namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, March 9, 2023

Nanda Malini Songs of 70s -නන්දා මාලිනී 70 දශකයේදී

 ඇය ගැයූ ගී රාවය  - ඔබ ඇයගේ හඞ ලාලිත්‍යය මනාව හඳුනන්නේද ? අසන්න ඇය එදා ගැයූ ගී සර රස 


ආචාර්ය නන්දා මාලිනී, ඇය පිළිබඳව ලියැවුනු පුවත්පත්, සගරා ලිපි සටහන්, සාකච්ඡා කල ගුවන් විදුලි රූපවාහිනි වැඩසටහන් අල්ප සංඛ්‍යාත නොවනවා සේම ඇය 1962 මුල්ම යුග ගීතය ගැයූ දා පටන් 60 වසරක් තරම් දිර්ඝ කාලයකදී දිනු සම්මානද අනල්පය. 

---------------
සම්මානනීය නන්දා මාලිනිය සම්මාන පොකුර සමගින්
---------------

60 දශකයේ සිට සිනමාවට සමාන්තරව ගැයූ ගුවන් විදුලි ගීත ද එමටය. ඒ අතරින් මෑත කාලීන යොවුන් සහ යොවුන් විය ඉක්මවමින් යන ශ්‍රාවකයන් හට ශ්‍රවණය කරන්නට ඉඩ කඩ ලැබෙන්නට ඇත්තේ සිමිත ගීත ගණනක් විය හැකිය. මන්ද ඒ අතරින් ඇතැම් ගී ඇය එක් වරකට වඩා නොගැයූ නිසාය. 


70 දශකයේ දී මහ නගර උප නගර ආශ්‍රීතව දර්ශනය වු දහස් සංඛ්‍යාත සිනමා - නාට්‍ය දැන්වීම් අතර ’ශ්‍රවන ආරාධනා’ නමින් පැහැදිළි අක්ෂරයෙන් ලියැවී තිබුනේ ඇයගේ කුඵඳුල් ඒක පුද්ගල ගී ප්‍රසංගයේ දර්ශන තතු ය. එහිදි ඇය ඒ තාක් ගුවන් විදුලියේ ගැයු ගී යළිත් ගයද්දී වෙළඳ තැටි ව්‍යාපාරික ප්‍රජාව ඒවා තැටිගත කොට වෙළඳපොළට නිකුත් කරන්නට යෙදුනි. එවැනි තැටියක බරපැන දරන්නට හැකි ශ්‍රාවකයන් එදා සත්‍ය ලෙසම සීමිතය. ඔවුන් ඒ වෙනුවෙන් යළි යළිත් ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය වේදිකාවට දෙසට පියමැන්නේ ඇයව පියවි ඇසින් දැක බලා ගැනීමේ නොහිම් ආශාව සංසිඳවා ගන්නට එයින් ඉඩකඩ ලැබෙන නිසාය. මන්ද යත් ඇය කිසිදින කිසිවිටක එදවස දුලබ නොවූ සැණකෙළි බිම් ආරා ගොඩනැගුනු වේදිකාවන් හී ගීත ගයන්නට නොපැමිණි නිසාවෙනි.


ඒ ගීත සංගීතවත් කොට තනු නිර්මානයේ යෙදුනු ඇය, එකී ප්‍රසංගයේ තේමා ගීතයේ මියැසිය මවන්නට මුල්වරට බාහිර සංගීතවේදියෙකුගේ පිහිට පැතුවාය. ඔහු සංගීතවේදී නැසිගිය සරත් බාලසූරියයි. 


මල් හිනා පවන් සලා ........

වේදනා විඩා නිවා ...

ධීර වීර පරපුරේ ...

ආයුවර්ණ සැප ලබා ...

චන්ද්‍ර සූර්ය රශ්මි දේ ...

පාර නීල අම්බරේ......

ගීතයක් හදේ ඇඳී ...

මංගලම් මංගලම් ................


(මහාචාර්ය සුනිල් ආරියරත්න)

-------------------------

සංගීත නිර්මාණය - සරත් බාලසූරිය

නිපැයුම - ශ්‍රවණ ආරාධනා - තේමා ගීතය - 1973

-----------------------

මෙතැනින් අසන්න

එහි දී ඇයගේ ගීතවල ගැබ්වි තිබූ සාම්ප්‍රදායික ජන ගී රටාව මුල්වරට යටපත් වී, බටහිර ’හර්මනි’ ශෛලීය මතුව නැග ආවේය. නමුත් ඇයගේ ගුරුදේවයන් වූ පන්ඩිත් අමරදේව විසින් මියැසි නාද එක්කළ ඇයගේ මංගල සිනමා ගීතයේද ඒ බටහිර ආකෘතිය ගැබ් විය. 

1967 පමන වෙද්දී ’ප්‍රේමසිරි කේමදාස’ මුල් ගුවන් විදුලි  නිර්මාණයන් හා සම්බන්ධ වීමේ වරම ඇය ලබාගන්නා විට කේමදාසයන් හෝ ඇය එකදු සම්මානයක් දිනාගෙන සිටියේ නැත. යොවුන් අංකුර ගායන ගුවන් විදුලි ගායන ශීල්පී වික්ටර් රත්නායක ද එහිදී ඇය හා එක්ව ගයන්නට යෙදුනි.


සකල වාසනා නිධාන භුමී..........

ලොව අපරාජිත පවිත්‍ර භූමී...........

අපගේ පිනටම බිහිවුනු භූමි ...

පුන්‍ය මාතෘ ධරනී...ලංකා ...............


(පාලිත පෙරේරා - ගුවන් විදුලි නිවේදක)
------

ඇය 60 දශකයේ මැද භාගයේ දී ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීත රටාවට මුල්වරට සිනමා පටයකින් තම හඞ අවදිකලේ 1967 තිරගත වූ රෑන ගිරව් වෙනුවෙනි. 

ඈත සොඳුරු ලොවක් ඇතේ.....

එහි සුව නිවහනක් ඇතේ....

ඒත් මගේ කැකුඵ පුතේ ....

එහි යන්නට වරම් නැතේ..............

(ගී පද නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි)
--------------------------------


ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය පටිගත කළෝ ඇයගේ ගුවන් විදුලි ගී දහර ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාවයෙන් ඔබ්බට ගොස් ඇයට නැවුම් ගී ගයන්නට ඇරයුම්  කරන ලදුව ආචාර්ය කේමදාස ඇයගේ සැගවුනු හඞින් නිතර නොගැයුනු ස්වරයන් මතුකර ගැන්මේ උත්සහයක යෙදිනි. එය සර්වප්‍රකාරයෙන් සාර්ථක විය.


මං ගමන් කරත්තෙන් පිටමං යනවා ........

කොහෝ යාඵ උඹ නාඩන් ...

කැවුම් බදින අවුරුදු දා ....

එයයි මමයි ගෙදරට නෑගම් එනවා ....


(පහතින් සවන්දෙන්න)

උක්ත වෙළඳ තැටියේ බොහෝ ගීත එදවස පැවති එකම විද්යුත් මාධ්‍යය එනම් ගුවන් විදුලිය අතහැර දමන ලදුව, තැටි ධාවක යන්ත්‍ර හිමි අතළොස්සක රසිකයන් හැරෙන්නට ඇයගේ අන් සියඵ ශත සහස්‍ර සංඛ්‍යාත ගුවන් විදුලි රසිකයන් ගෙන් වසන් කර දැම්මේය. ’නන්දා මාලිනී’ ගේ ගැයුම්  මහිමය එයින් ඔවුන් වෙතින් සැගව ගියේය.

නිවන් පුරේ ළෙන්දොර ගාවා ...

මිහින්තලාවේ දොළොස් මහේ ...

පහන් සිඵවෙන් දහම් එළිය ගලනා ............

ඒවා ඇය ගැයූවේ පුර්වයෙන් ගුවන් විදුලි යේ ගැයූ ස්වර පරාසයෙන් බැහැර වෙමිනි. එහෙත් ඒවා චමත්කාරයෙන් රසයෙන් අනූනය. කේමදාසයන් විසින් ඔහුගේ සිනමාගීතාවලියේදී ද ඇයගේ සැගවුනු ස්වර මතුකරගැනීමේ උත්සහක් දැරීය.


ඉහට උඩින් නිල් අහසයි ................

අතීතයේ නිල් අහසයි ................

වියළි අහස හදකඳුලෙන් හඞා වැටනෙවා ...

ඉරත් ගිලී සඳත් මැකී හඞා වැටනෙවා ...

(සමනළ කුමරියෝ - ගී පද  - විමලදාස පෙරේරා - 1972) - පහතින් සවන් දිය හැකිය.


1972 සිට ඇය 1980 පමන දක්වා වෙළඳ තැටි ගී ඔස්සේ නැවුම් ගීත ගණනාවක් එළිදැක්වූ අතර එයින් තෝරාගත් ගීත ගුවන් විදුලිය විසින් පොදු ශ්‍රාවකයා වෙත හඳුන්වා දුන්නේය
---------------------------

නිවන් පුරේ රන් ලෙන් දොර ගාවා ....

මිහින්තලාවේ දොළෙෘස් මහේ....

පහන් සිඵවෙන් දහම් එළිය ගලනා..............

පියෙන් පියට සෙල් පියගැට පසුකල...

මගින් මගට කඳු ලඳු තරනය කොට ..

සත්වග එන ගමනේ..

සතර ආවා ගිනි පුළිගු නිවා ...

තාප විඩා දුක් සංසිඳුවා ..

අබතල මුදුනේ පහන් සිඵව රගනා ...

----------------

ගී පද - අජන්තා රණසිංහ

සංගීතය ප්‍රේමසිරි කේමදාස

නිෂ්පාදනය - ජෙම්ටෝන් - 1979

--------------------------

මුඵ නුවරම නිදිගත් මේ මොහොතේ - සුනිල් ආරියරත්න - ලයනල් අල්ගම - සූරිය - 1979

මල් මුවරද පරවි - සුනිල් ආරියරත්න - ඩී ආර් පීරිස් -  ජෙම්ටෝන - එල් පී - 1979

නිවන් පුරේ යන ලෙන් දොර ගාවා - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - ජෙම්ටෝන් එල් පී 1979

අරුංගලුයි මාලයි - අජන්තා රණසිංහ - සරත් බාලසූරිය  - ජෙම්ටෝන් 1979

කඩමන්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - සුනිල් ආරියරත්න  රෝහණ වීරසිංහ - සූරිය - 1979

හංස ගීතයද ගයන්නේ - සුනිල් ආරියරත්න -  එච් එම් ජයවර්ධන - සූරිය - 1979

මට මව් පදවිය  - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය - 1979

සිරිපොද වැස්සේ රාත්‍රියේ - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - ජෙම්ටෝන්

අනේ මස්සිනේ අනේ මස්සිනේ - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - නිව් සවුන්ඩ්

ඔබයි රම්‍ය සඳ කිරණ - සුනිල් ආරියරත්න - එල් පී  - 1984

නෙළාගන්න බෑ මගේ අත ඉඩ නෑ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය 

රෝස කුසුමක් පිපේවී රතු - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය 

හෙළයින් වි අප හෙළේ උපන්නේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සූරිය

මාලයි විලයි සමනළයයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - ශ්‍රවණ ආරාධන - සූරිය - 1975

මා දෑස පියා ඉන්නම් - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - ජෙම්ටෝන් - 1978

සඳමල පිබිදුනු නිල් කඳුරැල්ලක - කුලරත්න ආරියවංශ - රෝහණ වීරසිංහ - තරංගා 1979 (සුනිල් එදිරිසිංහ සමග)

පුංචි පුංචි රංචු එක්වෙලා - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - තරංගා - 1980

මල් මල් මල් ලොව මල් දරුවෝ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - සේන ජයන්ත වීරසේකර - ළමාවසර සැමරුම - 1979

රත්තරං රටේ උපන්න රත්තරං පුතේ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනි - සේන වීරසේකර - ළමාවසර - 1979

සරුංගලේ වරල්සැලේ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනි - සේන වීරසේකර - ළමාවසර - 1979

වනබඹරෝ මොකදහොරෝ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - සේන වීරසේකර - ළමාවසර - 1979


---------------------------------------------

වනබඹරෝ ............මොකද හොරෝ.............

පුංචි කමට පැණි උරන්නේ ..............

පුංචි අයගේ හොරබොරු නෑ ..................

හොර නොකරති පුංචි ළමයි ........

බොරු නොකියති පුංචි ළමයි ...........

දෙමව්පියන් හිත රිදවා .............

දග නොකරති පුංචි ළමයි .................

කම්මැලි නැති පුංචි ළමයි .........

දැනුම වඩන පුංචි ළමයි..........

හෙට නව ලොව ඉදිවන විට............

ලොවම අයිති පුංචි ළමයි..............


--------------------------

ගී පද සංකල්පනා - සේවාර්ජිත මහචාර්ය සුනිල් ආර්යරත්න

තනුව  - ආචාර්ය නන්දා මාලිනී මහත්මිය විසින්මය

සංගීත අධ්‍යක්‍ෂනය සහ වාදක මන්ඩලය මෙහෙයවීම - ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සේන ජයන්ත වීරසේකර

තැටිය - ළමා ගී - 1979 (ජාත්‍යන්තර ළමා වසර)

----------------------------------------------

මෙතැනින් සවන්දෙන්න

1978 වසරේදී ලක්දිවට පැමිනි නව ගීත රසවින්දන මාධ්‍යය ’කැසට් පටය’ විසින් තැටියේ ගීත හතරක වින්දනය තෙගුණයකින් පුඵල් කළේය. එහිදි ඇය සුපුරුදු ස්වර රටාවට යළිත් පිවිස ගැයුවාය. නව බටහිර සංගීත රටා ගැබ්වූ ’නන්දා මාලිනී’ ගී සමුච්ඡය කළඑළි බැස්සේය.


----------------------------
ඇයගේ දෙවන ඒක පුද්ගල ප්‍රසංගය සත්‍යයේ ගීතය දැන්වීමක් අදින් වසර 41 කට පෙර කොළඹ රාජකීය විදුහල් ශාලාවේ ප්‍රසංගයක් .... සහ ඇයගේ සිංග්ලංකා කැසට් ගී දැන්වීම - 1980-- 1984
------

පෙරදා මහරෑ මා සිහිළැල් උරමඞලේ .....

මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන ...

ඔබේ විඩාපත් නෙතින් ගලාගිය....

කදුළක කැළලක් ඉතිරිවෙලා ....

(සංගීතවේදී ස්ටැන්ලි පීරිස් - මහචාර්ය ආරියරත්න - 1980)

-----------------------------


මෙකී ගීතය ඇතුළත් වූ ’සිංග්ලංකා’ සමාගමේ කළමනාකරු ප්‍රවිණ ගීත රචක කුලරත්න ආරියවංශ ගේ මගපෙන්වීමෙන් ඇය 1980-1984 යුගයේ කැසට් පට කිහිපයක් නිකුත් කළේය


කැලේ පීදි කැලේ සරසන මලී - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් -  සිංග්ලංකා - 1980

ආදරයේ වේදනාව හදට දැනුනු - කිත්සිරි නිමල් ශාන්ත  - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1980

මධූර ප්‍රේම කල්පනා - තිලකරත්න කුරුවිට බන්ඩාර - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා - 1980

රිදී පහන් වැටක් වගේ - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - සිංග්ලංකා - 1980

මුව දඩයම අතැර දමා අවි ආයුධ පසෙකටලා - සුනිල් ආරියරත්න - සනත් නන්දසිරි- සිංග්ලංකා - 1980

ඔසරිපොටින් අදින්නෙපා වළාකුලයි ඉරෙන්නේ - ලූෂන් බුලත්සිංහල - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා - 1980

පහන් කන්ද මුල අඳුරුයි - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන -සිංග්ලංකා - 1982

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1982

කන්ද උඩින් අටවක සඳ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1982

යුගයෙන් යුගයේ ඔබ දුටුවා - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පිරීස් - සිංග්ලංකා - 1983

කුරුටු ගෑ ගී පොතේ - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - සිංග්ලංකා - 1983

හිතුමතේට දිග ගිය දුවේ - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - සිංග්ලංකා - 1982

බුදු තාත්තේ බොන්න එපා - සුනිල් ආරියරත්න - එච් එම්  ජයවරධන  - සිංග්ලංකා - 1983

දෙතොළම පුපරා ලේ ගැඵවා - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සත්‍යයේ ගීතය

ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා - 1983

අහසේ සේ ඔබ අනන්තයි  -සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1994

ජේසු ස්වාමි දරුවනේ - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පීරිස් - සිංග්ලංකා - 1983

යමුනා ගංතෙර තමලු ලතා හෙවනේ - සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ - සිංග්ලංකා - 1983

නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සිංග්ලංකා 

ආදරයේ වේදනවා හටද දැනුනු - සුනිල් ආරියරත්න - ස්ටැන්ලි පිරීස් - සිංග්ලංකා - 1980

මගේ සඳ ඔබ මගේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1983

සූර්යයා වි ඉන්ද්‍ර දිගින් ඔබ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සිංග්ලංකා - 1982

-------------------------

-----------------------------------------
කොටහේනේ ගුණානන්ද විදුහලේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුවිය - නන්දා මාලිනි පෙරේරා - එයාර්ෂිප් තරගයෙන් ජය ලබන ලදුව එය පුවත්පතක මෙසේ පළවි තිබිනි. 1950 දශකය
--------------------------------------------------

මෙහි ’නන්දා මාලිනි’ හඞ ඔබට හඳුනාගන්නට අසිරු තරමට වෙනස් නොවෙන්නේද?

මං ගමන් කරත්තෙන් පිටමං යනවා ..................

කොහෝ යාඵ නුඹ නාඞන් .....................

කැවුම් කොකිස් බැදගෙන අවුරුද්දේ ....................

නෑගම් එනවා නෑගම් එනවා .........................

----------------------

ගී පද - ආචාර්ය නැසිගිය අජන්ත රණසිංහ

සංගීතය - ආචාර්ය නැසිගිය ප්‍රේමසිරි කේමදාස

නිපැයුම - ජෙම්ටෝන්  (විසාකාමාල්ස් සමාගම - කොළම 11)

වසර - 1979

-------------------------------

මෙතැනින් සවන්දෙන්න

එසේ ගැයෙද්දී ඇය සිනමා ගීත ක්‍ෂේත්‍රයේ දිදුලන රන් තරුව බවට පත්වීමේ වාසනා මහිමය උදාකරගත්තේ එකුන්විසි හැවිරිදි හිරිමල් යව්වනියක්ව සිටියදීය. එය සැබැවින්ම ආශ්චර්යයමත් වූයේ ඇය ගැයු කුඵඳුල් සිනමා ගීතය එය වීම නිසාය එතැන් හි සිට ඇය ’හොඳම ගායිකාව’ ලෙස අබිසෙස් ලැබිමේ වරම් උදාකරගත් වාරගණන මතු අනාගතයේ කිසියම් දිනක හෝ කිසියම් ගායිකාවක් විසින් අභිබවනය කළ නොහැකි වාර්තාවක් බව විශ්වාසය. ඇයගේ එදාමෙදා තුර විශීෂ්ඨත්වය එයයි. භාරතිය මහා ගීත කෝකිලාවිය ’ලතා මංගේෂ්කර්’ පමණක් ඇයට වඩා ඉදිරියෙනි. 

------------------------------
නන්දා මාලිනි පෙරේරා 70 දශකයේදී ඇයගේ ගීතයක් වාදනය වූ වාරයක් පාසා ඇයව ගුවන් විදුලියෙන් අපට හඳුන්වාදෙන ලද්දේ ’නන්දා මාලිනී ගෝකුල’ නමිනි. මෙහි සිටින්නේ ඇයගේ දයාබර සැමියා ලංකා ගුවන් විදුලියේ ළමා අංශයේ වැඩසටහන් සම්පාදක සුනෙත් ගෝකුල ය (70 දශකය)
-----------------------------

ගීතය - පද රචනය - සංගීත අධ්‍යක්‍ෂනය - වසර - සිනමා උළෙල - සම්මානයේ නම - සිනමා පටය - අධ්‍යක්‍ෂනය

-----------------------------------------------------------------------------------------

ගලන ගගකි ජීවිතේ - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ - පන්ඩි්ත් අමරදේව - 1962 - සරසවි - හොඳම ගායිකාව - රන්මුතු දූව - මයික් විල්සන්

මේ සිංහල අපගේ රටයි - මහගම සේකර - පන්ඩිත් අමරදේව - 1965 - සරසවි - හොඳම ගායිකාව - සාරවිට - තිස්ස ලියනසූරිය

දස මස කුස දරා - 1968 - සරසවි - හොඳම ගායිකාව - සැඞොල් කදුඵ

දවසක මුතුළැල් ගෙනෙනවා - මර්සලීනු ජයකොඩි පියතුමා - ප්‍රේමසිරි කේමදාස - 1969  - සරසවි - හොඳම ගායිකාව - ආදරවන්තයෝ - අමරනාත් ජයතිලක

දවසක මුතුළැල් ගෙනෙනවා - මර්සලීනු ජයකොඩි පියතුමා - ප්‍රේමසිරි කේමදාස - 1970  - ගුවන් විදුලි - හොඳම ගායිකාව - ආදරවන්තයෝ - අමරනාත් ජයතිලක

හඳ හාවුන් හඳේ - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස -  1980 - සරසවි - හොඳම ගායිකාව - මොණරතැන්න - 01 - යසපාලිත නානායක්කාර

හඳ හාවුන් හඳේ - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස -  1980 - ජනාධිපති - හොඳම ගායිකාව - මොණරතැන්න - 01 - යසපාලිත නානායක්කාර

කවි ගායනය - පියදාස  පලන්සූරිය - වික්ටර් රත්නායක  - 1981 සරසවි - හොඳම ගායිකාව - සිරිබෝ අයියා - සුනිල් ආරියරත්න

කවි ගායනය - පියදාස  පලන්සූරිය - වික්ටර් රත්නායක  - 1981 ජනාධිපති - හොඳම ගායිකාව - සිරිබෝ අයියා - සුනිල් ආරියරත්න

ගී පොතේ තනු විසිරි - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - 1982  -ජනාධිපති - හොඳම ගායිකාව - සතර පෙර නිමිති - සුනිල් ආරියරත්න

දෙනෝ දාහක් නුවන් අතරේ - කුලරත්න ආරියවංශ - වික්ටර් රත්නායක - 1982 - සරසවි - හොඳම ගායිකාව - වජිරා - සුනිල් ආරියරත්න

අම්මාවරුනේ  - ධරමසිරි ගමගේ - ප්‍රේමසිරි කේමදාස - 1983 - සරසවි - හොඳම ගායිකාව - යස ඉසුරු - ධර්මසිරි ගමගේ

අම්මාවරුනේ  - ධරමසිරි ගමගේ - ප්‍රේමසිරි කේමදාස - 1983 - ජනාධිපති - හොඳම ගායිකාව - යස ඉසුරු - ධර්මසිරි ගමගේ

වැස්ස වැටි මිදුලේ - ධර්මසිරි ගමගේ? - ප්‍රේමසිරි කේමදාස - 1984 - ජනාධිපති - හොඳම ගායිකාව - සිවුරග සේනා - රෝයි බන්ඩාරනායක

බුදුබව පතනා පියවරු වෙසෙනා - ධර්මසිරි ගමගේ - ප්‍රේමසිරි කේමදාස - 1987 - ජනාධිපති - හොඳම ගායිකාව - පූජා  - ධර්මසිරි ගමගේ

සක්වල එතෙරට ඇසෙනා - උපාලි ධනවලවිතාන - සරත් දසනායක-  1990 - ස්වර්ණ සංඛ - ගායනය  - ගෙදර බුදුන් අම්මා (සහය එඩ්වර්ඩ් ජයකොඩි)

ගොපඵ වස් දන්ඩෙන් - 1996 - ස්වර්ණ සංඛ - ගායනය - මී හරකා - අයි එන් හේවාවසම්

අහසින් බසින් පොළොවෙන් බසින් - 1991 - සරසවි - හොඳම ගායිකාව - පෙම් රජ දහන 

ඉවුරු බිඳුනු මං තලාවේ - 195 - සරසවි - හොඳම ගායිකාව - අඹු සැමියෝ


ඇය ලද භාග්‍යය ඊට සීමා නොවේ, එදාමෙදා තුර පන්ඩිත් පද්ම ශ්‍රී අමරදේවයන් ගේ ගුරු භුමිකාවේ සෙවණ ලබා එතැන් හි සිට ශ්‍රි ලංකාවේ පහළවූ අති විශිෂ්ඨ සංගීතඥයන් සියඵ දෙනාම පාහේ ඇයගේ ගීත නිර්මාණයට දායක කරගන්නට ලැබීම එයයි පන්ඩිත් අමරදේවයන්ගේ සිට මෑත කාලීන රෝහණ වීරසිංහ දක්වා එය පැතිර ගියේය.


බාලොලි ලොලි ලොලී  - මහගම සේකර - ආචාර්ය ලයනල් අල්ගම - පාටාචාරා - 1964

ඈත සොඳුරු ලොවක් ඇතේ - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ප්‍රෙමසිරි කේමදාස - රෑණගිරව් - 1967

දවසක මුතුළැල් ගෙනෙනවා - මර්සලීනු ජයකොඩි පියතුමා - ප්‍රේමසිරි කේමදාස -  1968

මේ සිංහල අපගේ රටයි - මහගම සේකර - පන්ඩිත් අමරදේව - සාරවිට - 1968

රුවන් වළා දුහුල් කඩින් - මහගම සේකර - පන්ඩිත් අමරදේව - වෙසෙතුරු සිරිත - 1968

සරා සොඳුරු මල් පැටලී - මහගම සේකර- සුගතපාල සෙනරත් යාපා - ප්‍රේමසිරි කේමදාස- හන්තානේ කථාව - 1969 (වික්ටර් රත්නායක සමග)

මහගිරි අරණේ මේ නිදි උයනේ - මහගම සේකර - ප්‍රේමසිරි කේමදාස - හන්තානේ කථාව - 1969

දියට නැමුනු මල් පවනට හැළිලා - දයානන්ද ගුණවර්ධන - සෝමදාස ඇල්විටිගල - බක්මහ දීගේ - 1971

අද පමණක් නොවේ අපට  - කරුණාරත්න අබේසේකර - ප්‍රේමසිරි කේමදාස - ඉහත ආත්මය  - 1971

දේදුනු පායා පාට වැටෙනවා - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - සීයේ නෝට්ටුව - 1972

හැගුම් විසිර දසඅතේ  - සුනිල් ආරියරත්න - ප්‍රෙමසිරි කේමදාස - ලොකුම හිනාව - 1972

රැගුම් ගැයුම් වැයුම්  - මර්සලීනු ජයකොඩි පියතුමා - ෂෙල්ටන් ප්‍රේමරත්න - හිතක පිපුනු මල් - 1972

ඈත කඳුයායේ නිලවළාවේ - සුනිල් ආරියරත්න - පන්ඩිත් අමරදේව - තරංගා - 1975

රන් කෙන්දෙන් බැඳ අතැගිලි එක්කල - අජන්තා රණසිංහ - සරත් දසනායක - දුහුඵ මලක් - 1976

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ - සුනිල් ආරියරත්න - ඩී ආර් පීරිස් - දියමන්ති - 1977

දෙනෝදාහක් නුවන් අතරේ  - කුලරත්න ආරියවංශ - වික්ටර් රත්නායක - වජිරා - 1979

බඹරිදු බඹරිදු කුමට වඩින්නේ  - ගාමිනී ෆොන්සේකා - වික්ටර් රත්නායක - සරුංගලේ - 1979 (පන්ඩිත් අමරදේව සමග)

මාල පබඵ වැල් කරවට ලන්නට - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - බිනරී සහ සුදුබන්ඩා - 1984 (පන්ඩිත් අමරදේව සමග)

පීපියන් පැණිමොරමල් පිපීයන් - අජන්තා රණසිංහ - ප්‍රේමසිරි කේමදාස - මුවන්පැළැස්ස - 03 කොටස - 1983 

දේදුන්නේ පාට අරන් ගුවන් තලාවේ - කුලරත්න ආරියවංශ - එච් එම් ජයවර්ධන - මුහුදු ළිහිණි - 1984

-----------------------------

ඉහට උඩින් නිල් අහසයි .....

අතීතයේ නිල් අහසයි ....

වියළි අහස හඳ කඳුලෙන් හඞා වැටෙනවා ....

ඉරත් ගිලී සඳත් මැකී හඞා වැටෙනවා ....

ළවැලි පිපුන මල් පොළෙෘවයි ...

මවගේ දෙපා රැඳුන බිමයි ...

අද ඒ බිම බොල් පොළොවකි ...

ඉකිබිඳ හඞනා ...

හතර වටින් පාඵ හඞක් නිබඳව ඇසෙනා ....

එදා සුළග කිරි සුවඳයි ... අදත් සුළග කිරි සුවඳයි...

අම්මා දුන් කිරි සුවඳයි.. අම්මා පෙවු කිරි සුවඳයි...

-------------------------------------

ගී පද රචනය - ප්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ධර්මසිරි ගමගේ 

සංගීත නිර්මාණය  - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

සිනමා පටය - සමනළ කුමරියෝ - 1971

අධ්‍යක්‍ෂනය - විමලදාස පෙරේරා

-----------------------------

මෙතැනින් සවන්දෙන්න


සිනමා බයස්කෝප් කලාව ප්‍රිය නොකළ, ගීත රසිකයන්ද එදා මෙදා කිසියම් හෝ ගණනක් විසිර පැතිර සිටින්නට පුඵවන. ඔවුන්ගෙන් ඇතැමුන්හට එදා නිවසේ තැටි ධාවන යන්ත්‍ර හෝ පසුව කරළියට ආ කැසට් ධාවන යන්ත්‍ර සතු කරගන්නට තරම් වත්කම නොතිබුනා වන්නට හැක. එහෙත්, ඔවූහූ නිවසේ හෝ අසල්වැසියාගේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ඇයගේ ගීත රසවිඳින්නට ඇතිවා නිසැකය. 70 දශකයේ එයින් වැඩිමනත්ව විසුරුවා හැරියේ ඇය ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ යෙදී සිටි යුගයේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පළමු සංගීත අධ්‍යක්‍ෂවරිය, තනු රචිකාවිය ලෙස රග දැක්වූ භූමිකාවෙන් නිපැයුනු ගීතයන්ය. 


බුදු සාදු මම සමන් වැලක් වෙන්නම් (ළමා ගායිකා නන්දා මාලිනී) - අසෝක කොළඹගේ - ඩී ඩී ඩැනී - 1956 පමණ.

සකල වාසනා නිධාන භූමි (සමූහ) - පාලිත පෙරේරා - ප්‍රේමසිරි කේමදාස - 1967

ඔබට මතක නෑ මට මතකයි පසුගිය වසන්ත කාලේ - ඩෝල්ටන් අල්විස් -  පී ඩංස්ටන් ද සිල්වා  - 1969

ඔබගේ  ශක්තිය අපිවෙමු ලංකා - ගාමිනි විජේතුංග - ප්‍රේමසිරි කේමදාස  - 1971 (අමිතා වැදිසිංහ  - වික්ටර් රත්නායක ඇතුඵ පිරිස)

උඩගු ලියන් ගොතා බඳින - ඩෝල්ටන් අල්විස් - පන්ඩිත් අමරදේව - 1970

රන් ගිරි ගිරි ගිගිරි වළලු  - ඩෝල්ටන් අල්විස් - නන්දා මාලිනී - 1971

කරදර පොදිබැඳ ගැලපිට පටවා - උදයසිරි පතිරණ - පන්ඩිත් අමරදේව  - 1969 ?

අවන් හලේ රන් අවන්හලේ රන් දියරෙන්  (චාරුලතා) - චින්තන ජයසේන - නන්දා මාලිනී - 1972

සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳගෙන - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

රුක් අත්තන මල මුදුනේ - මහින්ද අල්ගම - නන්දා මාලිනී - 1971

චන්ද්‍ර මඞුඵ යට සුරංගනාවන් - මහින්ද අල්ගම - නන්දා මාලිනී - 1972

සුරංගීට දුක හිතුනා යටිතොල කනපිට හැරුනා - ප්‍රේමකීර්ති ද අල්විස් - නන්දා මාලිනී - 1972

ටිකිරි ටිකිරි ටික් (යතුරු ලියන්නී) - ඩෝල්ටන් අල්විස් - නන්දා මාලිනී - 1971

සැඳැ කඵවර කුර ගගා විත් - මඩවල එස් රත්නායක - නන්දා මාලිනී - 1970

හදවිල කළඹන පෙම් ජල රේඛා - ධර්මසිරි ගමගේ - නන්දා මාලිනී - 1972

මිහිමඩලේ අඳුරුකුසේ  - ඩබ්ලිව් ඒ අබේසිංහ - නන්දා මාලිනී - 1971

ඉරේ මහිම හිරු මඞලේ - ඩෝල්ටන් අල්විස් - පන්ඩිත් අමරදේව - 1971 (අයිවෝ ඩෙනිස් සහ අමිතා වැදිසිංහ සමග)

සකුරා මල් පිපිලා හරි පුදුමයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

බුද්ධානුභාවෙන සිත්නෙත් පහන් වී - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

ඔබයි රම්‍ය සඳකිරණ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - 1975 

ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහන්ධකාර වනසා - විමලේන්ද්‍ර වතුරේගම - පී ඩංස්ටන් ද සිල්වා (වෙසක්  බැති ගී තරගය - සුගතදාස ක්‍රීඩාංගනය) - 1975

මල් මල් හීනය මී බද උදයේ - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

බඹර සිහිනයක මා සතපන්නට  - ආරියසිංහ පෙරේරා - නන්දා මාලීනි - 1973

වාසනාව ඇගේ නෙතයි මාලිගාව ඇගේ සිතයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1973

මා දුටු මුල් හිරු( ලංකා )- කරුණාරත්න අමරසිංහ - ප්‍රේමසිරි කේමදාස - 1972

පින්බර අඵයම - අජන්තා රණසිංහ - ධර්මසිරි පෙරේරා (බී වික්ටර් පෙරේරා සමග) - 1973

මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1974

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා - සුනිල් ආරියරත්න - සෝමපාල රත්නායක - 1972

සසර සයුරු සරන තඹුරු - මහගම සේකර - නන්දා මාලිනී - 1974

කඩමන්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1974

බිඳි වෙණතත් මිහිරි තාලේට - චන්ද්‍රසිරි සෙනවිරත්න  නන්දා මාලිනි - 1972

පාට පාට හීනයක්  - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී  - 1973 (රෝහිනී ජයසිංහ සමග)

දඞුවැල් බෑයේ මි පැණි දෙඤ්ඤයි - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී  - 1972 (වික්ටර් රත්නායක සමග)

සුලග වෙසින් ඉගිල්ලා සතර අතට පැන - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1973

රුවන් මුවා පොළෝ තලේ ගොයම් සූනිල මන්ඩලේ - සුනිල් ආරියරත්න - වික්ටර් රත්නායක  - 1974 

රත්නප්‍රභා හිරු කිරණින් ලොව නැහැවෙනවා - සුනිල් ආරියරත්න  - පන්ඩිත් අමරදේව - 1973 (අමරදේව සමග)

මට මව් පදවිය ලැබුනු දිනේදී - සුනිල් ආරියරත්න - වික්ටර් රත්නායක - 1975

හෙළ දෙරණේ කඳුල සුසුම - සුනිල් ආරියරත්න - සරත් බාලසූරිය - 1973

සිංහල හාලේ බත පිසිනා සුවඳින් - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1973

දනිමි හැඳින්නෙමි හිමි සඳුනේ - සුනිල් ආරියරත්න - සෝමපාල රත්නායක- 1976

පිපුණු මලේ රුව එමල දනිදෝ - ලූෂන් බුලත්සිංහල - පී ඩංස්ටන් ද සිල්වා - 1976

හිරු දෙවිගෙන් ලද වරමින් - මඩවල එස් රත්නායක - පන්ඩිත් අමරදේව  - 1976

හිරු දෙයියන්ගේ නෑයෝ - අරිසෙන් අහුබුදු - පන්ඩිත් අමරදේව - 1975

පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - 1977

දස මස කුස ඉඳ ඉර හඳ දුටු සඳ - සුනිල් ආරියරත්න - වික්ටර් රත්නායක - 1975 (රෝහිනි ජයසිංහ සමග)

කුරවි කෙවිල්ලන් පානා ඉගි බිගි - සුනිල් ආරියරත්න - ජයතිස්ස අලහකෝන්-  නන්දා මාලිනී - 1974

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන - රත්න හෙක්ටර් දිසානායක - ජයතිස්ස අලහකෝන් - 1973

මල් කියන්නේ කාට කාට - පී බී අල්විස් පෙරේරා කවියකි  - නන්දා මාලිනී - 1973

බුදු කරුණා දෑස තෙමී - අනුරාධ සෙනවිරත්න - නන්දා මාලිනී - 1974

සුදු හාමිනේ නුඹ කොතනද - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1974

අයියන්ඩියේ පොඩිදා සිට අපි දෙන්නා - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ 

අනංග ගී  ඇසේ ඇසේ   - සුනිල් ආරියරත්න - නන්දා මාලිනී - 1972

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ - දයානන්ද ගුණවර්ධන - රෝහණ බැද්දගේ - 1978 (ගජමන් පුවත - ගුවන් විදුලි පිටපත)

අරුණාලෝකය අතරේ අද නවලෝකය - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - 1979

හිරු බිහිරියි සඳ ගොඵයි තාරකා අන්ධයි - සුනිල් ආරියරත්න - ෂෙල්ටන් ප්‍රේමරත්න - 1980


-------------------------------------
1982 ඇයගේ දෙවැනි නැවුම් ගී කැසට් පටය සම්පුර්ණයෙන්ම නවතම ගීත සමුච්ඡයකින් විචිත්‍රවත් වූ ’පහන් කන්ද’ උද්ධෘත පාඨයෙන් වෙළඳ පොළට නිකුත් කරන ලදී. එවක ඉහළ අලෙවි වාර්තා පිහිටවූ කැසට් පට අතරේ එයද එකකි.
----------

-------------------

ටිකිරි ටිකිරි ටික් .................

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටික් ටික් ටික්.....................

ඇගිලි තුඩින් ටිකිරි හඞින් අකුරු ලියන්නේ ..............

මමයි අපේ කන්තෝරුවේ යතුරු ලියන්නේ ........................

ලොක්කා ඉන්න හැම මොහොතෙම යතුරු ලියන්නේ ..........

නැති වෙලාවේ  හිතවතාට කථා කරන්නේ .........

එයාට නම් ලියන ලියුම් අතින් ලියන්නේ ....

එයාට නම් ලියන ලියුම් අතින් ලියන්නේ...........

-------------------------------

ගී පද නැසිගිය ප්‍රවින ගී පද රචක ඩෝල්ටන් අල්විස්

සංගීත නි්ර්මාණය  - ආචාර්ය නන්දා මාලිනී

නිර්මාණය-  ලංකා ගුවන් විදුලිය - 1971 පමන

-----------------------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------

ඉහත ලංකා ගුවන් විදුලි සංගීතමය විචිත්‍රාංගයන්ගෙන් බිහිවුනු ගීතාවලිය ගැයුනු යුගයේ ඇය සිය දයාබරිත සැමියාණන් දිවංගත ’සුනෙත් ගෝකුල’ සමග එක්වී එහි ’ළමා මන්ඩපයේ’ ළපැටියන් වෙනුවෙන් ගී තනා දුන්නාය. එවකට ඇයව ගුවන් විදුලි නිවේදක මඞුල්ල විසින් ශ්‍රාවකයන්හට හඳුන්වා දුන්නේ ද ’නන්දා මාලිනී ගෝකුල’ ලෙසිනි. 

1973 වසරේදී කළඑළි බට ’ශ්‍රවන ආරධනා’ ප්‍රසංගයේ අවසානයේ දී ඇය ඉන් අටවසරක ඇවෑමෙන් සත්‍යයේ ගීතය ප්‍රසංගය ද (1981) ඉන් අනතුරුව පවන (1986)  විරෝධාකල්ප ගී සමුච්ඡය ඇතුළත් ප්‍රසංගයද ඉදිරිපත් කරන ලද. එහිදි ගීත රසිකයන් වෙත නැවතත් නැවුම් ගීත පොකුරක් දායද කර දෙන්නට ඇය සමත්වූවාය. අවසනාවකට ඒවායේ ඇතුළත් විවාදසම්පන්න ගී පදවැල් හේතුවෙන් ගුවන් විදුලියෙන් වාරණය විය.


මා හඞනා කඳුඵ ගලා - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

බුදු හිමියන්ටත් කලියුගයේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සත්‍යයේ ගීතය

මේ ජීවන ගංගාධාරයේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

ඔබේ පැල පැලේ පිල - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

මා හඞනා කඳුඵ ගලා - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

බුදුහිමියන්ටත් කලියුගයේ - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන- සත්‍යයේ ගීතය

මගේ දේශය මගේ ආගම  - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ- සත්‍යයේ ගීතය

අයියන්ඩියේ පොඩිදා ඉඳ අපි දෙන්නා - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

ප්‍රේමය නම් රාගයෙන් තොර  - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

තුන් හෙළේ කැළෑ තුල සිංහ පැටවු - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - සත්‍යයේ ගීතය

පතන් බිම් මැද - සුනිල් ආරියරත්න - එච් ජයවර්ධන - සත්‍යයේ ගීතය

පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් - සුනිල් ආරියරත්න - එච් එම් ජයවර්ධන - සත්‍යයේ ගීතය

බෝ මැඩ වගුරන කිරිකල දහසින් - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - පවන

වහින්නට හැකිනම් ගිගුම් දී - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - පවන

පානම් පත්තුවේ ඩිංගරි අම්මාය - සුනිල් ආරියරත්න - සරත් දසනායක - පවන

වහින්නට හැකිනම් ගිගුම් දී - සුනිල් ආරියරත්න - සුනිල් දයානන්ද කෝනාර - පවන

පිළිම නෙලා නැති විරුවන් පිරිස්ක් - සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ - පවන

හේලයියා හෙළායෝ - සුනිල් ආරියරත්න - ඔස්ටින් මුණසිංහ - පවන

සොඳුරු දසුන් ඇස තවරා (සුකිරි බටිල්ලන්ගේ ගීතය) - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - පවන


1982 වසරේ උත්සවාකාරයෙන් විවෘත වූ පුරෝගාමී දීප ව්‍යාප්ත ලංකා රූපවාහිනි සේවයේ ආරම්භක උත්සව දිනයේ එහි ප්‍රචාරය වූ පළමු ගීතය ගයන්නට ඇයව සහභාගි කරවා ගන්නේ පන්ඩිත් අමරදේවයන්ය. ඔවුන් දෙදෙනා එදින ’මුණි සිරිපා සිඹිමින්නේ...’ නම් වූ එස් මහින්ද හිමි කාව්‍ය සංකල්පනය ගායනා කළහ. එතැන් හි සිට රූපවාහිනියේ නිමැයුනු සාම්භව්‍ය සංගීතමය ප්‍රණිතාංගයන් අතර පැවති ’සංඛ පද්ම’ වැඩසටහන වෙනුවෙන් ද ඇය නැවුම් ගීත එළිදැක්වූයේය.


තරුද නිදන මහ රෑ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - 1984 - සංඛපද්ම

රුවල් ඉරී ගිය නෞකාවේ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ - 1984 සංඛපද්ම

මේඝයක් වී හුදකලාවේ - සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ - 1984  - සංඛපද්ම

ඇයගේ නිර්මාණ කලාව සහ එහි ස්වභාවයය හරි හැටි දැන හැඳින නොගත්තෝ, ඒවා සමාජ මාධ්‍යය හරහා විමසුමට ලක් කීරිමේදී දැඩිව සැළකිලිමත් වීම අගනේය. අතිශය පුඵල් ඇගේ ගීත සමුච්ඡයෙන් අදටත් ප්‍රධාන මාධ්‍යයන්ගෙන් ඇසෙන්නේ සිමිත ගීත සංඛ්‍යාවක් පමණකි. 


ඇය ගේ දිවිගමනේ හතරෙන් තුන් කොටසක් ගෙවිඇත්තේ ඉහත ලැයිස්තු ගත කල දිරඝ ගී අස්වැන්න නෙළා ගන්නයට. ඇය ඒ උදෙසා හෙඵ දුක් සුසුම් දහඩිය කඳුඵ සුඵ පටු නොවිය හැකිය. මන්ද යත්, සිමිත ශ්‍රාවක පිරිසක් හමුවේ ශිල්ප දක්වන්නට එදත් ගායක ගායිකාවන් රැසක් සැදී පැහැදි සිටිය හෙයිනි. සිමිත සම්පත් සහිත මෙවැනි රටකදී කලා ක්‍ෂේත්‍රයේ සිත් රිදවීම්, ගැටුම්, කොන්කිරීම්, නොසළකා හැරීම්, එදාටත් අදටත් සුඵ පටු නොවේ. 


ගුවන් විදුලි සහ සිනමා ගීත කලාව පමණක් නොව වෙළඳපොළ වෙනුවෙන් ද නව ගීත බිහිවිමක් සිදු නොවන යුගයකදී, ඇය වැනි ශිල්පිනියන් පහළ විම මතුවට දුලබ විම නොඅනුමානය. සමකාලීනයන් ක්‍රමයෙන් ගීත කලාවෙන් දුරස් වෙද්දී පවා නව සහස්‍රයේදී ද ඇය ක්‍රියාශීලිව නව නිර්මාණ බිහි කරන්නට හැකි අයුරින් දායක විය. 


හෙළයේ අසාහය ගායන මධූර්යයකට හිමිකම් පෑ ඇයට ආයුරාරෝග සම්පත්තිය සහ චිර ජීවනය පතමු.


                                           සමාප්තයි


විශේෂ ස්තූතිය

බුද්ධි ගයාෂාන් ජයසේකර මහතා (ගී පද රචනා තොරතුරු සැපයීම)

බන්දුල ගමගේ මහතා (නන්දා මාලිනි ළමා වියේ පුවත්පත් සටහන් සේයාරුව)

සිනමා සම්මාන උළෙල තොරතුරු උපුටාගැනීම - - සිනමා වංශ කථාව - ආචාර්ය නුවන් නයනජිත් කුමාර

6 comments:

  1. නන්දා මාලිනී, ළබැඳිනිය නමින් ලියැවුණු මේ සටහන මම සළකන්නේ ඇයට පිදෙන උපහාරයක් ලෙසින්.. ගැහැනියක් ලෙස අප ජීවිතයේ ලබන අත්දැකීම් ඔස්සේ නැඟෙන සිතුවිලිවලට ඇයගේ ගායනාවන්ගෙන් දනවන හැඟුම් සමුදාය බොහෝ අවස්ථාවන් හි දී සමපාත වුණා.. ඒ හැඟුම්පිරි ගායනාවන් ඒ තරමට ම සජීවීයි.. ඇයට ම උරුම වූ ඒ ගායන විලාසය, ඇගේ ප්‍රතිභාවයි..
    එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා... හදවතින් ම......

    ReplyDelete
    Replies
    1. ඇය දැය වෙත තිළින කල මහා ධන කලා සම්පත ඔපදමා බබළවා එහි කාන්තිය මෙසේ විහිදුවාලන්නෙමි.

      ස්තුතියි

      Delete
  2. බොහොම රසවත් ; බොහොම ස්තුතියි !

    ReplyDelete
  3. පතල මෙන්ම නොපතල තතු එකතු කර
    ලිපියක් ලෙසින් සකසා ගන්නා අතර
    විරල ගී පවා අපහට තිළිණ කර
    දෙන මේ පෝස්ටුව, පිදුමකි උපහාර!

    ReplyDelete
    Replies
    1. දසත පතල නමඇති ඇය ගැන නිබඳා..
      විපුල අමිල තොරතුරු අමුනා එකටා....
      කියමි මෙසේ මතු පරපුර අසනු මනා...
      ඇය දැයකට රන් පහනකි නිති නිතිනා....

      Delete