namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, August 9, 2023

Clarance and Dickson - legends of 70s

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -06) 

70 දශකයේ ක්ලැරන්ස් මියැසි රසගුලාව වර්ණවත් කළ තත් නාද පෙළහර....ඔහුගේය...

ලෝක පූජිත සෙංකඩගල ඇසළ මංගල්‍යයේ වඩාත් කමනීය දසුන ’සධාතුක කරඞුව රැගෙන පාවඩ සහ මුතුකුඩය යටින් යන මංගල හස්තිරාජයාන් වුවද ඊට පමණක් දෙවැනි වන ආකර්ශනීය වෙස් නැටුම් නර්තන කන්ඩායම් කිහිපයක් අතරින් කැපි පෙනෙන්නේ සම්පුර්ණ පෙරහැර මංගල්‍යය සඳහා එක් කන්ඩායමක් පමණක් සහභාගි වන කතරගම පෙරහැර සිහිගන්වන කාවඩි සංදර්ශනයයි. ’කතරගම’ දේවාලයේ වඩාත් ප්‍රශස්ත සංස්කෘතිකාංගය වූ ’කාවඩි නැටුම්’ එහි අනන්‍යතාවය ප්‍රකට කරයි. එසේම ක්ලැරන්ස් විජේවර්ධන නම් වූ අසමසම ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ අනන්‍යතාවය ප්‍රකට කලේ ඔහුගේ නිර්මාණයන්හි වැයෙන රසාලිප්ත ’ලීඩ් ගිටාර්’ වාද්‍ය ඛන්ඩයන්ය. ඒවා ’ක්ලැරන්ස්’ වෙනුවෙන් ඔහුගේ ගුරුහරුකම් උපදෙස් අනුගමනය කරමින් වැයුවේ 70 දශකයේ ශ්‍රී ලංකාව බිහිකල අග්‍රගන්‍ය ලීඩ් ගිටාර් වාදන ශුරයෙකු වු සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායම් සාමාජික ’ඩික්සන්’ ය. එනම් ’ඩික්සන් ගුණරත්න’ ය. ඔහුගේ මධුර මනෝහර සංගීත ඛන්ඩයන් නොවන්නට එකී ගීත ලද අසාමාන්‍ය ශ්‍රාවක ප්‍රසාදය හීනවන්නට ඉඩ තිබිණි.  සංකේතාත්මක, එසේම ඇතැම්විට චේතනාසහගතබවින් තොරව මේ බව අපුරුවට අනාවරණය වුයේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වාදකයන් ගේ රූ රටා ඇතුළත්ව නිකුත් වූ ’කතරගම’ කඳසුරිදු උපහාර ගීය ඇතුළත් වු ගී තැටි කංචුකයෙනි. එහි කන්ඩායමේ සාමාජිකයන් අතරින් කතරගම අනන්‍යතාවය හුවාදක්වන ’කාවඩිය’ උරමත දරා සිටින්නේ ’ක්ලැරන්ස්’ ගිතාවලිය වර්ණවත් කළ ඩික්සන් ගුණරත්නයන්ය.











මෙම ලිපි පෙළ සම්පාදනය කරන අතරවාරයේ, ක්ලැරන්ස් ලෝලියෙකු මෙන්ම නිපුණ ගිටාර් වාද්‍ය ශිල්පියෙකු වූ ’රුක්ෂාන් කරුණානායක’ දැනට සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් අතරින් දිවමන්ව සිටින දෙදෙනා අතරින් එක් අයෙකු වු  (අනික් තැනැත්තා ඇනස්ලි මාලේවනය) ඩික්සන් ගුණරත්න කලාකරුවා හා යූ ටියුබ් සමාජමාධ්‍ය ඔස්සේ සංවාදයක නිරතව සිටියේය. එහිදි අනාවරණිත විශේෂිත කරුණු සම්පින්ඩය කරමින් මෙම ලිපි පෙළට ඇතුළත් කරනු යෙහෙකි යැයි සිතුවෙමි.

එහි හෙළිදරවු වන පරිදි, එදා ’සූරිය’ ලේබලයෙන් එළිදුටු ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ ගීතමලාවේ ඇතුළත් සියඵම ගීත සඳහා ක්ලැරන්ස් අනන්‍යතාවය ප්‍රකට කරන ලද ’ලීඩ් ගිටාර්’ වද්‍ය ඛන්ඩ වයා ඇත්තේ ’ඩික්සන්ය’.

වරෙක නියමු ක්ලැරන්ස් සිය බොක්ස් ගිටාරය වයා අදාළ සංගීත ඛන්ඩය හෙළිදරවු කරන ලදුව, තමා ඊට අනුගතව එය ලීඩ් ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද බවද තවත් වරෙක ගීතයක පසුබිමේ වැයෙන සුඵතර එහෙත් සුවිශේෂි වාද්‍ය ඛන්ඩ ’සුදුසු’ ලෙසකින් සම්පුර්ණ කර දෙන ලෙස කළ ඉල්ලිමට අනුගතව වැයූ බවද ඔහු කියා සිටින්නේය.  ’ලීඩ්’ ගිටාරයේ පැණෙන සුවිශේෂී නාද උත්පාදක විධික්‍රම ’සිංහල’ ගීත සඳහා මුල්වරට යොදාගන්නා ලද්දේ ’ක්ලැරන්ස් ගී’ උදෙසා බවද ඔහු විසින් අනාවරණයක කරයි.

මෙම ලිපි පෙළෙහි පූර්වයෙන් සඳහන් වූ ’වා..වා..පැඩල’ (Wah Wah paddle) තාක්‍ෂනය ට අමතරව, ’ටේ‍රම්ලෝ ආර්ම්’ (Tremolo Arm ), මෙන්ම මියුට් (Mute) ගිටාර් නාදසංකලනයන් ද එකී ගීතපෙළ සඳහා මුසු කරවන ලද බවද වැඩිදුරටත් කියා සිටී. ’සුපර් ගෝල්ඩන් චයිම්ස්වරුන්’ තමන්ගේ නිර්මාණයන්ට පරිබාහිරව පසුබිම් වාද්‍ය සංගීත මිහිර මවන ලද්දවුන් අතර ප්‍රමුඛතමයන් වූයේ ’ඉන්ද්‍රානි පෙරේරා ඇතුඵ ත්‍රී සිස්ටර්ස්’, මිල්ටන් මල්ලවාරච්චි, ෂ්‍යාමි ෆොන්සේකා, ලිලන්ති කරුණානායක සහ මර්වින් මිහිඳුකුල යන මේ ශිල්පි ශීල්පිනියන්ය. 

මෙම සාමාජිකයන් ගැයූ ක්ලැරන්ස් නිර්මාණයන්හි මඳාුල් පිටපත් (තැටියේ ඇතුළත්) හි වැයුනු ’ඩික්සන් ගුණරත්න වාද්‍ය ස්වරදැහැනේ ද බලමහිමයෙන් ද ඒවා අලෙවි වාර්තා කඩාබිඳහෙළමින් ශ්‍රාවක රසියන් අතරට පිවිසියේය පසුව, නොපමාව එකී ගීතයන් ගේ දසවස් පුර්ණය ද ඉක්මවන්නට පෙරාතුව, ඒවයින් සැළකිය යුතු සංඛ්‍යාවක් අදාළ ශිල්පීන් විසින් ප්‍රතිනිර්මණය කරවන්නට යෙදුනි. එහෙත් එකී දෙවන වටයේ පිටපත් ’මුල් ගීතයේ’ ගැබ්වුනු මධූරත්වය අභිබවා යන්නට අසමත් වූ බව නොපිරිහෙළා කිවයුතු අතර ඒ වගට ශ්‍රාවක දනන් ද සාක්‍ෂි දරනු නිසැකය.

පහත වාදනය වීමට සලස්වා ඇති මුල් ගීතයන්හි සියඵ ලීඩ් ගිටාර් වාදනයන් සිදුකරනු ලැබුවේ ඔහු විසින් බව කිවයුතුය.

පහත කලතා පෙරා සංක්‍ෂිප්තකොට උපුටා දක්වන්නට යෙදුනේ ’ක්ලැරන්ස් විජේවර්ධන - ඩික්සන් ගුණරත්න’ සුසංයෝගයෙන් නිපන් මෝහණිය අන්තර්වාද්‍ය ඛන්ඩ පෙළ අතරින් තෝරාගත් නිර්මාණයන්ය. 

ක්ලැරන්ස් ලෝලී ගීටාර් වාද්‍ය ශීල්පී රුක්ෂාන් කරුණායක සමග සුපර් ගෝල්ඩන් චයිම්ස් ලීඩ් වාදන ශූරී ඩික්සන් ගුණරත්නයන් පැවැත්වු සාකච්ඡාව 

පසුගියදා පටිගත කරනු ලැබූ සංවාදයේ ඔහු වැයූ ගීටාර් වාදන රටාවන් මෙහි වැයෙන මුල් ගීතයන්ගෙන් උපුටාගත් වාද්‍ය රටාවන් හා සැසඳීමෙන් වසර 50 ක් තරම් දිර්ඝ කාලයකට පසුවද ඔහුගේ වාද්‍ය ප්‍රතිභාවයන් නොගිළිහි නොපිරිහි ඔහුගේ ආත්මය හා ලැගුම් ගත් ආකාරය මනාව ප්‍රකට වේ




01 ඩික්සන් ගුණරත්න වැයූ වාද්‍ය ඛන්ඩ ... ගෝල්ඩන් චයිම්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස් සමග
-------------------------------------------

 
02 ඩික්සන් ගුණරත්න ... ත්‍රී සිස්ටර්ස් සමග (සංගීත සංයෝජනය සුපර් ගෝල්ඩන් චයිම්ස්)
----------------------------------------------

 
 03  ඩික්සන් ගුණරත්න ... ප්‍රියා සූරියසේන වෙනුවෙන් වැයූ වාද්‍ය ඛන්ඩ - සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන
---------------------------------------------


----------------------------------------------------------------------

 1982 වසරේදී යළිත් වරක් ඔහුගේ නාමය රිදීතිරයේ නමාවලියේ ’සංගීත අධ්‍යක්‍ෂ’ යටතේ දෙවරක්  පතීතවෙයි. ඒ එම් එස් ආනන්ද ගේ ’හලෝ ෂ්‍යාමා’ සිතුවම් පටයෙනි. එහෙත් ඒ ගී අතීතයේ බොඳවී ගිය ගී මතක බවට පමණක් පත් වු අතර යළිත්  ’සෝමපාල ලැනරෝල් ගේ ’චතුමධුර’ හිදී ඔහු කරළියට සපැමිණෙයි. එවර ගීතාවලියද හුදු ලැයිස්තුවට එක් විම පමණක් සිදුවූ අතර 1985 වසරේදී මර්සලීන් එස් පෙරේරා ගේ නමින් දිවයින පුරා සැරසූ සිනමා පුවරු දැන්වීමක ’චලිත රංගලි’ යන ආකර්ෂනීය නාම යුගලය ලියැවි තිබුනි. ඔහු දායකත්වය දුන් මෙකී  සිනමා සිත්තම් වලදී  මහත් අවසනාවකට මෙන් එකදු ගීයක් හෝ එතරම්ම රසිකයන් අතර රැඳුනේ නැත. එහෙත්  ලාංකීය කලාකරුවන් හට සිය ශීල්ප දැක්වීම සඳහා විවර වී තිබු නව දොරටුව වූ ’රූපවාහිනී ටෙලි නඵ’ කලාවේ නොමැකෙන සිහිවටනයක් තබන්නට හෙතෙම වරම් ලැබිය. ඒ ජනක රත්නායක ගේ චිත්‍රකථාවක් ලෙස මුලින් පළවූ ’සුසීමා’ රූපවාහිනි ටෙලි නඵවක් ලෙස නවසඵපිළි හැඳ ගැනීමේදීය. සිංහල ටෙලිනාට්‍ය කලාවෙන් බිහිවී අදටද ඉතිරි වී ශ්‍රාවක හදවත් අරා ලැගුම් ගත අල්ප සංඛ්‍යාත ගී අතරට ඔහුගේ නිර්මාණ වූ ’දෑස පියාපත් කල මට මැවෙන්නේ ඔබේ රුව...’  (ජැක්සන් ඇන්තනි සමග) මෙන්ම ’දේවතාවන් සිතන දේවල්..........’ එකතු වි පවතී.

ඔහුගේ ආසිරිවාදය ලැබ නිර්මාණකරණයෙන් අතහිත දුන් වෙනත් ශිල්පීන් එක රැයින් රසිකයන් අතරට සපැමිණ සදා ඔවුන්ගේ හදවත් අරා ලැගුම් ගත්තේය. ඒ ඔහුගේ අසිරිමත් ගී තනුවල බලමහිමයයි. 

පාසල් වියේ සහෝදරියන් පස් දෙනෙකු හා ඔවුන්ගේ ළා බාල සහෝදරයා ඇතුඵ සයදෙනා ගේ කන්ඩායම එකී සොයුරා ගේ නාමය පෙරටුකොටගෙන ’වින්ස්ලෝ  - සික්ස්’ ලෙසින් නම්කෙරණු අතර ඔවුන් ගේ නාමයෙන් සිංහල ගීත 02 ක් නිර්මාණය කරදී එය ද ඇතුළත්ව තැටියක් නිකුත් කරවාගන්නට ක්ලැරන්ස් සමත්විය. මනෙලා, මෙලනි,ලීවන්, නෙලානී,ඉරෝමි සෙසු ගායිකාවන්ය. ඔවුන්ගේ එකී ගීත ද්විත්වය ද ගුවන් විදුලියේ කන්ඩායම් ගී තිරයේ නිතිපතා වාදනය කෙරුණු අතර. ’වින්ස්ලෝ සික්ස්’ ගායිකාවන් දිවයින පුරා එකරැයින් ජනප්‍රිය විය. එදවස ප්‍රවිණ ගායක ගායිකාවන් සඳහා පසුබිම් සංගීතය සැපයූ දිවයිනේ තවත් ප්‍රසිද්ධ වාදක කන්ඩායමයක් වූ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් මෙහෙයවූ ’ෆෝර්චූන්ස්’ කන්ඩායම විසින් පසුව නිකුත් කරන ලද ගී අනුවාදන ඇතළත් වෙළඳ තැටියකට තෝරා ගන්නා ලද ගීත අතරට මෙම ගීත ද්විත්වයද ඇතුළත් කර ගැනීමෙන් එදවස ඊට ලැබුනු ශ්‍රාවක ප්‍රතිචාරයේ පුඵල් බව දැන වටහගත හැකිය.



රන් මොණරුන් රගදෙනු දුටුවා..........

විල් දිය මත මහනෙල් දුටුවා..........

මල් උයනේ බඹරුන් දුටුවා ..........


මුතු වාගේ බබළනවා..

නෙත ඈගේ දිළිසෙනවා...

දුව රෝසී හිනැහෙනවා .................

සවන්දෙන්න 
----------------------------





වින්ස්ලෝ සික්ස් ළමා ගායිකාවන් ගැයූ ගීත යුගළයකින් පමණක් ඔවුන් එක්රැයකින් ලක්දිව ගීත ලෝලීන් ගේ ජනාදරයට පාත්‍ර වීමේ සියඵ ගෞරව බුහුමන් හිමිවිය යුත්තේ ක්ලැරන්ස් හට බව අවිවාදාත්මකය. එකී ගීත අතරින් එකක් වූ ’මුතු වාගේ බබළනවා.....’ (දුර රෝසී)  ජනප්‍රසාදයේ තරම කොතරම්දැයි කිවහොත් එදවස සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට පසුපසින් සිටියත් ශ්‍රී ලාංකීය සිනමා සහ ගී තැටි  - කැසට් ගැයුම් සඳහා පසුබිම් සංගීතය සම්පාදනය කළ සංගීතඥ ස්ටැන්ලි පීරීස් ගේ ෆෝචූන්ස් (පද්මසිරි පැස්කුවෙල්, රංජිත් පෙරේරා, මිල්ටන් පීරිස්, ප්‍රේමනාත් කොඩිතුවක්කු, නේසන් ත්‍යාගරාජා, මහින්ද බන්ඩාර, කීර්තී පැස්කුවෙල් (පසුව) ක්ලොඩ් ප්‍රනාන්දු ඇතුඵ පිරිස) වාදකයන් නිකුත් කල ගී අනුවාදන තැටියක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ජනකාන්ත විශිෂ්ඨ ජ්‍යෙෂ්ඨයන්ගේ ගීත අනුවාදන අතරට, මෙම ගීතයද ඇතුළත් කෙරින. මේ 1975 වසර පමණ යුගයේදීය.

------
සවන්දෙන්න 
----------------------------

ඉංග්‍රිසි ගීත රුචි සමාජයේ සංගීතලොලීන් අතර නමක් දිනාගෙන සිටි 70 දශකයේ ජනප්‍රිය ගයන තරුව ’ඩැල්රීන් ආනෝල්ඩා’ වෙනුවෙන් සිංහල ගීත නිර්මාණය කරදී ඇයව සිංහල ශ්‍රාවකයන් අතරට රැගෙන එන්නට ක්ලැරන්ස් ගේ ඉන්ද්‍රජාලික නිර්මාණ මෙහෙවර සමත්විය. එහිදීද ’සූරිය’ තැටි ලේබලය ඊට දායකත්වය සැපයුවේය.


01 චූඩාමාණිකේ බලාලා යනවා මේ අපි 

02 අප දෙදෙනා පමණක් ලොව තනිවි හිටියානම්

03 ඔබ මා සතුවෙයි කියා හිරු මට කීවා ...


-----------------------
සවන්දෙන්න 
-----------------------

එහි ඇතුළත් ඩැල්රීන් ගේ පළමු ක්ලැරන්ස් ගීතයන් වේ.



ළමා ගායිකාවන් දොරට වැඩිමේ ප්‍රවණතාවයක් පැවති මෙම යුගයේදී, එකී කටයුත්තට මැදිහත් වන්නටද ඔහු නොපැකිළිව පෙළඹුනේය. වෙනත් ගී ලේබල් ඔස්සේ විවිධ ළමා ගායිකාවන් බිහිවෙද්දී, ක්ලැරන්ස් හැදූ ළමා ගී නිර්මාණ එළිදක්වන්නට ඉදිරිපත් වූයේද සූපර් ගෝල්ඩන් චයිම්ස් නිර්මාණ ජනගත කරවාදෙන්නට දායක වූවන් අතර රැඳුනු ’ලෝටස්’ තැටි ලේබලයයි. එයින් දොරට වැඩි කුඩා දැරිය දස හැවිරිදි පමණ වියේ සිටි ’ලිලන්ති කරුණානායකය’ ඇය එහිදී ක්ලැරන්ස් ගේ සුපර් ගෝල්ඩන් චයිම්ස් සාමාජික  ගායන ශීල්පී ’ඇනස්ලි මාලේවන’ සමග ගී ගැයුවේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පදවැල් දෙබසකට පණපොවමිනි.


01 කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ ... සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ ..................

02 පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ ... ඇවිදිනවා.. නැගිටිනවා.. දෑස පියා නිදියනවා............... (කරුණාරත්න අබේසේකර)

03 වැනියන් කඵ වැනියන් කඵ........වැනියන් කඵ වැනීයන් මාත් එක්ක වැනියන් ...........(කේ ඩි කේ ධර්මවර්ධන)

04 අහසේ ඈත දිළීසෙනවා පුංචි තාරකා........මිදුළ කොනේ රහස් කියයි සේපාලිකා.............(කරුණාරත්න අබේසේකර)

05 කොන්ඩේ දිගට දාලා සැම උදේම එනවා ... (ටීචර්)...

'-----------------------

සවන්දෙන්න 
-----------------------





--------------------
ලිලන්ති කරුණානායක ළමා ගායිකාව -  70 දශකයේ දී  
------------------------------

1978 වසර පමණ වෙද්දී ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් එකිනෙකා කාර්ය බහුල වීමෙන් ද ඇතැමුන් දිවයිනෙන් බැහැර වීමෙන්ද එය අකර්මන්‍ය වුවත්, නියමු ක්ලැරන්ස් ගේ බුබුඵ දමා උතුරා ගලා යන නිර්මාණ උල්පත බිඳකුදු පිරිහි ගියේ නැත. ඔහුගේ අසිමිත ගී තනු දියදහර නොනැවතී ගලා ගියේය.


එවර එයින් සරුඵල නෙලා ගත් ඔහු අප හැඳිනගත්තේ ’මර්වින් මිහිඳුකුල’ නමිනි. 


01 මට මතකයි මන බැන්දු සිනා ඔබේ.........හද පතුලේ සිහිවෙන්නේ ඔයාමයි කුඹුකේ ළිඳ ලගදී .......................

02 මුතු දෙපොටක් ගිලිහුනා ...රතු දෙකොපුල් හිනැහුනා.......හෙනේ පැලේ පැල් රැකලා .........එනකොට මට හමුවුනා................


-----------------------
සවන්දෙන්න 
-----------------------

 


  ----------------------------------
මෙතැන් හි සිට ඉදිරියට.................
----------------------------------

කෘතඥ පුර්වක ස්තුතිය

රුක්ෂාන් කරුණානායක මහතා.

3 comments:

  1. සුපුරුදු ලෙසම වටිනා ලිපියක් ඒත් ඇතුළත් කර ඇති ගීව වාදනය වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. නැනවතත් උත්සහ කර බලන්න

      Delete
  2. දුර රෝසී නොව දුව රෝසී විය යුතුය.

    ReplyDelete