namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, March 21, 2022

Santur Music in Sinhala Song world සන්තූරයේ කථාව...03

සිංහල ගීතයේ සන්තූර් නාද මිහිර ...03

තත්නද සත්සර පෙළහර


 මෙනමින් හැඳින්වෙන ’තත් වාද්‍ය භාන්ඩයේ අතීත යටගියාව ලුහුඬින් විමසන්නේ නම් පිවිසිය යුත්තේ පුරාණ මෙසපොතෙමියානු ශීෂ්ඨාචාරය බව අන්තර්ජාල තොරතුරු මුලාශ‍්‍රයන් වෙතින් හෙළිවෙයි. ඒ අනුව එහි අතීතය ක‍්‍රි පූර්ව 900 තරම් අපැහැදිලි අඳුරු අතීත යුගයකට දිවයයි. එය වත්මන් වාද්‍ය භාන්ඩයේ නිමාව උදෙසා ගුරුකොට ගත හැකි කිසියම් තුර්ය භාන්ඩයක් බව ද එහි සඳහන් කර තිබේ.

-------------------
ආචාර්ය රෝහණ වීරසිංහ සිය පවුලේ සමාජිකයන් සමග - 80 දශකය (උපුටාගැනීම - "රෝහණ ලකුණ " උපහාර කලාපය)


භාරත දේශයේ වයඹ දිගන්තයේ පිහිටි ජම්මු - කාශ්මීර දේශවාසීන්ගේ සාම්ප‍්‍රදායික ජන සංගීත භාන්ඩයක් ලෙස ගිණිය හැකි එය පුරාන භාරතිය සංස්කෘත ලේඛනයන්හි ’ශාන්ත තන්ත‍්‍රි විණා’ ලෙස නම්කරනු ලැබ ඇතැයි ද කියැවේ.

පන්ඩිත් ශිවකුමාර් ශර්මා (1938) , තරූන් භට්ටාචාර්ය (1952) ,රාහුල් ශර්ම (1972) ඉන්දීය අර්ධද්වීපයේ එදාමෙදා තුර විස්කම් පෑ අතිදක්‍ෂ ’සන්තුර්’ වාදන ශූරින් වෙති. ඔවුන් වෙතින් ශිල්ප හැදෑරු ගෝලබාලයන් විශාල සංඛ්‍යාවක් වර්තමානයේ සකල භාරතදීපය පුර විසිරි පැතිරි ගොස් එහි දීපවාසීන් මතුනොව ලොවපුරා ගිනිය නොහැකි ගණනක ’සංගීත ශ‍්‍රාවක රසිකයන්’ පිනවන්නට සැදී පැහැදී සිටිති.

1980 දශකයෙන් මෑත් වී ලාංකීය ගීතනිර්මාණ කලාව වෙත එබි බලන්නෙකුට ඉන් මෙපිට යුගයේ ගැයුනු ගීතයන්හිදී එහි නාදරටා ශ‍්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාවන් ඉතා විරළ බව පෙනියයි. ’සංගීත සංයෝජන’ ශිල්පයේ කිසියම් පසුබෑමක් ප‍්‍රකට වූ මෑත අතීතයේදී එහි නිර්මාණකරුවන් ’අවම පිරිවැයකින්’ තෘප්තිමත් වන්නට තැත් දරන්නට ඇත. එහිදී ’සන්තූරය’ පමණක් නොව වෙනත් විවිධාකාර වාද්‍ය භාන්ඩ ගණනාවක් භාවිතයෙන් ඉවත් කෙරී ඇති බව පෙනියන අතර ඒ රික්තය පුරවාලන්නේ වර්තමානයේ කෝකටත් තෛලය ලෙස යොදාගන්නා ’ගිටාරය’ සහ ’කී බෝඩය’ යන වාද්‍ය භාන්ඩ යුගළයෙනි. 

පෙර අපර දෙදිග විවිධාකාර සංගීත භාන්ඩ මහත් රාශියක ’නාද සංයෝජනයන්’ ගෙන් පර්පුර්ණ වූ අතීත සිංහල ගීතධාරාව වඩාත් විචිත‍්‍රවත්ය, කන්කථය, රසපුර්ණය

-----
පන්ඩිත් ශිවශංකර් ශර්මා - භාරතයේ සන්තූර් වාදන වෙසරද - 
-------


අදි කාලින භාරත ඉතිහාසයේ එය ’ශතසහස‍්‍රවිණා’ ලෙසින් හැඳින්වුයේ ඊට තත් සියයක් අඩංගු වු නිසාය. ’පද්මාසන’ යෝග ඉරියව්වෙන් එය ඉදිරිපිට අසුන් ගන්නා වාදකයා, ත‍්‍රීපීසියම හැඩැති එහි පුඵල් පැත්ත තමා දෙසටද පටු පැත්ත තමාගෙන් දුරස්වද තබාගනී.


’සන්තූරය’ හුරුබුහුටිය එහෙත් සංකීර්ණය. ’වාදකයා’ හට එහි පැවරී ඇති වගකීම ඔහුගේ කාර්ය භාරය භාරදුරය. සෙසු වාද්‍ය උපකරණයන්හි ස්වර දොළසක් වාදනය කරනු පිනිස යොදා ඇති තාක්‍ෂනික ක‍්‍රමෝපායන්හී ආකෘතිය සරළය. ඒ අනුව වාදකයා හට ’සුසර’ කර ගන්නට උවමනා තත් ගණනින් අඩුය එහෙත් සන්තූරයේ එක් එක් ස්වරය වෙනුවෙන් ’තත් සතරකිි’ ඒ අනුව ඒවා හිලෑ කරගන්නට සකසා ගන්නට ගතවන කාලය ද යෙදිය යුතු ශ‍්‍රමයද සුඵපටු නොවේ.


මේ අසිරූතාවයෙන් මිදෙනු වස් ’රෝහණයන්’ ප‍්‍රයෝගයක යෙදිනි. වාදනය කරන්නට නියමිත ’ස්වර ලිපිය’ අධ්‍යයනය කරන ලදුව ඊට අදාළ ’ස්වර’ පමණක් සුසර කරගැනීම සෑහේ යැයි සලකා ඒ අනුව කටයුතු කළේය.


පෙරදිග වාද්‍ය භාන්ඩයක් වූ ’සන්තූරය’ ඒ ගණයේ බටහිර ඉලෙක්ට්‍රෝනිකරණිත ’තත්’ වාද්‍ය භාන්ඩ සමග මනාව සංකලනය කරමින් සංගීතවත් කල ලාංකික සංගීතඥයන් එහි නාදය යටපත් නොම කරමින්, අතුරු වාද්‍ය ඛන්ඩයන් හි හිදැස් පුරවන්නට කටයුතු කල අවස්ථා සඳහා නිදසනු එමට හමුවේ. බටහිර සංගීතයේ රුවගුණ කැටිකොටගත් ගීත ගැයූ  ’සී ටී ප‍්‍රනාන්දු’ යුගය ඔහුගේ හදිසි අභාවය සිදුවු 1977 වසරේදී නිමාවට පත්විය. ඒ වෙද්දී උක්ත වාද්‍ය භාන්ඩය මෙහි හඳුන්වා දී වැඩි කලක් නොව වැඩි දිනක් ගතවි නොතිබෙන්නට ඇතත්, ඔහු විසින් ගැයු ගීතයකදී පවා එහි නාදරසය මතුකරගන්නට ඔහුගේ ප‍්‍රිය සහෘද මිතුරුතෙම දිවංගත පැටි‍්‍රක් දෙණිපිටිය සංගීතවේදියා යුහුසුඵ විය.


ඒ ’සී ටී’ සමුගන්නට පෙර ගායනා කල අවසන් ගීත කිහිපය හා රැුඳුනු මේ නිර්මාණයයි.


රැ පැල් රැුකලා ....


පැල් කවි කියලා ....


නිදිනැති දෙනෙත බරයි ....


වෙහෙස නිවන්නට ...


තුරුළිය නළවා ...


එනමද පවන සැපයි.....


-----------------------

ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර


සංගීතය - නැසිගිය පැට‍්‍රික් දෙණිපිටිය


------------------------------------

මෙතැනින් සවන්දෙන්න


එවකට ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹුනු ගායක කන්ඩායම්ක් වු ’ත‍්‍රී සිස්ටර්ස්’ නායිකා ’ඉන්ද‍්‍රානි පෙරේරා’ ඔවුනට නොදෙවෙනි ව ගීතලෝළින් හද දිනාගත් ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ නායක ’ක්ලැරන්ස් විජේවර්ධන’ ස්වර රටාවට අනුගත වෙමින්, ’ද සන්ෂයින්ස්’ කන්ඩායමේ ගායන ශීල්පී ප‍්‍රවිණ ගී පද රචක ’වර්ණන් පෙරේරා’ සමග ගැයු යුග ගීයකදී, වැයුනු ’සන්තූර්’ හඬ රැුව්දෙන්නේ මෙම නිර්මාණයෙනි.


සමුගෙන යන්නෙමි ...............


මම ඔබ තනිකොට .....


අපේ මතු දියුණ සොයා.....


සිතකින් නොව මා .....


නැව් නැග යන්නේ ....


හිත ඔබේ තුරුළේ තියා .....



ගතින් නිදන මම ...


හිතින් ඔබගේ නම ....


කිසිදින වෙනස් නොවේ.....


ජිවිතයට නැත ...


ඔබේ සෙනෙහස වැනි ....


මිණි කිරුළක් මේ ලොවේ ...


----------------------

ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර


සංගීතය - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන


ගායනය - වර්ණන් පෙරේරා සමග ඉන්ද‍්‍රානි පෙරේරා


යුගය - 1976 පමන

---------------------------------------

මෙතැනින් සවන්දෙන්න

 

ලාංකීය වාද්‍ය ශීල්පී බලමුඵවේ ’ලිඩ් ගීටාර්’ වාදකයන් අතර කැපි පෙණුනු දිවංගත ’උපාලි කන්නංගර’ රසවතාණෝ, එක්තරා යුගයකදී මියුරු මධූර ගී තනු උදෙසා සංගීත සංයෝජයෙකු ලෙස දායක වුයේ ගායන ශීල්පී ’චන්ද‍්‍රකුමාර් කඳනාරච්චි’ ගේ ගීත උදෙසාය. ඔහු ගැයු අතිශය ජනප‍්‍රිය ගීත යුග්මය වු ’නෙඵම් විලේ කැඵම් පෙරා (ගී පද නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස්* සහ ’ඇගේ සිනහව තහනම්’ (ගී රචක - නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන* ඒ ගී ද්විත්වයයි. එහි ’ඇගේ සිනහව තහනම්’ හඳුන්වාදීමේ වාද්‍ය ඛන්ඩය වෙතින් නැගුනේ ’සන්තූරයේ’ තත් රගදෙන හඬයි.


ඇගේ සිනහව තහනම් ....


ගෙදරින් මට තහනම් ...


සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින් ....


චරපුරුෂයො දැන් මා වටලා ....


යන එන හැමතැන් මුරදාලා ......


------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------


දශක සතරකට එපිට අතීතයකදී ලාංකීය ශබ්දාගාර මෙන්ම ගුවන් විදුලි මැදිරියකට කරපොවා බලන්නෙකුට ඒවයේ ඉඩකඩ අහුරා දමන්නට තරම් වු විසල් වාද්‍ය ශිල්පී එකමුතුවක ඇස ගැටෙනු ඇත. එහිදී ප‍්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න මෙන්ම සංගීතවේදී නැසිගිය සෝමදාස ඇල්විටිගල ප‍්‍රමුඛත්වය ලබන්නේය. ඔවුන්ගේ ඇතැම් පටිගතකිරීම් සැසියකට ශීල්පීන් හතළිහකට අධික සංඛ්‍යාවක් වාදනයේ යෙදුනු බව හෙළිදරවු වෙයි. ඒ අතර ගිටාරය ළයහොවාගත්තවුන් හෝ වයලීන් අතදරාගත්තවුන් දුසිමකට අධික සංඛ්‍යාවක් විසින් ඉතා සූක්‍ෂම ලෙසත් සියුම් ලෙසත් සුසර කරගත් සිය වාද්‍ය භාන්ඩයන් හඬ නංවන රුසිරු දසුන නෙත් රංජනය කරවයි.



උත්තර භාරතීය සන්තූර් වාද්‍ය ඛන්ඩයක මිහිර....
-------------------------


මෙම  ලිපියේ  වදන් පෙළ  වෙත  නෙත්යොමන විමසුම් සහගත පාඨක රසිකයන් ගේ චිත්තාභ්‍යන්තරයේ මෙම මනහර වාද්‍ය භාන්ඩයේ නාදරටා ඔස්සේ රසගැන්වූ එදවස සිංහල ගීත එකිනෙක තෙරපි මතුවෙනවා නිසැකය. අවිවාදාත්මකව, එකී ලැයිස්තුව එතරම්ම ’ලුහුඬ’ නොවේ. එදා සුභාවිත සිංහල සිනමා සහ සරළ ජනප‍්‍රිය ගීත නිර්මාණ කලාවේ නිරතව සිටි ප‍්‍රවිණයන් සියල්ලම පාහේ තම ගීත එයින් හැඩවැඩ ගන්වන්නට උත්සුක වූ බව තහවුරු කරනු වස් පහත ගී පෙළගැස්ම ගෙනහැර දැක්වීම වටී. ආචාර්ය රෝහණ විරසිංහයන් විසින් ලක්දිවට රැුගෙන ආ එය, වසරක දෙකක කෙටි කාලයක් තුළදී, සංගීතඥයන් අතර විදුලි වේගයෙන් ජනප‍්‍රිය වන්නට පටන් ගත් බවට සාක්‍ෂි ලෙස පහත නිදසුන් පෙළ ගෙනහැර දැක්විම වටී. (යට දැක්වෙන ගීත උදෙසා සංගීත සංයෝජනයේ නිතර වු ගාන්ධර්වයන්, ඇතැම් විට එය භාවිතය උදෙසා සෘජු ලෙස මැදිහත් නොවන්නට ද ඇත. මක් නිසාද යත් ගීතයකට වාද්‍ය භාන්ඩ සංගීතය මුසුකිරීමේ කලාව සාමූහික ප‍්‍රයන්තයක් වන බැවිනි. එහිදි වාදක මන්ඩලයේ සාමාජිකයන් ගේ අදහස් හා යෝජනා, සංගීත අධ්‍යක්‍ෂවරයා විසින් බැහැර නොකරයි.


ගීතයකදී ගායකයාගේ හඬ හා සමාන්තරව වැයෙන පසුබිම් වාද්‍ය ඛන්ඩ එනම් බටහිර ’හර්මනයිස්’ ශීල්පීය ක‍්‍රමවේදය එදවස ශ‍්‍රාවකයන් ගේ හදදිනූ සිංහල ගීත අතිමහත් රාශියක යොදාගනු ලැබ ඇත. එවැනි දෑ සිදුකර එහි මධූරත්වය තීව්ර කිරීමේ කටයුත්තට දායක වුවෝ අතර නැසිගිය සංගීතඥ එම් කේ රොක්සාමි, සරත් දසනායක, පැට‍්‍රික් දෙණිපිටිය, සේන ජයන්ත වීරසේකර, පුන්‍යසිරි මහවත්ත, වයි එම් සුමනසිරි, එඩ්ගා පෙරේරා වැන්නෝ කැපි පෙනෙති. ඒ 1967-87 යුගයේදීය.

එදා ඇසුණු හින්දි සිනමා ගී රසය සන්තූරයෙන් මැවූ වගයි........ 


---------------------------------------------------------------------------------------------

ආචාර්ය රෝහණ වීරසිංහ -


කුඹුකේ ළිඳෙන් දියනා අපූරුයි  - අජන්තා රණසිංහ  - අබේවර්ධන බාලසූරිය - නිර්මලා රණතුංග (ගුවන් විදුලි ගී)

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ - ලුෂන් බුලත්සිංහල - රෝහණ විරසිංහ (ගුවන් විදුලි)

නිසංසලේ මා තනියෙන් - කුසුම් පිරිස් - අබේවර්ධන බාලසූරිය - නිරංජලා සරෝජිනී (ගුවන් විදුලි)



ආචාර්ය වි්ක්ටර් රත්නායක -


කවුද ආවේ කවුද ආවේ ඔබට හොරා - මහචාර්ය සුනිල් ආරියරත්න - අබේවර්ධන බාලසූරිය - නිරංජලා සරෝජිනී පීරිස් (ගුවන් විදුලි ගී)

ඔබ යන ගමනේ මාවත අවුරා - මහාචාර්ය සුනිල් ආරියරත්න - රුක්මණි දේවි සමග වික්ටර් රත්නායක (ගුවන් විදුලි ගී - 1975)

ඈත දුරක සිටියත් මා හද නිරතුරු - අබේවර්ධන බාලසූරිය (ගුවන් විදුලි ගී)

මරු කතරේ පිපුණු මලක් වන්න අනුපමා මහාචාර්ය සුනිල් ආරියරත්න - අබේවර්ධන බාලසූරිය  - (සිනමා ගී රසය - අනුපමා - 1979)

ඔබේම ඉන්දු කියා ලිියූ මුත් - කුලරත්න ආරියවංශ - රෝහණ සිරිවර්ධන- නිරංජලා සරෝජිනී - (ගුවන් විදුලි ගී)

ගංගා එන්නකෝ ගංගා - මහචාර්ය සුනිල් ආරියරත්න - අබේවර්ධන බාලසූරිය (ගුවන් විදුලි ගී)

පෙම්මල නිල්වන පෙත මැද පිපිලා - තිලකරත්න කුරුවිට බන්ඩාර - ඉන්ද‍්‍රානි පෙරේරා (අනුපමා - 1979)

සිහිවටනය සේ කුමක් ලියන්නද  - ධර්ම ශ‍්‍රි වික‍්‍රමසිංහ - අබේවර්ධන බාලසූරිය (ගුවන් විදුලි)

බඹරිදු බඹරිදු කුමට වඩින්නේ - ආචාර්ය ගාමිණි ෆොන්සේකා - ආචාර්ය නන්දා මාලිනි  - පන්ඩිත් අමරදේව (සරුංගලේ - 1978)


පද්ම ශ‍්‍රී ආචාර්ය පන්ඩිත් අමරදේව -


අඵත් ඉරකි පායන්නේ - අඵත්ම දවසකි එන්නේ - සුනිල් සරත් පෙරේරා - නීලා වික‍්‍රමසිංහ - අමරදේව (ගුවන් විදුලි)


ආචාර්ය ලයනල් අල්ගම - 


සුදෝ මම ආදරෙයි - ආචාර්ය ගාමිණී ෆොන්සේකා - පන්ඩිත් අමරදේව - (සිනමා ගී රස - මයුරිගේ කථාව - 1980)


මොහොමඩ් සාලි -


කුමාරියේ උදාරියේ - හේම ශ‍්‍රී ද අල්විස් - රූපා ඉන්දුමතී  - ලක්‍ෂමන් රොද‍්‍රීගෝ  (ගුවන් විදුලි)


මහචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි -


ඈත රටින් ගෙන ආසිරි - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - මල්කාන්ති නන්දසිරි (සිනමා ගී රසය - අජාසත්ත - 1981)

මගධ දේශ රාජපුත‍්‍ර - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - සුජාතා අත්තනායක (සිනමා ගී රසය - අජාසත්ත - 1981)

මහ මාලිගයේ - මහාචාර්ය සුනිල් ආරියරත්න - සනත් නන්දසිරි (සිනමා ගී රසය - අජාසත්ත - 1981) 



ක්ලැරන්ස් විජේවර්ධන - 


සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - මිල්ටන් මල්ලවාරච්චි - ඇන්ජලීන් ගුණතිලක (සිනමා ගී රසය - අපේක්‍ෂා - 1978) 

සොඳුරු ලොවට මල් වැහැලා -ජෝර්ජ් ලෙස්ලි රණසිංහ  - එච් ආර් ජෝතිපාල - ආචාර්ය සුජාතා අත්තනායක (සිනමා ගී රසය - අපේක්‍ෂා - 1978)

කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - ධර්මසිරි ගමගේ - ඇන්ජලීන් ගුණතිලක - මිල්ටන් මල්ලවාරච්චි  (සිනමා ගී රසය - අපේක්‍ෂා - 1978)

සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට - කරුණාරත්න අබේසේකර - ඉන්ද‍්‍රානි පෙරේරා - වර්ණන් පෙරේරා (වෙළඳ තැටි ගී - 1976)

මට මතකයි මන බැන්දු සිනා ඔබේ - ක්ලැරන්ස් විජේවර්ධන - මර්වින් මිහිඳුකුල (වෙළඳ කැසට් ගී - 1980)

මේ පාඵ මාවතේ තනිවි බලා හිඳි - ප‍්‍රියා සූර්යසේන (වෙළඳ තැටි - 1977)

සුවඳක් හමාලා සිරුරේ එතිලා සරසා මගේ - සංගීත් නිපුන් සනත් නන්දසිරි (කැසට් ගී - 1981)


ඩී ආර් පීරිස් -


පෙම් පහන් දල්වා   - මහාචාර්ය සුනිල් ආරියරත්න - සෝමතිලක ජයමහ (ගුවන් විදුලි ගී - 1977)


ජයතිස්ස අලහකෝන්


කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන - ආචාර්ය නන්දා මාලිනී (ගුවන් විදුලි ගී- 1975)


සරත් දසනායක - 


මල් තලාවේ රැ වළාවේ සෝ තැවුල් - කුලරත්න ආරියවංශ - ලතා වල්පොළ (සිනමා ගී රසය - මිහිදුම් සිහින - 1982)

සුරංගනා ලොවින් බසින් කුමරියේ - උපාලි ධනවලවිතාන - ජෝති- ඇන්ජලීන් (සිනමා ගී රස - ජීවන කදුඵ - 1979)

සිතුවිලි සයුරේ රළ රැුලි අතරේ - ඇන්ටන් අල්විස් - චන්ද‍්‍රිකා සිරිවර්ධන  (සිනමා ගී - ජීවන කඳුඵ - 1979)


එච් එම් ජයවර්ධන - 


අම්මා බුදුවේවා මතු අත් භවයේ - මාලිනි බුලත්සිංහ (ගුවන් විදුලි ගී)

පෙම් ලොවදී දුටු ඔහුමද මේ - මහාචාර්ය සුනිල් ආරියරත්න - නන්දා මාලිනී (කැසට් ගී - 1981)

හංස ගීතය ගයන්නේ මේ ජිවිතයේ - මහාචාර්ය සුනිල් ආරියරත්න - නන්දා මාලිනී (වෙළඳ තැටි - 1979)

උඩ අහසේ තරුගානේ - කුලරත්න ආරියවංශ - නිලා වික‍්‍රමසිංහ (වෙළඳ තැටි - 1979)


ගුණදාස කපුගේ - 


ඔබ පෙම් කරනා ඔබේ කුමාරි - සුනිල් ආර් ගමගේ - ගුණදාස කපුගේ (ගුවන් විදුලි ගී - 1975)

මං හින්දා ඔබේ නෙතගින් කදුළක් - ලුෂන් බුලත්සිංහල - ගුණදාස කපුගේ - මාලිනි බුලත්සිංහල (ගුවන් විදුලි ගී - 1976)


සිසිර සේනාරත්න - 


ආවාදෝ තුරුණු වසන්තේ - හර්බට් ඇම් සෙනෙවිරත්න - ඉන්ද‍්‍රානි විජයබන්ඩාර (සිනමා ගී රසය - මගේ රන් පුතා - 1979)


සරත් බාලසූරිය - 


මළවුන්ගේ නගරයේ ඔබයි මමයි හමුවුනා - සුනිල් ආරියරත්න - නාලිනි රණසිංහ - අබේවර්ධන බාලසූරිය (ගුවන් විදුලි - 1976)


උපාලි කන්නන්ගර -


ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් - කේ ඩි කේ ධර්මවර්ධන - චන්ද‍්‍රකුමාර් කඳනාරච්චි (ගුවන් විදුලි - 1973)


චන්ද‍්‍රිකා සිරිවර්ධන - 


සඳ නැතුවට ඉර නැතුවට මට තනියක් නෑ - ඇන්ටන් අල්විස් - චන්ද‍්‍රිකා සිරිවර්ධන (ගුවන් විදුලි - 1976)


ස්ටැන්ලි පීරිස් -


මේ පාඵ මාවතේ තනිවි බලා හිඳී - ප‍්‍රියා සූරියසේන (වෙළඳ තැටි  1978)


පැට‍්‍රික් දෙණිපිටිය - සී ටී ප‍්‍රනාන්දු - 


රැ පැල් රැුකලා පැල් කවි කියලා - වෙළඳ තැටි - 1976


සුසර කිරිමේ අපහසුතා අවම කරගනිමින් ලක්දිව මුල්වරට ’සන්තූරය’ ක් සකසා අඵතෙන් නිර්මාණය කලේ සොඳුරු ගී තනු ගණනාවක් දැයට දායාද කල ප‍්‍රවිණ සිතාර් වාද්‍ය ශූරී නැසිගිය පියදාස අතුකෝරාළ විසිනි. ’සරෝද්’ වාදන ශිල්පී උපාලි ද සිල්වා ද භාරතයෙන් සන්තූරයක් ආනයනය කරන ලද අතර ඔවුහූ පුරෝගාමි රෝහණ විරසිංහයන් අනුව යමින් ගී පටිගතකිරීම ගණනාවකට එහි නාදමාලාව මුසු කරන්නට සමත් වුයේ එයින් නැගෙන තත් හඬින් වසගයට පත් විවිධ සංගීත අධ්‍යක්‍ෂවරුන් ගේ ඉල්ලිම් ඉටුකරදෙමිනි.


මතු කියැවුනු දශක ගණනාවක සිට සිංහල ගී ශ‍්‍රාවකයන්ගේ හදදිනු එකම යුගයක බිහිවුනු ගීතාවලිය වෙනුවෙන් ’සන්තුරය’ වාදනය වීම, එය එදවස සංගීතවේදීන් අතර මහත් සේ ජනාදරයට පත් වී ඇති බවට සාක්‍ෂි සපයන්නේය. ලක්දිව ප‍්‍රචලිත සෑම සංගීතවේදියක් ම පාහේ එහි නාදමිහිර තමන්ගේ නිර්මාණයන් හට එක්කර ගන්නට තැත් දරා ඇති බව එයින් පැහැදිළිය. එහෙත් ඒ රැුල්ල, ප‍්‍රවණතාවය එතරම් කල් පැවතුනු බවක් දක්නට ලැබෙන්නේ නැත. ඒ මක්නිසාද ?


90 දශකයට එළඹෙද්දී, ගීයක් නිර්මාණය කිරිමට වැයවෙන පිරිවැය කෙරෙහි වඩාත් සැලකිළිමත් වීමට කරුණු කාරණා යෙදී තිබුනු අතර, විවිධාකාර බටහිර - පෙරදිග සංගීත භාන්ඩ සමග සැලකිය යුතු සංඛ්‍යාවක වාද්‍ය ශිල්පීන් යොදාගැනිමේ ප‍්‍රවණතාවය අධෛර්යයට පත්වී, ’සරපුරවරුව’ මගින් ඒ විවිධ වද්‍ය භාන්ඩයන්හි අනුකරණ නාදරටා ගොඩනැංවීමට තනි වාදකයෙකුගේ දායකත්වය පමණක් සෑහේ යැයි යන මතය ප‍්‍රචලිත වීමෙන්දෝ, මෙවන් වාද්‍ය භාන්ඩයන්ගේ භාවිතාව ක‍්‍රමයෙන් ගිලිහි ගියේය.  ඒ විද්යුත් සරපුවරුව සමග අල්ප ගණනක ශීල්පීන් ගේ මැදිහත්විමෙන් ’ගීත’ නිර්මාණය කිරීමේ නැඹූරුව ට සමගාමිව ඒවයේ ගුණාත්මක බව ද පිරිහි ගිය බවක්  දක්නට ලැබිනි.

සිංහල ගීත ක්‍ෂේත‍්‍රයට අනුපමේය දායකත්වයක් දැක්වූ ජ්‍යෙෂ්ඨ සංගීතවේදීන් වයෝවෘදත්වයට පත්වීමෙන් ද, ඇතැමුන් පවතින නව ගීතරැුල්ල කෙරෙහි කළකිරිමෙන්ද තවත් අය මව්බිම හැරයෑමෙන්ද ක‍්‍රමයෙන් ඉන් බැහැරව සිටින්නට පෙළඹීමෙන් ද නිර්මාණය කෙරෙන්නට යෙදුනු නව ගීතයන්හි වාද්‍ය රසයේ මධූරත්වය ට බලපෑමක් වන්නට ඇත. 


ඉහත කී සාධක නිසා, ’60’ සහ ’70’ දශකයන්හි, වාදනයේ උපයෝගී කොටගත් ඇතැම් සංගීත භාන්ඩයන් අභාවයට පත්වෙමින් තිබියදී සිංහල සංගීතයේ එතරම් අයු කාලයක් අත්නොවිඳී ’සන්තූර්ය’ ද එයින් තුරන් වි ගියේය.


දශක ගණනාවක් තිස්සේ, ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් පවත්වාගෙන ගිය විවිධාකාර සංගීතමය ප‍්‍රණිතාංගයන් මහත් රාශියක් විසින් දැයට බිහිකරදෙන ලද ගීත දසදහස් ගණනකි. ’50 දශකයේ’ සිට කෙමෙන් උත්සන්න වෙමින්, දලාංකීය ගීත ලෝලීන් හට දැඩිව වැළඳී තිබූ  ’හින්දි ගී’ උන්මාදය තුරන් කර දමන්නට එය පවා අපොහොසත් වුවද, එය සැළකිය යුතු මට්ටමකින් පාලනය කර දමන්නට, ’70 දශකයේ අවසන් යුගය වෙද්දී හැකිවුයේ ’ගීත තරංගනී’ ’ස්වර වර්ණ’ වැනි වූ උක්ත ගුවන් විදුලි විචිත‍්‍රාංගයන්හට පින්සිදුවන්නටය. එහිදි 1977 වසර වනතුරු, එහි පුර්ණකාලීනව රැුඳෙමින්, ඊට දැඩිව වෙහෙසුනු ප‍්‍රවිණ ගායිකා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකා නැසිගිය ’ජී එස් බී රාණී පෙරේරා’ නාමය කෘතඥ පුර්වකව සඳහන් කළ යුත්තේමය.


මේ එවන් ආකාරයෙන් අතරමැද්දේ ’සන්තූරයේ’ තත් රාවය නංවන ලද ගුවන් විදුලි ගීයකි.


සඳ නැතුවට ....


ඉර නැතුවට ....


මට අඳුරක් නෑ ....


පායන්නට එපා සඳේ ....


පායන්නට එපා ඉරේ .......


ඇළේ ..දොළේ .....කඳුරැුල්ලේ ..


පිදෙන්නට එපා මලේ .....


(සන්තූර් වාදනය)


මල් නැතුවට ....


ඉන් අඩුවක් නෑ ....


---------------------------

ගායනය  - විශාරද චන්ද‍්‍රිකා සිරිවර්ධන 


ගී පද - නැසිගිය ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ඇන්ටන් අල්විස්


තනුව  - චන්ද‍්‍රිකා සිරිවර්ධන

---------------------

මෙතැනින් සවන්දෙන්න


සියවසක තරම් දිර්ඝ කාලපරිච්ඡේදයකදී පරම්පරා සංඛ්‍යාත ලාංකීය ගීතලෝළින්, ගීත රසයෙන් මත්වී සිය විවේකය විනෝදයෙන් ගතකරමින් විඩා දාහය සංසිඳවා ගන්නට පුරුදුව සිටිති. එහෙත්, ඔවූහූ එහි ගායකයා ගේ හඬට, පදමළාවට අවධානය දැඩිව යොමුකරද්දී ගීයක විචිත‍්‍රත්වය තිව්ර කරන සෙසු අංගයන් කෙරෙහි සැළකිළිමත් වන බවක් දක්නට නොළැබේ.


එහෙත් ජගත් ගීත රසිකයන් එසේ නොවේ. ඔවුන්, ’ගී පමණක්’ රසවිඳ සැහීමකට පත් නොවේ. ’වාද්‍ය සංධවනී’ හා සංගීතයේ විවිධ පැතිකඩ කෙරෙහි නිබඳව සිතයොමු කරති. අගය කරති. 


ගීයක ’රසවින්දය’ මනාලෙස විඳගන්නට නම් එහි සංගීත සංයෝජනය සහ එයින් ඇතිකරන මිහිර අත්විඳගන්නට පුරුදු පුහුණු විම යෙහෙකි. එිහිදී ඊට දහදිය කදුඵ හෙඵ ’වාදකයන්’ සහ ’සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ’ දායකත්වය කිසිසේත් සුඵකොට තකා නොසළකා නොහැරිය යුතු බව අවධාරණය කරනු වටි.


(විශේෂ තුති ප‍්‍රණාම - ප‍්‍රවිණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ වෙත)


ංංංංංංංංංංං                සමාප්තයි      ංංංංංංංංංංංංංංංංං


11 comments:

  1. ✍👌❤️ වෙනදා වගේම රසවත් හා හරවත් සටහනක්...

    ReplyDelete
  2. වරක් සංගීකඥයෙකු සඳහන් කර තිබුනා වාද්‍ය ශිල්පීන් අඩුවෙන් යොදා ගැනීමට එක් හේතුවක් වූයේ එවන් කර්තව්‍යයයකට යොදාගත හැකි සංගීත ශිල්පීන්ගේ අඩුව නිසා කියලා.

    ReplyDelete
    Replies
    1. එයත් සැබැයි. නමුත් ඇතැමුන්ට එය ගැළවිජ්ජාවක් වීමම සන්තාපයයි

      Delete
  3. //ගීයක විචිත‍්‍රත්වය තිව්ර කරන සෙසු අංගයන් කෙරෙහි සැළකිළිමත් වන බවක් දක්නට නොළැබේ.//
    සහතික ඇත්ත. අපේ රටවැසියන් කීයෙන් කී දෙනාටද වයලීනයක, සිතාරයක හඬ හඳුනා ගන්නට පුළුවන්. ඒ එපා. වෙලාව තියේනම් දැකලා සිනා වෙන්නට හැකි කරුණක් මතක් කරන්නම්.
    සතිපතාම මම රියැලිටි ගායන වැඩ සටහන් දෙක තුනක් බලනවා. ඒ ඒ ගායනා ඉදිරිපත් කරන වෙලාවල එයාගේ පවුලේ සාමාජිකයන්වත් පෙන්වනවා. හුඟක් වෙලාවට එයාලත් අත්පොඩි ගහනවා. සමහරුන් එහෙම කරන්නේ තාලය ගැන බිඳක්වත් නොතකා හෝ නොදැන.

    උඩින්ම තියෙන ඡායාරූපය දැක්කමත් සතුටුයි, බියට්‍රිස් අක්කගේ නර්තන ආචාර්යවරයෙක් වුණු එඩ්වඩ් ලොකුලියනගේ මහතා තමයි මටත් මුලින්ම නැටුම් කිහිපයක් ඉගැන්නුවේ, මහරගම බුවෙනකබා විදුහලේදී. එතකොට බියට්‍රිස් අක්කාත් එහි සිසුවියක්.

    ReplyDelete
    Replies
    1. සංගීතය කියන මහසාගරයේ, කිමිද යනවා තබා, පය නොතබපු උදවිය බලන් ඉඳලා කියන කතා .... ⁣මේ රටේ ඇත්තෝ එහෙමයි.

      Delete
  4. ලිපි තුනම ආයෙක් කියෙව්වා. පලමු ලිපියෙ හින්දි චිත්‍රපට හරහා, මේ හුදීජනයාට අප්‍රකටව් නමිත් දිව්‍යමය සංගීත භාණ්ඩය- සන්තූරය හඳුන්වා දුන් හැටි හරිම අපූරුයි.

    මාත් කුඩා කාලෙ සිත්තරපටි පිස්සෙක්. අභිමාන් සිංදුවලට වහවැටිල හිටියට, ඒ ඇයි කියල හිතුනෙ නෑ. ලිපි තුනම හොඳට රසවින්දා. ස්තූතියි.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ඔබගේ කුරැටු ගී ලියැවෙන මේ පුවරැව මගේ කැටපත් පවුරයි. ඒවාා මා ගොඩනගන සිගීරි පව්ව හැඩකර ඔපලන්නේය....

      Delete
  5. වටිනා සටහනක්. අද හරසුන් වෙනුවට එදා හරවත් නිර්මාණ දැනුවත්ව කරේ කියන එක මනාව පිළිබිඹු වෙන්ව.
    තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ජය වේ තෙරැවන් බෙලෙන් ඔබටත්...!

      Delete