සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 03
කූලීන යුවතියන් ගේ පොදු නාමය ’මැණීකේ’ ය. ඔවුනතරින් ’හීන් මැණීකේ’, ’පොඩි මැණිකේ’, ’කඵ මැණිකේ’ , ’සුදු මැණිකේ’, ’කොයින් මැණිකේ’, ’මුතු මැණීකේ’ සිටියාය. මේ අතරින් ’රන් මැණීකේ’ වඩාත් උසස්ය. වර්තමානයේ මේවා ඇතැම් නාගරිකයන් ගේ දූවරුන්ගේ පවුල් ජාලය තුල ’සංකේත නාම’ බවට පත්වී තිබුනද, එදා ඒවා ළඳුන්ගේ අව්‍යාජ නාමයන්ය. වැඩිමනත්ව භාවිත වූ බව කියැවෙන්නේ පෙර දවස උඩරට රාජධානියට යටත් බල ප්‍රදේශයන් හිදීය.
කූඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි ...
රන්කඳ වාගේ රන්මැණීකේ ..........
සීතල වතුරට නුහුරුද මන්දා ...
හිතට දුකයි මගේ රන් මැණීකේ....
ගිනිකන ගිනිඅව්වේ කොටනවා ...
වෙල් නියරේදී මට පෙණුනා ....
අනේ හැබෑටම මොකදෑ මන්දා ...
හිතට ඉබේටම දුක හිතුනා.....
----------------------------------------------
(අජන්තා රණසිංහ නිබන්ධකයාගේ ගීයේ ගැයුම අබේවර්ධන බාලසූරිය සහ නිර්මලා රණතුංග ගෙනි, සංගීතය රෝහණ වීරසිංහ - 1976)
වියළි කාලයකදී, සැඩ හිරු රැසින් පීඩා ලබමින් සිය කාර්යයේ නිරතවනවා විනා වෙනත් විකල්පයක් ගොවිතැනෙහි නිරතවන ගැමියෙකුට නැත. මේ තත්වය, කර්කශ දේශගුණයකින් යුත් පළාතකදී තවත් දැඩි වෙයි. කය වෙහෙසා දහඩිය මුගුරු හෙළමින් මිහිකත සමග පොර බදන ඔහු, ඒ සිදුකරන්නේ භෝග වගාව සඳහා පොළොව සකස් කිරීම, කටුකොහොල් හැර නව බිමක් සූදානම් කිරීම හෝ අස්වනු නෙළාගැනීමේ කටයුත්තද විය හැකිය. ’අත්තම්’ එනම් ගම්මානයේ සෙසු පුද්ගලයෙන්ගේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වෙන්නට ගිවිස ගෙන සිටින ඔහුට සිය බිම්කඩේ වගකීම අහවර කළ පසු, වෙනත් අයෙකු වෙනුවෙන් ශ්‍රම දායකතවය පුදදෙන්නට සැදී පැහැදී සිටිය යුතුවේ. ’වගා කටයුතූ’ පමණක් නොව නව නිවසක් එනම් පැල්කොටයක් අටවා ගැනීම වැනි තරමක භාරදුර කටයුත්තකදී ඔහුට මිනිස් ශ්‍රමය ඇවැසි වේ.
ගමේ ප්‍රභූවරුන් වූ ’වෙද මහත්තයා’ මෙනම් ’ආරච්චිල හෝ කොරාළ’ ගේ ඉඩකඩම් සම්බන්ධ කුදු මහත් කටයුතු වලදී, ඔහුගේ අණ පරිදි තම ශ්‍රමය කැපකරන්නට සිදු වන්නට ඇත. ඊට හිලව් ලෙස ’ආහාර සහ වගා ඉඩම්’ භුක්ති විඳිමේ වරය පමණක් ලබන්නට ඇත. ’වලව්වක’ සේවය කරනු සඳහා ගැමියන් ගැමිකතුත් විශාල සංඛ්‍යාවක් සැදී පැහැදී සිටියහ, එහි මුඵතැන්ගෙය නිරතුරු කාර්ය බහුලය. මක් නිසාද යත් වෙනත් දුර බැහැර සිට සිය බල ප්‍රදේශය පසුකරගෙන යන ප්‍රභූන් හට බත බුලතින් සහ වෙනත් දෑ සපයා සංග්‍රහ කරන්නට ප්‍රභූවරයා වගකීමෙන් බැඳි සිටින බැවිනි. ඒ වැඩ රාජකාරි ඉටු කරන්ගන්නේ තම යටත් වැසියන් වූ ගැමියන්ගේ ශ්‍රම දායකත්වයෙනි. ඔවුන්ගේ යහපැවැත්ම කලදවස තිරණය කරන්නේ එකී ප්‍රභූවරයාමය. ඉංග්‍රිසි යටත් විජිත සමයට පෙර, රජ දවස හමුදා සේවයට මානව සම්පත සපයන්නේ ද නිළමේතුමාණෝ මය. එදවස ඔහු ගේ අණ පරිදි සිය අඹු දරුවන් තනිකොට දමා, ගැමියා රාජසේවයට දුර බැහර යා යුතුම වේ. එවිට ඔහුගේ ගොවිතැන් කටයුතු අඩාල වීම නොවැළැක්විය හැකිය. උඩරට පළාතේ ’එකගෙයි කෑම’ නමින් ව්‍යාවහරයට පත් එකම පවුලේ සහෝදරයන් ගණනාවක් එක් යුවතියක් සිය පවුලේ පොදු ’භාර්යාව’ ලෙස තොරාගැනීමේ චාරිත්‍රය පැතිර යන්නට ඇත්තේ මෙවන් කාරණා හේතුකොටගෙනද විය හැකිය. කිසියම් කරුණක් නිසා එක් සහෝදරයෙකු ජිවිතක්‍ෂයට පත් වුවහොත්, ඔහුගේ අඹු - දරුවන් අනාථ විම එයින් වැළකී යයි.
උඩරට රජදවස නිත්‍ය හමුදා සාමාජිකයන් සමන්විත වූයේ අදමෙන් වැටුපකට සේවය කරන්නට ඇපකැප වූ සිමිත සංඛ්‍යාවක විදේශිකයන් ගෙනි. ඔවුනතර දක්‍ෂින භාරතීය ජනවාර්ගිකයන්ද, අග්නිදිග ආසියානු රටවලින් පැමිනි (මැලේ හමුදාව) පුද්ගලයන්ද විය. ඔවුන් සෙංකඩගල මහවාසල අවට, රජුගේ පෞද්ගලික අංගාරක්‍ෂක භට පිරිස නියෝජනය කරන්නට ඇති නමුදු, ආක්‍රමනයකදී දස දහස් ගණනින් පෙරට ආවේ ගැමියන් සහ දුනුවායන්ගේ රාජකාරිය ඉටුකරදුන් ’වැදි’ ජනතාවය පමණකි.
කුලීන රදළ වංශිකයන් ගේ පවුල්වල සාමාජිකයන් හා සමීප සබඳතා පැවැත්වීමේ වරය උසස්ම කුලය නියෝජනය කල ’ගොවි වංශිකයන්’ ට පවා අහිමිය. එහි ආදිනවය විනාශකාරීය. මක් නිසාද යත් ව්‍යවස්ථාදායකයද, විධායකයද, අධීකරණයද උක්ත ප්‍රභූවරයා විම නිසාය. ඔහුගේ අධීකරණ බලය එනම් මරණීය දන්ඩනය පැනවීම වැනි දෑ පමණක් සිමා වී තිබුනත්, එයින් පහළ දන්ඩනයන් ඔහුට පැනවිය හැකිය. මරණ දන්ඩනය පමුණුවන්නේ ’රජු’ ය. එහෙත් ප්‍රභුවරයා තම සිමාව ඉක්මවා කටයුතු කළේ නම් ඔහුව අධීක්‍ෂනය කිරීමේ බලධාරීයා වූ ’රජු’ ද අසරණ ගැමියන් ගේ පාර්ශ්වය උදෙසා සාධාරනය ඉටුකරන්නට ඇත්දැයි යන කුකුස හටගනී.
නුදුරින් ඇති කුඹුරු යායේ දිය පිරි ඇත්තේ එය අස්වද්දා එතරම් දිනක් ගතනොවූ නිසා විය හැකිය. ළීයදි වෙන්කෙරෙන ’නියර’ අතරින් එකකින් අනික් ළියද්දකට දිය බේරි ගලා යන්නේ වක්කඩෙනි. එහි ජලය වේගයෙන් ගලාබසී ඒ අනුව
වක්කඩ කැඩුවා සේ සිනාසෙන සිනා ගගුල මැවුනේ ..........
නුඹෙ සිනා ගගුල මැවුනේ....
පොඩිකුමාරිහාමියේ... එපා වලව්වට යන්න නියර පිට...
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ...
කාසි එපා නුඹ හිනා වෙවි ඔහේ බලා ඉන්නවානම්...
නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි...
නපුරු වලව්වට කෝමද කෝමළ කතා නුඹට ලැබුනේ ....
----------------------------------------------
(මහඇදුරු සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක - ’ස’ ප්‍රසංගය-1975)
මතු කී ලෙස, 19 සියවසේ උඩරට ගම්මානයේ උසස් ප්‍රභූවරයා ’නිළමේතුමා’ ය. ළමාතැනී ඔහුගේ බිරිඳට කරන ගෞරවනීය ආමන්ත්‍රණයයි. කුමාරිහාමි ඔවුන්ගේ දියණියයි. එයද ගෞරව නාමයකි. මේවා වලව්වේ ප්‍රමුඛ ප්‍රභූවරියට ද යොදන ලැබේ.
------------------------------නිළමේවරුන්ගේ තෙදබල තෙලිතුඩකින්
----------------------
ඇහැළේපොල නිළමෙතුමා විසුවේ සෙංකඩගල නගරාශ්‍රීතව ශ්‍රී වික්‍රම රජ මැදුරට නුදුරිනි. ඔහුගේ භාර්යාව කුමාරිහාමි සහ දරු පිරිස රාජඋදහසට ලක් වි දිවි අහිමිකරගත්තේ 1814 දීය. ඔහුගේ භාර්යාව වූ වංශවත් ’කුමාරිහාමි’ මාතලේ දිසාව භාර ප්‍රභූවරයා ව සිටි ’කැප්පැටිපොළ නිළමේ’ තුමානන්ගේ නැගනියයි. 1818 මහ කැරැල්ලෙන් පසුව, ඊට අනුබල අනුග්‍රහ දැක්වූ බවට චෝදනාවට ලක් කර, හිස ගසා දැමේමේ ඔහුගේය.
පෙරකී කුඹුරු යායේ අභිජනනයට ලක් වූ සහල් වර්ග වපුරන්නට පෙර යුගයේ, වැවැනු දේශිය බිත්තර වී පෝෂනය ලද්දේ ස්වභාවික පොහොරනි. ’මා වී, කුරුඵ තුඩ, හිනටි. පච්චපෙරුමාල්’ ඖෂධීය ගූණයෙන් පරිපූර්නව තිබුනු බව කියැවේ. සත්ව ගහනයට තර්ජනයක් නොවූ, විෂසහිත නොවූ ඒ පොහොර නිසා, වෙල්යායේ දිය කඩිති ආශ්‍රීතව විසු විවිධ මත්ස්‍යයන් වර්ග වූ ’දන්ඩි, තිත්තියන, කොරළි’ නිරතුරු දිය කෙළිමින් සිටියහ.
වක්කඩ ලග දිය වැටෙන තාලයට ...........
තිත්ත පැටවු උඩ පැන නැටුවා .....
වැස්ස වසින්නට ඉස්සර අහසේ ....
වළාකුලින් විදුලිය කෙටුවා ....
කිව්වටවත් නැත නිල් නිල් පාටින් ...
කටරොඵ මල් වැට කෙරුවා ...
තුන්දවසක් අමනාපෙන් හිටි කඵ ...
නෝක්කාඩු බැල්මෙන් බැඵවා .....
----------------------------------------------
(මහගම සේකර, පන්ඩිත් අමරදේව - 1965)
නැවතත් මෙතැනින් ඉදිරියට දෙසතියකින්....
වික්ටර් රත්නායකයන්ගේ පොඩි කුමාරිහාමි සින්දුව මම කැමතිම සින්දුවක්...එහි සංගීතය ඉතා රසවත්...
ReplyDeleteඉපැරණි වැඩවසම් ක්‍රමයේ තියෙන රළු බව යම්කිසි සියුම් ආකාරයකින් එහි ගැබ් වෙලා තියෙනවා..
මේ වැඩවසම් ක්‍රමය සුද්දගෙ වෙලද ආර්ථිකයත් එක්ක ක්‍රමයෙන් අභාවයට ගියා..එය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරලිය නවකතාවෙන් කියැවෙනවා.
වැඩවසම් ක්‍රමයේ නරක පැත්ත ගීත සාහිත්‍ය තුල කතා කරනවා ගොඩක් අඩුයි..
නන්දා මාලිනිගේ පාත ඉදන් අපි ආවේ ගීතයේ එය යම් තරමකට විදහා පෙන්වනවා. නමුත් සමස්ථයක් වශයෙන් ගොඩක් සින්දු වල තියෙන්නෙ වැඩවසම් ක්‍රමය වක්‍රාකාරව උත්කර්ශවයට නැංවීමක් කියලා මට හිතෙනවා... MAYYA
ස්තුතියි
Deleteපාත ඉඳන් ඉස්මතු කරනුයේ, කුල පීඩනය යැයි අනුමාන කරමි. පාතයෝ (පහතරැටියෝ) කලෙක උඩරට්ටුන්ට වහ කදුරු ය.
මෙම ගීතයේ අධිවේගී හර්මෝන්යම් වාදන මිහිර නැසීගිය ඒලියන් ද සොයිසා ගේය. එය ඉදිරි ලිපියක සාකච්ඡා කරනු ඇත.
ඔබ මතුකරන කරුණට අදාල තවත් ගීයක් මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපියකට ඇතුළත් කරනට පෙළගස්වා තිබේ.
කුමාරිහාමි (ත්‍රී සිස්ටර්ස් ) ගීයේ වර්ණන් පෙරේරා එය සෞන්දර්යයාත්මකව මතුකරයි.
ගෙල වට බැන්දාවු මුතු පොටේ.... එය අජන්තා රණසිංහ විසින් යම් තරමකට සාකච්ඡාවට බඳුන් කරයි.
ගීතයේ මුල් පටිගත කිරීම අසන්න ලැබීම සතුටක්!
ReplyDeleteස්තුතියි 👍
Delete77 ඉලෙක්ශන් එකේ ප්‍රතිඵල අන්තිම පොඩි කුමාරිහාමියේ ගීතය SLBC ප්‍රචාරය වුන එකයි, ඒක අහපු වැඩිහිටියො හිනාවුන එකයි යාන්තම් වගේ මතකයි
ReplyDeleteඑකම විද්යුත් මාධ්‍යය එයයි. කළ බලපෑම අපමණයි. 1983 ජූලි මාසයක ඇඳිරිය ගතවුනේ ඒ ගුවන් විදුලි සහ ජාතික රූපවාහිනී යේ පිහිටෙනි.
Delete