namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 30, 2016

කාංචනා ගේ අන්දරය - (02 කොටස)

කාංචනා ගේ අන්දරය - (02 කොටස) - භවතු සබ්බ මංගලම්


ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා පබැඳූ ගී අතර හමුවෙන සුවිශේෂී නිර්මාණයකි

තම දිවියේ එක්‌වරක්‌ පමණක්‌ අත්විඳිය හැකි අසිරිමත් මොහොතේ එනම් හෙළ කුල සිරිත ලෙස පතිකුලයට යන යුවතිය පෝරුමස්‌තක වු නිමේශයේ ගැයෙන මංගල අෂ්ඨක අතර එන ඉහත පාඨය රැගත් එකම ගී නිර්මාණය එය යෑයි අනුමාන කෙරේ

එවක 70 දශකයේ ගුවන් විදුලියේ දේශිය ගී සම්ප්‍රාදයට ප්‍රමුඛත්වයක්‌ ලැබී තිබිණි ඒ අනුව නිපැයුණු වැඩසටහන් අතරින් සිංහල විරිදු ගීත කලාවේ උන්නතිය උදෙසා එයින් සිදුවූ කාර්යභාරය ද සුඵකොට තැකිය නොහේ

ඒ අනුව ශ්‍රාවකයා අතරට සපැමිණි ශිල්පීන් වූ දයා නෙල්ලම්පිටිය සේන ෆොන්සේකා ට පසුව කියෑවුනේ ශිලා පරණමානගේ නාමයයි

ඇයගේ ශිල්පීය දක්‍ෂතාව ඉන් ඔබ්බට විහිදවාලන්නට අතහිත දුන් ඒ ගීතය සම්බන්ධයෙන් මාලා වජිරා පෙරේරා දොඩමඵ වුයේ මෙසේය

ඕකේ මෙලඩි එක හැදුවේ අපේ ආයතනයේ සේවය කරපු බොහෝම දක්‍ෂයෙක්‌ එයා තමයි සරත් බාලසූරිය

එතකොට අපි පදිංචිවෙල හිටපු මහරගම ගෙදරට ඇවිත් පදමාලාව මගෙන් ඉල්ලාගත්තා

ආලින්දයේ පුටු සෙට්‌ එකේ වාඩිවෙලා එයා අතින් මේසයට තට්‌ටු කර කර කොල කෑල්ලක ඒවා සටහන් කරනවා මං බලාගෙන

ඒ වගේ පුදුම හැකියාවක්‌ තිබුණු කෙනෙක්‌ මට මුණගැසුනාමයි

එයා හදපු මියුසික්‌ නිසා ඒකත් බොහොම ඉක්‌මනට ජනප්‍රිය වුනා කියලයි මම හිතන්නේ

සරත් බාලසූරිය අපේ සංගීතවේදියා ත් මේ වෙලාවේ මා ගෞරවයෙන් සිහිපත් කරනවා

මෙතැනින් සවන්දෙන්න
---
(කාංචනා සත්‍ය සිදුවීමක්‌ ඇසුරෙන් කල නිර්මාණයක්‌ )

සේයා  රූ  විස්‌තර

01 මලා වජිරා පෙරේරා තම දියණිවරුන් සමග



වමේ සිට
තරංගා සම්මානී

(වැඩිමහඵ දියණි)මාලා වජිරා පෙරේරා මහත්මියතුෂාරා රංගනී
(බාලම දියණි)සිතාරා පවිත්‍රානී (සුජාත දියණී රූපවාහිනී හඩ නඵව - චංගුමී හඩකැවීම් ශිල්පිනිය)

02 කඵ - සුදු සේයාරුව - ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සරත් බාලසූරිය (1997)

(ඔහු පිළිබඳව තොරතුරු සඳහා පෙර ලිපි පරිශීලනය කරන්න)


Wednesday, May 4, 2016

කාංචනාගේ අන්දරය

පසුවට ඔබ පසුතැවෙනු එපා


මේ කියන කාංචනා කොළොම්පුරවරයේ යොවුන් දැරිවියක්‌

ඈ තමාට වඩා බෙහෙවින් වැඩිහිටි පුද්ගලයෙකු හා පෙමින් වෙළි සිටියා

ඇගේ දෙම්ව්පියන් එයාකාරයේ සම්බන්ධයකට විරුද්ධ වීම අසන්නත් දෙයක්‌ද ?

 ඔවුන් මහත් සේ කැළඹී සිටියා

ඒ වගේම බෙහෙවින් අසිරූතාවයකට පත් වී සිටියා

 ඇය වැඩිහිටි කිසිවෙකුගේ බහට කන්දෙන්නට සූදානම් ව සිටියේ නෑ ඒ නිසා ඔවුන්ද මහත් අසරණ තත්වයකට පත් වී සිටියා

එය මගේ සිතද බෙහෙවින් සසළ කළා

මේ අතරවාරයේ  ගුවන් විදුලියේ එක්‌තරා වැඩමුඵවකට සහභාගී වීම පිනිස අපට උතුරුමැද පළාතට යන්නට සිදුව තිබුනා

එදා රාත්‍රියේ  ගුරු ඇබැසී පුහුණු විදුහලක අපට නවාතැන් ලැබුනා

ඈතඉමේ රක්‌තවර්ණ අහසේ හිරු අවරට යමින් තිබුන ගොම්මන් වෙලාවේ දී පවා ඇගZට දැණුන අපහසුව කියන්න බැරි තරම්  ග්‍රිෂ්මය සමග තවත් මහ කරදරයකට මුහුණ දෙන්නට අප කන්ඩායමේ සාමාජිකාවකටත් මටත් සිදුවුනා

ඒ කෝඳුරු කරදරයක්‌

මේ කෝඳුරු සේනාවෙන් බේරෙන්නට නම් අපට කොහෙත්ම පුඵවන් වුනේ නෑ

 මෙs ගැන සංවාදයක්‌ ගොඩනැගෙද්දී අපට ඒ පළාතේ උදවියගෙන් දැනගන්නට ලැබුනේ අපූරු කථාවක්‌

ඒ දඵක්‌ ගස්‌වල මල් හටගන්නා කාලයක්‌ බවත් එහි පැණි උරා බොන්නට මේ කෝඳුරුවන් දහස්‌ ගණනින් ඇදි එන බවත් ය

නමුත් දඵක්‌ පැණි විෂ සහිතයි ඒ නිසා මෙa කුඩා සතුන් එහි ඇළි මියයනවා

ඒ සැන්දෑ යාමයේ අප නැවතී සිටි ගොඩනැගිල්ලේ කවුඵවෙන් එපිට ඇසගැටුණු තුරු සෙවණක්‌ යට හිඳ පෙම්බස්‌ දොඩමින්  සිටින යුවළකගේ දසුන කාංචනාගේ සිදුවීම  මතකයට නංවනු ලැබුවා

කෝඳුරු කරදරයද මෙකී සිදුවීම ද පාදක කරගනිමින් මා අතින් කාංචනා පදවැල් එකින් එක ගෙතෙන්නට පටන් ගත්තා

පසු දිනක ත්‍යාගා මා සොයා ආවේ ඇගේ සරළ ගී වැඩසටහනක ගීතයක්‌ සොයාගන්න උත්සහ දරමින් සිටියදීය

එදා ගෙතු පදවැළ ඉතිරි කොටස්‌ එතැනදී සම්පූර්ණ කරනු ලැබq මා එය  ඇය අත තබා විමසා සිටියේ සංගීත නිර්මාණය කරන්නේ කවුරුන්ද යන වගයි

 ඒ අපේ ස්‌ටැන්ලි මාස්‌ටර්

පිළිතුරු ලෙස ඇය ප්‍රකාශ කළ

එදින මෙය පටිගත කරනු ලැබුවා

පසුව මෙය තැටිගත කර ප්‍රචාරය කරන්නට පටන් ගත්තට පස්‌සේ අති මහත් ශ්‍රාවක ප්‍රතිචාරයක්‌ ලැබුවා මතකයි


ඒ මෙය සමහරුන්ගේ පෞද්ගලික ජීවිතයට කෙළින්ම බලපාන කරුණක්‌ අරභයා ලියූ පදවැළක් නිසා වන්නට ඇතැයි සිතෙනවා

ඇය මෙs නිර්මාණයේ පසුබිම් කථාව ට විරාමය තැබුවේ ඒ අයුරින්

ඇය ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාවක්‌ කිවිඳියක්‌ පුවත්පත් විශේෂාංග ලේඛිකාවක්‌ වන මාලා වජිරා පෙරේරා ය
 









දඵක්‌  (Euphorbia antiquorum)- වියළි කලාපයේ වැවෙන ඔෂධීය පැළැටියකි කටු සහිතය අර්ශස්‌ මළබද්ධය ඉදිමුම් සමේ රෝග ඇතුඵ රෝග කිහිපයක ප්‍රතිකාර සඳහා භාවිතා කෙරේ


මෙතැනින් අසන්න

(මුල් පිටපත - 1976)

--------------------------

වෙනත් පටිගතකිරීමක්‌ රසවිඳින්න - සුපර් ෂයින් වාදක මන්ඩලය ත්‍යාගා එන් එඩ්වර්ඩ් සමග

(අනුග්‍රහය - ගී සංරක්‍ෂක ළකිඳු පීරිස්‌ මහතා විසිනි)

------------------------------

මේ ඇයගේ කථාවයි


කොළඹ දෙමටගොඩ පදිංචිවී සිටි ඇය හා පුරා කියා අකුරු කලේ යාබදව පිහිටි ශාන්ත ජෝශප් බාලිකා පාසලට ඇතුළත්වීමෙනි


ඉන් පසුව එවකට බැප්ටිස්‌ට්‌ විදුහල ලෙස ද හැඳින්වූ දැන් යශෝධරා බාලිකාවියක්‌ව පාසල් අධ්‍යාපනයේ යෙදෙන අතරතුරදීය ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහභාගි විය

සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කථාව සිනමා සිත්තම වෙනුවෙන් හඩ දායකත්වය සැපයූ ඇය එහි සුඵ චරිතයක්‌ද රගZපැවාය

පසුව ගුවන් විදුලියේ රන් යුගයේ එනම් 1972 වසරේ දී සහන නිවේදිකdවක්‌ ලෙස සේවයට බැඳුනු කණ්‌ඩායමට ඇය ඇතුඵ ආරියසිරි විතානගේ / සමදරා කෝට්‌ටගේ / ඉන්ද්‍රා රාමණායක / සෝමසිරි චන්ද්‍රසේන ද ඇතුළත් විය

 එතැනින් ඔබ්බට පියමං කරමින් ගුවන් විදුලි ළමා වැඩසටහන් නිෂ්පාÈදිකාවක්‌ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක්‌ ශිල්පීන් පුහුණු කරන්නියක්‌ ලෙස කටයුතු කරනු ලැබූ මාලා වජිරා තම ආයතනයේ අමිල සම්පත වූ තැටි-පටි පුස්‌තකාලය වෙනුවෙන් කරනු ලැබු මහගු කර්තව්‍යය වූයේ එහි ග්‍රැමෆොaන් තැට්‌ වර්ග කර තෝරා ඊට සුචියක්‌ සකස්‌ කිරීමයි

 ඇය ගේ පෑන් තුඩින් ලියෑවුණු ගීත ද සංඛ්‍යාත්මක අඩු ගණනක්‌ වූවද ඒවා ශ්‍රාවක හදවත් ආදරයෙන් වැළඳගත් නිර්මාණයන් විය

 ඒ අතර

 දෑස වසා සිටියා (මායා දමයන්ති) / රන්හූයෙන් (ශීලා පරණමානගේ) /  එපා එපා ඉකිබිඳ හඩනු එපා (අමරා රණතුංග) වැනි නිර්මාණ ද සුවිශේෂීය

පෞද්ගලික දිවියේ විවහක තිදරු මවක්‌ ලෙස කාර්ය බහුල වූවද ඉහත කී වැඩකටයුතු කරමින්ම දිවයිනේ නමගිය පුවත්පත් - සගරා සඳහා ලිපි සැපයීම ද අඛන්ඩව සිදු කළේය

 තම නිසග හැකියාව ගුවන් විදුලියට පමණක්‌ සිමා නොකර ඈ සිනමාවට අවතීර්ණ වූයේ ද ස්‌වකීය ජන්ම දායාදය වූ කටහඩ උපයෝගි කරගනිමිනි ඒ

සිනමා සිත්තම් 250 කට ආසන්න සංඛ්‍යාවකට දෙබස්‌ කවන්නට එක්‌වීමෙනි ඒ අතර  කල්යානි ගංගා / ඇස්‌ ඉÈßපිට / පෙම්බර මධු / සතර පෙර නිමිñති / රත්තරං අම්මා / කෝලංකාරයෝ ද වෙයි

  80 දශකයේදී එවක පැවති රජයේ අමාත්‍ය පෙස්‌ටස්‌ පෙරේරා මහතා යටතේ ක්‍රියාත්මක වූ ධීවර හා විදුලි බල අමාත්‍යංශයන්හි ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කරනු ලැබීය (ධීවරයා සගරාවේ කාන්තා අංශය ද ඇතුලත්ව)


එවකට ගුවන් විදුලි ශ්‍රාවක දන තුඩ තුඩ රැව්දුනු තම නිර්මාණය අනුව යමින් දඵක්‌ මලේ පැණි නමින් වූ චිත්‍ර කථාව රචනා කරන්නට ඇය සමත්වුයේ ඒ යුගෙයේ ජනප්‍රියතම ලේක්‌ හවුස්‌ චිත්‍රකථා ප්‍රකාශනය වූ මධුර පත්‍රය වෙනුවෙනි

 මේ කටයුතු අතරවාරයේ තම සුපුරුදු ගුවන් විදුලියේ තෙවන ප්‍රදේශිය මධ්‍යස්‌ථානය ලෙස ඇරඹුනු මහනුවර සේවයේ එනම් වර්තමාන කඳුරට සේවයේ නිවේදිකාවක්‌ ලෙස ද 1984-86 කාලයේදී කටයුතු කරනු ලැබීය

ඒ එවක ළදරු වියේ පසුවුනු සහෝදර විද්Hqත් මාධ්‍යය වූ ජාතික රූපවාහිනියේ ද කාන්තා හා ළමා වැඩසටහන් සඳහා තම දායකත්වය සපයමින්ය

දශක 3 ට අධික කාලයකදී කලා ක්‍ෂේත්‍රයට කරනු ලැබූ සේවය අගයා ඇය 2014 වසරේ කලාභුෂණ සම්මානයෙන්
පුදනු ලැබිය
-------------------------------------


වෘත්තිය ජිවීතයේදී තම ප්‍රධානීන් ලෙස කටයුතු කළ නැසිගිය රිජ්වේ තිලකරත්න තේවිස්‌ ගුරුගේ මහත්වරුන්ගෙන් ලැබුනු මග පෙන්වීම සහ සහයෝගය ඇය කෘතවේදිව සිහිපත් කරන්නීය

Monday, May 2, 2016

හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාව

හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාවක රසමුසුව  - 01



ගීතයකට සවන් යොමා පුරුදු ශ්‍රාවකයා නිතැතින්ම එහි සම්මත ආකෘතියක්‌ හඳුනාගනී

ඒ අනුව

01 ආරම්භක වාදනය
02 ස්‌ථායි කොටස
03 පළමු අන්තර් වාදනය
04 අන්තර කොටස
05 ස්‌ථායි කොටසේ පුනරුච්චාරණය
06 දෙවන අන්තර් වාදනය (පළමු වාදනය හා සමාන විය හැක)
07 දෙවන අන්තරා කොටස
08 ස්‌ථායි කොටසේ දෙවැනි පුනරුච්චාරණය
09 අවසන් වාදනය

ගීතයක රස මිහිර උද්දීපනය කරන්නට මේවා යේ විවිධත්වය වැයෙන නාදරටා සංකලනය කළ ඇති අයුර යන මේවා හේතු විය හැකිය

මෙහිදී මින් වෙනස්‌ මගක්‌ ගනු ලැබුවේ සිංහල ගැමි ජනකවි හා ගායන පාඨ ඇසුරෙන් නිර්මාණය වූ ගායනාවන්ය

ඒ සඳහා කැපවුනු පළමු හා එකම රාජ්‍ය ආයතනය ගුවන් විදුලියයි ඒ 1970 වසරේදි එහි ප්‍රධානි නෙවිල් ජයවීරයන්ගේ මග පෙන්විමෙන් පිහිටවු සංගීත පර්යේෂණ අංශයයි

ඊට මුල්වී කටයුතු කරන්නට ඇවැසි දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට පත් සමතුන් එවකට එහි සේවය කරනු ලැබීය

ඒ අතරින් කියෑවෙන ප්‍රමුඛතම නාමය වන්නේ

නැසිගිය සී ද එස්‌ කුලතිළක යන්න යි

 ජන සංගීතයට ඇඵම් කළ එය ප්‍රවර්ධනය කළ දැවැන්තයා ඔහුය

භාරතයේ විශ්ව භාරති සංගීත ආයතනයෙන් ලැබූ හින්දුස්‌ථානි සංගීතය පිළිබඳ විෂයානුබද්ධ දැනුමෙන් පරිපුර්ණව සිටියද ඔහුගේ ගත- සිත රැඳුනේ තම මව්බිමේ අනාදිමත් කාලයක්‌ සිට පැවතෙන ජන ගීතයේය

උක්‌ත විෂය සම්බන්ධයෙන් අත්කරගෙන තිබු ප්‍රමාණත්මක දැනුමෙන් ද අනුනව සිටි ඔශු ට ලැබුනු මහගු අවස්‌ථාව වුයේ තම ආයතනයට අඵතෙන් පත්ව ප්‍රධානියා වූ රිජ්වේ තිලකරත්නයන්ය

1974 වසරේ දී දෙදෙන ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිපලය වුයේ මුල්ම ගුවන් විදුලි ජන ගී දිර්ඝ ධාවන තැටිය එළි දැක්‌වීමයි ඒ ගුවන් විදුලි සංගීත පර්යේෂණ අංශය වෙතිනි

එවකට එහි පැවති හින්දුස්‌ථානි සංගීත ගුරුකුලයේ පැවැත්ම වෙනුවෙන් පෙනි සිටි කලහකරුවන් වෙතින් එල්ල වූ අභියෝගය ජයගන්නට තමා සමත් වූ බව කුලතිලකයන් විසින් පසුව සඳහන් කරන්නට යෙදිනි

ඔවුහු එකි ගී පටිගත කිරිම උදෙසා යොදාගනු ලැබුවේද දේශිය සංගීත භාන්ඩයන්ය

ඒ අනුව ගැට බෙරය / පහතරට බෙරය / තාලම් පොට / තම්මැට්‌ටම යන මේ වද්‍ය භාන්ඩයන්ගේ හඩ මුසුවූ ගීත වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ගුවන් විදුලයෙන් ඇසෙමින් තිබිණි

එකී අංශයේ නිර්මාණ පෙළ සඳහා හඩ මුසු කරන්නට වරම් ලැබුවන් අතර

රෝහන බැද්දගේ / ටී එම් ජයරත්න / නීලා වික්‍රමසිංහ / නන්දා පතිරණ වැන්නවුන් ගේ නාමය ඉහළින්ම කියෑවෙයි

එදා එකී පර්යේෂණ ගී අංශයෙන් කළඑළි බට එදා ගුවන සිසාර ඇසී අද දිනයේ සැගවී නොඇසි ගීය නිර්මාණයක රස මිහිර යළි විඳගන්නට ඇරයුමකි මේ


------------------------------------
මෙs නෙඵම් කවි ඇසුරු කරමින් එහි රසමිහිර මතු කරවාලන්නට දරනු ලැබූ උත්සහයකි

හිරු දෙවියන් වැඳ අවසර  ගත්තා
සඳ දෙවියන් වැඳ අවසර   ගත්තා
ඉටු දෙවියන් සැම සිහිකර  ගත්තා
ගොයම් කැපුමකට දෑකැති ගත්තා

මෙහි හඩ මුසුකරනු ලැබු ජ්‍යෙෂ්ඨ ශිල්පිණි නන්දා පතිරණ ගේ හෙළිදරවුවයි මේ

මේ ගීතය මට ලැබුනේ එදා මීට සංගිතය නිර්මාණය කරන්නට යෙදුනු නැසිගිය ප්‍රේමදාස අතුකෝරාළ සංගීතවේදියා හරහායි

ඒ අනුව එහි පදරචනය කොට ඇත්තේ කැළණියේ ඩබ්ලිව් විල්ෆ්‍රඩ් මහතා විසින්

එදා මෙහි වාදන සහයට පියදාස අතුකෝරාළ සංගීතවේදියා ද සම්බන්ධ වු බවට මතකයි බෙරය වාදනයය කලේ එදා ගුවන් විදුලි වාදක මන්ඩලයේ ප්‍රවිණ බෙරවාදන ශිල්පී සන්දෝරිස්‌ ජයන්තයන් විසින්

කොහොම හරි මේ ගීතය පටිගත කරන සමයේ මගේ පසුව ඉතා ජනප්‍රිය වූ මල්වනේ රෝස කැකුඵ ගීතයට පෙරාතුවයි



මුලාශ්‍ර - හඩ සගරාව

විශේෂ ස්‌තුතියි - නන්දා පතිරණ මහත්මිය

මෙතැනින් සවන්දෙන්න

Thursday, April 7, 2016

මියුරස වෑහෙන සිංහල සිනමා ගීයේ විසිතුරු


මියුරස වෑහෙන සිංහල සිනමා ගීයේ විසිතුරු - ඩඩ්ලි වානගුරු සිනමා නිර්මාණය සැගවුණු මැණික - 1967 අප්‍රේල් 07


මේ 1960 දශකයයි නොබෝදා භාරතයේ නිකුත් වූ නවතම හින්දි සිනමා පටයේ ගී තැටිය වාදනය කෙරෙමින් පවතී

ගායකයා එය උනන්දුවෙන් සවන් දෙයි

කොතරම් නම් සුන්දර ද ? මිහිරි ද ?

 

මීට සුදුසු සිංහල වදන් ඇමිණීම විශේෂඥයා කවුරුන්දැයි ඔශු දනී එහෙත් ස්‌වර ලිපිය ?

ඊට ද විශේෂඥයෙකු පෙනෙන ඉසව්වේම සිටියි ගායකයා ඔශු කැඳවාගෙන විත් එය සවන් දීමට සලස්‌වයි

ගීතය අඩංගු තැටිය ධාවනය වෙමින් පවතී
අප කථා නායකයාණෝ කඩදාසි කොළයක්‌ ගෙන වහා වහා එහි ස්‌වර මාළාව සටහන් කර ගන්නා අයුරු සෙස්‌සෝ අයාගත් මුවින් යුතුව බලා සිටිති

ගීතය ධාවනය වී අවසානය ස්‌වර ලිපිය ද සූදානම්ය ඉතිරි වැඩ කොටස එතරම් අසීරු නොවේ

කෙසගZ කුඩා සිරුරකින් හෙබියාවවුවත්  හෙළ ගීය වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක්‌ ඉටු කළ මෙs අපූරු සංගීතවෙsදියා / වාදකයා / එතරම් ප්‍රකට නොවූ ගායකයා දැන් අප අතර නැතත් ඔශුගේ අමරණීය තනු නිර්මාණ පෙළ එදත් අදත් හෙටත් සුභාවිත සිංහල ගී ශ්‍රාවකයන් පිනවනු ලබයි

මෙs දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

වර්ෂ 1934 නිකිණි මස 11 වන දාතමින් කොළඹ නගරයේ කොටහේන ජන්ම ලාභය ලැබූ හෙතම පැට්රික් දෙණිපිටිය නමි විය

දුම්රිය ස්‌ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කල පියාණන්ගේ රැකියාව නිසා ඔහු දිවයිනේ ප්‍රකට පාසල් ගණනාවක ශිෂ්‍ය දිවියකට හිමිකමි ලබන්නට සිදු විය

ශාන්ත තෝමස්‌ - මාතලේ / ශාන්ත මරියා  - නාවලපිටිය / ශාන්ත සෙබස්‌තියන් - මොරටුව / ශාන්ත ඇලොෂියස්‌ / ශාන්ත බෙනඩික්‌ට්‌ - කොටහේන ඒ පාසල්ය

නාවලපිටියේ දී හිරිමල් වියේ සිසුවකුව සිටි ඔහු  ශාන්ත මරියා දේවස්‌ථානයේ ගීතිකා කණ්‌ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවේ තමාට වඩා තරමක්‌ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ ක්‍රිස්‌ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු සමගය (පසුව හෙළ ගීයේ ජයදද නැංවු සී ටී ප්‍රනාන්දු)

පසු කලෙක අගනුවර ආසන්නෙයේ  ජා ඇළ දිවි ගෙවූ ඔහුගේ ගායන- වාදන ශිල්පය ඔපමට්‌ටම් වූයේ බම්බලපිටියේ  සංගීත පාසලක්‌ පවත්වා ගෙන ගිය සුනිල් ශාන්තයන් ඇසුරේය

හෙළ හවුලේ ක්‍රියාකාරී සුනිලුන් තම ස්‌වරලිපි සඳහා මහප්‍රාණ ධ අක්‍ෂරය වෙනුවට සාමාන්‍ය ද යෙදීම පුරුද්දක්‌ කරගෙන තිබිනි පැටි්‍රක්‌ තම ගුරුදේවාණන්ට උපහාර දැක්‌වුයේ මුඵ දිවිය පුරාම ඔශුගේ ඒ ක්‍රමය තමා විසින්ද අඛන්ඩව භාවිතා කිරීමෙනි


වැඩිදෙනෙකු අත නොරැඳුනු එතරම්ම ප්‍රකට නොවූ බටහිර ගීටාර් පවුල නියෝජනය කළ වාද්‍ය භාන්ඩයක්‌ වූ හවායන් ගිටාරය ට පෙමිබැඳි ඔශු තම නිර්මාණ සඳහා ද වෙනත් පටිගතකිරීම් උදෙසා ද නිරතුරු එය යොදාගනු ලැබීය

මෙs අතරවාරයේ තම සිසුවාගේ නිසග හැකියාව මනාව අවබෝධ කරගනු ලැබූ සුනිලුන් තමන්ගේ ගුවන් විදුලි ගී නිර්මාණයන් හි වාද්‍ය ශිල්පියෙකු ලෙස ඔහුව සහභාගි කරවා ගනු ලැබීය (පහත නිදසුන් පරිශීලනය කරන්න)

තම ගුරුදේවාණන්ගේ අති සුමියුරු ගී නිර්මාණයන් හි අගය වටහ ගත් ඔහු මතු පරපුර උදෙසා ඒවා ආරක්‍ෂාකර තැබීමේ අදහසින් පසු කාලයකදී තමාම මැදිහත් වී බලවත් පෙරැත්තයකින් හා ආයචනයකින් පසුව ඒවා යළි පටිගත කරනු ලැබීය

1957 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේද අනතුරුව කොළඹ ලේක්‌හවුස්‌ ආයතනයේ හා ලේක්‌ හවුස්‌ පොත්හලේ ද සේවය කල ඔහු ඒ අතරවාරයේ නිර්මාණකරයේ අඛන්ඩව  යෙදී සිටියේය

සිනමා සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නට දොරටු විවෘත ව ඔහු විසින් ඒ කටයුත්ත අති සාර්ථකව සම්පූර්ණ කරනු ලැබුවෙs අමරණීය මියුරු ගී තනු රැසක්‌ ඊට දායද කරවීමෙන ඉහත සඳහන් වන්නේ ඔහුගේ මංගල සිනමා සංගීත අධ්‍යක්‍ෂණයයි

මුල් යුගයේ දී නිරතුරු ඔහුගේ වාද්‍ය වෘන්දයේ සේවය කලවුන් අතර හෙළ ගී කලාවේ නමරැන්දුවෝ වූ එම් කේ රොක්‌සාමි හා ටී එෆ් ලතීෆ් ද විය

ලංකාවේ ප්‍රථම වරට ලන්ඩනයේ සංගීත ප්‍රසංගයකට සහභාගී විමට වරම් ලැබූ තම සගයා වූ සී ටී ප්‍රනාන්දු වෙනුවෙන් එහිගොස්‌ වාදනයෙන් සහභාගි වන්නට ඔහු අවස්‌ථාව උදාකර ගත්තේය

පසුව 70 දශකයේදී තමා විසින්ම ප්‍රැටික්‌ දෙණිපිටිය - කොම්බෝ නමින් වාද්‍ය වෘන්දයක්‌ බිහිරවාගත් ඔශු ඒ ඔස්‌සේ ප්‍රසංග වෙsදිකාව හැඩ ගැන්වීය


90 දශකයේ සිංහල සංගීතයේ අඳුරු යුගය එළඹෙන යාමයේ කැනඩාව ට සංක්‍රමණය වූ මෙs සංවෙsදී සුන්දර සංගීතවෙsදියාණන් 1996 දී දැඩි ලෙස රෝගාතුර විය

21 සියවස එළැඹී 13 වන වසර ගතවෙද්දී මැදින් මස 23 දාතමින් තම ආදරණිය රසිකයාගෙන් ගව් සියගව් දහස්‌ ගණනක්‌ දුරින් සිට මෙs උත්කෘෂ්ඨ නිර්මාණකරුවාණෝ අවසන් හුස්‌ම පොද වා තලයට මසුකළහ
------------------
පැට්රික් දෙණිපිටිය අමරණීය සිනමා ගී නිර්මාණ

සැගවුනු මැණික - ඩඩ්ලි වානගුරු

ඈත කඳුරැලි සිඹ සිඹ දැවිටිලා - (සී ඩී ෆොන්සේකා / සි ටී ප්‍රනාන්දු) / සාගර රැල්ල ගලා වෙරලෙම බැස යනවා / සුදු පිරුවට රෙද්දේ කවුරුදෝ මඩදිය පිරිමැද්දේ (බෙග්) / පිපිලා හද විලේ - (ධර්මදාස වල්පොළ - ලතා වල්පොළ)

සැණකෙලිය - හර්බට්‌ රංජිත් පීරිස්‌

රැයක්‌ උපද්දා හිරු ඈත්ව යන්නා (මිල්ටන් මල්ලවාරච්චි) / සමනළ රෑණක්‌ සේ (ඉන්ද්‍රාණි පෙරේරා - මිල්ටන් මල්ලවාරච්චි)
පැට්රික්  දෙණිපිටිය - හවායන් ගිටාරයේ ශ්‍රී ලාංකික ලකුණ

ශෝකී හඩක්‌ නංවන මෙs වාද්‍ය භාන්ඩය ගීයක සංවෙදීs බව තිව්ර කිරීම සඳහා විශේෂයෙන් යොදාගනු ලැබේ හැගුම්බර පදවැල් ඔස්‌සේ සංනිවේදනය කරන අදහස තිව්ර කිරීම එයින් සිදුකෙරේ ඒ අනුව විරහ වෙsදනාව සංගීතයෙන් ප්‍රකාශ කිරිමේ මාධ්‍යයක්‌ ලෙස එය වඩාත් ප්‍රථිපලදායකය

ලෝහ කැබැල්ලකින් තත් හඩවන්නේ එය ආධාරකයක තිරස්‌ව රඳවා ගෙනය

නිදසුන් (මුල් පිටපත් අධ්‍යයනය කරන්න)

01 මා නිසා ඔබ නොපිරූ පෙරුම්  - (මිල්ටන් මල්ලවාරච්චි විරහ ගීය)

කෝ එදා ඔබ අත පැළැන්දුව මුදුව කෝ කොයිදෝ / මාලිගාවක රජ කෙනෙක්‌ වත් යනවද කැඳවා

02 ඈත රන් කැඵම් අතරින් (මිල්ටන්)

අන්තර් වාදනය හා අන්තරා කොටස්‌ අතරවාරයේ


යන මේ අවස්‌ථා
--------------------------
වෙළඳ තැටි හා ගුවන් විදුලි නිර්මාණ

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ (ආර් එස්‌ ෆොන්සේකා-රසීනා යකීම්-ඇන්ජලීන් ද ලැනරෝල් ගුණතිලක) / පුඵන් වගේ සුදු රැවුල දිගයි (ආර් එස්‌-රසීනා-ඇන්ජලීන්) / හිතේ එකක්‌ තියා එකක්‌ කියන්නෙපා (ඇන්ජලීන්) / ඉගිලෙන්නට බැහැනේ තටු ඇවිදින් නැහැනේ (ඇන්ජලීන්) / ඉවුරු තලා ගංගා බැස යනවා (මිල්ටන්) / මා නිසා ඔබ (මිල්ටන්) / සයුරු තෙරේදී අවන් හලේදී (මිල්ටන්) / ඈත රන් කැඵම් අතරින් (මිල්ටන්) / උමයංගනියෝ සුර ලාලනියෝ (ජෝති) / අපරට සුරකින සුර රජිඳේ (ජෝති) / රුවන් අඹර සෙමෙර සලන වලා පෙළගැසේ (ලතා දිසානයක - ජයතිස්‌ස හෙට්‌ටිආරච්චි) / ශ්‍රිණි විභුෂිත ලංකා බැබලේ (ලතා වල්පොල) /

----------------------------
(පරිශීලනය - ගුවන් විදුලි හඩ සගරාව වෙනුවෙන් සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න ලියු ලිපියක්‌ ඇසුරෙනි)


ගීතය - සැගවුණු මැණික - 1967

පිපිලා හද විලේ (මුල් පිටපත)

අධ්‍යක්‍ෂණය- ඩඩ්ලි වානගුරු
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - පැට්‍රික්‌ දෙණිපිටිය
ගායනය - ධර්මදාස වල්පොළ - ලතා වල්පොළ


මෙතැනින් සවන්දෙන්න



යු තලයේ සිනමා දර්ශනය
------------------------

-------------------------------------

උමයංගනියෝ සුරලාලනියෝ (මුල් පිටපත)

පද රචනය - කේ ඩී කේ ධර්මවර්ධන
තනුව හා සංගීතය - පැට්‍රික්‌ දෙණිපිටිය
ගායනය - එච් ආර් ජෝතිපාල

-----------------------------------
මෙතැනින් සවන්දෙන්න


පැ
ට්‍රික්‌ දෙණිපිටිය අමරණීය ගී තනු නිර්මාණ  - හවායන් ගිටාර් නාදමාලා එකතුව මෙතැනින් ශ්‍රවණය කරන්න

Tuesday, March 29, 2016

නලලතේ රැඳි සිකුරා හිනැහෙයි




සුන්දර කන්ද උඩරට දළදා සමිඳු වැඩසිටින ඉසව්වට පෙනෙන දුරින් දම්රදයේ සිට අකුරු කළ ඔහු ගේ නිති ඇසුර ඉන් මදක්‌ ඔබ්බෙන් වැව් ඉවුරේ මල්වතු මහ විහාරයේ මහා යතිවරුන් අතර විය

පාලි-සංස්‌කෘත ද්විභාෂා මනාව ප්‍රගුණ කළ ඔහුගේ සිත නැවතුනේ ගුවන් විදුලියේය
ඒ නොනිමි ආශාවෙන් මඩනා ලදින් පේරාදෙණිය සරසවියේ රැකියාවෙන් ඉවත්වූ ඔහුගේ මිලග නවාතැන ගුවන් විදුලි තැටි ගබඩාවයි

1967 වසරේ කැඳවනු ලැබ තිබූ සහන නිවේදක තනතුරකට අයදුම් කරනු ලැබ එයින් 1970 ස්‌ථිර නිවේදකයෙකු ලෙස සේවය කරන්නට වරම් ලැබ දිවි ගමනේ විරාමය දක්‌වා රසඋල්පතක්‌ වන් ගී මුතු පොකුරක නිර්මාපකයාණෝ ලෙස අබිසෙස්‌ ලැබූවේය


1978 ප්‍රථම විධායක ජනපති පදවි ප්‍රාප්තියේ විසිතුරු  රටට හෙළිකරන්නට ඔහුගේ හඩ අවදිවිය
------
බිතුසිතුවම් රූ මෙන් පිටු නොපෑ හිතමිතුරාණෝ මිල්ටන් මල්ලවාරච්චිගේ පෙළඹවිම ඇවිටිල්ලක්‌ වී එයින් මගහැර නෑසුකන්ව නොසිටින්නට සිදුව


ආදරයේ මිහිර රැඳි - වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවඳ රැඳී - මහද පැසේ පැතුම් පිරී


නමින් තම කුරුටු ගෑ ඔහු ගේය පද ස්‌වර පද හා සංයෝග කලේ මිතුරුකැළේ යාවජීව සාමාජික වික්‌ටර් රත්නායකය

එයිනුදු නොවේ ඇවිටිල්ල නිමවූයේ ........

තමන්ගේ තුරුණුවියේ සාහිත්‍ය ඇසුරේ වනපොත් කල සැළලිහිණි සංදේශය අනුව යමින් යළිත් පෑන්තුඩ මෙහෙයවමින්


දෙඅදර විළිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීඳුම් සිහින වැල් පැටලේ


නමින් ලියූවේය

එයින් ලැබූ අසිමීත රසික ප්‍රතිචාරය විසින් මෙහෙයවනු ලැබ තමා කලෙක ප්‍රගුණ කල සංස්‌කෘත - සිංහල සාහිත්‍ය ඇසුර ලබමින්


උකුළ ළැමහස මලවි කරළිය මුවා කළ ඇගේ දුහුල් සඵතිර - විවර කෙරුවා

මනස්‌සළෙඵන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද

මා අබියස මැවෙන තුසිතය - සුරන් නැළවූ සුයාමය

නම් හෙළගීකෙත උඩුයටිකුරු කල නිර්මාණය සංයමයෙන් දැහැන්ගතව රසවිඳින්නට සමත් ශ්‍රාවක පිරිසකගේ මනදොළ සැපිරීය

1990 වසරේ තම ජිවිකාව සපයා දුන් ආයතනයට 21 වන සියවසේ තාක්‍ෂණික අරුමැසි අරුමයක උදාව සනිටුහන් කරන්නට දාඩිය මුගුරු හෙඵ ඔහු එහි පුරෝගාමි නිවේදකයාණෝ බවට පත්ව ඉතිහාස ගතවිනි

ඔහුද අද නැත - ඒ ශ්‍රාවක පිරිසද වියපත් ව යමින් සිටි

ඔහු වැන්නෝද  ඒ තැන ගන්නට සමත් ශ්‍රාවකයෝද පෙනෙන ඉසව්වක වත්  නොමැත

ඒ හෙළ ගී කෙත කටුකොහොල් වසා පැතිර වියළි යමින් පවතී


මේ උදාවන්නට නියමිතව ඇත්තේ ඇත්තේ ඔහු සමුගත් ඉක්‌බිති සොළොස්‌වන බක්‌මහ උළෙලයි

කඵආරච්චිගේ දොන් කුලසිරි ධර්මවර්ධන ප්‍රවිණ ගී පද රචකයාණෙනි ඔබ අපට යළි හමුවේවා
ඇසුර - හඩ සගරාව ඩබ්ලිව් කේ ඒ ප්‍රනාන්දු සටහන
-----------------------
නිර්මාණය

ඒ යුගයේ පැවතුනු එසේම ඔහුගේ සුපුරුදු  ගී පද රචනා කලාවෙන් විනිමුක්‌තව කරනු ලැබු නවමු අත්හදාබැලීමකි

තම්මැට්‌ටමක්‌ වයමින් පංචතූර්ය නාදය නංවන්නට උපයෝගි වූ සම්ප්‍රදායික හොරණෑවට ඉතා සමීප ඕබෝව නම් සුශිර භාන්ඩය යොදාගනු ලැබ තිබෙන පදමාලාව කුඵගන්වන ඊටම ගැලපෙන සංගීත සංකලනය ගීතයේ රසය දෙගුණ තෙගුණ කරයි


----------------------------
සංගීත අදියුරු ස්‌වර සංකලනය - සිසිර සේනාරත්න

හඩ ගන්වා පණපෙවීම - ඉන්ද්‍රාණි විජයබන්ඩාර

70 දශකයේ වෙළඳ තැටියකින් උපුටාගතිමි

වි‍‍‍ශේෂ ස්‌තූතිය- ඉන්ද්‍රාණි විජයබන්ඩාර මහත්මිය

මෙතැනින් සවන්දෙන්න


Tuesday, March 1, 2016

පවසනු බස මට වැටහේ  - දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය


1960 දශකයේ අවසන් වසර කිහිපය අතරින් එක්තරා දිනයකි

ගුවන් විදුලියේ 06 වන මැදිරිය කෙමෙන් කාර්යබහුල වෙමින් පවති

ඒ තවත් නොබෝ වෙsලාවකින් පටිගත කිරීමට සංගීතමය වැඩසටහනක් වෙනුවෙනි


ලැයිස්තුගත කර ඇති ගී අතරින් එකක් තෝරා අප කථානායකයා වෙත කලින් ලබාදී තිබුනෙන් ඔහු එය පුහුණුවන්නට සුදානමින් සිටින්නේ වාදක මන්ඩල ප්රධානියා ගේ අවසරය ලැබෙන තෙක්ය

වාදක මණ්ඩලයේ ඔහු හොඳින් හඳුනන්නේය

මැදිරියට ඇතුඵවුනු උස් පුද්ගලයා හඳුනාගන්නට ඔහු ට අසිරු නොවෙs ඒ රටෙs තොටෙs නමක් දිනා සිටි පී එල් ඒ සෝමපාලයන් ය

එක් පසෙක රොක්සාමි මාස්ටර් ය ඔහු දැහැන්ගතව වයලිනය සෙමෙන් හඩවනු පෙනේ

ඔහු පසුපසින් එඩිගා පෙරේරා වින්සටන්ටිද අල්විස් ඒලියන් ද සොයිසා වයලීන් අතැතිව අසුන්ගෙන සිටිති

ඈත කොනේ තාල තරංග වාදකයා නව යවිවනයෙකි ඒ රංජිත් බෝගෝඩ ය

තවත් නොබෝ වෙsලාවකින් පටිගතකරන්නට නියමිත ගීතයේ සංගීත අධ්යක්ෂවරයා මැදිරියට ඇතුඵ වෙමින් තමා දෙසට පියමං කරනු ඔහු දකි 

එහෙත් ඔහු පසුපසින් සෙමින් හා අසීරුවෙන් පා තබමින් ළමා සාරියකින් සැරසි එන මේ හිරිමල් යුවතිය කවුරුන්ද ??????

ආ .................

.......මෙs ළමයා අඵතෙන්ම මෙහෙ අපු කෙනෙක් හොඳටම සිංදු කියන්න පුඵවන් මෙයාව ඩුවටි එකට දැම්මට කමක් නෑ නේද ?

හරි හරි ඒකට කමක් නෑ අපි ප්රැක්ටිස් පටන්ගමුද ?

ඔවි එහෙනමි ලෑස්තිවෙමු

--------------------------------

මම උපන්නේ 1931 අවුරුද්දේ ජේසු ස්වාමි දරුවාණන් මෙs ලෝකෙට ආපු ඒ නත්තල් මාසේ 12 වෙනිදාවක

ගම නමි කඩුවෙල වැලිවිට කියන දිහාව

පුංචි කාලේ එහේ ඉඳන් ඉස්කොලේ ආවෙs ඔය ග්රැන්ඩිපාස් එකේ තිබුන සෙන්‍ ‍ජෝසප්ස් එකට

අපේ ගමේ පල්ලියේ කන්තාරු කන්ඩාය‍‍‍‍‍මේ වයලින් ගැහැව්වේ මමයි

 ඒ පල්ලිය දේව මෑණියන්ට කැප කරලා තිබිබ එකක්

එතකොටත් මට ඉයර් එකට ඕනෑම සංගීත භාන්ඩයක් ප්ලේ කරන්න පුඵවන් වුනා අදටත් ඒක එහෙමම තමයි

පස්සේ  මම රැකියාව කලේ කොටුවේ ගෆූර් බිල්ඩිමේ තිබුණු කේවි ඇන්ඩි කොමිපැනි කියන සමාගමේ ඔය ජෝතිපාලලාට ගීත ලියාපු ඇලෝයි ගුණවර්ධන ත් එහේ මාත් එක්ක වැඩකළා

මට තිබිබ ආසාව නිසාම ඉතින් ඔය කරුණාරත්න අබේසේකර එඩිමන්ඩි විජේවර්ධන මහත්තයාලා කරපු ආධුනික පැය වැඩසටහන් වලට ඇප්ලිකේෂ්න් දැම්මා

කැඳවීමක්‌ ලැබුනාද ?

ඔවි මම ගියා රේඩියෝ සිලෝන් එකට

නමුත් කිව්වේ නම් අනුන්ගේ සිංදු මොහොමඩ් රාෆි ගේ මෙරේ කහනි...... මට හොඳටම කියන්න පුඵවන් කම තිබිබා ඒ කාලේ

එතකොට පදිංචිය ?

ගමේ ..... 1950 දශකයේ ඒ

ඒ කාලේ රේඩියෝ සිලෝන් එකේ හිටියා පොස්ෆර් ප්‍රනාන්දු මහත්තයත් මගේ හිතේ

තව ඔය එඩී යාපා  බී ඇස් පෙරේරලා ත් මුණගැහෙනවා එයා පුදුම දක්‍ෂයෙක්‌ එහේ හිටපු


මම විවහ වුනේ 1958 අවුරුද්දේ

පස්සේ අපි මෙහෙ කුරණට පදිංචියට ආවා

ඔහොම ඉන්නකොට 60 දශකයේදි

ඔඩිෂන් එකකට අරන් සමත් වෙලා මට ලැබුනේ බී ශ්‍රේණිය ස්‌වදේශිය සේවයේ

පස්සේ මට එහෙ තරු හමුව කියලා වැඩසටහනකට සහභාගි වෙන්න ලැබුනා

එකේ එක සැරයක් ගීත 3 ක් ද

පසේසේ තරු වැණුම කියලා තවත් වැඩසටහනක 6 ක්ද පටිගත කලා

පුංචි දුවලා දෙන්නවත් එක්කරගෙන ගිහින් ළමා පිටියට සමිබන්ධ කළා
සුමනා ජයතිලක මහත්මිය ගේ වැඩසටහන් වලටත් දැම්මා

එයාලාත් ගීත තැටිගතකිරීමි වලට සහභාගි වුනා

ඔහොම ඉන්නකොට ........එක දවසක් මට සංගීත වැඩසටහනක කැඳවලා ලියුමක් ඇවිත් තිබිබා

එකේ නම තමයි  මියුරස වින්දන නිෂ්පාදනය දයාරත්න රණතුංග මහත්තයා ගේ

ඔය ගීතය කිවිවේ ඒ වැඩසටහනේ දී

රෙ‍කෝඩිං වලට හිටියේ මට මතක විදියට ගුණදාස කපුගේ එයා තමයි එහෙ ටෙක්නිකල් ඉන්ජිනියර් සිංදු කියන්නේ නෑ එතකොට එයා

ගීතය මගේ අතට දුන්නේ රේඩියෝ සිලෝන් එකට ගියාට පස්‌සේ  ලියලා තිබ්බේ  චින්තන විජේසිංහ කියලා කෙනෙක්

එම් එඩ්වඩ් පෙරේරා අපේ බොහොම දක්ෂ වයලින් වාදක මහත්තයෙක් එයා තමයි
ඕකේ සංගීතය හා තනුව නිර්මාණය කලේ

එදා එයා ඩුවට් එකට ගත්තේ එතකොට කවුරුත් අඳුරන්නේ නැති අඵත්ම  ළමයෙක්

එයා තමයි දැන් ඉතිං කවුරුත් දන්න   අපේ ජනප්‍රිය ගායිකාව නීලා......

නීලා වික්‍රමසිංහ

ඊට පස්සේ මම කරුණාරත්න අබේසේකර මහත්තයා නිවේදන කටයුතු කරපු ඉලාස්ටෝ ආයතනය විසින් ඉදිරිපත් කරපු වැඩසටහනකට ගීතයක් ගැයුවා

ඒ ගීතය ??

ඒ ලස්සන මැණිකාට මම ආදරෙයි කියලා එකක්‌

ඒකත් කාලෙක බොහොම ජනප්‍රිය  වුනා

ක්‍රිස්‌ටෝපර් පෝල්  ක්ලොඩ් ද සොයිසා ජී එස් බී රාණි වගේ අය මා සමග සමකාලිනව ඔය වැඩසහන් සමහරකට ගීත ගැයුවා ඔය කාලේම


ඒත් ඉතිං ඉන් පස්සේ මේ ක්‍ෂෙත්‍රයේ දිගටම රැඳෙන්න උත්සහ කලේ නැහැ

මොකද පෞද්ගලික වගකීමි හා රාජකාරි වැඩ ගොඩක් තිබිබ නිසා

පස්සේ අපි මේ පැත්තේ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා ටිකක් වෙනස් එකක් වෙනස තමයි ඒකේ වයලින් සර්පිනා ඩොල්කි මේ වගේ දේවල් තමයි වාදනය කලේ

ගමේ උත්සව වලදී වගේම පල්ලියේ මංගල්ලේ අපි ගායන වාදන ඉදිරිපත් කරා


විශේෂයෙන් මම කියන්න ඕනෑ මේ දේ මේ රටේ තමන්ගේ රැකියාව බවට පත් කරගන්නට නමි අපහසුයි එහෙම උනොත් අමාරුවේ වැටෙන්න පුඵවන්

 වෙනත් ආදායමි මාර්ග සමග කරන්නට ඇත්නම් තමයි වඩාත් හොඳ

සංවාදය අවසන් කරමින් ඔහු කිවේය
----------------------------
ඔහු වර්තමානයේ ගී-සිනමා-නdට්‍ය යන මෙs තුන් ඈඳුණු මාධ්ය වෙනුවෙන් මිණිමුතු වන් කලාකරුවන් ගණනාවක් ජනිත කළ කලා පවුල් ගණනාවක්‌ අදටත් වෙසෙන මිගමු පුරවරයේ පදිංචිව නිහඩව ම සංගීතය හා සමිබන්ධවම තමන්ගේම එසේම සිත්ගන්නාසුඵ ව්‍යාපාරයක නිරත වෙමින් දිවියේ සැඳෑ සමය ගතකරයි

එහිදී ඔහුගේ සුරතින් හැඩවැඩ වී කළඑළි බසින ස්‌පාඤ්ඤ ගීටාර් මෙන්ම විද්්‍යුත් ගිටාර් හුරුබුහුටිය කුඩා ය   ළමුන් උදෙසාය   නමුත් ඒවාද මියුරු සත්සර නාද රටා නැංවිමට අපොහොසත් නොවේ

අපි ඔහුට නිදුක් නිරෝගි සුව පතමු

ඔහු ගුවන් විදුලි ගායන ශිල්පී වැලිවිටවිතානගේ දොන් හෙන්රි ය



70 දශකයේ මතුනොව 80 දශකයේ ප්‍රචාරය වූ යුග ගී තීරය නමි වැඩසටහනේ දී වැඩිමනත්වද අසන්නන්ගේ ඉල්ලීමි තීරයේදීද නිවේදක කැළ අතරැඳි එල් පී තැටි ලේබලය කියවමින් ඔහුව අසන්නන් අතරට ගෙනගියේ මෙසේය

මේ ගීතය ගයන්නේ ශිල්පී ඩබිලිව් ඩි හෙන්රි සමග ශිල්පිනි නීලා වික්‍රමසිංහ
--------------------
නිර්මාණ සටහන

                  රෑණ කිතුල් නිල් වරළස......................
                                                මුකුඵ ලතාවට නැළවී......................
                                                              මට අමතන්නේ කුමටද මල්      හිමිදිරියේ...............................

සහය ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - චින්තන විජේසිංහ
තනුව හා සංගීතය - එම් එඩිවඩි පෙරේරා -  ගුවන් විදුලි වද්‍ය වෘන්දය - 60 දශකය

වැඩසටහන - මියුරස වින්දන
නිෂ්පාදනය - දයාරත්න රණතුංග
පටිගත කිරිමෙs මැදිරි ඉංජිනේරු - ගුණදාස කපුගේ

--------------------------------------
(සමිබන්ධිකරණය වෙනුවෙන් විශේෂ ස්තූතිය - කෙනත් පෙරේරා - ලින්ඩා පෙරේරා මහතaම මහත්මීන් යුවළ  - කුරණ - මිගමුව)

සවන්දෙන්න මෙතැනින්

Wednesday, February 24, 2016

70 දශකයේ යුග පෙරළිය - සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර


ක්‌ලැරන්ස්‌ ආතර් සෝමසිංහ විජේවර්ධන නමි ඔහු


සි ටි ප්‍රනාන්දු ගේ ගායනරටාව අධ්‍යයනය කරමින් 60 දශකයේ අතිශය ජනප්‍රිය බීට්‌ල්ස්‌ ගායක කන්ඩායම අනුකරණය කරමින්   ඉංග්‍රිසි ගී රස විඳිමින් සිටි ලාංකිකයන්ගේ ඒ ආකාරයේ එකී රිද්මයේ ගී පිපාසාව සංසිදවූයේ ඔහුය

එයින් වෙsගරිද්ම සිංහල පොප් සංගීතයේ සුසංවාදී ශිල්පීය ක්‍රමය වඩාත් ඔප්නංවනු ලැබීමෙන් නොනැවතී ඊට එවකට පැවතී නවින තාක්‍ෂණික ශිල්පිය ක්‍රම මුසුකරමින් එයින්ද නොනැවතී  ලිඩි ගිටාරය උපයෝගි කරමින් නවමු අත්හදාබැලීමි ගණනාවක්‌ සිදුකරනු ලැබීය

ඒ අතර

 ලිඩි ගිටාරය හා සිතාරය ප්‍රසංවාදී ක්‍රමවෙsදයේ භාවිතා කිරීම

සුරගZන වෙස්‌ වලා - සිංහල සාමිප්‍රදායික බෙරපද ගිටාරයෙන් මතුකිරීම

වනදෙවිලිය තුරුලේ - බොසනෝව නර්තන ශෛලියේ රිද්මය

මම එදා ගොසින් / මුහුදු රැල්ල ඔස්‌සේ / සිහිල් නුවන් යුග / සිහින පැතුමි විමනේ / සුමුදු මල් පිපුණු අතු කොණේ  - එවක ලොව අති නවීන ඉලෙක්‌ට්‍රොaනික උපකරණයක්‌ වූ වාහ් වාහ් පැඩලය යොදා සංගීත රටා නිර්මාණය

කුසුමලතා - බිලොක්‌ ගිටාර් තාක්‍ෂණය

වසන්තයේ මල් කැකුලයි (සිකුරුලිය - එචි ඩී ප්‍රේමරත්න 1973) පද 05 ක්‌ සහිත ස්‌ථායි කොටසක්‌ අඩංගුය ඩ්‍රමිස්‌ වාදන - ශ්‍රි කාන්ත දසනායක (සුපර් ගොල්ඩන් චයිමිස්‌)

ලිඩි ගිටාර් වාදකයන් ගණනාවකගේ සහය ලබාගැනීමෙs ක්‍රමවෙsදයේ පුරෝගමීත්වය / සාමිප්‍රදායික බෙර වාදන ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය (සුරගZන වෙස්‌ වලා / උඩරට නිලිය හැඩ වගේ)


----------------------------------
සුපර් ගෝල්ඩන් චයිමිස්‌ ගායක / වාදක මන්ඩලය (1973-79 කලින් කල)

ඩ්‍රමිස්‌ - ශ්‍රි කාන්ත දසනායක / නිමල් පෙරේdරා

බෙsස්‌ ගිටාර් - රොහාන් ගුණවර්ධන / කොන්රඩි ගුණරත්න / ලියසින් ද සිල්වා / සුනිල් මාලේවන / චන්ද්‍රාල් ෆොන්සේකා / පීටර් අල්මෙsදා / කුමාර් පීරිස්‌

කීබෝඩි - රුක්‌ෂාන් පෙරේරා / සූරියකුමාර් වීරසිංහමි

----------------------------

පුංචි පුංචි බෝනික්‌කෝ
සාප්පුවෙs මම ද=ක්‌කෝ
නැගිටිනවා - ඇවිදිනවා - ද+ස පියා ඇලවෙනවා

ගායනය - ලිලන්ති කරුණානායක
පද රචනය - කරුණාරත්න අබේසේකර?
සංගීතය - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන
-------------------------------------

ඇතැමි කරුණු සඳහා මුලාශ්‍රය - රුක්‌ෂාන් කරුණනායක වෙබි පිටුව

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන රසික සමාජය

මෙතැනින් අසන්න
______________________---------------------------------