namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, May 9, 2021

‍රාහුල් දේව් බර්මන් භාරත ගී මධු කුසලානය - RD Burman HINDI Song Collection

සමප‍්‍රදායික ’භාරත ගී කලාව’  උඩුයටිකුරු කලේ අන් කවරෙක්ද ඔහු මිස.................... 01 කොටස

පැතුම් සමීරේ ආදරයෙන් නවුකා පාවේ (ජේ ඒ රොම්ලස් ද සිල්වා) - 1970 (ප්‍යාර් කේ මෝසම්)

මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති ......(ජෝතිපාල* - 1970 - (ප්‍යාර් කේ මෝසම්)

නිසංසලයි සීතයි ? ගෙවෙන්නේ .. පාන්දරින් රන් කුකුලා හඞයි (ජෝති - ඇන්ජලීන්)  - (චිං චිං නෝනා) 1977 (යාදොන් කී භාරත්) - 1973


ජිවිතේ තරුණ කාලේ සිතුදේ පැතුදේ ..................(ජෝති) - (කටී පතන්) - 1971

රාං කුරුල්ලෝ ටිකිරි කිරිල්ලි කොයි...........(ජෝති) - (කටී පතන්) - 1971

මා ඔබේ සකුන්තලා ...........(සුජාතා අත්තනායක) - (කටී පතන්) - 

ජිවිතයේ සංසාරේ සුමුදු පියළි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ (ජෝති - ඇන්ජලීන්) සුහද පැතුම - 1973 - (හරේ රාමා හරේ ක‍්‍රිෂ්ණා) - 1971

මාමේ මේ බකමූනා හා හූ ගෑවා බිළිඳු නළෝලා (ෆ්‍රෙඩී සිල්වා සමග ජෝති)  - සුරේඛා - 1974 - (අප්නා දේශ්) - 1971

දිනේ ලංකා මගේ ලංකා සදා කාලේ සිනා නංගා (ෆ්‍රෙඩී සිල්වා, ජෝති සහ ඇන්ජලීන්) - කව්ද රාජා - 1976 -  (අප්නා දේශ්) - 1971

පතනා දේ සුන් වේ නම්....බලන් සිත් යොමන් .................(ජෝති) - (සනම් තෙරි කසම්) - 1982

මුස්තෆා මම මුස්තාෆා .....(ඩෙස්මන්ඩ් ද සිල්වා) - සනම් තෙරි කසම් - 1982

මෙවන් කර්ණ රසායන හින්දි තනු උදෙසා උණු උණුවේ ’සිංහල’ වදන් ඔබ්බවා තම නවතම සිනමා කෘතියේ ඇතුළත් කරවාගැනීම අඩසියවසකට ඉහත යුගයකදී එය කාර්මාන්තයක් ලෙස සුරැුකී පවතින්නට සිනමා නිර්මාණකරුවන් යොදා ගත් ක‍්‍රමවේදයයි.
----------------------
ආශා බෝස්ලේ සමගඇය පසුකාලීනව ඔහු‍ගේ සහකාරිය බවට පත් වූවාය
------------------------------

තමන් නොදන්නා නොවැටහෙන ආගන්තුක බසකට වඩා ඒ මධුරතර තනු තම මව්බසින් රසවිඳින්නට එදා පේ‍්‍රක්‍ෂක ගීත ලෝලීන් ප‍්‍රියකරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එවිට ඔවුන්හට එකී ගීත අසිරුතාවයකින් තොරවම නිරතුරු මිමිණිය හැකි වන්නට ඇතුවා පමනක් නොව  තොල් හැඩගන්වා සුරුහන් බෑමට ප‍්‍රිය වන්නට ඇත.

ලක්බිමේ මතු නොව ඒවා ජන්ම ලාභය ලත් මහ භාරතයේ පවා නොමද ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක අභිනන්දනයට ප‍්‍රණාම හරසර ලබමින් පැවතියේය. එතෙක් කලක් පැවති භාරත හින්දි සිනමා ගීත කලාවේ දිශානතිය වෙනසකට බඳුන්කරමින් ඊට ’බටහිර’ ගී ඌරුව මුසු කරන ලදුව එය විප්ලවිය වෙනසකට බඳුන් කරන්නට සමත් වු එකී නිර්මාණකරුවා,සංගීතඥයා ’රාහුල් දේව් බර්මන්’ හෙවත් ’පංචම්’ ය.

මුම්බායි පුරවරය එකාලෝක කල ’බොලිවුඩ්’ සිනමා අධිරාජ්‍යයේ ’60 දශකයේ ගීත කලාව’ නියෝජනය කල ’සචින් දේව් බර්මන්’ ගේ එකම දරු සම්පත ’රාහුල්’ ය.

තම පියාණන් ගේ ’සහය සංගීත අධ්‍යක්‍ෂ’ භූමිකාවේ යෙදෙමින් ’රාහුල්’ ’මවුත්ඔ්ගනය’ දෙතොල් සිපගන්වා වාදන සහය ලබාදුන් එක්තරා ගීතයක් දැවැන්ත භාරත හින්දි සිනමා ගීත කලාවේ නොමැකෙන සිහිවටන අතර රැුඳුනේය.

ඔහු ලද ’පංචම්’ නම් සුරතල් නාමය අරභයා විවිධ මති මතාන්තර ගොඩනැගී තිබිනි. ළදරු රාහුල් පංච රිද්මයකට හැඞු බව ඇතැමුන් කියා සිටිද්දී ඔහුගේ ළදරු හඞ ස්වර සප්තකයේ ’පංචමය’ ට සමිප යැයි තවත් අය කියා සිටියහ.

සකල භාරතයේ පරසිඳු උස්තාද් ’අලි අක්බාර් ඛාන්’ සහ ’සම්තා ප‍්‍රසාද්’ යටතේ ස්වර - තාල  - ඥානය ලද ’පංචම්’ සිය පියාණන් ගේ චිත‍්‍රාගාර වාද්‍ය වෘන්දයේ රැුඳෙමින් ’මවුත් ඔ්ගනයෙන්’ නාද රස මවන්නට ප‍්‍රිය කළේය.

60 දශකයේ මුල් යුගයේදී ’සචින් දේව්’ අතිශය කාර්ය බහුල වූ සමයකදී භාරත සිනමාවේ විකට නඵ ’මෙහෙමුද්’ ගේ නිර්මාණයක් වු ’චොටී නවාබ්’ උදෙසා සත්සර රටා නිර්මාණය කරන්නට අසමත්ව එය පුත් ’දෙවිසි’ හැවිරිදි ’රාහුල්’ වෙත යොමුකෙරිනි. ඒ ඔහු භාරත සිනමා සංගීත මංපෙතේ සැරසර චාරිකාව දියත්කල අවස්ථාවයි.

එනමුදු, අමයුරු මියුරු සත්සර රාව රස මතුකර දුන්නේ දශකය ගෙවි යන්නට සතරවසකට පෙරාතුව තිරයේ ඇඳුනු ’තෙස්රී මංසිල්’ වෙතිනි. 

අසහාය භාරත හඞ පෞරුෂය ’මොහොමඩ් රාෆි’ හා යුග ගැයුම් ගයනු පිනිස මහා ගීත කෝකිලාවිය ’ලතා මංගේශ්කර්’ නොව ඇගේ කණිටු සොයුරිය ’ආශා බෝස්ලේ’ එහි කැඳවනු ලැබිය. 

’ඔ් මෙරේ සෝ නරේ සෝ නරේ සෝ නරේ...........’ ගී රිද්මයට රංගන ශිල්පිනි ’ආශා පර්කේ’ සහ රංගධර ’ෂම්මි කෆූර්’ රංගනයේ යෙදිනි.

(ගීතය නරඹන්න)

-------------------------
Movie/Album: Teesri Manzil

Featuring: Asha Parekh, Shammi Kapoor, Helan, Premnath, Lakshmi Chhaya And Others

Singer: Asha Bhosle And Mohammed Rafi

Music: R. D. Burman

Lyrics: Majrooh Sultanpuri

Courtesy: SAREGAMA HMV

Year: 1963
---------------------------

සියවස් ගණනක සිට අති ශ්‍රේෂ්ඨ සංගීත සම්ප‍්‍රාදයක හිමිකම් ලබමින් ඊට අනුගතව එතෙක් නිමැයුනු ’භාරත සිනමා ගී’ කලාව වෙත ’බටහිර පොප් ගී’ රිද්මය නොමදව මුසුකරන ලද්දේ මෙහි ගැයුනු ගීත ඔස්සේය.

60 දශකය දක්වා ගතානුගතික සම්ප‍්‍රදායෙන් ඔබ්බට නොගොස් රාමුවකට කොටු වි පැවති ’භාරතීය සිනමා ගීත කලාව’ බැමි සිඳබිඳ දමා ඔහු විසින් එය එක්තරා දුරකට ’බටහිරකරණය’ ට ලක් කලේය. ’ජෑස්’ ’හිපෝප්’ වැනි බටහිර ශිල්ප‍්‍රිය ක‍්‍රම සිය ජනම් භූමියේ  බොලිවුඩ්’ සිනමා ගීතය වෙත හඳුන්වාදෙමින් එවන් ගීත කලාවන් ප‍්‍රිය කළ රසිකයන්ද ’හින්දි සිනමා’ ගීතය වෙත නැඹුර කරවන්නට තැත් දැරුවේය

ඔහු ගේ අත්හදා බැලීම ඉතා නිවැරදි විය. ඔහු නිර්මාණය කළ බටහිර සංගීත ක‍්‍රමවේදයට අනුගත වූ ගීත ලාංකීකයන් විසින්ද හදවතින්ම වැළඳගන්නා ලදී. ඒ ගීත ඇතුළත් සිනමාපට භාරතයේ තිරගත වී වසරක් දෙකක් ගතවන්නට ද පෙර, එකි නාදරටාවන්
 තනු ඇසුරු කරමින් සිංහල වදන් යෙදු ගීත මෙහි දි ගැයිනි. 


පසුකාලීනව ’සරත් දසනායක’ ’ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ ’වික්ටර් රත්නායක’  ’ක්ලැරන්ස් විජේවර්ධන’, වැනි ලාංකීය සිනමා සංගීත මෙහෙයුම්කරුවන් ද අනුගමනය කල ’වේගරිද්ම ඩ‍්‍රම්ස් වාදන රටා’ ඇතුළත් වුයේ ද මෙම සළරූ ගීතයන් හිදීය.

’ඔ් හසිනා සුල්ෆොවාලී ජානේ ජහා............’  (ගැයුම  - ආශා බෝස්ලේ - මොහොමඩ් රාෆි)
’අජා අජා මෙන් ප්‍යාර් තෙරා අල්ලා අල්ලා.....’ (ගැයුම  - ආශා බෝස්ලේ - මොහොමඩ් රාෆි)
’තුම්නේ මුජේ දේකා හෝකර් මෙහෙබාර්......’(ගැයුම  - ආශා බෝස්ලේ - මොහොමඩ් රාෆි)
--------------------------
අජා අජා මෙන් ප්‍යාර් තෙරා අල්ලා අල්ලා.....’ (ගැයුම  - ආශා බෝස්ලේ - මොහොමඩ් රාෆි)

(ගීතය නරඹන්න)

Artist :Asha Bhosle, Mohammed Rafi,R.D. Burman

Album :Yahoo - Rafi Sings For Shammi Kapoor Yahoo

Writers :Majrooh Sultanpuri, Pancham
----------------------------------

එතැන් හි සිට මෙකී ගීතාවලියෙන් තුටු පහටු වූ  එහි අර්ථපති ’නසාර් හුසේන්’, නවක යව්වන ’රාහුල්’ ගේ නිර්මාණයන් හට සිය සිනමා කෘතින්හී දොරටු විවර කර දුන්නේය. එයින් ’භාරොන් කේ සප්නේ’ (1967) රසික ප‍්‍රසාදය දිනාගැනිමේ අඩු ලුහුඞුකම් පැවතියද ’ප්‍යාර් කේ මෝසම්’ (1969) ඒ සියල්ල අභිබවා භාරත ගීතාවලියේ විසිතුරු මවමින් ඊට නොමැකෙන නොමියන සිහිවටන පෙළක් හිමිකර දුන්නේය.


නි සුල් තනාරේ ප්‍යාර් කා මෝසම් .................’ (මොහොමඩ් රාෆි ලතා මංගේෂ්කර්)

තුම් බින් ජහු කහා කේ දුනියා මේ ආකේ..........’ (කිශෝර් කුමාර්)

නාජා ඔ් මෙරේ හම්දම්............(ලතා මංගේෂ්කර්)

-------------------------------------------
නි සුල් තනාරේ ප්‍යාර් කා මෝසම් .................’ (මොහොමඩ් රාෆි ලතා මංගේෂ්කර්)

ගීතය නරඹන්න

Song: Nisultana re

Movie: Pyar ka Mousam

Mood: Happy

Artist:  Lata Mangeshkar, Mohd. Rafi

Music Director: R.D Burman

Lyricist: Majrooh Sultanpuri

Film Star: Asha Parekh, Shashi Kapoor, Nirupa Roy, Bharat Bhushan, Madan Puri, Kishan

Mehta, Laxmichhaya, Rajendranath

Director : Nasir Husain

---------------------------------------------


ගීතය නරඹන්න

Song: Nisultana re

Movie: Pyar ka Mousam

Mood: Happy

Artist: Mohd. Rafi

Music Director: R.D Burman

Lyricist: Majrooh Sultanpuri

Film Star: Asha Parekh, Shashi Kapoor, Nirupa Roy, Bharat Bhushan, Madan Puri, Kishan

Mehta, Laxmichhaya, Rajendranath

Director : Nasir Husain

---------------------------------


ළිත් ඉන් සතර වසරකට පසුව ’නසාර් හුසේන්’ හා  ඔවුහු යළි එක්වූහ. ඒ ’යාදොන් කී භාරත්’ වෙනුවෙනි.

චුරා ලියා හේ තුම්නේ මිල් දිල් කෝ ....(ආශා බොස්ලේ, මොහොමඩ් රාෆි)

මෙරි සෝනි මෙරී තම්නා (කිශෝර් කුමාර් - ආශා බෝස්ලේ)

-------------------------
චුරා ලියා හේ තුම්නේ මිල් දිල් කෝ ....(ආශා බොස්ලේ, මොහොමඩ් රාෆි)
ගීතය නරඹන්න


Singers: Mohammad Rafi, Asha Bhosle

Music: R.D Burman

Lyricist: Majrooh Sultanpuri

Movie: Yaadon Ki Baaraat (1973)

Starring: Dharmendra, Vijay Arora, Zeenat Aman
----------------------------

----------------------
මෙරි සෝනි මෙරී තම්නා (කිශෝර් කුමාර් - ආශා බෝස්ලේ)
ගීතය නරඹන්න


---------------------------------

පදෝසාන්’ හිදී ’ලතා’,’ආශා’ දෙසොයුරියන්ද ’කිශෝර්’ සහ ’මන්නා ඩේ’  ද ඔහුගේ මියැසි නාදරටා අනුව ගැයූහ. ඒ 1968 වසරේදීය.

එදවස හින්දි සිනමා රසිකයන්ගේ යුගයක් වර්ණවත් කළ ’සිහින කුමරු’ ’රාජේශ් ඛන්නා’  රගදුන්නේද ඔහු වෙත ගී හඞ ආරෝපනය කරදුන් අසහාය ගායක ’කිශෝර් කුමාර්’ ගැයුවේද කලෙක ’රාහුල්’ මියැසිය වෙත නතුවෙමිනි. ඒ රසඋල්පත මතුවුයේ ’කටී පතන්’ සිනමා නිර්මාණයෙනි.

මෙතැන් සිට ඉදිරියට.......................
(අන්තර්ජාලය ඇසුරෙනි)

4 comments:

  1. ඉතා සුන්දර ලිපියක් සහ මතක ආවර්ජනයක්! බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  2. සුන්දර මතකවක් සුන්දර ගී වැලක්
    විචාරක දියණිය

    ReplyDelete
  3. බොහොම අගෙයි!

    ReplyDelete
  4. පලවෙනි පින්තූරෙ ඉන්නෙ ආශා නෙවෙයි ලතා නෙ.

    ReplyDelete