namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, March 9, 2023

Nanda Malini Songs of 70s -නන්දා මාලිනී 70 දශකයේදී

 ඇය ගැයූ ගී රාවය  - ඔබ ඇයගේ හඞ ලාලිත්‍යය මනාව හඳුනන්නේද ? අසන්න ඇය එදා ගැයූ ගී සර රස 


ආචාර්ය නන්දා මාලිනී, ඇය පිළිබඳව ලියැවුනු පුවත්පත්, සගරා ලිපි සටහන්, සාකච්ඡා කල ගුවන් විදුලි රූපවාහිනි වැඩසටහන් අල්ප සංඛ්‍යාත නොවනවා සේම ඇය 1962 මුල්ම යුග ගීතය ගැයූ දා පටන් 60 වසරක් තරම් දිර්ඝ කාලයකදී දිනු සම්මානද අනල්පය. 

---------------
සම්මානනීය නන්දා මාලිනිය සම්මාන පොකුර සමගින්
---------------

60 දශකයේ සිට සිනමාවට සමාන්තරව ගැයූ ගුවන් විදුලි ගීත ද එමටය. ඒ අතරින් මෑත කාලීන යොවුන් සහ යොවුන් විය ඉක්මවමින් යන ශ්‍රාවකයන් හට ශ්‍රවණය කරන්නට ඉඩ කඩ ලැබෙන්නට ඇත්තේ සිමිත ගීත ගණනක් විය හැකිය. මන්ද ඒ අතරින් ඇතැම් ගී ඇය එක් වරකට වඩා නොගැයූ නිසාය. 


70 දශකයේ දී මහ නගර උප නගර ආශ්‍රීතව දර්ශනය වු දහස් සංඛ්‍යාත සිනමා - නාට්‍ය දැන්වීම් අතර ’ශ්‍රවන ආරාධනා’ නමින් පැහැදිළි අක්ෂරයෙන් ලියැවී තිබුනේ ඇයගේ කුඵඳුල් ඒක පුද්ගල ගී ප්‍රසංගයේ දර්ශන තතු ය. එහිදි ඇය ඒ තාක් ගුවන් විදුලියේ ගැයු ගී යළිත් ගයද්දී වෙළඳ තැටි ව්‍යාපාරික ප්‍රජාව ඒවා තැටිගත කොට වෙළඳපොළට නිකුත් කරන්නට යෙදුනි. එවැනි තැටියක බරපැන දරන්නට හැකි ශ්‍රාවකයන් එදා සත්‍ය ලෙසම සීමිතය. ඔවුන් ඒ වෙනුවෙන් යළි යළිත් ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය වේදිකාවට දෙසට පියමැන්නේ ඇයව පියවි ඇසින් දැක බලා ගැනීමේ නොහිම් ආශාව සංසිඳවා ගන්නට එයින් ඉඩකඩ ලැබෙන නිසාය. මන්ද යත් ඇය කිසිදින කිසිවිටක එදවස දුලබ නොවූ සැණකෙළි බිම් ආරා ගොඩනැගුනු වේදිකාවන් හී ගීත ගයන්නට නොපැමිණි නිසාවෙනි.


ඒ ගීත සංගීතවත් කොට තනු නිර්මානයේ යෙදුනු ඇය, එකී ප්‍රසංගයේ තේමා ගීතයේ මියැසිය මවන්නට මුල්වරට බාහිර සංගීතවේදියෙකුගේ පිහිට පැතුවාය. ඔහු සංගීතවේදී නැසිගිය සරත් බාලසූරියයි. 


මල් හිනා පවන් සලා ........

වේදනා විඩා නිවා ...

ධීර වීර පරපුරේ ...

ආයුවර්ණ සැප ලබා ...

චන්ද්‍ර සූර්ය රශ්මි දේ ...

පාර නීල අම්බරේ......

ගීතයක් හදේ ඇඳී ...

මංගලම් මංගලම් ................


(මහාචාර්ය සුනිල් ආරියරත්න)

-------------------------

සංගීත නිර්මාණය - සරත් බාලසූරිය

නිපැයුම - ශ්‍රවණ ආරාධනා - තේමා ගීතය - 1973

-----------------------

මෙතැනින් අසන්න

එහි දී ඇයගේ ගීතවල ගැබ්වි තිබූ සාම්ප්‍රදායික ජන ගී රටාව මුල්වරට යටපත් වී, බටහිර ’හර්මනි’ ශෛලීය මතුව නැග ආවේය. නමුත් ඇයගේ ගුරුදේවයන් වූ පන්ඩිත් අමරදේව විසින් මියැසි නාද එක්කළ ඇයගේ මංගල සිනමා ගීතයේද ඒ බටහිර ආකෘතිය ගැබ් විය. 

1967 පමන වෙද්දී ’ප්‍රේමසිරි කේමදාස’ මුල් ගුවන් විදුලි  නිර්මාණයන් හා සම්බන්ධ වීමේ වරම ඇය ලබාගන්නා විට කේමදාසයන් හෝ ඇය එකදු සම්මානයක් දිනාගෙන සිටියේ නැත. යොවුන් අංකුර ගායන ගුවන් විදුලි ගායන ශීල්පී වික්ටර් රත්නායක ද එහිදී ඇය හා එක්ව ගයන්නට යෙදුනි.


සකල වාසනා නිධාන භුමී..........

ලොව අපරාජිත පවිත්‍ර භූමී...........

අපගේ පිනටම බිහිවුනු භූමි ...

පුන්‍ය මාතෘ ධරනී...ලංකා ...............


(පාලිත පෙරේරා - ගුවන් විදුලි නිවේදක)
------

ඇය 60 දශකයේ මැද භාගයේ දී ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීත රටාවට මුල්වරට සිනමා පටයකින් තම හඞ අවදිකලේ 1967 තිරගත වූ රෑන ගිරව් වෙනුවෙනි. 

ඈත සොඳුරු ලොවක් ඇතේ.....

එහි සුව නිවහනක් ඇතේ....

ඒත් මගේ කැකුඵ පුතේ ....

එහි යන්නට වරම් නැතේ..............

(ගී පද නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි)
--------------------------------


ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය පටිගත කළෝ ඇයගේ ගුවන් විදුලි ගී දහර ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාවයෙන් ඔබ්බට ගොස් ඇයට නැවුම් ගී ගයන්නට ඇරයුම්  කරන ලදුව ආචාර්ය කේමදාස ඇයගේ සැගවුනු හඞින් නිතර නොගැයුනු ස්වරයන් මතුකර ගැන්මේ උත්සහයක යෙදිනි. එය සර්වප්‍රකාරයෙන් සාර්ථක විය.


මං ගමන් කරත්තෙන් පිටමං යනවා ........

කොහෝ යාඵ උඹ නාඩන් ...

කැවුම් බදින අවුරුදු දා ....

එයයි මමයි ගෙදරට නෑගම් එනවා ....


(පහතින් සවන්දෙන්න)

උක්ත වෙළඳ තැටියේ බොහෝ ගීත එදවස පැවති එකම විද්යුත් මාධ්‍යය එනම් ගුවන් විදුලිය අතහැර දමන ලදුව, තැටි ධාවක යන්ත්‍ර හිමි අතළොස්සක රසිකයන් හැරෙන්නට ඇයගේ අන් සියඵ ශත සහස්‍ර සංඛ්‍යාත ගුවන් විදුලි රසිකයන් ගෙන් වසන් කර දැම්මේය. ’නන්දා මාලිනී’ ගේ ගැයුම්  මහිමය එයින් ඔවුන් වෙතින් සැගව ගියේය.

නිවන් පුරේ ළෙන්දොර ගාවා ...

මිහින්තලාවේ දොළොස් මහේ ...

පහන් සිඵවෙන් දහම් එළිය ගලනා ............

ඒවා ඇය ගැයූවේ පුර්වයෙන් ගුවන් විදුලි යේ ගැයූ ස්වර පරාසයෙන් බැහැර වෙමිනි. එහෙත් ඒවා චමත්කාරයෙන් රසයෙන් අනූනය. කේමදාසයන් විසින් ඔහුගේ සිනමාගීතාවලියේදී ද ඇයගේ සැගවුනු ස්වර මතුකරගැනීමේ උත්සහක් දැරීය.


ඉහට උඩින් නිල් අහසයි ................

අතීතයේ නිල් අහසයි ................

වියළි අහස හදකඳුලෙන් හඞා වැටනෙවා ...

ඉරත් ගිලී සඳත් මැකී හඞා වැටනෙවා ...

(සමනළ කුමරියෝ - ගී පද  - විමලදාස පෙරේරා - 1972) - පහතින් සවන් දිය හැකිය.


1972 සිට ඇය 1980 පමන දක්වා වෙළඳ තැටි ගී ඔස්සේ නැවුම් ගීත ගණනාවක් එළිදැක්වූ අතර එයින් තෝරාගත් ගීත ගුවන් විදුලිය විසින් පොදු ශ්‍රාවකයා වෙත හඳුන්වා දුන්නේය
---------------------------

නිවන් පුරේ රන් ලෙන් දොර ගාවා ....

මිහින්තලාවේ දොළෙෘස් මහේ....

පහන් සිඵවෙන් දහම් එළිය ගලනා..............

පියෙන් පියට සෙල් පියගැට පසුකල...

මගින් මගට කඳු ලඳු තරනය කොට ..

සත්වග එන ගමනේ..

සතර ආවා ගිනි පුළිගු නිවා ...

තාප විඩා දුක් සංසිඳුවා ..

අබතල මුදුනේ පහන් සිඵව රගනා ...

----------------

ගී පද - අජන්තා රණසිංහ

සංගීතය ප්‍රේමසිරි කේමදාස

නිෂ්පාදනය - ජෙම්ටෝන් - 1979

--------------------------

මුඵ නුවරම නිදිගත් මේ මොහොතේ - සුනිල් ආරියරත්න - ලයනල් අල්ගම - සූරිය - 1979

මල් මුවරද පරවි - සුනිල් ආරියරත්න - ඩී ආර් පීරිස් -  ජෙම්ටෝන - එල් පී - 1979

නිවන් පුරේ යන ලෙන් දොර ගාවා - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - ජෙම්ටෝන් එල් පී 1979

අරුංගලුයි මාලයි - අජන්තා රණසිංහ - සරත් බාලසූරිය  - ජෙම්ටෝන් 1979

කඩමන්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - සුනිල් ආරියරත්න  රෝහණ වීරසිංහ - සූරිය - 1979

හංස ගීතයද ගයන්නේ - සුනිල් ආරියරත්න -  එච් එම් ජයවර්ධන - සූරිය - 1979

මට මව් පදවිය  - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය - 1979

සිරිපොද වැස්සේ රාත්‍රියේ - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - ජෙම්ටෝන්

අනේ මස්සිනේ අනේ මස්සිනේ - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - නිව් සවුන්ඩ්

ඔබයි රම්‍ය සඳ කිරණ - සුනිල් ආරියරත්න - එල් පී  - 1984

නෙළාගන්න බෑ මගේ අත ඉඩ නෑ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය 

රෝස කුසුමක් පිපේවී රතු - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය 

හෙළයින් වි අප හෙළේ උපන්නේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය

මාලයි විලයි සමනළයයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - ශ්‍රවණ ආරාධන - සූරිය - 1975

මා දෑස පියා ඉන්නම් - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - ජෙම්ටෝන් - 1978

සඳමල පිබිදුනු නිල් කඳුරැල්ලක - කුලරත්න ආරියවංශ - රෝහණ වීරසිංහ - තරංගා 1979 (සුනිල් එදිරිසිංහ සමග)

පුංචි පුංචි රංචු එක්වෙලා - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - තරංගා - 1980

මල් මල් මල් ලොව මල් දරුවෝ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - සේන ජයන්ත වීරසේකර - ළමාවසර සැමරුම - 1979

රත්තරං රටේ උපන්න රත්තරං පුතේ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනි - සේන වීරසේකර - ළමාවසර - 1979

සරුංගලේ වරල්සැලේ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනි - සේන වීරසේකර - ළමාවසර - 1979

වනබඹරෝ මොකදහොරෝ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - සේන වීරසේකර - ළමාවසර - 1979


---------------------------------------------

වනබඹරෝ ............මොකද හොරෝ.............

පුංචි කමට පැණි උරන්නේ ..............

පුංචි අයගේ හොරබොරු නෑ ..................

හොර නොකරති පුංචි ළමයි ........

බොරු නොකියති පුංචි ළමයි ...........

දෙමව්පියන් හිත රිදවා .............

දග නොකරති පුංචි ළමයි .................

කම්මැලි නැති පුංචි ළමයි .........

දැනුම වඩන පුංචි ළමයි..........

හෙට නව ලොව ඉදිවන විට............

ලොවම අයිති පුංචි ළමයි..............


--------------------------

ගී පද සංකල්පනා - සේවාර්ජිත මහචාර්ය සුනිල් ආර්යරත්න

තනුව  - ආචාර්ය නන්දා මාලිනී මහත්මිය විසින්මය

සංගීත අධ්‍යක්‍ෂනය සහ වාදක මන්ඩලය මෙහෙයවීම - ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සේන ජයන්ත වීරසේකර

තැටිය - ළමා ගී - 1979 (ජාත්‍යන්තර ළමා වසර)

----------------------------------------------

මෙතැනින් සවන්දෙන්න

1978 වසරේදී ලක්දිවට පැමිනි නව ගීත රසවින්දන මාධ්‍යය ’කැසට් පටය’ විසින් තැටියේ ගීත හතරක වින්දනය තෙගුණයකින් පුඵල් කළේය. එහිදි ඇය සුපුරුදු ස්වර රටාවට යළිත් පිවිස ගැයුවාය. නව බටහිර සංගීත රටා ගැබ්වූ ’නන්දා මාලිනී’ ගී සමුච්ඡය කළඑළි බැස්සේය.


----------------------------
ඇයගේ දෙවන ඒක පුද්ගල ප්‍රසංගය සත්‍යයේ ගීතය දැන්වීමක් අදින් වසර 41 කට පෙර කොළඹ රාජකීය විදුහල් ශාලාවේ ප්‍රසංගයක් .... සහ ඇයගේ සිංග්ලංකා කැසට් ගී දැන්වීම - 1980-- 1984
------

පෙරදා මහරෑ මා සිහිළැල් උරමඞලේ .....

මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන ...

ඔබේ විඩාපත් නෙතින් ගලාගිය....

කදුළක කැළලක් ඉතිරිවෙලා ....

(සංගීතවේදී ස්ටැන්ලි පීරිස් - මහචාර්ය ආරියරත්න - 1980)

-----------------------------


මෙකී ගීතය ඇතුළත් වූ ’සිංග්ලංකා’ සමාගමේ කළමනාකරු ප්‍රවිණ ගීත රචක කුලරත්න ආරියවංශ ගේ මගපෙන්වීමෙන් ඇය 1980-1984 යුගයේ කැසට් පට කිහිපයක් නිකුත් කළේය


කැලේ පීදි කැලේ සරසන මලී - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් -  සිංග්ලංකා - 1980

ආදරයේ වේදනාව හදට දැනුනු - කිත්සිරි නිමල් ශාන්ත  - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1980

මධූර ප්‍රේම කල්පනා - තිලකරත්න කුරුවිට බන්ඩාර - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා - 1980

රිදී පහන් වැටක් වගේ - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - සිංග්ලංකා - 1980

මුව දඩයම අතැර දමා අවි ආයුධ පසෙකටලා - සුනිල් ආරියරත්න - සනත් නන්දසිරි- සිංග්ලංකා - 1980

ඔසරිපොටින් අදින්නෙපා වළාකුලයි ඉරෙන්නේ - ලූෂන් බුලත්සිංහල - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා - 1980

පහන් කන්ද මුල අඳුරුයි - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන -සිංග්ලංකා - 1982

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1982

කන්ද උඩින් අටවක සඳ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1982

යුගයෙන් යුගයේ ඔබ දුටුවා - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පිරීස් - සිංග්ලංකා - 1983

කුරුටු ගෑ ගී පොතේ - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - සිංග්ලංකා - 1983

හිතුමතේට දිග ගිය දුවේ - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - සිංග්ලංකා - 1982

බුදු තාත්තේ බොන්න එපා - සුනිල් ආරියරත්න - එච් එම්  ජයවරධන  - සිංග්ලංකා - 1983

දෙතොළම පුපරා ලේ ගැඵවා - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සත්‍යයේ ගීතය

ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා - 1983

අහසේ සේ ඔබ අනන්තයි  -සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1994

ජේසු ස්වාමි දරුවනේ - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - සිංග්ලංකා - 1983

යමුනා ගංතෙර තමලු ලතා හෙවනේ - සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ - සිංග්ලංකා - 1983

නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා 

ආදරයේ වේදනවා හටද දැනුනු - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පිරීස් - සිංග්ලංකා - 1980

මගේ සඳ ඔබ මගේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1983

සූර්යයා වි ඉන්ද්‍ර දිගින් ඔබ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1982

-------------------------

-----------------------------------------
කොටහේනේ ගුණානන්ද විදුහලේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුවිය - නන්දා මාලිනි පෙරේරා - එයාර්ෂිප් තරගයෙන් ජය ලබන ලදුව එය පුවත්පතක මෙසේ පළවි තිබිනි. 1950 දශකය
--------------------------------------------------

මෙහි ’නන්දා මාලිනි’ හඞ ඔබට හඳුනාගන්නට අසිරු තරමට වෙනස් නොවෙන්නේද?

මං ගමන් කරත්තෙන් පිටමං යනවා ..................

කොහෝ යාඵ නුඹ නාඞන් .....................

කැවුම් කොකිස් බැදගෙන අවුරුද්දේ ....................

නෑගම් එනවා නෑගම් එනවා .........................

----------------------

ගී පද - ආචාර්ය නැසිගිය අජන්ත රණසිංහ

සංගීතය - ආචාර්ය නැසිගිය ප්‍රේමසිරි කේමදාස

නිපැයුම - ජෙම්ටෝන්  (විසාකාමාල්ස් සමාගම - කොළම 11)

වසර - 1979

-------------------------------

මෙතැනින් සවන්දෙන්න

එසේ ගැයෙද්දී ඇය සිනමා ගීත ක්‍ෂේත්‍රයේ දිදුලන රන් තරුව බවට පත්වීමේ වාසනා මහිමය උදාකරගත්තේ එකුන්විසි හැවිරිදි හිරිමල් යව්වනියක්ව සිටියදීය. එය සැබැවින්ම ආශ්චර්යයමත් වූයේ ඇය ගැයු කුඵඳුල් සිනමා ගීතය එය වීම නිසාය එතැන් හි සිට ඇය ’හොඳම ගායිකාව’ ලෙස අබිසෙස් ලැබිමේ වරම් උදාකරගත් වාරගණන මතු අනාගතයේ කිසියම් දිනක හෝ කිසියම් ගායිකාවක් විසින් අභිබවනය කළ නොහැකි වාර්තාවක් බව විශ්වාසය. ඇයගේ එදාමෙදා තුර විශීෂ්ඨත්වය එයයි. භාරතිය මහා ගීත කෝකිලාවිය ’ලතා මංගේෂ්කර්’ පමණක් ඇයට වඩා ඉදිරියෙනි. 

------------------------------
නන්දා මාලිනි පෙරේරා 70 දශකයේදී ඇයගේ ගීතයක් වාදනය වූ වාරයක් පාසා ඇයව ගුවන් විදුලියෙන් අපට හඳුන්වාදෙන ලද්දේ ’නන්දා මාලිනී ගෝකුල’ නමිනි. මෙහි සිටින්නේ ඇයගේ දයාබර සැමියා ලංකා ගුවන් විදුලියේ ළමා අංශයේ වැඩසටහන් සම්පාදක සුනෙත් ගෝකුල ය (70 දශකය)
-----------------------------

ගීතය - පද රචනය - සංගීත අධ්‍යක්‍ෂනය - වසර - සිනමා උළෙල - සම්මානයේ නම - සිනමා පටය - අධ්‍යක්‍ෂනය

-----------------------------------------------------------------------------------------

ගලන ගගකි ජීවිතේ - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ - පන්ඩි්ත් අමරදේව - 1962 - සරසවි - හොඳම ගායිකාව - රන්මුතු දූව - මයික් විල්සන්

මේ සිංහල අපගේ රටයි - මහගම සේකර - පන්ඩිත් අමරදේව - 1965 - සරසවි - හොඳම ගායිකාව - සාරවිට - තිස්ස ලියනසූරිය

දස මස කුස දරා - 1968 - සරසවි - හොඳම ගායිකාව - සැඞොල් කදුඵ

දවසක මුතුළැල් ගෙනෙනවා - මර්සලීනු ජයකොඩි පියතුමා - ප්‍රේමසිරි කේමදාස - 1969  - සරසවි - හොඳම ගායිකාව - ආදරවන්තයෝ - අමරනාත් ජයතිලක

දවසක මුතුළැල් ගෙනෙනවා - මර්සලීනු ජයකොඩි පියතුමා - ප්‍රේමසිරි කේමදාස - 1970  - ගුවන් විදුලි - හොඳම ගායිකාව - ආදරවන්තයෝ - අමරනාත් ජයතිලක

හඳ හාවුන් හඳේ - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස -  1980 - සරසවි - හොඳම ගායිකාව - මොණරතැන්න - 01 - යසපාලිත නානායක්කාර

හඳ හාවුන් හඳේ - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස -  1980 - ජනාධිපති - හොඳම ගායිකාව - මොණරතැන්න - 01 - යසපාලිත නානායක්කාර

කවි ගායනය - පියදාස  පලන්සූරිය - වික්ටර් රත්නායක  - 1981 සරසවි - හොඳම ගායිකාව - සිරිබෝ අයියා - සුනිල් ආරියරත්න

කවි ගායනය - පියදාස  පලන්සූරිය - වික්ටර් රත්නායක  - 1981 ජනාධිපති - හොඳම ගායිකාව - සිරිබෝ අයියා - සුනිල් ආරියරත්න

ගී පොතේ තනු විසිරි - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - 1982  -ජනාධිපති - හොඳම ගායිකාව - සතර පෙර නිමිති - සුනිල් ආරියරත්න

දෙනෝ දාහක් නුවන් අතරේ - කුලරත්න ආරියවංශ - වික්ටර් රත්නායක - 1982 - සරසවි - හොඳම ගායිකාව - වජිරා - සුනිල් ආරියරත්න

අම්මාවරුනේ  - ධරමසිරි ගමගේ - ප්‍රේමසිරි කේමදාස - 1983 - සරසවි - හොඳම ගායිකාව - යස ඉසුරු - ධර්මසිරි ගමගේ

අම්මාවරුනේ  - ධරමසිරි ගමගේ - ප්‍රේමසිරි කේමදාස - 1983 - ජනාධිපති - හොඳම ගායිකාව - යස ඉසුරු - ධර්මසිරි ගමගේ

වැස්ස වැටි මිදුලේ - ධර්මසිරි ගමගේ? - ප්‍රේමසිරි කේමදාස - 1984 - ජනාධිපති - හොඳම ගායිකාව - සිවුරග සේනා - රෝයි බන්ඩාරනායක

බුදුබව පතනා පියවරු වෙසෙනා - ධර්මසිරි ගමගේ - ප්‍රේමසිරි කේමදාස - 1987 - ජනාධිපති - හොඳම ගායිකාව - පූජා  - ධර්මසිරි ගමගේ

සක්වල එතෙරට ඇසෙනා - උපාලි ධනවලවිතාන - සරත් දසනායක-  1990 - ස්වර්ණ සංඛ - ගායනය  - ගෙදර බුදුන් අම්මා (සහය එඩ්වර්ඩ් ජයකොඩි)

ගොපඵ වස් දන්ඩෙන් - 1996 - ස්වර්ණ සංඛ - ගායනය - මී හරකා - අයි එන් හේවාවසම්

අහසින් බසින් පොළොවෙන් බසින් - 1991 - සරසවි - හොඳම ගායිකාව - පෙම් රජ දහන 

ඉවුරු බිඳුනු මං තලාවේ - 195 - සරසවි - හොඳම ගායිකාව - අඹු සැමියෝ


ඇය ලද භාග්‍යය ඊට සීමා නොවේ, එදාමෙදා තුර පන්ඩිත් පද්ම ශ්‍රී අමරදේවයන් ගේ ගුරු භුමිකාවේ සෙවණ ලබා එතැන් හි සිට ශ්‍රි ලංකාවේ පහළවූ අති විශිෂ්ඨ සංගීතඥයන් සියඵ දෙනාම පාහේ ඇයගේ ගීත නිර්මාණයට දායක කරගන්නට ලැබීම එයයි පන්ඩිත් අමරදේවයන්ගේ සිට මෑත කාලීන රෝහණ වීරසිංහ දක්වා එය පැතිර ගියේය.


බාලොලි ලොලි ලොලී  - මහගම සේකර - ආචාර්ය ලයනල් අල්ගම - පාටාචාරා - 1964

ඈත සොඳුරු ලොවක් ඇතේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ප්‍රෙමසිරි කේමදාස - රෑණගිරව් - 1967

දවසක මුතුළැල් ගෙනෙනවා - මර්සලීනු ජයකොඩි පියතුමා - ප්‍රේමසිරි කේමදාස -  1968

මේ සිංහල අපගේ රටයි - මහගම සේකර - පන්ඩිත් අමරදේව - සාරවිට - 1968

රුවන් වළා දුහුල් කඩින් - මහගම සේකර - පන්ඩිත් අමරදේව - වෙසෙතුරු සිරිත - 1968

සරා සොඳුරු මල් පැටලී - මහගම සේකර- සුගතපාල සෙනරත් යාපා - ප්‍රේමසිරි කේමදාස- හන්තානේ කථාව - 1969 (වික්ටර් රත්නායක සමග)

මහගිරි අරණේ මේ නිදි උයනේ - මහගම සේකර - ප්‍රේමසිරි කේමදාස - හන්තානේ කථාව - 1969

දියට නැමුනු මල් පවනට හැළිලා - දයානන්ද ගුණවර්ධන - සෝමදාස ඇල්විටිගල - බක්මහ දීගේ - 1971

අද පමණක් නොවේ අපට  - කරුණාරත්න අබේසේකර - ප්‍රේමසිරි කේමදාස - ඉහත ආත්මය  - 1971

දේදුනු පායා පාට වැටෙනවා - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - සීයේ නෝට්ටුව - 1972

හැගුම් විසිර දසඅතේ  - සුනිල් ආරියරත්න - ප්‍රෙමසිරි කේමදාස - ලොකුම හිනාව - 1972

රැගුම් ගැයුම් වැයුම්  - මර්සලීනු ජයකොඩි පියතුමා - ෂෙල්ටන් ප්‍රේමරත්න - හිතක පිපුනු මල් - 1972

ඈත කඳුයායේ නිලවළාවේ - සුනිල් ආරියරත්න - පන්ඩිත් අමරදේව - තරංගා - 1975

රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක්කල - අජන්තා රණසිංහ - සරත් දසනායක - දුහුඵ මලක් - 1976

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ - සුනිල් ආරියරත්න - ඩී ආර් පීරිස් - දියමන්ති - 1977

දෙනෝදාහක් නුවන් අතරේ  - කුලරත්න ආරියවංශ - වික්ටර් රත්නායක - වජිරා - 1979

බඹරිදු බඹරිදු කුමට වඩින්නේ  - ගාමිනී ෆොන්සේකා - වික්ටර් රත්නායක - සරුංගලේ - 1979 (පන්ඩිත් අමරදේව සමග)

මාල පබඵ වැල් කරවට ලන්නට - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - බිනරී සහ සුදුබන්ඩා - 1984 (පන්ඩිත් අමරදේව සමග)

පීපියන් පැණිමොරමල් පිපීයන් - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - මුවන්පැළැස්ස - 03 කොටස - 1983 

දේදුන්නේ පාට අරන් ගුවන් තලාවේ - කුලරත්න ආරියවංශ - එච් එම් ජයවර්ධන - මුහුදු ළිහිණි - 1984

-----------------------------

ඉහට උඩින් නිල් අහසයි .....

අතීතයේ නිල් අහසයි ....

වියළි අහස හඳ කඳුලෙන් හඞා වැටෙනවා ....

ඉරත් ගිලී සඳත් මැකී හඞා වැටෙනවා ....

ළවැලි පිපුන මල් පොළෙෘවයි ...

මවගේ දෙපා රැඳුන බිමයි ...

අද ඒ බිම බොල් පොළොවකි ...

ඉකිබිඳ හඞනා ...

හතර වටින් පාඵ හඞක් නිබඳව ඇසෙනා ....

එදා සුළග කිරි සුවඳයි ... අදත් සුළග කිරි සුවඳයි...

අම්මා දුන් කිරි සුවඳයි.. අම්මා පෙවු කිරි සුවඳයි...

-------------------------------------

ගී පද රචනය - ප්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ධර්මසිරි ගමගේ 

සංගීත නිර්මාණය  - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

සිනමා පටය - සමනළ කුමරියෝ - 1971

අධ්‍යක්‍ෂනය - විමලදාස පෙරේරා

-----------------------------

මෙතැනින් සවන්දෙන්න


සිනමා බයස්කෝප් කලාව ප්‍රිය නොකළ, ගීත රසිකයන්ද එදා මෙදා කිසියම් හෝ ගණනක් විසිර පැතිර සිටින්නට පුඵවන. ඔවුන්ගෙන් ඇතැමුන්හට එදා නිවසේ තැටි ධාවන යන්ත්‍ර හෝ පසුව කරළියට ආ කැසට් ධාවන යන්ත්‍ර සතු කරගන්නට තරම් වත්කම නොතිබුනා වන්නට හැක. එහෙත්, ඔවූහූ නිවසේ හෝ අසල්වැසියාගේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ඇයගේ ගීත රසවිඳින්නට ඇතිවා නිසැකය. 70 දශකයේ එයින් වැඩිමනත්ව විසුරුවා හැරියේ ඇය ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ යෙදී සිටි යුගයේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පළමු සංගීත අධ්‍යක්‍ෂවරිය, තනු රචිකාවිය ලෙස රග දැක්වූ භූමිකාවෙන් නිපැයුනු ගීතයන්ය. 


බුදු සාදු මම සමන් වැලක් වෙන්නම් (ළමා ගායිකා නන්දා මාලිනී) - අසෝක කොළඹගේ - ඩී ඩී ඩැනී - 1956 පමණ.

සකල වාසනා නිධාන භූමි (සමූහ) - පාලිත පෙරේරා - ප්‍රේමසිරි කේමදාස - 1967

ඔබට මතක නෑ මට මතකයි පසුගිය වසන්ත කාලේ - ඩෝල්ටන් අල්විස් -  පී ඩංස්ටන් ද සිල්වා  - 1969

ඔබගේ  ශක්තිය අපිවෙමු ලංකා - ගාමිනි විජේතුංග - ප්‍රේමසිරි කේමදාස  - 1971 (අමිතා වැදිසිංහ  - වික්ටර් රත්නායක ඇතුඵ පිරිස)

උඩගු ලියන් ගොතා බඳින - ඩෝල්ටන් අල්විස් - පන්ඩිත් අමරදේව - 1970

රන් ගිරි ගිරි ගිගිරි වළලු  - ඩෝල්ටන් අල්විස් - නන්දා මාලිනී - 1971

කරදර පොදිබැඳ ගැලපිට පටවා - උදයසිරි පතිරණ - පන්ඩිත් අමරදේව  - 1969 ?

අවන් හලේ රන් අවන්හලේ රන් දියරෙන්  (චාරුලතා) - චින්තන ජයසේන - නන්දා මාලිනී - 1972

සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳගෙන - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

රුක් අත්තන මල මුදුනේ - මහින්ද අල්ගම - නන්දා මාලිනී - 1971

චන්ද්‍ර මඞුඵ යට සුරංගනාවන් - මහින්ද අල්ගම - නන්දා මාලිනී - 1972

සුරංගීට දුක හිතුනා යටිතොල කනපිට හැරුනා - ප්‍රේමකීර්ති ද අල්විස් - නන්දා මාලිනී - 1972

ටිකිරි ටිකිරි ටික් (යතුරු ලියන්නී) - ඩෝල්ටන් අල්විස් - නන්දා මාලිනී - 1971

සැඳැ කඵවර කුර ගගා විත් - මඩවල එස් රත්නායක - නන්දා මාලිනී - 1970

හදවිල කළඹන පෙම් ජල රේඛා - ධර්මසිරි ගමගේ - නන්දා මාලිනී - 1972

මිහිමඩලේ අඳුරුකුසේ  - ඩබ්ලිව් ඒ අබේසිංහ - නන්දා මාලිනී - 1971

ඉරේ මහිම හිරු මඞලේ - ඩෝල්ටන් අල්විස් - පන්ඩිත් අමරදේව - 1971 (අයිවෝ ඩෙනිස් සහ අමිතා වැදිසිංහ සමග)

සකුරා මල් පිපිලා හරි පුදුමයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

බුද්ධානුභාවෙන සිත්නෙත් පහන් වී - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

ඔබයි රම්‍ය සඳකිරණ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - 1975 

ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහන්ධකාර වනසා - විමලේන්ද්‍ර වතුරේගම - පී ඩංස්ටන් ද සිල්වා (වෙසක්  බැති ගී තරගය - සුගතදාස ක්‍රීඩාංගනය) - 1975

මල් මල් හීනය මී බද උදයේ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

බඹර සිහිනයක මා සතපන්නට  - ආරියසිංහ පෙරේරා - නන්දා මාලීනි - 1973

වාසනාව ඇගේ නෙතයි මාලිගාව ඇගේ සිතයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1973

මා දුටු මුල් හිරු( ලංකා )- කරුණාරත්න අමරසිංහ - ප්‍රේමසිරි කේමදාස - 1972

පින්බර අඵයම - අජන්තා රණසිංහ - ධර්මසිරි පෙරේරා (බී වික්ටර් පෙරේරා සමග) - 1973

මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1974

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා - සුනිල් ආරියරත්න - සෝමපාල රත්නායක - 1972

සසර සයුරු සරන තඹුරු - මහගම සේකර - නන්දා මාලිනී - 1974

කඩමන්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1974

බිඳි වෙණතත් මිහිරි තාලේට - චන්ද්‍රසිරි සෙනවිරත්න  නන්දා මාලිනි - 1972

පාට පාට හීනයක්  - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී  - 1973 (රෝහිනී ජයසිංහ සමග)

දඞුවැල් බෑයේ මි පැණි දෙඤ්ඤයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී  - 1972 (වික්ටර් රත්නායක සමග)

සුලග වෙසින් ඉගිල්ලා සතර අතට පැන - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1973

රුවන් මුවා පොළෝ තලේ ගොයම් සූනිල මන්ඩලේ - සුනිල් ආරියරත්න - වික්ටර් රත්නායක  - 1974 

රත්නප්‍රභා හිරු කිරණින් ලොව නැහැවෙනවා - සුනිල් ආරියරත්න  - පන්ඩිත් අමරදේව - 1973 (අමරදේව සමග)

මට මව් පදවිය ලැබුනු දිනේදී - සුනිල් ආරියරත්න - වික්ටර් රත්නායක - 1975

හෙළ දෙරණේ කඳුල සුසුම - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - 1973

සිංහල හාලේ බත පිසිනා සුවඳින් - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1973

දනිමි හැඳින්නෙමි හිමි සඳුනේ - සුනිල් ආරියරත්න - සෝමපාල රත්නායක- 1976

පිපුණු මලේ රුව එමල දනිදෝ - ලූෂන් බුලත්සිංහල - පී ඩංස්ටන් ද සිල්වා - 1976

හිරු දෙවිගෙන් ලද වරමින් - මඩවල එස් රත්නායක - පන්ඩිත් අමරදේව  - 1976

හිරු දෙයියන්ගේ නෑයෝ - අරිසෙන් අහුබුදු - පන්ඩිත් අමරදේව - 1975

පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - 1977

දස මස කුස ඉඳ ඉර හඳ දුටු සඳ - සුනිල් ආරියරත්න - වික්ටර් රත්නායක - 1975 (රෝහිනි ජයසිංහ සමග)

කුරවි කෙවිල්ලන් පානා ඉගි බිගි - සුනිල් ආරියරත්න - ජයතිස්ස අලහකෝන්-  නන්දා මාලිනී - 1974

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන - රත්න හෙක්ටර් දිසානායක - ජයතිස්ස අලහකෝන් - 1973

මල් කියන්නේ කාට කාට - පී බී අල්විස් පෙරේරා කවියකි  - නන්දා මාලිනී - 1973

බුදු කරුණා දෑස තෙමී - අනුරාධ සෙනවිරත්න - නන්දා මාලිනී - 1974

සුදු හාමිනේ නුඹ කොතනද - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1974

අයියන්ඩියේ පොඩිදා සිට අපි දෙන්නා - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ 

අනංග ගී  ඇසේ ඇසේ   - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ - දයානන්ද ගුණවර්ධන - රෝහණ බැද්දගේ - 1978 (ගජමන් පුවත - ගුවන් විදුලි පිටපත)

අරුණාලෝකය අතරේ අද නවලෝකය - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - 1979

හිරු බිහිරියි සඳ ගොඵයි තාරකා අන්ධයි - සුනිල් ආරියරත්න - ෂෙල්ටන් ප්‍රේමරත්න - 1980


-------------------------------------
1982 ඇයගේ දෙවැනි නැවුම් ගී කැසට් පටය සම්පුර්ණයෙන්ම නවතම ගීත සමුච්ඡයකින් විචිත්‍රවත් වූ ’පහන් කන්ද’ උද්ධෘත පාඨයෙන් වෙළඳ පොළට නිකුත් කරන ලදී. එවක ඉහළ අලෙවි වාර්තා පිහිටවූ කැසට් පට අතරේ එයද එකකි.
----------

-------------------

ටිකිරි ටිකිරි ටික් .................

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටික් ටික් ටික්.....................

ඇගිලි තුඩින් ටිකිරි හඞින් අකුරු ලියන්නේ ..............

මමයි අපේ කන්තෝරුවේ යතුරු ලියන්නේ ........................

ලොක්කා ඉන්න හැම මොහොතෙම යතුරු ලියන්නේ ..........

නැති වෙලාවේ  හිතවතාට කථා කරන්නේ .........

එයාට නම් ලියන ලියුම් අතින් ලියන්නේ ....

එයාට නම් ලියන ලියුම් අතින් ලියන්නේ...........

-------------------------------

ගී පද නැසිගිය ප්‍රවින ගී පද රචක ඩෝල්ටන් අල්විස්

සංගීත නි්ර්මාණය  - ආචාර්ය නන්දා මාලිනී

නිර්මාණය-  ලංකා ගුවන් විදුලිය - 1971 පමන

-----------------------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------

ඉහත ලංකා ගුවන් විදුලි සංගීතමය විචිත්‍රාංගයන්ගෙන් බිහිවුනු ගීතාවලිය ගැයුනු යුගයේ ඇය සිය දයාබරිත සැමියාණන් දිවංගත ’සුනෙත් ගෝකුල’ සමග එක්වී එහි ’ළමා මන්ඩපයේ’ ළපැටියන් වෙනුවෙන් ගී තනා දුන්නාය. එවකට ඇයව ගුවන් විදුලි නිවේදක මඞුල්ල විසින් ශ්‍රාවකයන්හට හඳුන්වා දුන්නේ ද ’නන්දා මාලිනී ගෝකුල’ ලෙසිනි. 

1973 වසරේදී කළඑළි බට ’ශ්‍රවන ආරධනා’ ප්‍රසංගයේ අවසානයේ දී ඇය ඉන් අටවසරක ඇවෑමෙන් සත්‍යයේ ගීතය ප්‍රසංගය ද (1981) ඉන් අනතුරුව පවන (1986)  විරෝධාකල්ප ගී සමුච්ඡය ඇතුළත් ප්‍රසංගයද ඉදිරිපත් කරන ලද. එහිදි ගීත රසිකයන් වෙත නැවතත් නැවුම් ගීත පොකුරක් දායද කර දෙන්නට ඇය සමත්වූවාය. අවසනාවකට ඒවායේ ඇතුළත් විවාදසම්පන්න ගී පදවැල් හේතුවෙන් ගුවන් විදුලියෙන් වාරණය විය.


මා හඞනා කඳුඵ ගලා - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

බුදු හිමියන්ටත් කලියුගයේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සත්‍යයේ ගීතය

මේ ජීවන ගංගාධාරයේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

ඔබේ පැල පැලේ පිල - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

මා හඞනා කඳුඵ ගලා - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

බුදුහිමියන්ටත් කලියුගයේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන- සත්‍යයේ ගීතය

මගේ දේශය මගේ ආගම  - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ- සත්‍යයේ ගීතය

අයියන්ඩියේ පොඩිදා ඉඳ අපි දෙන්නා - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

ප්‍රේමය නම් රාගයෙන් තොර  - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

තුන් හෙළේ කැළෑ තුල සිංහ පැටවු - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සත්‍යයේ ගීතය

පතන් බිම් මැද - සුනිල් ආරියරත්න - එච් ජයවර්ධන - සත්‍යයේ ගීතය

පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

බෝ මැඩ වගුරන කිරිකල දහසින් - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - පවන

වහින්නට හැකිනම් ගිගුම් දී - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - පවන

පානම් පත්තුවේ ඩිංගරි අම්මාය - සුනිල් ආරියරත්න - සරත් දසනායක - පවන

වහින්නට හැකිනම් ගිගුම් දී - සුනිල් ආරියරත්න - සුනිල් දයානන්ද කෝනාර - පවන

පිළිම නෙලා නැති විරුවන් පිරිස්ක් - සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ - පවන

හේලයියා හෙළායෝ - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - පවන

සොඳුරු දසුන් ඇස තවරා (සුකිරි බටිල්ලන්ගේ ගීතය) - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - පවන


1982 වසරේ උත්සවාකාරයෙන් විවෘත වූ පුරෝගාමී දීප ව්‍යාප්ත ලංකා රූපවාහිනි සේවයේ ආරම්භක උත්සව දිනයේ එහි ප්‍රචාරය වූ පළමු ගීතය ගයන්නට ඇයව සහභාගි කරවා ගන්නේ පන්ඩිත් අමරදේවයන්ය. ඔවුන් දෙදෙනා එදින ’මුණි සිරිපා සිඹිමින්නේ...’ නම් වූ එස් මහින්ද හිමි කාව්‍ය සංකල්පනය ගායනා කළහ. එතැන් හි සිට රූපවාහිනියේ නිමැයුනු සාම්භව්‍ය සංගීතමය ප්‍රණිතාංගයන් අතර පැවති ’සංඛ පද්ම’ වැඩසටහන වෙනුවෙන් ද ඇය නැවුම් ගීත එළිදැක්වූයේය.


තරුද නිදන මහ රෑ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - 1984 - සංඛපද්ම

රුවල් ඉරී ගිය නෞකාවේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - 1984 සංඛපද්ම

මේඝයක් වී හුදකලාවේ - සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ - 1984  - සංඛපද්ම

ඇයගේ නිර්මාණ කලාව සහ එහි ස්වභාවයය හරි හැටි දැන හැඳින නොගත්තෝ, ඒවා සමාජ මාධ්‍යය හරහා විමසුමට ලක් කීරිමේදී දැඩිව සැළකිලිමත් වීම අගනේය. අතිශය පුඵල් ඇගේ ගීත සමුච්ඡයෙන් අදටත් ප්‍රධාන මාධ්‍යයන්ගෙන් ඇසෙන්නේ සිමිත ගීත සංඛ්‍යාවක් පමණකි. 


ඇය ගේ දිවිගමනේ හතරෙන් තුන් කොටසක් ගෙවිඇත්තේ ඉහත ලැයිස්තු ගත කල දිරඝ ගී අස්වැන්න නෙළා ගන්නයට. ඇය ඒ උදෙසා හෙඵ දුක් සුසුම් දහඩිය කඳුඵ සුඵ පටු නොවිය හැකිය. මන්ද යත්, සිමිත ශ්‍රාවක පිරිසක් හමුවේ ශිල්ප දක්වන්නට එදත් ගායක ගායිකාවන් රැසක් සැදී පැහැදි සිටිය හෙයිනි. සිමිත සම්පත් සහිත මෙවැනි රටකදී කලා ක්‍ෂේත්‍රයේ සිත් රිදවීම්, ගැටුම්, කොන්කිරීම්, නොසළකා හැරීම්, එදාටත් අදටත් සුඵ පටු නොවේ. 


ගුවන් විදුලි සහ සිනමා ගීත කලාව පමණක් නොව වෙළඳපොළ වෙනුවෙන් ද නව ගීත බිහිවිමක් සිදු නොවන යුගයකදී, ඇය වැනි ශිල්පිනියන් පහළ විම මතුවට දුලබ විම නොඅනුමානය. සමකාලීනයන් ක්‍රමයෙන් ගීත කලාවෙන් දුරස් වෙද්දී පවා නව සහස්‍රයේදී ද ඇය ක්‍රියාශීලිව නව නිර්මාණ බිහි කරන්නට හැකි අයුරින් දායක විය. 


හෙළයේ අසාහය ගායන මධූර්යයකට හිමිකම් පෑ ඇයට ආයුරාරෝග සම්පත්තිය සහ චිර ජීවනය පතමු.


                                           සමාප්තයි


විශේෂ ස්තූතිය

බුද්ධි ගයාෂාන් ජයසේකර මහතා (ගී පද රචනා තොරතුරු සැපයීම)

බන්දුල ගමගේ මහතා (නන්දා මාලිනි ළමා වියේ පුවත්පත් සටහන් සේයාරුව)

සිනමා සම්මාන උළෙල තොරතුරු උපුටාගැනීම - - සිනමා වංශ කථාව - ආචාර්ය නුවන් නයනජිත් කුමාර

Thursday, February 23, 2023

Sunil Shantha Songs of 40-60s

බෝවිටියා දං බාළොලි පඵකං  වාරය කැන්දූ- බක්මහ සැණකෙළිය ඉස්මත්තේ සැගව ගිය කෝකිල නාදය... හීන හඞින සිහින වගේ අදද එයි නැගී............02 කොටස


 ඔහුගේ දිවිපවත තතු ඇතුළත් පුවත්පත් සහ වාරසගරා ලිපි ගණනාවක් පළවු අතර, එය හකුළා දක්වා මහඇදුරු සුනිල් ආරියරත්න විසින් පුස්තකයක් ලෙස පළකර දැනට දසවසක් පමණ ගතවි ඇත. ඔහු කළ කී බොහෝමයක් දෑ එහි සංගෘහිතය. ඊට අමතරව සුනිල් ගීයට පෙම්බැදී විජිත් කුමාර් සේනාරත්න විසින් ද එතරම් විසල් නොවු පුස්තිකාවක් පළ කරන්නට යෙදුනි.



සුනිල් සාන්ත පෑ  ස්වර පෙළහර මහිමය අන් කවරෙකු කවර විටකදී අභිබවනය කරනු ඇද්ද ?

සංගීතය හොඳින් හදරා සුදුසුකම් ලැබ ඇති සුනිල් ආරියරත්නයන්ගේ පර්යේෂනාත්මක කෘතියේ දී ඔහු සුනිල් ගීතයන්හි න්‍යයාත්මක මූලධර්මයන් පිළීබඳව විග්‍රහ කර තිබෙන අතර ඒවයේ ස්වර ලිපිවල අපුර්වත්වය මතුකොට දක්වා එකී නිර්මාණයන් සර්වකාලීන විශීෂ්ඨත්වයෙන් ඔපවන්නේ කිනම් හේතු සාධක නිසාදැයි සාකච්ඡා කර තිබේ.

පහත දැක්වෙන්නේ එයින් උපුටාගන්නා ලද සටහනකි.

එම්බා ගංගා නවතිනු ගංගාවේ - සඩ්ජය සිය පංචමය (ස - රි - ග - ම - ප)දක්වා ස්වර පහකින් පමණක් මුඵ ගීතයට ගැයේ

ගුම් ගුම් ගුම්  - තනි ස්වරයකින් නිපැයු ගීතයකි

ගං ගං ගං   -සඩ්ජය සිය ගාන්ධර්ව  (ස - රි - ග) දක්වා පමනයි

අදයි වෙසක් පෝදා - ඉහත පරිදිමය

අම්බලමේ පිනා (ස - රි  - ග - ම) පමනයි.

ටිකිරි ටිකිරි ටිකිරි ලියා (ධ - නි අත්හැර අන් ස්වර)


(උපුටා ගැනීම අවසන්)

සුනිලුන් ගේ අඩසියවසක් ඉක්ම වූ දිවිමංපියසේ දී ඔහු පෑ මියැසිය පෙළහර ගෙනහැර පාන්නට වෙන්කර ගත හැක්කේ පුර්ණ වශයෙන් මුල් යුගයෙන් සත්වසක් පමණ හා දෙවන යුගයෙන් සතරවසක් ඇතුළත්ව පුර්ණ ලෙස එකළොස්වසකට ආසන්න කාලයකි.

එවන් කෙටි කාලයකදී සුනිල් සාන්තයන් ගෙතූ ගී කුසුම්දාමය සුගන්ධවත්ය. කාන්තිමත්ය... එමෙන්ම නෙකවර්ණයෙන් පරිපූර්ණය.

ජාතික ආගමික මහෝත්සවයන් සැමරූ 50-60 දශකයේ හෙළයන්හට එදවස ගුවන් විදුලියෙන් එනම් ඔහු දොහොත්මුදුනින් හිසනමා වැළඳගත් කුමරතුගු හෙළබසින් ’රෙදෙව්වෙන්’ ඊට සරිළන ගී රස වින්දනයන් නොළැබුනු සමයේ ඔහු ඒවා අරභයා එක් ගීතය බැගින් තනා දුන්නේය. ගයා දුන්නේය.


සිංහල අවුරුද්දේ ...........මංගල ගී සද්දේ ....

සිංහල අවුරුද්දේ......ඔංචිලි හැම පැත්තේ ...........

------------------------------------------

බුදුන් වඳින්නේ ....දහම් වඳින්නේ ....සගුන් වදින්නේ ... 

අපේ මහා මගුල් දා ...............


------------------------

සවන්දෙන්න මෙතැනින් (1951? මුල් පටිගතකිරීම)


එහි රුසිරු නිසරු නොවේ.  එහි රසය කැටිවු තැන් ගණනාවකි. ඔහු වරෙක විවියන් ද සිල්වා බොරලැස්ස නම් වූ ග්‍රැමෆෝන් ගායිකාව සමග ගැයු ගීතයක් පසුකාලීනව නෑසි ගොස් වියැකි අප්‍රකටව ගියත්, එහි සුවිශේෂත්වය වන්නේ එහි සහය ගායකයා ලෙස සුනිලුන් කටයුතු කිරීමයි.


රැල්ල නැගෙන්නේ.........වැල්ල බලා සරන්නේ .................

රැඳිලා බැඳිලා ...සයුර සොයා .... ...සෙමින් ඇදෙන්නේ ................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1950? මුල් පටිගතකිරීම)


ගුරු ඇසුර සොයා ගොස් ස්වර සප්තකයට අත්පොත් තබන නූතන යුගයේ ළපැටියන් හට මතුනොව වැඩිහිටියන් හට පවා මියැසි ඇදුරන් වෙතින් ලබන්නේ ’සුනිල් ගී ස්වර ලිපියකි’  


හඳපානේ ...හඳපානේ හඳපානේ රෑ යාමේ .....

දියගොඩ හැමතැන කිරි ඉතිරේ ...

ගස්වැල් කිරිමුදේ කිමිදේ ...

මද මුදු සුළගින් අප නැළැවෙන්නේ ...

බැබැළෙන හඳපානේ ...........

------------------------

සවන්දෙන්න මෙතැනින් (1949? මුල් පටිගතකිරීම)

ජාතික මහෝත්සවයකදී ත්‍රිවිධ හමුදා බටහිර වාද්‍ය වෘන්දයන් වෙතින් නැග එන්නේ ද බොහෝවක් ’සුනිල් ගී’ ය. නැතහොත් සුනිල් ගී ආර පුර්ණලෙස අනුකරණය නොකරමින් එයින් ඇබෑසිය ලැබ නවමගක ගිය ’සී ටී’ ගී (ක්‍රිස්ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු)  රසයන්ය.

ඒ මන්ද ? ඊට පිළිතුර සෘජුය. සුනිල් ස්වර සමාධිය එතරම්ම සරළය. එය කුඩා දරුවෙකුට පවා ආයාසයකින් තොරව සමවැදිය හැකි දැහැනකි. ලංකා හමුදා තුර්ය වාදකයන් නිතර වාදනය කරන්නට පුරුදු පුහුණු වූ සුනිල් ගී අතරින් එකකි මේ


සුවඳ රෝස මල් නෙළා ............

මාලයක් ගොතාලා .............

මගේ කොමළ සොඳුරියේ බඳිමි ඔබ ගෙලේ .................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1950? මුල් පටිගතකිරීම)


එක්තරා යුගයක (මේ සුනිලුන් ගුවන් විදුලියෙන් නෙරපූ  අඵත 1952 පමණ වන්නට ඇත)  එතුමෝ අගනුවර එදත් අදටත් එකසේ ජනාකීර්ණ බම්බලපිටිය කඩමන්ඩියේ එක්තරා ගොඩනැගිල්ලක ’මියැසි රස’ සොයන්නන් අරභයා ගුරුහරුකම් හලක් පවත්වාගෙන යමින් සිටියෝය.  එදවස එහි ඇසුර ලැබුවෝ පසුව සිය අනන්‍යතාවය මනාව ප්‍රකට කරමින් තම තමන් විසින් තෝරාදැනකියනාගන්නා ලද මංපෙත් හි සැරිසැරූහ. සුනිලුන් නිසා  පසුව හෙළ ගී කෙත සරුකළ මහරු ගාන්ධර්වයන් රැසක්ම එයින් බිහිවිය. හෙළ සිනමා සංගීතය මෙන්ම සී ටී ප්‍රනාන්දු ගී රසයට ස්වර ගෙත්තම් කළ ’පැට්‍රික් දෙණිපිටිය’ ශූරීන් ද , බටහිර ගීත කලාව වහකදුරු සේ ගුවන් විදුලිය පිළීකෙව් කළ යුගයක එහි රුසිරු ප්‍රකට කල ’කාන්ති වක්වැල්ල’ ද එයින් කැපී පෙනෙන්නේය. 

1975 ගුවන් විදුලිය නිකුත් කල ’කිරිකවඩි’ තැටියට ’බෝවිටියා දං පඵ කං වාරේ ..... (මුල් ගීතය) සහ 1976 ගුවන් විදුලිය නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී ගී තැටියට ’මිහිකත නළවාලා.....’ නම් වූ  ’සුනිල් ගී’ ඇතුළත් කරන්නට එදා ගුවන් විදුලි බලධාරීන් උත්සුක වූයේ ඔහුව නෙරපා හැර තමන්ගෙන් පෙරකළ සිදූවූ මහා අසාධාරණය තුනි කරගන්නටදෝ යැයි සිතේ. එහි ඔහු සිය අදරණිය පියඹ ’ලීලා සාන්ත’ ගේ වරුණ ගයන්නේය. සිසු ’පැට්‍රික් දෙණිපිටිය’ සිය ආදරණිය ගුරුවරයා වෙනුවෙන් ’හවායන් ගිටාරය’ වැයිමේ භාග්‍යය උදාකරගත්තේය.

-------------------------
සුනිලුන් සිය දයාබරිත අගසිසු අයිවෝ ඩෙනිසුන් සමග 50 දශකයේදී
----------------

මිහිකත නළවාලා ...........

මග මල් ගන්වාලා ...................

පාසල වෙත යන මේ........

පිටිසර හෙළ ගුරු ලිය සැරදේ ...

සුදුහෙළ සාරිය ඇඳලා හැඩකොට ...

ඉගවට රැලි ළෙලවා..... දිගුනිල් වරළස පීරා නිසිලෙස ...

මල් ගවසා බැඳලා ...

ගෙලවට මුතුමාලේ ....

දෝතේ වළලු සැලේ ....

සිරියා සපුරා ..පිරියා පතුරා ...

යන සුරතල් ’ලීලා’...................

(ගී පද - හියුබත් දිසානායක)

------------------------

සවන්දෙන්න මෙතැනින් 

නැවතත් අනතුරුව පැමිනි වසරේ දී, ගුවන් විදුලිය ඔහු උදෙසාම එල් පී තැටියක් නිකුත් කරන්නට යෙදී එය ’සුනිල් ගී’ ලෙසින් නම්කළේය. ’දුදොනොද බිඳ’ සහ ’හෝ ගා රැල්ල බිඳේ’ හැර  එහි වැඩිමනත්ව ඇතුළත් වූයේ ඔහුගේ ගීත අතර එතරම්ම රසික ප්‍රසාදයට ලක් නොවූ  පහත දැක්වෙන ගීතයන්ය.


සුන්දර හිමිදිරියේ....

සුමනෝ..............

ලලිත ලවංග.................

කුරුඵ ආදරේ සතුටු සාගරේ...................

රාම වැළපිල්ල .........................

සාලිය ආලය...................

ලංකා .........................


සිරිලංකා ...ලංකා ..... සිරිලංකාර ලංකා ...................

ලංකා ..ලංකා....ලංකාර ලංකා ..............

------------------------

සවන්දෙන්න මෙතැනින් 


පළමු කොටසේ සඳහන් වූ ලෙස 1967 වසරේදී ’සුනිලුන් ගේ ගුවන් විදුලි පුනාරාගමනය’ සිදුකරදෙන්නට මුල් වූ විරුවාණෝ ලංකා ගුවන් විදුලි දෙපාර්තුමේන්තුව ’ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව’ ලෙසින් පුනරුප්පත්තිය ලැබූ සමයේ එහි නියමුවා ලෙස පත්ව ආ ප්‍රවිණ පරිපාලන නිලදරු ’නෙවිල් ජයවීර’ ය. දෛවෝපගතව රතන්ජංකර් විසින් 1952 වසරේ ’සුනිලුන්’ ඉලක්ක කොට සිදුකල ’හඞ පරික්‍ෂනය’ වැන්නකදී ඔහුගේ අනුප්‍රාප්තිකත්වය දරන්නට 1967 වසරේදී සුනිලුන්ටම ආරධනා ලැබිනි.  එහිදී ඔහු සමගින් පන්ඩිත් අමරදේව සහ මේ දෙදෙනාටම වඩා ලාංකීය ගීත ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වු මාතර එච් ඩබ්ලිව් රූපසිංහ ද (ග්‍රැමෆෝන් යුගයේ හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයේ සංගීත අධ්‍යක්‍ෂ - 1920-1940) ද ඒ මන්ඩලය නියොජ්නය කරන්නට යෙදිනි.

සුනිලුන් එතැන්හිදී එදවස අධුනිකත්වයෙන් මිදෙමින් සිටි ’නන්දා මාලිනී’ ගායන ශිල්පිනිය ට ’විශිෂ්ඨ ශ්‍රේණිය’ නිර්දේශ කළ බව කියැවේ. එතැනින් නොනැවතුනු ඔහු එකි දශකයේ බටහිර පොප් ගීත වේග රිද්ම දිදුළන තරුව ’සිරිල් ටියුඩර් ප්‍රනාන්දු’ ගායන ශිල්පියා හටද ’විශිෂ්ඨ ශ්‍රේණිය’ නිර්දේශ කළද සෙසු සාමාජිකයන් දෙදෙනා විසින් එය ප්‍රතික්‍ෂේප කරන ලද බව ද වාර්තා වේ. 

(උපුටාගැනීම ’සුනිල් ආරියරත්න කෘතිය)

එතැන් හී සිට දෙවසරක පමන කාලයකදී ගුවන් විදුලි සංස්ථාවට යමින් එමින් ඔහු ’මධුර මධු’  ’පංච මධුර’  සහ ’සීගිරී ගී’ සංගීතමය විචිත්‍රාංගයන් ඔස්සේ පර්යේෂනාත්මක ගීත රැසක් දැයට දායද කළේය. පෙර සඳහන් වූ ’අම්බලමේ පිනා’ ’ටිකිරි ටිකිරි ටිකිරි ලියා’ ’එම්බා ගංගා’ ’වළාකුලින් බැස’  ’තෙල් ගාලා හිස පීරන් නෑනෝ’  ’හමල් මරු ජහස්සිඵ හස්සැන්ඩල්ලා...(සිගිරී ගී), ’ගුම් ගුම් ගුම්,’ ’ගං ගං ගං....’ ඒවායේ ඇතුළත් විනි.

1970 වසරෙදී සිදුවූ දේශපාලන පෙරළියේදී සුනිලුන් නැවතත් ’ලක් රෙදෙව් පොළ’ ට ආයුබෝවන් කීවේය.

ඒ යුගයේ තමන්ගේ ’වරෙන් හීන් සැරේ රිදී වළාවේ ...’ ගීතය ගුවනින් ඇසෙද්දී සුනිලුන් ගීතයේ එක්තරා වදනක නුහුරු බවක් හැගී ඒ පිළීබඳව විමසිමේ ඵලය වුයේ එය තම හඞ නියමාකාරයෙන් අනුකරණය කළ යව්වනයෙකුගේ කාර්යයක් බව දැන කියා ගන්නට ලැබිමයි.  තමන්ගේ ගී අනුකරණය කරණවා යැයි දෙස්දෙවෙල් තබමින් සාප කරන්නෝ එදත් අදත් එමට සිටිද්දී, සුනිලුන් ඔහු සොයා ගොස් සිය සිසුවෙකු බවට පත්කරගත්තේය. ඉන් නොනැවතී තමා වෙනුවෙන් සිය කුඵඳුල් සිනමා සංගීත කර්තව්‍යයේ භාරදුර වගකීම පවරා ඔහුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සහ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රනි විජයබන්ඩාර යන යව්වනයා සහ යුවතිය සමගින් භාරත දේශයට පිටත් කර හැරියේය.  1956 රේඛාව ගීත සමුච්ඡයේ උපතට ’අයිවෝ ඩෙනිස්’ නාමය ගෑවි ගියේ එයාකාරයෙනි.

මහ ගානධර්ව සුනිල් සාන්ත පිළිබඳව ලියැවුනු සටහන්, කෘති, අන්තර්ජාල තොරතුරු, විස්තර පත්‍රිකා, දැන් දැන් නොවිරළය. ඔහු ගැයූ ගීත ද සංඛ්‍යාත්මකව අල්පය. වානිජමය අරමුණු උදෙසා ඔහු සිය නිර්මාණ කැප කරන්නට සිතුවේ නම්, ඔහුටද එක්තරා කලක දහසින් බැඳි පියළි ලබන්නට තිබිණ. එහෙත් දැඩි ප්‍රතිපත්තිගරුක සුනිලුන් මුදලට තමා ජන්මයෙන් උරුමකරගත් ප්‍රතිභාව සහ වෙහෙස මහන්සියෙන් ප්‍රගුණ කරගත් කලාව විකෙනෙන්ට ඉඩ හැරියේ ඔහු නොවේ.

සිය ආත්ම ගෞරවය, උගත් ශීල්පය මුදලට කිසිවිටක පාවා දෙන්නට සිහිනෙන් හෝ නොසිතු ඔහු තමන්ට එසේ කරන්නට ලැබුනු අවස්ථාවන් අඵයම ලූ කෙළපිඩක් සේ බැහැර කළේය. සිය පියඹ සහ පාසල් වියේ කුඩාවුන් සතර දෙනෙකු සමග ජා ඇල දෙහියාගත හුදකලා අබලන් නිවසකට ගාල් වී කැඩිබිඳි ගිය අබලන් රේඩියෝ යන්ත්‍ර අඵත්වැඩියා කිරීමේ කටයුත්තක නිරත වි සිටිම ඊට වඩා අගය කලේය.

’රොමියෝ ජුලියට්’ කථාවක්  තිර රූපරාමු පෙළහර වෙනුවෙන් මියැසි නාද පෙළහර පාන්නට අවසර ලත් ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හට එහි අයිතිකරුවන් වෙතින් අභියෝගයක් එල්ල වි තිබිණි. ඒ එදවස බටහිර සංගීත ලෝලීන් පමණක් නොව බටහිර ගීතයට ලැදි පෙරදිග ලෝ වැසියන් ද නැළවූ ’ජිම් රීව්ස්’ ගේ ගීතයක් ඊට එකතු කර දෙන ලෙසය.  ඒ දැවැන්ත කාර්යය සිහිනය සැබෑ කරදීමේ ඉටුදෙවියා ’සුනිල් සාන්ත’ බව මියැසි සත්සර කලාවේ කෙළපැමිනි ’ෂෙල්ටන් ප්‍රේමරත්නයන් දැන සිටියද ඔහුව ඊට එකග කර ගැනීමට වඩා  පිහාටු සහිත ඉබ්බන්ගෙන් සොයා යෑම ලෙහෙසි බව ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියේය.

වාග් ප්‍රහාර, බැණ අඞගැසීම්, ප්‍රතික්‍ෂේප වීම් එකපිට එක මැද ’මර්සලිනු ජයකොඩි’ පියතුමාගේ සරණ පැතීමෙන් ඒ කඩුල්ල පැන ගන්නට ඔහු සමත්විය.

My Dreams are Roses for My Love..............

------------------------

සවන්දෙන්න මෙතැනින් 

බී බී සී ගුවන් විදුලියේ හෝ වෙනත් බටහිර රටකදී වදනය වන්නට ඇද්දැයි නොදනිමු. එහෙත් එසේ වූවා නම් ඔවූහු එය ’ජීම් රිව්ස්’ ගීතයක් නොවෙතැයි කෙසේ අදහනු ඇද්ද ? 

’සුනිල් ගී’ නිදහනේ  අතීතාවලෝකනයෙන් මිදීයන්නට එතරම් පහසු නොවේ. එය යළි යළිත් සිතුවිළි රැහැන් පටයන්හි වෙළෙමින් ඇදීඑයි.

පෙරකී අල්ප සංඛ්‍යාත සුනිල් ගී එනම් ගුවන් විදුලි සුනිල් ගීතාවලිය අතරින් තෝරාගත් ගීත සංඛ්‍යාවක් යළි යළිත් වාදනය කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඔහුගේ සැගවුනු එහෙත් සුනිල ගී සර මතුකර ගන්නට උත්සහ නොදරනු පෙනෙයි. ’70’ දශකයේ නිතර ගුවන් විදුලියෙන් ඇසුනු එක්තර ගීයකදී සුනිල් මෙසේ කියයි.

ආසිරි ආසිරි ආසිරි වේ ලංකා...............

උතුර නැගෙනහිර බටහිර දකුණට ..........

සිව්දිග එක්වි එකම දැයක් වී ..........

එක කොඩියේ සෙවණ ලබා ...

පෙරටම යමු ලංකා ....

------------------------

සවන්දෙන්න මෙතැනින්

උත්තර භාරතිය රාගධාරි සංගීතයේ නියමුවෙකු ව සිටි සුනිලුන් එහිදි ද බටහිර ගීත කලාවේ සිද්ධාන්ත අනුව යමින් සිය නිර්මාණය එළිපෙහෙළි කරගන්නට සිතුවා f්ස්ය. එහි ආසිරි වේ ලංකා .............පසුබිමෙන් රැව් දෙන්නේද ’ආසිරි ...ආසිරි...........’ ප්‍රතිරාවයයි. 

මතු කී ’බෝවිටියා දං පසු නිර්මාණය හා සමවන සේ මෙහිදීද සුනිල් ගී රසයට එතරම් වැද්දා නොගත් ’අන්තර් වද්‍ය සංගීත රටා’ පොඩියක් ඇතුළත්ය

සුනිල් සාන්තයන් සිංහල සිනමා කලාව හා සුසැදි සංගීතය හා එක්වු අවස්ථා විරළය. 1960 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවන සිනමාකෘතිය වූ ’සන්දේශය’ තනු නිර්මාණය කිරීමෙන් පසුව ඔහු 1969 තිරගත වූ ජී ඩී එල් පෙරේරා ගේ ’රෝමියෝ ජුලියට් කථාවක්’ වෙනුවෙන් ඉංග්‍රිසී ගීතයක් ගයන්නේ එවකට බටහිර සංගීත ලෝලීන් උන්මාදයට පත් කල ’ජිම් රිව්ස්’ ගී හඞ හා සමපාත වන ලෙසිනි. එහි සංගීත නිර්මාණය ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගෙනි.

1975 තිරගත වූ ’කොළඹ සන්නිය’ නම් විකට සිනමාපටයේ ගීතයකට ඔහු සංගීතය සැපයූ අතර එය ඔහු සිංහල සිනමාව හා සබඳතා පැවැත්වූ අවසන් වාරය විය. අවසනාවකට එකී සිනමාපටයද ගීතය ද අසාර්ථකත්වයේ අඳුරු අහුමුඵ කරා තල්ලු වි ගොස් රසිකයන්ගේ මතකයෙන් බැහැරව ගියේය.

දුම්බර දුම්බර දුම්බර බාගේ ..........

ගින්දර වාගේ දුම්බර බාගේ ...............

දුම්බර දුම්බර දුම්බර බාගේ................

(සහය ෆේරේඩී සිල්වා )

සුනිල් ගී රසවිඳින්නන් හට සංයමය හික්මවා ගත් ශ්‍රවණේන්ද්‍රිය මෙන්ම විවේක බුද්ධිය ගීත රසවින්දනයේ පරිණත බව තිබිය යුතුය. ’සුනිල් ගී’ ශ්‍රාවකයා ගේ සවන්  තූර්ය භාන්ඩයන්ගෙන් නංවන ඝෝෂාවෙන් පුරවන්නේ නැත. හදවත කම්පනය කරන්නේ නැත. ඒ ගී පදමාලාවන්ගේ එකකදු හෝ ඕලාරික ප්‍රේමවිලාපයන් හෝ විරුද්ධ ලිංගිකයා වෙත කරන නිවට නියාඵ ආයචනාවන් ගේ සේයාවකුදු නැත. මිනිස් ආවේගයන් තීවර කර නොසන්සුන් කරවන්නේ නැත. ඒවන් ගීතයන්හට සවන් හුරුපුරුදු කරගත්තෝ හට  ’සුනිල් ගී’  මිහිර දැනෙන්නේ නැත, වැටහෙන්නේ නැත. සෞන්දර්වාදී  මුනිවර මනස් ඇත්තෝ පමණක්  ඒවායේ අගය මනාව දැන වටහාගෙන මේ මුණිවර  ගාන්ධර්ව උතුමාණෝ හට සිතින් බුහුමන් පුදනු ඇත්තේය.   වරෙක ඔහු ගේ 50 දශකයේ ගුවන් විදුලි සංගීත අභ්‍යාස වැඩසටහනකදී ඔහුම පවසා ඇති පරිදි හොඳම සංගීත භාන්ඩය ’මිනිස් කටහඞ’ ය. ’සුනිල් ගී’ ඊට මුල්තැන් දී තිබෙනායුරු මනාව පසක්වන්නේය.

සිය රැකියාවෙන් නෙරපා දමන ලදුව දයාබර පියඹ ගේ ගුරු වෘත්තියෙන් ලබන සුඵ වැටුප ද පරණ අබලන් රේඩියෝ සහ කැමරා අඵත්වැඩියා කිරීමෙන් ඉපැයූ මුදලද යන මේවයින් දිවිගැටගසාගත් එතුමෝ අපමණ දුක් පීඩා හිරිහැර කම්කටොඵ අනුභව කරමින් ආදරණිය පුතුන් තිදෙනාම ලක් මව්පියන්ගේ නොහිම් සිහින පැතුම වූ සිය දරුවා ’වෛද්‍ය’ ’ඉංජිනේරු’ පදවි ලැබිමේ කරුණ අනුවම  ’පේරාදෙණිය සරසවියේ’ ඉංජිනේරුවරුන් ලෙසද එකම දුවනිය ’කලා සාන්ත’  එහි පශූ වෙදදුරෙක් ලෙසද දිවි මග ජයගන්නට යොමු කළේය. 

1977 වසරේදී හැමු දේශපාලන කුණාටුවෙන් පසුව, සුනිලුන් තෙවැනි වරට ගුවන් විදුලියට සම්බන්ධ වූ බවක් වර්තා වන්නේ නැත. 1981 වසරේදී පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ සාමාජිකයෙකු වූ සිය දෙවන පුතු ගේ අකල් වියෝවෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ ඔහුට එයින් මිදී පියවිලොවට පිවිසෙන්නට වාරු නොලද්දා සේය.  ඒ වසරේ  රබන් සුරල්   - කොවුල් ගී නාදය දසතින් නැග එද්දී දැයේ   කලාරසයෙන් මත්වූවන්ගේ   පිනට පහළ වූ ඉටුදෙවියෙකු බඳු වූ   මේ හෙළ ගාන්ධර්වයා ලක්මවගෙන් සමුගත්තේය.

සුනිල් ගී ඔවිල්ලේ වරුණ අංශූ මාත්‍රයකින් 

ආදර නදියේ පීනමු පිරියේ ... හියුබත් දිසානායක

හඳපානේ රෑ යාමේ - සුනිල් සාන්ත

සුවඳ රෝස මල් නෙලා - හියුබත් දිසානායක

කුරුඵ ආදරේ  - හියුබත් දිසානායක

නැළවි සැනසෙන්නේ මාගේ සුදු ඕලු මලේ - සුනිල් සාන්ත

මිහිකත නළවාලා - හියුබත් දිසානායක

කුරුඵ පරාදීසයේ කුරුඵ සීන සාගරේ - තිලක සුදර්මන්ද සිල්වා 

මෙවන් පිටිසරේ මේ දුගි පැලේ - හියුබත් දිසානායක

කෝකිළයන්ගේ කෝකිළ නාදේ - හියුබත් දිසානායක

දුදු නොද බිඳ  - රැයිපියෙල් තෙන්නකෝන්

ලංකා ලංකා පෙම්බර ලංකා - අරිසෙන් අහුබුදු

මල් මල් ගුමු ගුමු ගන්වන්නේ- කැලිස්ටස් ජයසිංහ


Thursday, February 9, 2023

Sunil Santha Songs - 1947-1981

 ’බෝවිටියා දං බාළොලි පඵකං  වාරය කැන්දූ- බක්මහ සැණකෙළිය ඉස්මත්තේ සැගව ගිය කෝකිල නාදය... හීන හඞින සිහින වගේ අදද එයි නැගී............01 කොටස

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ පද රචක මෙන්ම සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු ආනන්ද සමරකෝන් ශුරීන් ගේ නිර්මාණ ඇතුළත් වන්නේ ’ග්‍රැමෆෝන්’ ගී යුගයටය. එය 20 සියවසේ මුල් භාගයේ සිට එහි මධ්‍ය යුගය දක්වා පැවතුනු අතර ’හිස් මාස්ටර්ස් වොයිස්’ සහ ’කොළොම්බියා’ නම් වු ජාත්‍යන්තර ගී තැටි ලේබල් බලපත්‍රලාභී ’කාර්ගිල්ස්’ (වත්මන් ආයතනය නොවේ) සහ ’මිලර්ස්’ පිළිවෙලින් ග්‍රැමෆෝන් ගී තැටි සඳහා ශීල්පීන් සහ සංගීත අධ්‍යක්‍ෂකවරුන් සපයා ගන්නා ලදුව ඒවා නිකුත් කෙරිනි.



මේවා අතරින් සැලකිය යුතු ගීත සංඛ්‍යාවක් ’යුග ගී’ ගණයට අයත්ය. එනම් ගායිකාවක් හෝ ගායකයෙකු අතර හෝ ගායිකාවන් යුවළක් අතර සිදුවන සංවාදය ආකාරයෙන් ඒ ගීත නිර්මාණය විය.

ආනන්ද සමරකෝන් ද ඒ අනුව සිය සහය ගායිකාව වු ’බී පී ලිලාවතී’ සමගින් ගැයු ’සංවාදමය යුග ගි’ අවශේෂ ග්‍රැමෆෝන් යුග ගී අභිබවා ශ්‍රාවක බුහුමනට පාත්‍ර විය. ඒවයේ ගී පද රචනා පමණක් නොව තනු ද ඔහුගේමය. ඒවා අතරින් පළමු ස්ථානයේ වැජඹුනු ගීතය දශක සතක් ඉක්මවා ගිය පසුව වර්තමානයේ පවා ශ්‍රාවක අවධානයෙන් ගිලිහි නැති සේය.




එන්නද මැණිකේ මමත් දියඹට කඩන්ට කෙකටිය මල් .................

ඔහො ලාස්සනයි ඔහෝ ලස්සනයි ඔහො පිපිච්ච කෙකටිය මල් .......................


මෙම ගීත ආකෘතිය අනුකරණය කරමින් පසුව සිංහල ගීත සාහිත්‍යයට එක් වු ගීත මහත් රාශියකි. එහි පද සංකලනය සංයමයකින් ගයනු ලබන්නේය. එසේම සරළය සුගමය. කථන බස් ව්‍යවහරය යොදා ගනී. ග්‍රැමෆෝන් ගී යුගයේ මූලික සංකල්පයක් වූ සංස්කෘත තත්සම පද භාවිතයෙන් වැළකි සිටී. ඒ නිසා එහි සර්වකාලීන ජීවගුණය රැඳි පවතී.


ඉන් අඩසියවසක් ද ඉක්මවා ගිය පසු බිහිවුනු එක්තරා ගීතයක ’ඉහත ගීතයේ’ ’ඡායාව’ වැටි ඇති ආකාරය සුපැහැදිළිය.



සුළගක් වී මං යනවා ..................

දුර අහසේ ඇවිදින්නට ................

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ..............

අහසක් සේ දූ යන මග ................

පුඵන් වලා අතුරනවා ....................

එහෙමයි මගේ දෝණි..................

මං අල්ලන්නේ .................

පණවාගේ මගේ දූ ...............

මං රැකගන්නේ .................

--------------

ගී පද - නැසිගිය ආනන්ද හේවාරංහිඳගේ 
---------------------

ආනන්ද සමරකෝන් ගීයේ මානවකයා යුවතිය කොටුකර ගැනීමේ උපක්‍රමය කියාපාද්දී ඇය ඉන් මිදීමේ උත්සහයක් ගන්නේ යම්සේද, ඉහත නිර්මාණයේ පියාගෙන් මිදී යන්නට තැත් දරන දියණිය කොටුකරගන්නා ආකාරය ’පියා’ විසින් කියාපායි.


ආනන්ද සමරකෝන්  ගාන්ධර්වායා  - බී පී ලීලාවතී සිසුවිය (1942?)

ඔන් එහෙම මම ඔරුවේ නැගීලා මැණීකේ ලගට සැනේ

ඔව් හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැගී මෙසේ

පීනනවා මම එතකොට එගොඩට මලුවෙකු වෙසෙනි

හීන් දැළක් දා අල්ලා ගන්නවා නොවෙද එවිට මැණිකේ ....

ගන්නවා එතකොට කුරුඵ වෙසක් මම රූං කියා යනවා ....

ඔව් එනවා එනවා පස්සෙන් එවනවා ගුරුඵ රජෙකු වෙමිනේ ....


එඩ්වර්ඩ් ජයකොඩි සංගීතවේදයා - නටාෂා පෙරේරා දැරිය  (2002?)

මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මම ගලනවා.............

මහ ගස්වැල් කඳුවැටි උදුරා පොළොවට දමනවා ............

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ..............

මං මහ මුහුදක් වීළා දූ එනතුරු තනි රකිනවා ..............

ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා .............

අතිශය ජනාදරයට පත් මෙකී සංවාද ගී සරණියෙන් මත් වූවන් අතර මහ සංගීතවේදී ’සුනිල් සාන්ත’ ද විය. ඔහු ආනන්ද සමරකෝන් ගේ සමකාලීන ශීල්පියෙකුව ඔහුගේ සංවාද ගී පෙළ ජනගත වූ යුගයේ එනම් 40 දශකයේ අගභාගයේදී ඔහු විසින්ම පද රචනා කොට සංගීතවත් කල සංවාද ගීයකට එකතුකරගත්තේ මේරී මාග්‍රට් පෙරේරා නම්වු තුදුස් වියැති දැරියකි. ඒ සංවාදය අයියා - නගෝ අතරය. මෙකී යුවතිය ගේ නාමය  කලාලොවට ඔබිනා ලෙස ’චිත්‍රා’ ලෙසින් නම්කරණ ලදුව සංගීතවේදී පී එල් ඒ සෝමපාල හා විවහප්‍රාප්ත වී ඇය එතැන් හි සිට ’චිත්‍රා සෝමපාල’ විය.

-------
ගායිකා  - චිත්‍රා සෝමපාල
----------


බෝවිටියා දං පඵකං වාරේ මේ නොවැ පොඩි නංගෝ .............

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ .......

සිහිවන විට තොල කටද තෙමෙයි නේ ..............

මා යනවා නංගෝ ....................

මා එමි සුදු අයියේ ..................

මා එනවා අයියේ ................

අයියේ යමු යමු සුදු වැල්ලේ ..................

------------------------

සවන්දෙන්න මෙතැනින් (1947 පමන මුල් පටිගතකිරීම)

එතැන්හි සිට නිරතුරුවම ගුවනින් ඇසුනු මෙකී අපුර්ව සංවාද ගීය, පසුව 70 දශකයේදී ගුවන් වදුලිය විසින්  ශ්‍රාවකයන්හට තිළිණ කරන්නට යෙදුනු ’මංගල වෙළඳ ගී’ තැටියට නංවා ජනගත කළේය. එය 1975 වසරේ නිකුත් කල ’කිරිකවඩි’ වෙළඳ තැටියයි.

එහෙත් ’කිරිකවඩි’ එළිදුටු යුගයේදී ’බෝවිටියා දං......................’ ගීතය වෙනත් ආරකින් නවමු නිර්මාණ්‍යක් ලෙස ගුවන් විදුලියෙන් ඇසෙමින් පැවතුනි. එහි ගී පද පෙළ තරමකින් මුල් ගීතයට වෙනස් වු අතර සහය ගායකයා ’සුනිල් සාන්ත’ යන්ගේ හොඳම ශීෂ්‍ය රත්නය වූ නැසිගිය ’අයිවෝ ඩෙනිස්’ ය. 

බෝවිටියා දං පඵකං වාරේ මේ නොවැ පොඩි නංගෝ ...........

කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ .......

සිහිවන විට තොල කටද තෙමෙයි නේ ..............

මා යනවා නංගෝ ....................

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


මා යන්නේ මේ වෙලටයි මා අත හැරයන්කෝ නංගෝ ..............

බාළොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ .....

ඊයේ වාගේ ඕඵ නෙළාගෙන මම එන්නම් නංගෝ..........

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


ඒ බොරුවට මා විහිඵ කලා නොවැ තරහද මගේ නංගෝ ....

රතට රතේ කජු පුහුළං ඔබදැක සැගවෙනවා නංගෝ ......

අපට එපා ඔය ලැජ්ජා වැඩි අය එන්න මෙහෙන් නංගෝ ...

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ...

සුදු ඔබේ දිව දම්පැහැ වූයේ කිමද අහෝ නංගෝ....

මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ .......

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............


බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............

සුදු ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා නංගෝ ...

ඊට වඩා පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ.........

බෝවිටියා දං බාළොලි පඵකං තරග ගොඩයි නංගෝ ..............

------------------------

සවන්දෙන්න මෙතැනින් (1969 පමන මුල් පටිගතකිරීම)

මුල් ගීතයට වඩා වේගලයමානයකින් ගැයෙන මේ ගීතයේ සුවිශේෂිත්වය වනුයේ එහි වයලීනයෙන් වැයෙන මධුරතර අන්තර්වාදනයක්ද ඇතුළත් වීමයි.  

ඊර්ෂ්‍යා පරවශ බලධාරීන් ගේ කුමන්ත්‍රණයකට හසුව 1952 වසරේ දී ගුවන් විදුලිය හැරදමා යන්නට ගිය සුනිලුන් නැවතත් එහි කැඳවා ගත්තේ 1965 වසරේ පත්වූ ඩඩ්ලි සේනානයක රජය විසින් ගුවන් විදුලි නිසිබලධාරයා ලෙස පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලදරු නෙවිල් ජයවීරයන් ගේ උපදෙස් අනුවය.  1967 පමණ වෙද්දී ඔහු ගේ දෙවන ගුවන් විදුලි ආගමනය සිදු වූ අතර එතැන් හි සිට ඔහු 1946 වසරේදී ’ඔඵ පිපිළා වෙළ ළෙල දෙනවා...............’ ගයමින් ඇරඹි මහා විපර්යාසය නැවැත්වූ තැනින් අරඹන්නට උත්සුක විය.

ඒ අනුව ලංකා ගුවන් විදුලි පර්යේෂණ ගී අංශය පිහිටුවන්නටද පෙරාතුව සුනිලුන් විසින් හුදකලාවම පර්යේෂනාත්මක ගී රැසක් ගුවන් විදුලියට දායද කරන්නට කටයුතු කෙරිණි. ’මධුර මධු’ නම් වූ ඒ සංගීතමය වැඩසටහනේ දී ඔහු වරෙක උඩැක්කිය පමනක් වාදනය කරමින් ගීයක් ගැයුවේ අයිවෝ ද සහගාගී කරවාගෙනය. ඊට ඔහු සාම්ප්‍රදායික ’අම්බලමේ පිනා’ ජනකවිය උපයෝගී කොටගත්තේය.


අම්බලමේ පිනා වළං කඳක් ගෙනා ............

ඒක බිඳපු ගොනා උඩ පැන පැන හිනා .....

අපේ ගමේ වළං හදන තුරුණු ලියන් ....

අතින් හදන නැවුම් වළං අගෙයි බොලං ....

------------------------

සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)

මහඇදුරු සෙනරත් පරණවිතාන කියවා වර්තා කරන ලද ’සීගිරී ගි’  අතරින් කිහිපයක් තොරාගත් ඔහු ඒවාට තනු යොදා ගයනා කරන්නට සිය ශිෂ්‍යා ’නාලිනි රණසිංහ’ ව සහභාගි කරවා ගත්තේය.

හමල්හලු ජහස්සිලු හස්සැන්ඩල්ලා ..............

අරිසෙන් අහුබුදු ශූරීන් විසින් ලියා දුන් සුප්‍රකට ’මහවැලි ගී’ ද්විත්වය බිහිවුනේ ද මේ යුගයේදීය.


වළාකුලෙන් බැස සමන් කුලත් වැඳ ...........

එලෝ බලා යනවා .........

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඞ හඞා ඔහේ යනවා ..............

------------------------

 සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)


එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ ............

කන්ද කපවු ගල් පෙරළව් වේළි බඳිවු ගම නොබිඳිවු ගංගාවේ .................

------------------------

’එම්බා ගංගා’ සවන්දෙන්න මෙතැනින් (1967 පටිගතකිරීම)

1970 වසරේදී පොල්ගොල්ල හැරවුම ට මුල්ගල තබමින් ඇරඹි ’මහවැලි මහ ව්‍යාපාරය’ වෙනුවෙන් එකී වසරේ විසිදෙවැනි නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ ’මහවැලි මහ ගීත නාටකය’ වේදිකා ගත කරන ලදී. එය පැවති රජ්‍ය නිලදරුවන්හට හිතවත් වූ ප්‍රවිණ පුවත්පත් කලාවේදී ’ධර්ම ශ්‍රී කුරුප්පු’ ගේ පබැඳුමකි සංගීතමය රසය කවන්නට මහ සංගීතවේදී ’සෝමදාස ඇල්විටිගල’ ඉදිරිපත් විය. 

1976 පොල්ගොල්ලේ හැරවුම’ විවෘත කරන්නට යෙදුනේ එවක පැවති ’සමගි පෙරමුණු’ රජයේ නියමු අගමැති සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසිනි. එවිට ගුවන් විදුලියට නිතර වාදනය කරන්නට ඉතිරිව තිබුනේ සුනිලුන් හැදූ මතු කී ගීත ද්විත්වය පමණි. එහෙත් ඊට ටික කලකට පෙර ’මහගම සේකර’ යන් විසින් පන්ඩිත් අමරදේව හා එක්ව ’මහවැලි’ ගීයක් නිර්මණය කර තිබුනු බැවින් ඒ මහෝත්සවය මහ ඉහළින් සමරන් දින එනම් 1976 ජනවාරි 08 දින රටටම ඇසෙන්නට ගුවන් විදුලිය මහවැලි ගීත ත්‍රිත්වයක් වාදනය කරන්නට යෙදුනි.

මේ වසර වෙද්දී නැවතත් ’සුනිල් සාන්ත’ ගුවන් විදුලියෙන් නික්ම ගොස් තිබුනත් ’රිජ්වේ තිලකරත්න’ නම් වූ පැණවතා මුල් පුටුව හෙබවූ ඒ යුගයේදී ’සුනිල් සාන්ත’ ව ගුවන් විදුලි උද ශනිදා සාදයට කැඳවා ප්‍රේමකීර්ති ද අල්විසුන් ලවා ඔහුව සුහද සාකච්ඡාවකට යොමු කරගන්නට කටයුතු යොදන ලදී. 

එය මෑත කාලීනව එනම් මීට දශකයකට ද එපිටදී ගුවන් විදුලිය විසින් නිකුත් කරන්නට යෙදුනු ’හඞ’ ගුවන් විදුලි සගරාවක පළ කර තිබුනි. 

----------------------------------------

මතු දිනකට ඉතිරිය තබනෙමි.....

-------------------------------------------------

පාදක සටහන්

මහවැලි ව්‍යාපාරය - විකිපීඩියා ජාල විශ්ව කෝෂය අනුව එය 1961 වසරේදී එවකට පැවති ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති ධුරය හෙබවූ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කරන්නට කටයුතු යෙදුනු එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුල්‍යාධාර අපේක්‍ෂාවෙනි. එය අනුමතවි 1964 එය ආරම්භ කෙරිණි. දෙවන අදියර අග්‍රමාත්‍ය ධුරන්ධර ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ රජය විසින් 1967-68 වසරේ දියත් කරන ලද අතර එහි ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භය 1970 පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරය නමින් දියත් කෙරිනි. එකම විද්යුත් මාධ්‍යය ද රාජ්‍ය මාධ්‍යයද වූ ලංකා ගුවන් විදුලිය විශේෂිත වැඩසටහන් ඒ වෙනුවෙන් විසුරුවා හරින ලද අතර 1970 පෙබරවාරි 04 දින විසිදෙවැනි නිදහස් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් මන්දිරයේදී ධර්ම ශ්‍රි කුරුප්පු ගේ ’මහවැලි ගීත නාටකය’ ගුවන් විදුලිය විසින් රගදක්වන්නට යෙදිනි. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් පද රචනා කරන්නට යෙදුනු ඉහත සඳහන් ’එම්බා ගංගා....’ සහ ’වළාකුලින් බැස......’ 1967-70 යුගයේ සුනිල් සාන්තයන් සිය දෙවන ගුවන් විදුලි ආගමනයේදී සංගීතවත් කොට ගයන ලද්දේ මෙම ව්‍යාපාරයට සමගාමිවය. මන්ද යත් එය මෑත ලංකා ඉතිහාසයේ දැවැන්ත මුල්‍ය දායකත්වයක් සහිතව සිදු කෙරුණු දැවැන්තම සංවර්ධන ව්‍යෘපෘතිය ලෙස නම් කෙරුණු බැවිනි. 



1976 ජනවාරී මස 08 දින දාතමින් මහත් උත්සවාකාරයෙන් පොල්ගොල්ල ජලාශ ව්‍යාපෘතිය වැඩ නිමකොට විවෘත කරද්දී පැවතියේ නැවතත් සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුනු රජයයි. එය එදින ඇය විසින් විවෘත කිරීම නිමිත්තෙන් ගුවන් විදුලියේ ප්‍රචාරක දායකත්ව සඳහා ඉහත ගීත යුග්මයද ඊට අමතරව පහත ගීත ද වාදනය කරන්නට යෙදිනි


සිරිපද ලස සමනොළ සිරසේ - ගී පද - නැසිගිය මහගම සේකර - ගැයුම නැසිගිය පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිස 

ගංගා එන්නකෝ ගංගා - මහාචාර්ය සුනිල් ආරියරත්න - නැසිගිය අබේවර්ධන බාලසූරිය

බෝවිටියා, දං, පඵකං  - ගම්මානවල බහුලව දැකිය හැකි පඳුරු ශාඛ වන මේවයේ සිගිති ඵල ගැමි දරු දැරියන්ගේ ප්‍රියතම ආහාරයක් වූ අතර පෝෂ්‍ය ගුණයෙන් අනූන යැයි කියැවේ. 

---------------
දං
--------
--
--------
බෝවිටියා
---------


අම්බලම - පා ගමනින් දිර්ඝ චාරිකාවේ යෙදෙන සංචාරක වෙළෙන්දන් සහ මගීන් ගේ ගිමන් නිවාගැනීම පිනිස ගම්මානයේ ප්‍රභූන්ගේ හෝ පාලකකාරකාදීන්ගේ මැදිහත්වීමෙන් ප්‍රසිද්ධ මංපෙත් අද්දර ගොඩනගන ලදී. පොසීල ඉන්ධන වාහන සහ බයිසිකල් හඳුන්වාදීමත් සමග මේවා අභාවයට ගියේය. අදටත් ඒවා අතරින් සමහරක් පෞරාණිකත්ව රැකෙනා පරිදි සංරක්‍ෂකය කර තිබේ. කරින් කද රැගෙන ඔබමොබ සැරිසැරූ  මාඵ, සහ වළං කත් කරුවන් 80 දශකය දක්වා සුලභ දසුනක්ව පැවතියේය.













එදා ඇසුණු ගී - බ්ලොග් ලිපි සමූහය
10 නවම් මස 2023