namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Friday, November 1, 2024

70 දශකයේ සිංහල මුල් ගීත රසය

 පිළිතුරු ගී රචනා කලාව - 70 දශකය


දිනපතාම පාහේ වෙළඳ තැටියකින්, ගුවන් විදුලියෙන්, සිනමාවෙන්, වේදිකා නාට්‍යයෙන් සිංහල ගීත කලාවට මහා ගීත ප්‍රවාහයක් කුණාටුවක් හමා ගිය 70 දශකයේ දී, එසේ බිහි වූ ගීත දිනය පුරා විසුරුවා හරින්නට ’ලංකා ගුවන් විදුලිය’ සැදී පැහැදී සිටියේය. ඒ උදෙසා එහි විවිධාංගීකරණයට ලක් වූ ගීතමය විචිත්‍රාංග දිනකට අඩ පැයක්, අඩ පැයකින් අඩක් ලෙස එකක් පසුපස එකක් පෙළගස්වනු ලැබ තිබිනි.


ළමා ගී, 

කන්ඩායම් ගී,

බොදු ගී

සරල ගී

චිත්‍රපට ගී

සමූහ ගී

වේදිකා නාට්‍ය ගී

විරිදු

යුග ගී

පර්යේෂන ගී

දේශාභිමානී ගී

නිවේදක තෝරයි

සම්පාදක තෝරයි


ඒ අතරින් කිහිපයකි. රූපවාහිනි මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආගන්තුක වු අපට, එදිනෙදා විනෝදාස්වාදය සඳහා ඉතිරිව පැවති එකම මාධ්‍යය මේ රාජ්‍ය ගුවන් විදුලියයි. 

පෞද්ගලික පංති නොගිය සිසු දරුවෝ හවස් වරුව පුරාම. පාසල් නිවාඩුව පුරාම, ගීත රසාස්වාදය විඳිමින් සිය රසිකත්වය වර්ධනය කර ගත්හ.

ගීතයක් අතිශයින් ජනප්‍රිය වූ විට එහි පදමාලාවෙන් අරුත් ගැන්වෙන කාරණය උදෙසා වෙනත් පදමාලාවක් ප්‍රබන්ධ කර එදවස තිබූ ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හරින්නට ලක්දිව පුරා විසිරි සිටි කවියන් කිවිඳියන් පැකිඵනේ නැත. එය අරුත්බර නම්  මුලින් කී ජනප්‍රිය ගීතයට පිළිතුරු ගීතයක් ලෙස නිර්මාණය කරන්නට එහි බලධාරීන් උත්සුක විය. එදවස ප්‍රකට සංගීතවේදීන් ඊට මධුර තනු සහ සංගීත රටා නිර්මාණය කර දුන්හ.

මේ කාරණයේදී ඇතැම් විට එකම ගීත රචකයා ගීත යුගළයක්ම පැන - පිළිතුරු ගීත ලෙස සකසන්නට ඉදිරිපත් වූ අවස්ථා ද නැත්තේ නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස් කවියා ගේ බිරිඳ දයා ද අල්විස් කිවිඳිය සිය සැමියාට නොදෙවෙනි ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සිය හඞ හසුරුවමින් කටයුතු කළ 70 දශකයේ ලියු ගීත යුගළයක අතීත පුවත් අඩසියවසකට පසු අදටත් රසික හදවත් වලින් වියැකි ගොස් නැත්තේය.

ප්‍රේමකීර්ති සහ දයා ද අල්විස් දෙපොළ

සහසක් පැතුමන් ඉපදී මියගොස් ...

ඉතිරිව ගිය එක පැතුම දරාගෙන...

ඇහැළ මහට අඩ සඳ පෑයූ දා ...

මතකද සිරි දළදා වැන්දා.......


සෙංකඩගල පුර ඉපිද හැදී වැඩුනු ’දයා’ සිය ගමිපියසේ තොරතුරු එසේ ලියා එයින් නොනැවතී ඊට මේ ගීතයෙන් පිළිඹිබු වන ’යුවතිය’ ගේ  ආදරවන්තයා ට ආරුඩ වෙමින් යළිත් පදවැලක් පබැඳුවාය.


සහසක් පැතුමන් නැම මා පැතුවේ...

එකම පැතුම පමණකි හිත රැඳුනේ ...

හද අඹරෙහි අඩසඳ වැනි නෑනේ...

මතකයි සිරි දළදා වැන්දා ................

--------------------------


සනත් නන්දසිරි සහ මල්කාන්ති දෙපොළ


මේ යුගයේ දීම සෙංකඩගල පුරය අළලා ඇගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියු ගීයක්ද මහත් සේ රසික ජනාදරය දිනාගෙන තිබුනි.




මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි....

මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දියරැල පෙරසේම බිඳෙනවා...

නුග ගස් පෙළ අප නැතුවත් තව දඵ ළනවා ....

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා...

නුඹත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....
----------------------------


ගායක සංගීතවේදී මර්වින් පෙරේරා  - 70 දශකයේ ගීත තාරකාව


ගීතය ගුවනින් උදේ හවා තරංග මාලාවන් හා මුසුවෙමන් ශ්‍රාවක සවනත පිනවද්දී එයින් මත් වු එක්තරා ශ්‍රාවිකාවක් ඊට පිළීවදිනින් සංග්‍රහ කර ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හැරියාය. ගීතය තෝරාගත් සංගීතවේදී ’ගුණදාස කපුගේ’ ශූරීන් ගුවන් විදුලියේ සේවය කළ වැඩසටහන් සම්පාදිකාවක් ගායන ශිල්පිනියක් ලෙස අබිසෙස් ලැබ ගයන්නට නියමිත සරළ ගී වැඩසටහනක් උදෙසා ඊට මධුර තනුවක් මුසු කරදුන්නේය. 

ගීතයේ ගායිකාව පුන්‍යා කත්‍රිආරච්චිය රචිකාව පාසල් ගුරුවරියක වූ සුනිලා විජේසිංහය ඇය කෘතහස්ත පුවත්පත් කලාවේදීයෙකුව ’දිවයින’ කර්තෘ මන්ඩලයේ සේවය කළ ’චන්ද්‍රසිරි දොඩංගොඩ’ ශූරීන් ගේ දයාබර බිරිඳය.


මා ඔබ මුණ ගැසුනු අයුරු සිහිකරන්නෙපා.............

මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා ..............

--------------------

එදවස වෙළඳ දැන්වීම පිටපත් රචකයෙකු ලෙසද, සාරගර්භ අරුත්බර සාහිත වදනින් සිය ගීත රචනා කලාව මෙහෙයවන්නෙකු ලෙස ද පරසිඳුව සිටි උපාලි ධනවලවිතානයන් මුදුකර ගම්මානයක තමා අත්දුටු දසුනක් ඇසුරෙන් ගීතයක් පබැඳුවේය. ඒ එදා ගුවන් විදුලියේ සංගීත පාලක සංගීතවේදී දයාරත්න රණතුංග වෙනුවෙනි.


මංගල මධු සමය පතා .......

කුලගෙට ආ රූපිකාව...

පාඵ ලොවක තනිකරදා දියඹට යනවා...

කුස ගින්දර නිවා ලන්න දියඹට යනවා.....

(සංගීතය සරත් ද අල්විස්)



ඔහුගේ බිරිඳ ගායිකා මහාචාර්ය ’අමරා කස්තුරිරත්න’ ගුවන් විදුලි අසන්නන් වෙත හඳුන්වාදුන්නේ ’අමරා රණතුංග’ නමිනි. ඇය ඊට සැපයූ පිළිතුර ලියා දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි.


පාඵ පැලේ මට තනි නෑ හිමියනේ ...

සිත සංකා ගන්න එපා හිමියනේ ...

විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි...

සතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි...

කිඳුරු ලියන් දුටුවෝතින් මා අමතක වන්න එපා...

කාසි නැතත් හිමිසඳිනේ වැඩි ඈතක යන්න එපා.....

බාධක දුක් දුරුවිලා ගිය කාරිය හරි යනවා...

මගෙ දෙයියෝ උදැනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා....


(සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග)



ගුවන් විදුලි සංස්ථා සංගීතමය වැඩසටහන් විසින් හඳුන්වාදුන් මෙම රැල්ල එයින් ඇදීගියේ වෙළඳ තැටි කලාවටය.

70 දශකයේ මධ්‍ය භාගයේ ව්‍යාපාර ගණනාවක් රජය සතු දෙපාර්තුමෙන්තු’ , ’සංස්ථා’ සහ ’මන්ඩල’ ලෙසින් ක්‍රියාත්මකව තිබිනි. ’ජාතික කිරි මන්ඩලය’ ’වැස්සියකගේ’ රක්ත වර්ණ ලාංඡනය දරා සිය නිපැයුම් වූ රසකළ කිරි සහ යෝගට් අලෙවිකරමින් සිටියේය. ඊට අයිති අලෙවි කුටි ද ’කහ සහ රක්ත වර්ණ සිරස් තීරූ මගින් වර්ණ ගන්වා පැවතියේය. චන්ද්‍රකුමාර් කඳනාරච්චි කැටුව ගුවන් විදුලිය අසල තිබුනු කිරිමන්ඩල කුටියකට ගොඩවැදුනු ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් වූ ප්‍රවිණ ගුවන් විදුලි නිවේදකයා සිය මිතුරාගේ වෙළඳ තැටියකට පෙම් ගීතයක් පබඳන්නට පටන් ගත්තේය. 

’මචං මේක නම් හරියන්නේ නෑ....’

’මේක රේඩියෝ සිලෝන් එකෙන් තහනම් කරනවාමයි....

පදමළාව කියවූ ගායකයාට කියැවිනි. ඒ එදා ගීත පදරචනාවක ගුණාත්මක භාවය, සදාචාරය, ආගම, සිරිත් විරිත්  මෙකි නොකී නිර්ණායක ගොන්නකින් පදමාළාවකට සිමා පැණවි තිබුනු යුගයක වු බැවින් වන්නට ඇත.


’තහනම්...?   තහනම් ...? 

එහෙනං මෙහාට ගනින් ඕක...


චන්ද්‍රකුමර් කඳනාරච්ච්

කියමින් කේ ඩි කේ සිය පදමළාව විසිකර දැමුවේය. යළිත් වරක් කොලයක් ගෙන තවත් එකක් ලියන්නට පටන් ගත්තේය. 


ඇගේ සිනහව තහනම් ...

ගෙදරින් මට තහනම් ....

සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්...

චර පුරුෂයෝ දැන් මා වටලා ...

යනඑන හැම තැන් මුරදාලා .......

(චන්ද්‍රකුමාර් කඳනාරච්චි සංගීතය - උපාලි කන්නන්ගර, පදබැඳුම - කේ ඩි කේ ධර්මවර්ධන)

මුලින් කී පදමාලාවට මෙය නෑකමක් තිබෙන්නට ඇත. එහෙත් එය විමසා දැනගන්නට අද ’චන්ද්‍රකුමාර්’ හෝ ’කේ ඩි කේ’ හෝ ’උපාලි කන්නන්ගර’ යන මේ කිසිවෙකුත් අප අතර නැත. දුරකථනයෙන් අසා දැනගත් දේ එපමණක්ම පමණක් විය.

'දින සති මාස ගණන් ගතවිය. ගායකයා යළිත් ඊට පිළිතුරු දුන්නේ මෙයාකාරයෙනි.

’සිනහව ඇගේ තහනම් වූ පසු පෙර දවසේ....’

’මා නොයනා ගුරු පාරක් ඇත මේ පදෙසේ ....

’එහි වූ තුරුවැල් මල් ගැන නොදනිමි පෙරසේ ...

එනමුදු මඟ සළකුණු තවමත් ඇත මනසේ .....

(කේ ඩි කේ - උපාලි - චන්ද්‍රකුමාර්)
---------------------------------------

අනිල් භාරති ගැයු ’අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය ද , මිල්ටන් මල්ලවාරච්චි ගේ අතිපරසිඳු ’එදා රෑ ගුවන් තොටුපොළේදී මා..............’ යන යුගළයද එළිදුටුවේ වෙළඳ ගී තැටි ඔස්සේය. ප්‍රවිණ සංගීතඳ ගායක මෙල්රෝයි ධර්මරත්න සුරස ගීත පද රචකයෙකු ද වෙයි. ඔහු මේ බව අළලා ලියුවග නම්


ගිය ඉරිදා ඔබ මා සමගයි....

මේ ඉරිදා ඔබ වෙන තැනකයි...

වෙන තැනකයි ඔබ වෙන රටකයි....

සෝ දුක් කඳුළැලි තවම නැගෙයි.......

ඔබ නැති පාඵව සිතට නැගෙයි.....

(ඉන්ද්‍රානී පෙරේරා ගැයුමකි - ’තරංගා’ වෙළඳ තැටි - 1976)

ක්ලැරන්ස් විජේවර්ධන ගේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ වාදක ගායක පිරිස ගැයු ’අක්කාගේ ලියුම’ ශ්‍රවණය නොකළ රසිකයෙකු 70 දශකයේ සිටියේ නම් ඔහු ගීත ලෝළියෙකු නොවනු නිසැකය.


ගමෙන් ලියුමක් ඇවිල්ලා ....

අක්කගෙන් වාගේ ....

මොකක් කියලාද දන්නෑ...

එහි ගියෙත් නෑනේ .....

පහළ කුඹුරේ නිල්ගොයම් රැල්...

හරිම සාරුසාරයි... 

වැසි වැටි වැව් ළිං පිරීලා ...

හරිම සිරියාවයි....

ළඟදි එනවානං හොඳයි ...

නිවාඩුව දැන් දැන් ළඟයි...



ඔහුම  ඊට පිළිවදනින් සංග්‍රහ කරමින්

දයාබර අක්කේ....

කලක් ගතවී ගියා....

තවම නෑ පිළීතුරක් ලියා ....

අදම මෙය ලියැමියැයි කියා...

ලියන්නේ වැඩ දහක් තියා...

ගමේ එන්නට සිතේ තියා..

සිටිය මුත් සති ගණන් ගියා...

ඉවරයක් නැති ලියුම් ලියා...

පළක් නෑ මම ගමේ නොයා...
--------------------------------------------

මේ අතරවාරයේ සුනිල් සාන්තයන් චිත්‍රා සෝමපාල හා ගැයු ’බෝවිටියා දං පඵ කං වාරේ..............’ නම් වු අතිශය සොඳුරු ගීතය ඔහු විසින්ම පද විපර්යාසයකට භාජනයක කොට වෙනත් ළයකින් ගායනා කරන්නට  යෙදුනු අතර

මහාචාර්ය සුනිල් ආරියරත්න පබැඳූ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්   -නීලා වික්‍රමසිංහ ඒකල පන්ඩිත් අමරදේවයන් හා යුග ගීයක් ලෙසද, ආචාර්ය අජන්තා රණසිංහ ගේ ’දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්’ චන්ද්‍රානි ගුණවර්ධනට පසුව වෙනස් පද පෙරළියකින් ශ්‍රීලාල් සෙනවිරත්න ගැයු වගද, කරුණාරත්න අබේසේකරයන් විසින් ඉන්ද්‍රානි විජයබන්ඩාරට ලියු ’කරුලනි කාගේදෝ මංගල්ලේ... පද පෙරළියකින් ළමා ගායිකා ලිලන්ති කරුණායක ගැයු වගද, ඔහුම ලියා ශ්‍රීමති තිලකරත්න ගැයු ’මගේ පුතා සැපට නිදයි කුටියේ ඇඳිරියේ....’ නවපද මුසුවකින් ඇන්ජලීන් ගුණතිලක විසින් ගැයු බවද වෙසෙසා දක්වනු මනාය. 

ගීතය ආත්මය කරගත් රසික සමූහයකින් හෙබි එදා යුගය මෙවන් රසවත් සිදුවිම් හා සබැඳි නිර්මාණ රැසකින් පරිපුර්ණ විය. යුග යුග දශක ගණන් ශ්‍රාවක මතකයේ ලැගුම් ගත් අමරණිය ගී උල්පතක අතීත මතකාර්ජනය නිමා කරමි.


Thursday, October 10, 2024

Indrani Perera Song Collection

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 09

 ’ඉන්ද්‍රානි පෙරේරා’ අඩසියවසකට පෙර දිවිගෙවු ඇගේ මව්බිමේ වැසියන් පුරුදු ලෙසින් හඳුනාගන්නට සමත් වු, කාර්යභාරය ඇයට ඉටුකරදුන්නේ ද ඇයව ගීත කලාවට හඳුන්වාදුන්නේද ශ්‍රී ලංකාවේ කලක් මහත් සේ පැතිර පැවති ’වෙළඳ තැටි ගී’ කලාවයි. පෙර සඳහන් කළ පරිදි 1969 ’දිල්හානි දුවනී’ ගීතය ’සූරිය’ තැටි ලේබලයෙන් එළිදුටු පසුව නිරන්තරයෙන් ඇය පසුපස ඔවුහූ එකිනෙකා හඹා එන්නට විය. 












1975 තරංගා සිනමා පටයේ ගීත පටිගතකරමින්

වමේ සිට විමල් වෛද්‍යසේකර, පන්ඩිත් අමරදේව, ඉන්ද්‍රානි, මානෙල් වානගුරු (තරංගා චරිතය), රවින්ද්‍ර රන්දෙනිය (චරිත නිරූපනය) සහ ගී පද රචක ධර්මසිරි ගමගේ ශුරීන්

------------------------

ජෙරල්ඩ් වික්‍රමසූරිය ව්‍යාපාරික සහෘදයා ගෙන් පසුව ඉහත සඳහන් කළ පරිදි 

අජන්තා විජේසේන - අර්ටෙක්

ක්‍රිශාන්ත කුරේ - ලෝටස්

විජය රාමණායක - තරංගා

විජයපාල හෙට්ටිආරච්චි - ජෙම්ටෝන්

ෂන්මුගම් - ෂාන් 

කෙනත් පෙරේරා - සිල්වර්ලයින්

සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ සහයෝගීත්වයෙන් එළිදුටු ’ඊ එම් අයි’ ලේබලය විසින් ඇය ඇතුඵ සොයුරියන්ගේ ගීත දෙසියය ඉක්මවා තැටිගත කරන්නට යෙදුනි. ඒවා අතරින් රසිකයන්ගෙන් වසන්ව සැඟව ගිය ගීතයක් වේ නම් එය අතැඟිලි ගණනටත් අඩුය. මේ ලැයිස්තුව ආවර්ජනය කළේ නම් එය පහත පරිදිය.

ඉන්ද්‍රානි පෙරේරා ඒකල ගීතාවලිය - වෙළඳ තැටි


පිළීවෙල

ගීතය - ගීත පද රචනය - සංගීතය - ලේබලය



ආදර නංගී මා පොඩි මල්ලී - ප්‍රේමකිර්ති ද අල්විස් - ක්ලැරන්ස් විජේවර්ධන - තරංගා

අන්න සුදු අර පාට වලා - හර්බට් එම් සෙනවිරත්න- නව සංගීතය - ක්ලැරන්ස් - සූරිය (1953 කැළෑහඳ - රුක්මණි දේවි උපහාර)

ආරාධනා දෑසේ සඟවා තියා - උපාලි ධනවල විතාන - ක්ලැරන්ස්

කාලෝ කාලෝ - මේල්රෝයි ධර්මරත්න - තරංගා

දෑසේ සිනාවෙන් ඔබේ කල්පනා - කරුණාරත්න අබේසේකර - වික්ටර් දඵගම -  අයි එම් අයි 

දිගේ අදවාගේ රබන් ගසන්නා - වර්ණන් පෙරේරා - මයික් ගුණසේකර - සිල්වර්ලයින්

දිල්හානී දුවනී - ක්ලැරන්ස් විජේවර්ධන - සූරිය

උදාර සිංහල (දොයි දොයි පුතුනේ) - කරුණාරත්න අබේසේකර - ක්ලැරන්ස් - ලෝටස්

එදා තරම් මගේ සිතේ (සැණකෙළියේ) - ක්ලැරන්ස් විජේවර්ධන - ලෝටස්

එක දවසක් මම දුටුවා - ක්ලැරන්ස් - ලෝටස්

ගාමිනි පැරකුම් රජවරු බිහිකල - ප්‍රියා පීරිස් - ප්‍රියා පීරිස් - සූරිය

ගිය ඉරිදා ඔබ - මෙල්රෝයි ධර්මරත්න - මෙල්රෝයි - තරංගා

හා හා හොරේ දැනුනා - ක්ලැරන්ස් - ලෝටස්

ජැන්ඩි පහට ඇඳලා - හේමසිරි හල්පිට - ක්ලැරන්ස්

ජේසු බිළින්දා ලෝකේ උපන්දා - ක්ලැරන්ස් - ලෝටස්

කල්පනී දුවනි සිත් සතන්  - ක්ලැරන්ස් විජේවර්ධන - ආටෙක්

කං කං බූරූ සිං සිං ඥෝරූ - ක්ලැරන්ස් - සිල්වර්ලයින්

කවුදෝ කවුදෝ මා සෙව්වේ - කේ ඩි කේ ධර්මවර්ධන - සරත් දසනායක - ලෝටස්

කඳුකරයේ සීතලේ මිහිදුම් තිර (ක්ලැරන්ස් සමග) - ක්ලැරන්ස් - ආටෙක්

කඳුළෙන් තෙමිලා මගේ දෙනෙත - ක්ලැරන්ස් - ආටෙක්

මා පුංචි ඒ කාලේ මේ පුංචි ගම්මානේ - ප්‍රේමකීර්ති ද අල්විස් - ක්ලැරන්ස් - සිල්වර්ලයින්

මට මතකයි ඔබ  - ප්‍රේමකීර්ති ද අල්විස්, ස්ටැන්ලි පීරිස්

මගේ හිත වෙනතක යාවි ඇතිබව - කේ ඩි කේ ධර්මවර්ධන. සරත් දසනායක - ලෝටස්

මයුරී මගේ සුදු කෙල්ලේ - උපාලි ධනවල විතාන- ලාල් තේනබදු

මතකය ඇසුරින් සිහියට ගන්නට (අම්මා) - ක්ලැරන්ස් - ලෝටස්

නීල දෑසේ මගේ ආසාව පිරිලා - ලක්ෂ්මන්  පෙරේරා, අර්නස්ට් සොයිසා - ආටෙක්

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා - ප්‍රේමකීර්ති ද අල්විස් - සරත් දසනායක - ආටෙක්

නිරංජලා කාටfාද් ආදරේලු දැන් (ප්‍රියන්ත ප්‍රනාන්දු සමග) -අජන්තා රණසිංහ, ක්ලැරන්ස් - ලෝටස්

නිසංසලේ අපි තනිවෙලා - ක්ලැරන්ස් - සිල්වර්ලයින්

නොනිදා පහන් කලේ -  කේ ඩි නිකලස් - මෙල්රොයි - තරංගා

ඔබ මවෙත ගෙනා  - ක්ලැරන්ස්

ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළලා - වර්ණන් පෙරේරා, ක්ලෝඩ් ප්‍රනාන්දු

පවුරු වළල්ලක් බැඳලා - (ඇනස්ලි මාලේවන සමග) - කරුණාරත්න අබේසේකර - සරත් දසනායක - ආටෙක්

රන් පහනකි පැල්පතේ - ක්ලැරන්ස් - අයි එම් අයි

සාගරය පරදා උතුරා - ප්‍රේමකීර්ති ද අල්විස් - සරත් දසනායක - ආටෙක්

සලා දෙතොල් මල් පෙති විදා - කේ ඩි නිකලස් - මෙල්රෝයි ධර්මරත්න - තරංගා

සමුගෙන යන්නෙමි මම ඔබ )වර්ණන් පෙරේරා සමග) - ක්ලැරන්ස් විජේවර්ධන - සූරිය 

මගේ දෑස නැලවී සඳරේණු දුවනී - ෂෙල්ටන් වීරරත්න- ක්ලැරන්ස් - ලෝටස්

සැන්දෑවෙලා එන්නම් කියාලා - කරුණාරත්න අබේසේකර  - වික්ටර් දඵගම - අයි එම් අයි

සැංගී සැංගි ඔය සෙව්වේ නංගී - ක්ලැරන්ස් - ලෝටස්

සැරදේ සැරදේ සුබ උපන් දිනක් වේ - ක්ලැරන්ස් - ලෝටස්

සතුටු සුළං රැලි හමා ගියා - කේ ඩි කේ ධර්මවර්ධන- සරත් දසනායක - සූරිය

සිරිකත වැඩියා අද දවසේ - ක්ලැරන්ස් - ලෝටස්

සිතින් මා ඔබේ ආදරේ  - ක්ලැරන්ස් - සිල්වර්ලයින්

සුදු අසු පිට නැගලා - හඩ්සන් සමරසිංහ - ලාල් තේනබදු - සිල්වර්ලයින්

සුමුදු මල්  පිපුණු අතුකොනේ - ක්ලැරන්ස් - සූරිය

තැල්ල ගෙලේ ලා ඉහේ මල් ගවසාලා - කරුණාරත්න අබේසේකර - සරත් දසනායක - ලෝටස්

තිළීනේ ලෙසින් පිළීගන්වමී - වර්ණන් පෙරේරා - මිල්ටන් පීරිස් සහ ස්ටැන්ලි පීරිස් - සිල්වර්ලයින්

යොවුන් වියේ මල්  - ක්ලැරන්ස් - ලෝටස්


-----------------ඉන්ද්‍රානි රන් රසු දැල් රාවය අතරින් දුලබ ගී කිහිපයක්--------------------------------

ඇය ගැයූ ගීත පදමාලා එකක් දෙකක් හැරුණුවිට, අන් සියල්ල අරුත්බරය, රසපූර්ණය. කාව්‍යරසයෙන් පරිපුර්ණිතය. ඇයගේ යුගය සිංහල ගීතාවලියේ කෙළිලොල් සැණකෙළි සමයයි, චමත්කාරජනක ගී පද සංකල්පනා මැවිය හැකි, උන්මාදනීය මාධූර්යෙයන් සපිරි ගී තනු රචනා මැවිය හැකි, කවියන්, සංගීතඥයන් සිය ප්‍රතිභාව අරුණෝදයේ පිබිදෙන රත්තඹුරු මෙන් විකසිත කරගත් යුගයයි. ඇයගේ ද ගී රසික අපගේ ද වසනා මහිමයෙන් ඇය එදා ඒ පරපුරේ සාමාජිකාවක්ව දොරට වැඩියාය. 


අදද ’ඉන්ද්‍රානී’ වැනි දුලබ හඞ මාධුර්යයන් සතු යුවතියන් එමට සිටිනවා විය හැකිය. ඔවුන් ද ඇය මෙන්ම රුවින් සපිරි පංචකල්‍යානියන් නොවන්නට හැකිය. එහෙත් ඔවුනට පෙරට එන්නට අත්වැල සපයන්නට මානව ගුණයෙන් යුත් උත්තර මිනිස් දහමින් සුසැදි මානවයන්, සංගීතඥයන්, කවියන් නැත්තේය. ඔවූහූ කැළෑ මන්ඩියේ පිපී එහිම පරවී යන්නට නියමිතය.  


01


සැන්දෑවෙලා එන්නම් කියාලා..........

යද්දී ගියේ හැරිලා බලා ....

නොදැනීම රෑවේ සඳ දැන් සිනා වේ....

සිත චංචලයි..මා බයයි...මන්ද නාවේ .....

ගමනක් ගියාදෝ..වරදක් වුනාදෝ...?

සුසුමක් නැගී මා දැවේ..මක් උනාදෝ...?

------------------------------

ගී පද  - කරුණාරත්න අබේසේකර - 1974

සංගීතය - වික්ටර් දඵගම

-------------------------------

02

නීල දෑසේ මාගේ ආසාව පිරිලා ....

සීන ලෝකේ රැඳිමි මම්....

වාසනාවේ ප්‍රිතියෙනී දෑතේ ඔබගේ වෙළෙමින් ආදරේ.....

ඔබ මා දුටු දවසේ සිට

බැඳුනේ හද රඑසේ මගේ

මල් සීනය හෙළිවී ඇත මිහිරේ මගේ

මේ ගීතය හැමදාකම මිහිරක් වී ගයමි මම

ඔබ මාගේ මේ දෑස පියනා තුරා

මිහිරි ලෝකේ රස වෑහෙනා 

දෑසේ තෙරපිලා උතුරා ගලයි

-------------------------------

ගී පද - ලක්‍ෂමන් පෙරේරා

සංගීතය - අර්නස්ට් සොයිසා

-----------------------------


03 

රන් පහනකි පැල්පතේ ආදර බර සුදුපුතේ....

දේ සැනසුම මේ ලොවේ මා සතු එක වස්තුවේ...

රොන් සොයද්දී සමණලුන් චූටි පුතු දැකලා ...

පුංචි මලකැයි රැවටිලා මූණ සිඹලා ගියා...

පුන් සඳක් වළාකුලින් කැඵම් පෙරලා දෙමින්...

මාගේ මැණිකට ආසාවෙන් ඈතින් එබී බලයි.....


--------------------------------

ගී පද සහ සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

-----------------------------

දිර්ඝ ස්වර උසුරුවීම (ආලප්) පෙරදිග සංගීතයේ යෙදෙන සුලභ ක්‍රමවේදයකි. ඇය එහි කවරාකාරයෙන් නිරතවේද ? විමසා දැන සවන් දෙන්න


04 

තැල්ල ගෙලේ ලා ඉහේ මල් ගවසාලා...

මුදු පළඳන්නේ කෙළෙසදෝ..............

මා කැඳවා යන්නේ කවුරුදෝ......................

මා නම් නෑ සනෙහසින් මුලාවුනේ ...

නෑ කිසිවෙකුත් මුළාකලේ .....

මා රැවටුනේ නෑ මෙතෙක් මේ ලොවේ ....

-------------------------------

ගී පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - සරත් දසනායක

-----------------------------------

05

ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළලා....

තව මතකයි පැළඳුව හැටි මාල සදාලා ...

පොරොන්දු වන හැටි මතකද ඔබ දිවුරාලා....

නැතිවද තව රත්තරනින් මාල සදාලා....

සිංහල කුලසිරිත ලෙසට මම ඔබේ අත ගන්නම්...

දුක සැප එක විලසට සමව බෙදා ගන්නම්...

රජ මැදුරක නැති සැනසුම පැළතුල සලසන්නම්...

ඔබ රජෙකුට සමව සිතා සැමවිට ලඟ ඉන්නම්...


1979 වසරෙන් මතුවට, ලක්දිවට සැපත් වූ ගීත රසවින්දනයේ නව ප්‍රවණතාවය වූයේ හුරුබුහුටි කුඩා චුම්බක පට ඇතුළත් ’කැසට්’ ය. ඒවා වාදනය කළ හැකි යන්ත්‍ර වෙළඳ පොළ පිරි ඉතිරි ගිය අතර, ගී තැටිය විඳි ආයු කාලයට සමාන කාලයක් එනම් නව සහස්‍රකයේ මුල් වසර කිහිපය දක්වාම ඒවා සංසරණය වෙමින් පැවතියේය. එහි කුටප්ප්‍රාප්තිය සටහන් වූයේ 1979-89 දශකයයි.

මේ දෑස කාගේදෝ - ප්‍රේමකීර්ති ද අල්විස් - ස්ටැන්ලි පීරිස් - 1980

ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ - මහාචාර්ය සුනිල් ආරියරත්න - ආචාර්ය රෝහණ වීරසිංහ - 1982

වේගරිද්මයෙන් පොප් ගී නිතර ගැයූ ඇයගේ සුපැහැදිළි ගී හඞ ’විරහ ගී’ රසගන්වන්නේද ? ඊට පිළිතුරු සපයන්නට ඇයට සහය වූයේ ද සංගීතවේදී සරත් දසනායකයන්ය. විරහ වෙන්වීමක් ගැන කියවුනු ප්‍රේමකීර්ති ද අල්විස් ගී පදමාලාව ඇය විසින් පණපොවා දැන් දශක පහකට ආසන්නය. එහෙත් එහි මිහිර වියැකි නැත්තේය.


සාගරය පරදා උතුරා පිදුව පෙරදිනේ...........

ආදරය කොයිදෝ ඔබගේ නපුරු කුමරුනේ....

ඔබේ කතා නෑසි ගියා..............


පෙර මාගේ දෑතේ බැඳි දෑත ඈගේ දෑතේ පැහිලා....

මල හා ජලාසේ..විලසේ බැඳේවා ..වේවි වාසනා....

දෙදෙනා සැරදේ ..ජයවේ ...ජයවේ ...................



ඉන්ද්‍රනි පෙරේරා ගේ හඞ සුමටය සුමුදුය. එය ඇය සතු සම්පතකි ඇය ලද විරල දායාදයකි. මක් නිසාද යත් ඇයගේ හඞ අනුකරණය කරනන්ට සමත් යුවතියන් කිසිවෙකු රියැලිටි හෝ එකල පවා අධුනික ගායන තරඟයකදී ප්‍රකට නොවූ හෙයිනි. මේ වග ඇයව ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරවීමට අත හිත දුන් සූරිය තැටි ලේබලයේ නිර්මාතෘ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා ද තිර කල බව වෙසෙසා යළි දක්වනු මනාය. 

මෙම ලිපි මාලාව පරිශීලනය කරනාතුරාවට ඇයගේ විවිධ ආරයේ සිනමා - ගුවන් විදුලි - ජන ගී සම පොප් ගී රසවිඳි රසිකයන් පවා නොපැකිළිව ඒ බව පිළිගන්නා බව නිසැකය. ඊට නිදසුන් ලෙස ඇයගැයු ගීත ගණනාවක් මෙම ලිපි මාලාවට අමුණා තැබුවෙමි.

ඇයට අයුරාරෝග සම්පත සමගින් චිර ජීවනය ඉත සිතින් පතමින් මෙම ලිපිපෙල මෙතෙකින් අවසන් කරන්නට අවසර පතමි.


සමාප්තයි.


Thursday, September 26, 2024

ඉන්ද්‍රානි පෙරේරා ගී හඞ ලංකා ගුවන් විදුලියේදී .................

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 08

ධර්මරත්න සහෝදර ගායක කන්ඩායමේ නියමු ’මෙල්රෝයි ධර්මරත්න’ ද, සුපර් ගෝල්ඩන් චයිම්ස් නියමු ක්ලැරන්ස් ද, ප්‍රවිණ ගිටාර් වාදන ශූරී මයික් ගුණසේකරද, ෆෝචූන්ස් නියමු ’ස්ටැන්ලි පීරිස්’ ද ඇයගේ ඒකල සහ යුග  වෙළඳ තැටි ගීතයන් වෙත සත්සර වියමන් ගොතා දුන්නේය. වෙළඳ තැටියේදී ඇයගේ ගායන සහයකයා ලෙස වරෙක සිංහල ගී ලොව මිණි පහන ’එච් ආර් ජෝතිපාල’ කටයුතු කළ අවස්ථාවක් මෙළෙස සටහන් වෙයි.















මෙහි අංක 04 ඉන්ද්‍රානිය. ඇය ගුවන් විදුලියේ ගී ගැයු යුගයට සමකාලීනව වෙළඳ තැටියක පටිගතකිරීමකට සිය සොයුරියන් සමග සුදානම් ව සිටී

--------------------------------------------

මේ දෑස කාගේදෝ - මේ මොහොතේ කොයිබදෝ .........

සැන්දෑ ඉරේ ආවේ මුහුනේ ඔබේ .....

මේ දෑස මිහිරියේ දැන් ඉන්නේ කොයිබදෝ............

නේවාසිකාගාරේ පාඩම් පොතේ ..............

(ප්‍රේමකීර්ති ද අල්විස්, ස්ටැන්ලි පීරිස්)

ඔවුන්ගේ පරපුරේ ජ්‍යෙෂ්ඨයා ’සී ටී ප්‍රනාන්දු’ ගේ පුත් ’ප්‍රියන්ත’ ගී ලොවට පිවිසි මුල් යුගය සටහන් වන්නේ 1977-78 දීය. ඇය ප්‍රියන්ත ගේ ගී සහයිකාව ලෙස ගැයූ අවස්ථාවකි  මෙ


නිරංජලා කාටෙදෝ ආදරේලු දැන් ............

ඉතිං මොකෝ ආසා නෑ ආදරේට මං....................


(ගී පද ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය - ක්ලැරන්ස්)

ඉන්ද්‍රානී ’මුන්ස්ටෝන්ස්’ මුල් යුගයේදී ගි ගයද්දී එහි සාමාජික ’ඇනස්ලි මාලේවන’ සමග යුග ගීයක් ගයා තිබිනි.

මම එදා ගොසින් ඇගේ සුසුම් වනා ...

ඇයි මෙසේ කරුණු ඇසුවා ......

රතු කුඩා දෙනෙත් කඳුළැලින් පුරා...

ඇය මගේ මුහුණ බැලුවා............

මම දනිම් ප්‍රියේ ඔබේ කතන්දරේ................


(ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණයකි)

ඉන් දශකයක් ගතවෙද්දී ඇය නැවතත් ඔහු සමග ගැයුවාය. සංගීතවේදී සරත් දසනායක ඊට මධුරතර තනුවක් ද වාද්‍ය මුසුවක්ද එක් කළේය.

පවුරු වළල්ලක් බැඳලා...

සතර අතේ අවිගත් මුර සෙබඵන් යොදලා ..........

පවුරු වළල්ලම බිඳලා ...

මං එනවා මුරකාවල් අතරින් මිදිලා ..................

(ගී පද - කරුණාරත්න අබේසේකර, සංගීතය - සරත් දසනායක)


60 දශකයේ ක්‍රමයෙන් අතු පතර ලියලා වැඩිගිය හින්දි සිනමා ගී උන්මාදය 1976 අවධිය වෙද්දී තරමකින් මෙල්ල වී තිබුනේ එදවස ලාංකීය සිනමා ගීතයේ පෙරළිකාර නිර්මාණයන් ජනගත වෙමින් පැවති නිසාය. එහෙත් එයින් පවා ’හින්දි’ ගීතය වියැකී ගියා නොවේ. තත්කාලීන භාරත සිනමා ගීත කලාවේදී නිරන්තරයෙන් වැයුනු තත් වාද්‍ය භාන්ඩයක් වූයේ ’සන්තූර්’ ය. එය දන්ඩකින් පහර ලබන විශාල තත් ගණනාවක් දඩිලෙස කම්පනය වන්නට සලස්වා දෝංකාරමය තත් නාදයක් උපදවාගතහැකි අපූර්ව භාන්ඩයකි. උක්ත අවධියේදී සිංහල ගීත කලාව වෙත ප්‍රවිශ්ඨ වෙමින් පැවතුනු සන්තුර් නාද මිහිර වෙත වඩාත් දැඩිව ආශක්ත වූ සංගීතඥයන් අතර ’ක්ලැරන්ස් විජේවර්ධන ද විය. ඔහු මෙකී සංගීත භාන්ඩය උපයෝගී කරගෙන මනහර ගීත ගණනාවක් සිංහල සිනමා කලාවට සහ ගී තැටි කලාව වෙත දායද කොට දුන්නේය.

(මට මතකයි මන බැන්දු සිනා ඔබේ - මර්වින් මිහිඳුකුල, සොඳුරු ලොවට මල් වැහැලා - ජෝති සමග සුජාතා අත්තනායක - අපේක්‍ෂා සිනමාපටය, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - මිල්ටන් මල්ලවාරච්චි සමග ඇන්ජලීන් ) මෙම තත් භාන්ඩයෙන් රසගැන්වුනු ගීතයක පබැඳුම වර්ණන් පෙරෙරා විසිනි. ඔහු ඇයට ලියු ගීත ගණනාවකි. ඒවා අතරින් බහුතරය ශ්‍රාවක ජනාදරයට පාත්‍ර වෙද්දී ඇය ඔහුගේ සහය ගායිකාව ලෙස කටයුතු කළ අවස්ථාවකි මේ


සමුගෙන යන්නෙමි   මම ඔබ තනිකොට අපේ මතු දියුණ කර.......

හිතකින් නොව මා නැව්නැග යන්නේ  - හිත ඔබේ තුරුලේ තියා.............


(ගී පද  - කරුණාරත්න අබේසේකර, සංගීතය - ක්ලැරන්ස්)

මේ ගීත එක්තරා යුගයකදී එනම් මින් දශක හතරකට එපිටදී, වෙළඳ ගී තැටි නි්ෂ්පාදකයන් විසින්  එළිදක්වන්නට යෙදුන, ලාංකීය බටහිර ගීත රසය ඉවකළ රසිකයන්ගේ නොමද ශ්‍රාවක සම්මානනයට පාත්‍ර ව තිබිනි. එදා නිරන්තරයෙන් ලංකා ගුවන් විදුලියේ වෙළඳ වැඩසටහන් අතරවාරයේ දී ඇසුණු මෙම ගීත පසුව සාමාන්‍ය ගුවන් විදුලි විකාශනයේදී නිරතුරු වාදනය වී, එදා ගීත දර්ශකයන්හි වාර්තා තබමින් පැවතුනි.

මේ අවධියේ දී එනම් 70 දශකයේ මුල් භාගයේදීම, ’මල්ලිකා’ මෙන්ම ’ඉන්ද්‍රානි’ ද ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඞ පරික්‍ෂනයෙන් සමත් ව ’සරළ ගී’ ගායිකාවන් ලෙස ලියාපදිංචි වි සිටියහ.

ඇය ගේ ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් සඳහා සංගීත සංයෝජනය සිදුකරන ලද්දේද ඇය වෙනුවෙන් නිබඳව වෙළඳ ගී තැටි මියැසි විසිතුරු මැවූ  ’සරත් දසනායක’ සංගීතවේදියාණෝය. ඒවා ඉතා පැහැදිළිව පොප් සංගීත කලාවෙන් සපුරා බැහැරව, සාම්ප්‍රදායික ගුවන් විදුලි ගීතයේ හැඩතල රුවගුණ සහිතව නිර්මාණය වි තිබිනි. ඒ අනුව ඇයගේ ඒකල වෙළඳ තැටි ගී සහ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය වැයූ රසයට අනුකූලව ගැයුනු ගීත පැහැදිළිව වෙන්කර හඳුනාගත හැක්කේය.


වසර ගණන් ඇසුරේ සිටියත් හඳුනා ගම්ද කෙසේ ...?

අපගේ සිතුම් පෑහෙනු බැරිවී අහසට පොළොව ලෙසේ ......

(ගී පද  - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ  - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක)


සඳකිඳුරී මා සඳකිඳුරී.................

සඳගිරි පව්වේ රඟදෙන සඳකිඳුරී...........

දුනුහී තල ගෙන බඹදත් ඒවි.........

මගේ රුවින් ඔහු මන්මත් වෙවි.........

ඔහුගේ පහරින් හිමි මිය යාවී...........

සඳගිරි පව්වේ මා තනිවේවි....................

බරණැස මිණි කිරුළෙන් පිදුවත් මා......

රාජ බොජුන් සිහිලෙන් තැනුවත් මා.............


(මහාචාර්ය සුනිල් ආරියරත්න)


රතුමල් ගවුමට ලස්සන වැටුනා...........

පොඩි සමනලියට අත්තටු ලැබුනා...........

ඔබේ මුව පොඩියට සිනා පුරෝගෙන........

මා වෙත ඉගිලී එන්න දුවේ................

(ගී පද - ඩොනල්ඩ් අයිවන්)


එවකට ගුවන් විදුලි ගායක සමූහයට එක් වූ ආධුනිකයා ’අබේවර්ධන බාලසූරිය’ නමි. ඔහු හා ඇය ගුවන් විදුලියේදී හමුවූ අවස්ථාවකි මේ ඇය මෙහිදී එදවස කලාකෙත අස්වැද්දූ රසවතුන් අතර කැපි පෙණුනු ප්‍රවිණ රංගවේදී දිවංගත ’යූ ආරියවිමල්’ ශූරීන් කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නීය. ‘තාරාවෝ ඉගිළෙති’ නම් වූ ප්‍රහසන වේදිකා නාට්‍යයේ පෙනිසිටි ඔහු එහි ’සෝබාව දේ මෙපුර සිරි විසිතුරු....’ නම් වු අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යය ගීතය ’ගාමිණි සමරකෝන්’ සමග මුල් කාලීන වේදිකා ගතකිරීම් වලදී (1981-1986) ගැයුවේය. ආරියවිමල් අනේක විධ කුසලතාවයන්ගෙන් පරිපුර්ණ වු එවන් හැකියාවන් උරුමකරගත් දුර්ලභ ගණයේ මිනිසෙකි. ඔහු 80 දශකයේ අග භාගයේ අකාලයේ අප අතරින් සමුගෙන ගියේය. ’වැලිබත් ඉව්වා.............’ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි පටිගතකිරීමේදී එහි තාක්‍ෂන සහය ලබාදෙමින් පටිගතකිරීමේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කළේ ඔහුය. 


වැලිබත් ඉව්වා - මතකයි අපි දෙන්නා.........

ඔංචිලි පැද්දා මතකයි - අපි දෙන්නා............

මෙතුවක් එක්වි වැඩුනත් අපි දෙන්නා..............

අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා ............


තනි මංසල මට ඔබ නොව මුණගැසුනු නොහේ...

තනි පංගලමේ ගෙන් පිට යන්ට නොදේ...

වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නෙපෙනේ...

අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ .....

(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සහ තනුව - ආචාර්ය වික්ටර් රත්නායක - 1975)

’නිරංජලා සරෝජිනී’ එවකට ගුවන් විදුලියෙන් දොරට වැඩි ආධුනික ගායිකාවක් විය. ඇයගේ ගීත කලාවේ අත්වැළ සැපයූවේ එකී රාජ්‍ය ආයතනයයි. ගීත ගායනයට පිවිස දශකයක් ආසන්න වෙද්දී 80 දශකයේ මුල් යුගයේ ඇයද බටහිර සංගීත ආර අනුව ගීත ගයන්නට ඉදිරිපත් වුවත් ඒවා ඉන්ද්‍රානීට සාපේක්‍ෂව ඉතා විරළය. 

80 දශකයේ එක්තරා යුගයකදී ’නිරංජලා’  සහ ’ඉන්ද්‍රානි’ දෙදෙනා එක්වූ දුර්ලභ සංයෝජනයක් ප්‍රකට වූ අවස්ථාවකි මේ. මේ නිර්මාණයේ කතුවරු දෙදෙනාම එදා ගුවන් විදුලි ගීත කලාව රසගැන්වූ අප්‍රකට රසවතුන් දෙපොළක් වීම විශේෂත්වයයි.


මනමාල නෙඵම් පිපිලා ..... ආලේට කෝළ කැඵම් හෙඵවා....

නීලා නුවන් හෙළනා... තාලෙට කෝළ කැඵම් හෙඵවා ...

මනමාල ගිරව් මිදිලා..තාලෙට මිහිර ගීත ගැයුවා...

මනමාල නැටුම් නටලා ..තාලෙට මිහිරි ගීත ගැයුවා.....

මනමාල ගිරව් වටලා ... කෝළෙට තාල නැටුම් නැටුවා...

මනමාල බැඵම් හෙළලා ... කෝළෙට තාල නැටුම් නැටුවා .....

(ගී පද - ධර්මසේන ගීකියනගේ, ගී තනුව - සරත් ධර්මසේන)


තොරතුරු සාම්පාදනය - ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසිනි


ඉදිරි දෙසතිය පුරා මේ ගී රසවිඳිනු මැන නැවත හමුවෙන තුරු.....

Wednesday, September 11, 2024

ඉන්ද්‍රාණි පෙරේරා සිනමා ගී ඕවිල්ල.......02

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 07

 දිවංගත සංගීතවේදී ’සරත් දසනායක’  මතු කී අයුරු ඉන්ද්‍රාණි පෙරේරා ගේ ද සොයුරියන්ගේ ද ගී කැදැල්ල හැඩගන්වා ඔප්නංවා සැලසුම් කරනු ලැබුවා වූ  මහ සැලසුම්කරුවන්ගෙන් එක් අයෙකු බවට සාක්‍ෂි ඉහත ගෙනහැර පා දක්වන්නට යෙදුනි. එමතුදු නොව ඔහු ඒ කැදැල්ල ගොඩනැංවූ වනස්පතියේ දෘඩ ශාඛාවකි. බෙලහීන ව මැළවි ගිය කල්හී ’කැදැල්ලේ’ අස්ථාවර බව මොනවට කැපී පෙණුනි. (මතු කීවා සේ එහි සෙසු මූලික මෙහෙයුම් කරුවෝ මෙන්ම සැලසුම් කරුවෝ වුයේ ’වික්ටර් දඵගම’, සහ ’ක්ලැරන්ස්’ ය)

ඔබ ද මා ඇතූඵව ගී ලෝලී වැඩිහිටි අප හොඳින් දන්නා කරුණ වන්නේ ’දසනායක’ සංගීතකරුවාණෝ ’70’ දශකයේ සිනමා සංගීතයේ ද මහ පෙරළිකරුවන්ගෙන් අයෙකු බවයි. ඉඩ ලද හැකි පරිදි, ’ඉන්ද්‍රානි’ ව ඔහු සිය සිනමා සත්සර ගෙත්තම් කරන්නට එක්කරගත්තේය. මෙහි දැක්වෙන්නේ ඇය සහ ජෝති සිනමාවෙද එකට හමුවූ අවස්ථා අල්පයකින් වඩාතම් මනහර නිර්මාණයයි.














ජෝති - 


සරා සිහින රේඛා ....

පැතම් මල් පිපිළා .....

නවාතැන් සොයා පෙම් හදේ .....


ඇය - 

මවා ප්‍රේම ඡයා ...

ඔබේ දෑස පායා ...

කියාගන්න බෑ අදරේ.............


(1979 - ’අනුෂා’ සළරුවේදී ගැයුමට පද මුසුව උපාලි ධනවලවිතානගෙනි)


’පැට්‍රිික් දෙණිපිටිය’ ඇයට ආගන්තුක නොවූ බටහිර ගීත ශිල්ප කලාව ප්‍රගුණ කරන ලදුව එහි පරප්‍රාප්ත වූ අතිවිශීෂ්ඨයෙකි. ඔහු කිසියම් තාලයක් සවනත වැකෙද්දී ඒ ක්ෂණයකින් එය  බටහිර ස්වර ප්‍රස්ථාරයකට ගොණු ගත කරවීමේ අපුර්ව කුසලතාවයකින් හෙබියේය.  එදා ඇයගේ යව්වනයේ දී, සමකාලීන යව්වන යව්වනියන් උන්මාදයට පත්කල ගායන ශීල්පී ’මිල්ටන් මල්ලවාරච්චි’ ගේ ගීත ගොන්න බිහිකරදෙන්නට උරදුන් ප්‍රමුඛයන්ගෙන් අයෙකි. එහෙත්, හෙළ සිනමා ගීතාම්බරයේ පායා රශ්මි ප්‍රභා විහිදවන්නට සමත් වු වාර ගණන අල්පය. කෙසේ වුවද, ඒ හැම වාරයකදීම ඔහු ශ්‍රාවක රසික හදවතෙහි ගැඹූරට කිමිද යන්නට සමත් වූ මධුරතර ගී නිර්මාණයන් බිහිකරන්නට සමත් වූයේය. විමසනු මැනවි


සමනල රෑනක් සේ .........අන්නත හැඟුම් මැවේ ...............

කෙසේදෝ කියන්නේ...මගේ දිව දෙතොල් අතර හැංගේ .............

පොදිවුනු සිතුවිලි අවදි වෙවි සිත තෙරපෙයි නතර නොවෙී.................

ළා දල්ලක් සේ මහද නැඟි ... නෙත් යුග එක් රැවක දිලේ ...................

(සැණකෙළිය - 1974, ගීත සංකල්පනා - කරුණාරත්න අබේසේකර) සහය ගායනය - මිල්ටන් මල්ලවාරච්චි


එදවස ගීත තැටි කලාවේ අංක 01 ස්ථානයේ වැජඹුනු ගායිකාව සහ ගායකයා යොදවා ඓළෙසින් යුග ගීතයක් ගයවා, සිනමාවේදී විමලදාස පෙරේරා එදා ’සැණකෙළිය’ එහි නිෂ්පාදකයා හට සැණකෙළියක් මවා දෙන්නට ඇති බව නිසැකය. සිනමා පටය තිරගත වී එයින් මැකි වියැකි අඩසියවසක් ගෙවි ගොසිනි. එහෙත් ගීතය ඔබත් මමත් අප පිනවන්නේය නළවන්නේය.

හෙළ සිනමා සංගීතයේ පමණක් නොව සංගීත කලාවේ පහන් ටැඹක් බඳු ’ආචාර්ය කේමදාස’ ගේ අරුම පුදුම ස්වර සංකලනයන් හමුවේ හඞ අවදිකරන්නට ඇය වරම් ලද්දේ ’ටී අර්ජුන්’ ගේ ’සරා - 1978’ සිනමා සිත්තමේදීය. වෙනත් ගායක ගායිකාවන් සේම එතැන්හිදී ඇය පළමුවරට සිංහල සිනමාවේ සංගීත භාවිතාව නව මගකට යොමු කළ පහන් ටැඹ ’ආචාර්ය ප්‍රේමසිරි කේමදාස’ ගේ ස්වර සංකලනයන් හා අනුගත වෙමින් හඞ අවදිකරන්නට පෙළඹෙන්නීය. 

ඉන්ද්‍රානී සහ ක්ලැරන්ස් - 80 දශකය

ඊට පෙර කවර විටකදී හෝ ඔහු ඇය හෝ ඇයගේ ගායක කන්ඩායම ට සංගීත අධ්‍යක්‍ෂනය කරනු තබා, ඒ රිද්මය ගුරුකොට ගත් කවර හෝ ගායක ගායිකා කන්ඩායමකට එකදු ගීතයක් හෝ නිර්මාණය කර ඇති බවක් වර්තා වන්නේ නැත.  මුල් කාලීනව ’නෙවිල් ප්‍රනාන්දු’ (ලොස් කැබැයියරෝස් නායක) 60 දශකයේ පිවිසුමේදී ’කන්ඩායම් ගීතය’ දිවයිනේ රසික ජනතාව අතරට ගෙන ගියේය. මේ ’නෙවිල්’ ඔහුගේ සංගීත කුලකයෙන් බැහැර ගිය පන්ඩිත් අමරදේව මෙන්ම කේමදාසයන් ගේ ද සිත් වසඟ කළේ ඔහුගේ අසාමාන හඞ පෞරුෂයෙනි.  1964 වසරේ ආචාර්ය ලෙස්ටර් ගේ ’දෙලොවක් අතර’ සිනමාපටයේදී අමරදේවයෝ ඔහුව කැඳවා ’ගයන ගැයුම් නටන නැටුම්.....’ නිර්මාණය කරවා ගත්තේය. ඉන් දශකයට පමණ පසුව කේමදාසයන් ද ඔහුව කැඳවා ගත්තේ තමාට පැවරුනු ’දුලිකා (සිනමාවේදී කේ ඒ ඩබ්ලිව් පෙරේරා-1973)  උදෙසාය. 

එහිදී ඔහු මහඇදුරු සනත් නන්දසිරි ගේ හඞ හා එක් වෙමින් ’සීත රෑ යාමේ අඳුරේ....’ ගීතයේ ’දුලිකා...’ පසුබිම් අත්වැල සැපයුවේය.

කේමදාසයෝ ’ත්‍රී සිස්ටර්ස්’ නායිකා ’ඉන්ද්‍රානී’ ව කැඳවද්දී ඇය එදා රසිකයන්ගේ සදාදරණිය පොප් ගායිකා කිරුඵ දරා සිටියාය.  ඒ අනුව ඇය ලක් සිනමා කලාව ඔස්සේ යමින් ශ්‍රී ලංකාවේ එවකට දිවිගෙවු අති විශීෂ්ඨ අග්‍රගන්‍ය සංගීතඥයන් සියල්ලම පාහේ සිය ගායන කෞෂල්‍යය ඔපවත් කර ගැන්මට දිනා ගන්නට සමත්ව සිටියාය. මේ ඒ බව හකුඵවා දැක්වීමට කෙටි සටහනකි.

--------------------------------

ගාලා සුවඳ රස අඳුන් - සෝමදාස ඇල්විටිගල  (සිහින ලොවක් - 1972)

රෝස කැලේ රතු කැකුළී - සරත් දසනායක (දිනුම් කණුව - 1974)

සමනළ රෑනක් සේ - පැට්‍රික් දෙණිපිටිය (සැණකෙළිය - 1974)

වසන්තයේ මල් කැකුළයි - ක්ලැරන්ස් විජේවර්ධන (සිකුරුලියා - 1975)

රුසිරු මියුරු හීනයක් - පන්ඩිත් අමරදේව (තරංගා - 1975)

මල් මල් හැඟුමින් පැතුම් පිරී - පී එල් ඒ සෝමපාල (දමයන්ති - 1975)

තුන්යම රෑ කාංචනා පව්වෙන් - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (සරා - 1978)

පෙම්මල නිල්වන පෙත මැද පිපිලා - ආචාර්ය වික්ටර් රත්නායක (අනුපමා - 1979)

------------------------------------------------------------

යම් දිනක සිංහල සිනමා සංගීත වංශ කථාවේ  ලියැවෙන්නට නියමිත සත් මහ නරපතියන් ඔවුන් වෙති. අද අප ඔබ හද දිනු යුග යුග නොමියන සදාතනික ගී නිර්මාණ පෙළ දායදා කරදුන්නේ ඔවුන් නොවේද ?

මේ ඇය කේමදාසයන් විසින් මැවු සත්සර රස ගුලාව මතුකළ ලතාවයි.


මැදියම් රෑ .... කාංචනා පව්වෙන් ...මං ආවා ...මං ආවා...............

කාන්සියේ තනි තනියේ ඉන්නේ ඇයිද බලා ...

දිස්වෙන ලස්සන ඉඟ සුඟ ලෝකේ...

දිස්වෙන දෑසක දිස්නය නොදැනේ සෝකේ.....

ආදරේ හාදවේ .. හාදුදී ... ආදරේ....

මේ නුරා යාමේ .................


දඟයුග අහිසංකයි .. හදයට ගිනිසිඵ හුඟක් සැරයි...

ආදරේ ..ආදරේ...මේ නුරා යාමේ ......

හා පුරා මී විතේ.......

හා පුරා ජිවිතේ...

ආදරේ ගැවේ....


සුර සැප දෙන තුරු හැඟුම් සළා .................

නිදිදුව අප හැර වසන්වෙලා ...............

--------------------------------

(ගී පද ඔගස්ටස් විනයාගරත්නම්)


1973-4 පමණ ගතවේද්දී ’ද ගෝල්ඩන් චයිම්ස් ’ කන්ඩායම ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ නියමු කාර්යභාරයෙන් වෙළඳ ගී තැටි කිහිපයක් දොරට වඩමවා තිබුනි. එහි දි ඔහු ඊට නැවුම් හඞක් මුසුකරවන්නට සමත් ව සිටියේය. ඔහු ’අනිල් භාරතී’ ය.  

--------
කන්ඩායම් ගීයේ පුරෝගාමියා - නෙවිල් ප්‍රනාන්දු - 1961 (1938 - 1975)
---------

ඒ අනුව ’ඉන්ද්‍රානී’, ’ක්ලැරන්ස්’  ’මිල්ටන්’ ගේ බටහිර ගීත ශ්‍රාවක රසික තව්තිසා විමනේ පහළ වු අංකුර දිව්‍ය පුත්‍රයා ’අනිල්’ ය. කරුණු එසේනම් ’අනිල් සහ ඉන්ද්‍රානී’ දෙදෙන යොදවා සිනමා ගීතයක් ගයනා කරවා ගන්නට පැකිළෙන්නේ කවරෙක්ද ? ඒ අවස්ථාව පැහැර හරින්නට ’දමයන්ති’ සිනමා සළරුවේ හිමිකරුවා සුදානම් නොවිය. ඔහු ඒ කාර්ය භාරය විදෙස් ගී තනු රටාව සිරුමාරුවෙන් ශීල්ප දැක්විමේ විශේෂඥ ’පී එල් ඒ සෝමපාලයන් වෙත පැවරීය.

නර්තන ජවනිකාවකට යොමුකර නිපැයුනු මෙහි දිර්ඝ ධාවන කාලය එදවස ගුවන් විදුලි කාල නියාමයන්ට හරස් ව ගිය කල්හී. එහි ’කෙටි’ පිටපතක් ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙනුවෙන් වාදනය කරන්නට නිමවා ගනු ලැබිය.


පාලා කරුණා දයා ගුණේ.... හැමදා හැමටම බෙදා සෙනේ ...........

යුතුකම් ඉටුකර මෙලෝ තලේ ....ජයමුතු මාලා දමා ගෙලේ ...................

සොම්නස සම්පත ලබන්නටයි... සුවසෙත ජයසිරි ලැබෙන්නටයි....

මව් පිය දෙදෙනා රකින්නටයි...ජයටැඹ වෙත පා තියන්නටයි...

ඉපදුනු රටදැය නගන්නටයි...හෙළ බස රස මසු කරන්නටයි.....

උපන් බිමේ ජය ලබන්නටයි.. පැතුම් විමානේ පිපෙන්නටයි.....

(කරුණාරත්න අබේසේකර)

-------------------------------





හවායන් ගිටාරයෙන් රස මැවු ගාන්ධාර්වයාණෝ - පැට්‍රික් දෙණිපිටිය (60 දශකයේ මුල් භාගයේදී)

මේ ගී මෙහි දෙඇස් යොමන ඇතැම් පාඨක රසිකයන් රසවිඳගන්නේ පළමුවරට විය හැකිය. ඒවා එතරම් මාධ්‍යය මතුපිට රැඳුනා නොවේ.  මේ ගී රාවයන් විශ්ලේෂනයට බඳුන් කරන මැදහත් රසික ඔබ ඇයගේ අසමසම ගායන කෞෂල්‍යය පිළිබඳව පවසන්නේ කිමෙක්ද ?

ඇය සිනමාවේදී ගැයූ යුග ගීත ගණනින් අල්ප වුවද රසයෙන් ද ඒහා බැඳුනු ජනප්‍රසාදයෙන් ද අනල්පය. එකී කිසිම ගීතයක් බිඳකුදු හෝ අදද එදවස ගී ලෝලී රසික හදවත් වලින් තුරන් ව නැත්තේය. යළිදු අවර්ජනය කරමු.


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජිවිතේ - වික්ටර් රත්නායක සමග - සෝමපාල ලීලානන්ද, සරත් දසනයක - සදහටම ඔබ මගේ  - 1973

පවන් සුසුම් දැලින් වෙලී ශංගාර රවේ  - දේවානන්ද වෛද්‍යසේකර සමග - ධර්මසිරි ගමගේ, පන්ඩිත් ආචාර්ය අමරදේව  - තරංගා - 1975

රුසිරු මියුරු හීනයක් - ධර්මසිරි ගමගේ, අමරදේව - තරංගා - 1975

මල් මල් හැඟුමින් පැතුමි පිරී - අනිල් භාරතී සමග - කරුණාරත්න අබේසේකර, පී එල් ඒ සෝමපාල - දමයන්ති - 1975

මල්සර හදකට තුරුඵවෙලා - ජෝතිපාල සමග - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ක්ලැරන්ස් - සිකුරුලියා - 1975


ඉන්ද්‍රානී පෙරේරා සිනමා ගී රස කළස

පා යුග නැටුවේ....(කුණ්ඩලකේශී - 1978) - සරත් බාලසූරිය, ජෝර්ජ ලෙස්ලි රණසිංහ

පෙම් සිත මගේ සංවර නෑනේ - (සුගන්ධි - 1979) - සරත් බාලසූරිය, සුනිල් විමලවීර

මීවිතේ මදිරා මතේ (කෝලංකාරයෝ - 1981) - අර්නස්ට් සොයිසා, කරුණාරත්න අබේසේකර

චාමර ගීත ඇසේ (සුදු අයියා-1982) - එම් කේ රොක්සාමි, ශ්‍රී නිහාල් ජයසිංහ

ආශා දෑසේ සිහිනේ (අනුරාධා - 1982) - කිංස්ලි රාජසිංහ, අජන්තා රණසිංහ

මුව පොව්වනේ  - (චලිත රංගලී - 1985) - ක්ලැරන්ස් විජේවර්ධන

යව්වන රඟමඞලේ (සුරනිමල - 1992) - සරත් දසනායක, අජන්තා රණසිංහ

දෙසතියකින් නැවතත් හමුවෙමු.....................

Wednesday, August 28, 2024

ඉන්ද්‍රාණි පෙරේරා සිනමා ගී ඕවිල්ල.......01

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 06

 සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රකට ගායන ශීල්පීන් ගේ හඞ අනුකරණය කරමින් ගයන්නෝ මෙන්ම ගයන්නීයෝ එමටය. එහෙත් ’ඉන්ද්‍රානි’ සතු අතිශය දුර්ළභ, හඞ පෞරුෂය අනුකරණය කරන්නට කිසිම යුවතියකට පහසු නොවනු ඇති බව නිසැකය. ඇය ගේ හඞ පිළිබඳව අනාවැකි කිවේ ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ රසවතාණෝය. ඒ 1968 තරම් දුර ඈත යුගයකදීය. ’දිල්හානී දුවණි’ සවන්දුන් ඔහු ඒ හඞින් මත් වී වසඟ ව ගීයේය. ඒ අනාවැකි සඵල කරමින් ඇය නිරන්තරයෙන් ඒකල ගායිකාවක් ලෙස සිය අනන්‍යතාවය ගොඩනගාගන්නට සමත්වූවාය. සිංහල සිනමා ගීතයේදී පෙම්වතියන් උදෙසා හඞ ආදේශ කරමින් ඇය ඒ කටයුත්තට පිවිසියේ 1973 වසරේ සේන සමරසිංහයන් විසින් නිපදවූ ’සදහටම ඔබ මගේ’ සිනමා පටයෙනි.














නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ...........

දෙතොලග හී සැරේ.......මී මධු සුවඳ සදා දේ ..........................

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ..........

පිණි වරුසා වේවා ............

ඒ පෙම් කතරේ මා එන අතරේ..........

තනි තරුවක් සේ පාවෙනවා ...............


සසර සඳැල්ලේ නැගුනු සුපෙම් සඳ ...

මැකී නොයේවා සදාතනික වේවා.............

සසරින් සසරේ එන්නෙමි මිහිරේ........

ධිවරියක් සේ පාවිලා ................

( ගී පද සෝමපාල ලීලානන්ද, සංගීතය සරත් දසානයක)



නැගණිය ’අයිරාංගනී’ සහ අක්කන්ඩිය ’මල්ලිකා’ දෙහිවල ප්‍රිස්බෙටෙරියන් බාලිකා විදුහලේ දිගින් දිගට අකුරු කරන්නට යද්දී ඇය පසුව ’ස්ටැෆර්ඩ්’ කාන්තා විදුහලෙන් අකුර කරන්නට ගියාය. එතැන්හිදී ඇය ගේ සිප්හලේ සංගීත අචාරිනි පොට්ගර් මහත්මිය විදුහල්පතිනිය ලියනගේ මහත්මියගේ ද ආශිර්වාදයෙන් ඇයව මෙකී විශ්ව බස හදාරන්නට යොමු කළාය. 

ඉන්ද්‍රාණි පෙරේරා සිය ගීත චාරිකාවේ ඇරඹුම හෙළිදරවු කරමින් 

’ මගේ පංතියේ හොඳම පාසල් මිතුරිය ගේ නම ’මාරි’ ඇය ගේ ඥාති සොයුරා ’ඇනස්ලි’ (මාලේවන), මාරි ගේ දැන හැඳුනුම්කමින් ඔහු මාව ඔහු ගීත ගැයූ ’මූන්ස්ටෝන්ස්’ ගායක කන්ඩායමට හඳුන්වාදුන්නා එයින් පස්සේ ඔහු මගේ පියා ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ සහ ’ක්ලැරන්ස්’ වෙත හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස මගේ හඞ ඔවුන් විසින් පටිගත කරගත්තා. ඔවුන් තීරණය කළා මාව ගීතයකට යොදාගෙන පටිගත කිරීමක් සිදුකරන්න. මා සැමවිමට ඔවුන් දෙදෙනා හට මගේ හෘදයාංගම කෘතඥතාවය පුදකරන ගමන් ආදර ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

රත්නපුරයේ දී ක්ලැරන්ස් සිය සංගීත දිවිය සරු කරගන්නට සහය පැතූ ’ශ්‍රී සඟබෝ කොරයා’ එදවස දිවයිනේ කීර්තිමත්ම පෞද්ගලික සමාගමක් වූ ලීවර්ස් ලංකා සමාගමේ සේවය කළේය. තමාට අතහිත දුන් ඔහුට කළගූණ දැක්වීමට ඉටා ගත් ක්ලැරන්ස්, ඔහුගේ සිඟිති දුවණියන් දෙදෙනා අරභයා ගීත ද්විත්වයක් තැනුවේය. මූන්ස්ටෝන්ස් ගැයූ ’රමණී’ එතරම් රසිකයන් අතරට නොගියත් ’ඉන්ද්‍රාණි’ යොවුන් දැරිය ගැයූ ’දිල්හානී’ අලෙවි වාර්තා බිඳ හෙළමින් වේරම්භ වායුවක් සේ ගීත ලොව කළඹාලීය. 

ඉන්ද්‍රාණී ගෙන් නොනැවතී ඇයගේ සොයුරියන් ගේ ’ත්‍රී සිස්ටර්ස්’ ගීත හැදූ ප්‍රමුඛයා ’ක්ලැරන්ස්’ සිනමා සංගීත අධ්‍යක්‍ෂනයේ දොරටු විවර කරගත් ’සිකුරුලියා’  - 1975 හිදී ඇයව ඊට සම්බන්ධ කරගත්තේ එහි රඟදුන් දඟකාර යුවතිය ’සමන්මලී’ (රංගනය සුවිනීතා වීරසිංහ) ගේ රැඟුමක පසුබිම් ගායනය උදෙසාය. 


ගලින් ගලට පැන දිදුලන පෙණකැටි මත්තේ.............

මලින් මලට ඉගිළෙන සමනල තටු මත්තේ..........

ලියා එවන්නට තවමත් මා ඔය පැත්තේ...........

බලා හිඳින්නෙමි තවමත් ඇය ඔබ නැත්තේ.................


ඈත මගදිහා බලලා නෙත කකියනවා.........

හිතේ කාන්සිය හා මට තරහත් එනවා....................

පාඩමක් උගන්වන්නම් නෑවිදින් සිටින්නම්...

හෙට අපුදෙන් මගේ හැටි මම කියලා දෙන්නම්................

(සංගීතය සහ ගී පද  - ක්ලැරන්ස් විජේවර්ධන, සංගීත මුසුව - සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කන්ඩායම)



’මාජී මන්ත්‍රිනායක’ රංගනයන් වෙනුවෙන් ඇය ’ත්‍රී සිස්ටර්ස්’ නම් වූ ගීත සඳැල්ලේ බලකණුව ’සරත් දසනායක’ ගේ ඇරයුමෙන් ඔහු සංගීත රටාවන් මුසුකළ ’දිණුම් කණුව’ (1974) වෙත හඞ මුසුකරන්නීය. 


එකමත් එක රටකින් ඔබ ඒවී.............

ඔබ ගෙන ඈතට යන්නට යාවී...................

කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඩන්...........

රෝස කැලේ රතු කැකුළී.................


දෙතොලේ පොපියන ගීය ගයන්නට ..............

දෑසේ නළියන කදුඵ සළන්නට ............

ලස්සන දවසක් හෙට හමුවේවා........

රෝස කැලේ රතු කැකුළී........


ඉරට අකීකරු..සඳට අකීකරු ... රෝස කැළේ ....රතු කැකුළී.........

(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සරත් දසනායක)



ලාංකීය ගී තැටි කර්මාන්තය දඵ ළා මල්ඵල හට ගන්වමින් තිබූ වසත් සමය මීට සමගාමිව ගෙවෙමින් පවතිද්දී, ’ත්‍රී සිස්ටර්ස්’ නොඉඳුල් කුඵඳුල් නිර්මාණ පොකුරු පිටින් එයින් ජනගතවෙමින් පැවති ස්වර්ණමය අවධියයි මේ. මේ යුවතියන් ගයන්නේ කොතැන්හීදීද එතැන්හිදී රසික ජනතාවට තුරු මත බැඳි බිඟු පොදියක් සේ ඔවුන් වටකරගනිමින් පොදිබැඳ ආහ. සිනමා කලාවේ ද විචිත්‍රතත්වය වඩාත් හොඳින් ප්‍රකට වූ මෙසමයේ ඊට සම්බන්ධ අර්ථපතීන්, සිනමාවේදීන් මේ දිගැසියන්ගේ හඞ සිය නිර්මාණයන් තුළට ගොණුකර ගැනීමේ උන්මාදයෙන් පෙඵනහ. 

පන්ඩිත් අමරදේවයන් 1962 වසරේදී ’රන්මුතු දූව’ රසගන්වාලමින් ඇරඹු සිනමා සංගීත චාරිකාවේ සැළකිය යුතු දුරක් මේ වනවිට ගෙවමින් සිටියේය. ඔහු විසින් බිහිකළ සිනමා ගීත ගොන්න එකක් නෑර නොමද රසික ප්‍රසාදයට පාත්‍ර වී පැවතින. 

1975 අප්‍රේල් 04 දාතමින් තිරයට නැංවූ විමල් වෛද්‍යසේකරගේ ’තරංගා’ පසුබිම් වන්නේ එවකට ලක්දිව අපනයන ආර්ථිකය බලගැන්වූ ’තේ වතු’ කාර්මාන්තය ආශ්‍රිතව සිදුවු පෙම්පුවතකි. ’තරංගා’ (මානෙල් වානගුරු) තේ වතු කර්මාන්තයට කම්කරු දායකත්වය පෑ පවුලක යුවතියකි. ඇයගේ හඞට ආරූඪ වුයේ ඉන්ද්‍රාණි ගේ හඞයි, ඒ කටයුත්තේ ඇදුරා පන්ඩිත් අමරදේවයන්ය. 

පවන් සුසුම් දැලින් වෙලී ශංගාර රාවේ නිසංගා ..........

රුවන් කොණින් සුපෙම් හැඟුම් සංයෝග පෙම් ගී තරංගා .................

(ගායන සහය - දේවානන්ද වෛද්‍යසේකර, ගී පබැඳුම - ධර්මසිරි ගමගේ)



බටහිර ගී තනු නිර්මාණයේ විශිෂ්ඨයන් අතර ප්‍රමුඛව කියැවෙන ’පැට්‍රික් දෙණිපිටිය’ සංගීතවේදියාගේ නාමය කවර කලෙක හෝ කිසිවිටක ගිළිහී යා දිය හැකි නොවේ. ඔහු වෙනම සටහනකින් ඇගයුමට පාත්‍ර විය යුතු ශ්‍රේෂ්ඨයෙකි.  60 දශකයේ ’සී ටී ප්‍රනාන්දු’ ගීය ද 70 දශකයේ ’මිල්ටන් මල්ලවාරච්චි’ ගී ය ද නිතර රසගැන්වූ  ඔහු විමලදාස පෙරේරා සිනමාවේදියා විසින් ’සැණකෙළිය’ සත්සර රටා මවන්නට ඇරයුම් ලබයි. ’ඉන්ද්‍රානී පෙරේරා  නම් විශිෂ්ඨතම මෙන්ම ජනප්‍රිය පොප් තරුව එහිදි ’මිලටන් මල්ලවාරච්චී හා එක්ව ගයන්නීය.


සමනල රෑනක් සේ.......හඩන්නට හැඟුම් මැවේ.........

කෙසේදෝ කියන්නේ මගේ දිව දෙතොල් අතර සැංගේ ....................

පොදිවුනු සිතුවිලි අවදි වෙවි සිත තෙරපෙයි නතර නොවී.........

ළා දල්ලක් මෙන් මහද සැලී - නෙත් යුග එක් රුවක දිළේ....................

(කරුණාරත්න අබේසේකර ගී පද  - 1975)



හී ලී විජේතුංග ගේ කෙටි කථාවක් ඇසුරෙන් විජය ධර්ම ශ්‍රී හැදූ ’දුහුඵ මලක්’ එදවස සිනමා කලා කවයේ වඩාත් කතාබහට ලක් වූ සිනමා සිත්තමකි. එහි ඇතුළත් වූ ඇතැම් ශෘංගාරාත්මක ජවනිකා මෙන්ම කථා සාරය ’අසම්මත පෙම’ ඇසුරෙන් ගොඩනැගී තිබීම ඊට හේතු වන්නට ඇත. මතභේදාත්මක වුවද අතිශය මධුරතර සරත් දසනායක ගී තනු රැසකින් හැඩ වැඩ වූ එහි එක්දරු මවක් ලෙස රංගනයේ යෙදුනු ’නීටා ප්‍රනාන්දු’ සිය සැමියා ගෙන් වසන් වී ඔහුට හොරා තහනම් පෙමක රස බලමින් රාත්‍රි සමාජ ශාලාවක සිය අනියම් පෙම්වතා වූ රොහාන් (රවින්ද්‍ර රන්දෙණිය) සමග අන`ඟ රැඟුම් පාමින් මධුවිත සප්පායමෙන් එහි නුරාමතින් රඟදෙන නලඟනකගේ රැඟුම් ගැයුම් නරඹද්දී වැයෙන ගීතයේ හඞ ’ඉන්ද්‍රානි පෙරේරා’ ගෙනි.


සීතලේ වෙලී ...තාරුකා පිපී ...

දෑස නුරා ගී පහර වැදී...කාගේද හද සැඵනා...

සිහින තොටිල්ලේ පොකුණේ..පෙම් වතුරේ මා ගිඵනේ ....

පාවී ආවේ ..යව්වන රෑ සමිරේ....

(ප්‍රේමකීර්ති ද අල්විස් ගී පද - 1976)

බී ඇස් පෙරේරා ගේ ’රොඩිගම’ දොරට වැඩියේ 1974 වසරේදීය. ඒ ඇයගේ ද ත්‍රී සිස්ටර්ස් කන්ඩායමේදී මල් වසන්තයයි. 


සීත සුළං සාගරයේ - ගීත රසින් මාගේ ළයේ...

මධුරස අමර සුවය දේ - මිහිරැති සිහින ආකරේ..............


(සංගීතය - ස්ටැන්ලි ඕමාර්, ගී පද නිමල් ජී ප්‍රේමවංශ)

----------------------------------------------

’අනුපමා’ ප්‍රවිණ සිත්තරෙකු වු ’දයා රාජපක්‍ෂ’ ගේ සිතුව්ම් කථාංගයකි. එය සිනමා තිරය වෙත පිවිසි දා  ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත නාදරටා ගැබ්වු ’ඉන්ද්‍රානි’ ඒකල ගී හඞින් ප්‍රේක්‍ෂක රසික සමූහයා මත් ව ගියහ.


පෙම්මල නිල්වන පෙත මැද පිපලා .......... සිව්දිග රොන් අතු පතුරන්නේ...

මල්වර වූ ලඳ මුවරද උතුරා...මල්සර නෙත් සිතු බැඳලන්නේ ..................

(ගී පද  - තිලකරත්න කුරුවිට බන්ඩාර)

-------------------------------------

මහාචාර්ය සුනිල් ආරියරත්න 1979 වසරේදී හැදූ ’පොඩි මල්ලී’ සංගීතවත් කරන ලද්දේ ආචාර්ය වික්ටර් රත්නායක විසිනි. එහිදි ඇය සිය සුපුරුදු පොප් ශෛලිය පවත්වාගනිද්දී, සිය හඞ රංගනශිල්පිනියගේ චරිතය ට ගැළපෙන ලෙස ළෙලවමින් නැවුම් රසයක් මවන්නීය. තම අවට නෙත ගැටෙන සරළ දසුනක් ඔස්සේ සිය අනන්ත අපරිමාණ වූ පරිකල්පන දහර ගලා යවමින්, ඔබ අප නොදකින නවමු කෝණයකින් කවි සංකල්පනා මැවිමේ ශූර වීර ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රතිභාසම්පන්නයා එයින් අපුරු උපමා රූපක එක්තැන් කරන්නේය. විමසනු මැනවි..

සරත් දසනායකයන්ගේ සිරූවෙන් එක්තැන් කළ ස්වර ඇමුණුම් පෙළට අනුව ජන ගී හඞ නංවාලමින්ද ,  ක්ලැරන්ස් විජේවර්ධන, මයික් ගුණසේකර, අර්නස්ට් සොයිසා වැනි ප්‍රවිණයන් මැවූ බටහිර පොප් වේගරිද්ම ගී ලතාව අසුරු කරමින්ද  , පන්ඩිත් අමරදේව ගේ සත්සර රටා රාමුව තුළට පිවිස ළයාන්විත නිවුණු හඞින් ආදරණිය රසිකයා ආමන්ත්‍රණයෙන්ද සිය නිසඟ ප්‍රතිභාව විදහා පෑ ඉන්ද්‍රාණි පෙරේරා එහිදී සිය ගායන ලාලිත්‍යයේ නව ඉමකට සේන්දු වන්නීය. 


දුම් වැටියක් සේ දැවි අඵවෙයන්..හෙමින් හෙමින් ජීවීතේ .....

දෙතොළින් දෙපයට පෑගෙන්නට පෙර ..දෝත පුරා රස මදිරා ...

උරා බිබි මත්වෙමු....ආ...ආ....ආාා...හ්


ගිනි සිඵවකි මං .....ඇවිළෙන රාග ගින්නේ ...

ඔබ උණුසුම් උකුලේ සීතල කර කිමද කිමද නොනිවන්නේ..?


දෙසතියක විරාමයකින් යළිත් මෙතැන් සිට.....