහල් ගතකොට වෙනත් ක්‍රමවලින් ලබාදෙයි. ඔවුන් කිසිවෙකු දිනක යථා තත්වයට පත් වුවද, තමන් පෙර මානසික රෝගියෙකු ලෙස කල් ගත බව අවංකව පිළිගන්නට සුදානම් නැතිවා සේය.
මේ වාද්‍ය රස සංකල්පනා පිළිබඳව තව තව තොරතුරු එක්තැන්කොට මෙහි රුවා දමන්නට හැකිවුවද එහි ද සිමා මායිමි තිබිය යුතුබව පිළිගනිමින් විරාමයට යමි.
පහත ලැයිස්තුවේ මේ ශුෂිර පවුලේ වාද්‍ය රසයෙන් රසගැන්වූ 70 දශකයේ සිංහල ගීතාවලිය ඔබට සිහිගන්වයි.
මෙහි ලැයිස්තු ගත වූ ගීත ගොන්න අනුව මෙම ශූෂිර භාන්ඩයන් විසින් සිංහල ගීත කලාව කොතරම් මනෝහර ලෙස හැඩ ගන්වා ඇද්දැයි ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත. සෑම සංගීත අධ්‍යක්‍ෂවරයෙකු පාහේ ඒවා සිය නිර්මාණ සඳහා භාවිතා කරන්නට යෙදුනි. ඒ අතරින්ද නැසිගිය මොහොමඩ් සාලි සංගීතවේදියා ගේ නාමය ද මතුකර දැක්විය යුතුය ඔහු ඕබෝ සහ ක්ලැරිනට් ඉතා පියකරු ලෙස සිය නිර්මාණයන්හිදී අන්තර්වාදන උදෙසා යොදා ගන්නට යෙදුනි
උදුම්බරා හිනැහෙනවා..(ඩබ්ලිව් ජයසිරි - බඹරු ඇවිත් - 1978, ප්‍රේමසිරි කේමදාස)- අයිවෝ ඩෙනිස්, ටී එම් ජයරත්න,සුනිලා අබේසේකර, කල්පනා ලොව මල්වනේ ... (මහාචාර්ය සුනිල් ආරියරත්න,ප්‍රේමසිරි කේමදාස), රන්තරු දෑසෙහි සැංගී සිනාවේ... (හේම ශ්‍රී ද අල්විස්, මොහොමඩ් සාලි), හෙළ ජාතික පියුම් විළේ (හේම ශ්‍රී ද අල්විස්, සාලි) - අයිරින් ද අල්විස්, දෙරණ මෙනි දුක් උහුලනා සිත ..(ප්‍රේමකීර්ති, සාලි) - රූපා ඉන්දුමති සහ පිරිස, අනන්තයට මා ඉගිළෙන..,කල් බලමින් ළතවෙන නෙත්... , කල්පනා රැැහැනින් බැඳී..- (ප්‍රේමකීර්ති , වික්ටර්) , පිය මදහස මුව (ප්‍රේමකීර්ති, වික්ටර්), එක ගිනිකූරයි මුඵ ගෙදරම (ප්‍රේමකීර්ති, පුන්‍යසිරි මහවත්ත), - ශ්‍රීමතී තිලකරත්න ,සුඛ වේදනා දුක් වේදනා - (කරුණාරත්න අබේසේකර, වික්ටර්), පියා සලනා ළිහිණීයෙකු සේ (කරු අබේසේකර, වික්ටර්) - මිල්ටන් මල්ලවාරච්චි. කල්පනා ලොව මල්වනේ.... (අජන්තා රණසිංහ, ප්‍රේමසිරි කේමදාස) - අබේවර්ධන බාලසූරිය. මංගලම් කියලා ..(කරු.අබේසේකර, වික්ටර් දඵගම) - ත්‍රී සිස්ටර්ස් ගායිකාවන්, මංමුළාවී පාර හොයාගෙන ...(සුනිල් ආරියරත්න,ගුණදාස කපුගේ), දිළීඳුන් අතරේමයි විමානේ...(කේසර සිංහයෝ-1972, කරු. අබේසේකර,ප්‍රේමදාස අතුකෝරාළ) - ධර්මදාස වල්පොළ, මා එක්කලා අමනාපව (ප්‍රේමකීර්ති ද අල්විස්,එච් එම් ජයවර්ධන) , නාග සළඹ වැයෙන පදට..(සුනිල් සරත් පෙරේරා,ටියුලින් ජයරත්න) - මලිනී බුලත්සිංහල,පියාපත් සලා මම..(එම් කේ රොක්සාමි,) - මිල්ටන් මල්ලවාරච්චි, අනේ මස්සිනේ ...(සුනිල් ආරියරත්න,සරත් බාලසූරිය), අරුණාලෝකය අතරේ (සුනිල් ආරියරත්න,සෝමපාල රත්නායක),හිරු බිහිරී සඳ ගොඵයි..(සුනිල් ආරියරත්න,ෂෙල්ටන් ප්‍රේමරත්න) - නන්දා මලිනී, මගේ ලොවට ඔබ වඩින තුරා..(අජන්තා රණසිංහ,ප්‍රේමසිරි කේමදාස), ඔබගේ සෙවණේ රැඳෙන... (කුලරත්න ආරියවංශ, ක්ලැරන්ස්), පාළොස්වක සඳ (අජන්තා රණසිංහ,කේමදාස) - අමරදේව සමග - නීලා වික්‍රමසිංහ, මංගල කසිසඵ මාලා .... - සුජාතා අත්තනායක (සුනිල් ආර් ගමගේ, නෙවිල් ප්‍රනාන්දු), සුන්දර සිරිබර සිරිලංකා..(හේම ශ්‍රී ද අල්විස්,ධර්මදාස වල්පොළ,ආර් මුත්තුසාමි) - ලතා සහ ධර්මදාස, මධු බඳුන් විස බඳුන්...(සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක) - නිර්මලා රණතුංග, පෙම්කල වරදට මට ....(දයා ද අල්විස්,චන්ද්‍රදාස බෝගෝඩ) - ඉන්ද්‍රානි බෝගෝඩ, චාමිකර ලක් දෙරණේ (ගාමිණි විජේතුංග, මොහොමඩ් සාලි)- රූපා ඉන්දුමතී, රේඛා කවුදෝ ඇවිදින්....(කේ ඩි කේ ධර්මවර්ධන,සිසිර සේනාරත්න) - ඉන්ද්‍රනී විජයබන්ඩාර, අමරස පෙම් රසයෙන්..,(ප්‍රේමකීර්ති, වික්ටර් රත්නායක) - ශ්‍රීමතී තිලකරත්න, හිතට නොගෙන යන... (ප්‍රේමකීර්ති,වික්ටර්) - ෆ්‍රෙඩී සිල්වා, රුවට රුවක් ඇත........(මෙල්රෝයි ධර්මරත්න) - ශීරෝමි ප්‍රනාන්දු, නවම් මහේ පිපුනු මලී...(ඩෝල්ටන් අල්විස්,ස්ටැන්ලි ප්‍රනාන්දු), නීල වර්ණ වන වදුලේ...(තිලකරත්න කුරුවිට බන්ඩාර,එච් එම් ජයවර්ධන), පාවී පාවී මේ එන්නේ..(ගාමිණි විජේතුංග,ප්‍රේමසිරි කේමදාස), පෙති ගෝමර ඉහුනු බඳට...(කුලරත්න ආරියවංශ,එච් එම් ජයවර්ධන), පින්න පිපුනු ලන්ද ...(කුලරත්න ආරියවංශ,රෝහණ වීරසිංහ), උපුල් නුවන් වසා ..(බන්ඩාර කේ විජේතුංග,වික්ටර් රත්නායක - පොඩි මල්ලී - 1979) - නන්දා මාලිනි සමග - ටී එම් ජයරත්න
මෙතැනින් ඉදිරියට ඉදිරි දිනක......
No comments:
Post a Comment