ගීයක් යනු කිම?..... විමසා දැන ගනු මැනවි... 02
මහඇදුරු සුනිල් ආරියරත්නයන් තරම් උක්ත කාරණය පිළීබඳව ගී පබැඳු වෙනත් අයෙකු නොමැති තරම්ය. ඒවා ආචාර්ය නන්දා මාලිනිය විසින් 80 දශකයේ මුල් යුගයේ සිට පැවැත්වූ ’සත්‍යයේ ගීතය’ සහ ’පවන’
නම්ින් වූ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් හි ඇතුළත් විනි. ඉන් පරිබාහිරව ඔහු 70 දශකයේ ගුවන් විදුලි වැඩසටහනක් වෙනුවෙන් මෙසේ හෙළිදරවු කරන්නේ නව කුටුම්භයක් තනා තමාගෙන් දුරින් දුරස්ව යමින් පවතින සිය ආදරණිය දූ දරුවන් පිළිබඳව වියපත් මාතාවකගේ අතීතාවර්ජනයයි.
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ.... දිගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ....
ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ....මං විතරයි තනිවම දැන් මගේ නිවසේ ....
දරුවන් ඇඳුම් අගැලුම් ගෙන සිටින්නෙම්ි... මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි...
මරණයේ දොරකඩට සපැමින සිටින්නේමි....ලේ කිරි පෙවු දරුවන් දැක මියෙන්නෙමි...
(නන්දා මාලිනී ගැයුම, තනුව සහ සංගීතය)
![]() |
සාහිත්‍ය කලාව පරිශිලනය පිළීකෙව් කරන, එසේම සංයමයකින්, ඉවසීම ප්‍රගුණ කරමින්, නිසි ගුරු ඇසුර අත්කරගැනිමේ අභිරුචියකින් තොරව, සිමා මායිම් ඉක්මවා තාක්‍ෂනයට වහල් ව යමින් පාරිභෝජනවාදී වානිජමය සමාජයක දිවි ගෙවන වර්තමානිකයන් ගේ නිර්මාණ උල්පත් කටු කොහොල් හැර කෙසේ පාදාගනු හැක්කේද?. අතළොස්සක් හැරෙන්නට නව සහස්‍රකයේ අංකුර නිර්මාණකරුවන් වෙතින් බිහිවන ඇතැම් ගී පද සංකල්පනාවන් සසඳා බැලීමෙන්, බොරවී, අපවිත්‍ර වි ගිය නිර්මාණ උල්පතක තතු පැවසෙයි. එය ගීත රචනා සාහිත්‍යකලාවේ හෙට දිනය වසා පැතිරෙන ගොම්මන් අඳුරක බියකරු බව පසක් කරයි.
02 ගායන මාධූර්යය
සමාජයේ විවිධ ස්ථරයන්හි වෙසෙන අනේකාකාර වින්දන ශක්ති මට්ටම් වල ශ්‍රාවකයන් අතරින් ඇතැමෙකු ’ගීතය’ එසේ සිය ජීවන අත්දැකීමකට සමිප කරගනිද්දී, තවත් අය එහි ගැයුමට ආශක්තව සිටි. ඔවුන් අදාළ ගායකයා හෝ ගායිකාව සිය ප්‍රියතම තේරීම බවට පත්කරගෙන, නිරතුරු ඔහුගේ හෝ ඇයගේ ගැයුම් වැඩි වැඩියෙන් සවන් දෙන්නට ප්‍රිය කරති.
ගීත ලොවට පිවිස සිය හැකියාව විහිදා දක්වන්නෝ සහජයෙන් විවිධ ස්වර පරාසයන් හි සැරිසරන්නට සිය හඞ හික්මවාගෙන සිටිති. නියමිත කල්හි නිවැරදි ’ගුරු ඇසුර’ ලබා, එකී උපදෙස් දැඩිව පිළීපදිමින් නව යොවුන් වියේදීම තමන් හට අයාසයකින් තොරව පිවිසිය හැකි ’ස්වර පරාසය’ දැන හැඳින එහි රැඳෙමින් ගයන්නේය.
ශ්‍රි ලංකීය ගායන ශිල්පී ශිල්පිනියන්, දක්‍ෂ සංගීතවේදීන් යටතේ පුහුණු වෙමින්, ඇතැම් අවස්ථාවන්හීදී තම ගතානුගතික ගායන පරාසයෙන් ඔබ්බට ද ගමන් කරන්නේ සිය ශ්‍රාවකයන් ද විස්මයට පත් කරමිනි. එවැනි ගීත ශ්‍රවණය කිරීමේ අවස්ථාවන් ඊට ප්‍රිය කරන්නන් ගෙන් ගිලිහි යන්නටද හේතු සාධක පවතී. එය සිදුවන්නේ ප්‍රධාන ජනමාධ්‍යන්ගෙන් ඒවා වසන් වී යටපත් වීමට ලක්වීමෙනි.
ආචාර්ය නන්දා මාලිනී, ප්‍රවිණ සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හමුවේ ගයා පටිගත කළ සිනමා සහ වෙළඳ ගී තැටි මහත් රාශියක් පවතී. ඒ අතරින් ඇයගේ සුපුරුදු ගායන ලීලාවෙන් වියුක්ත වූ අවස්ථවකට මනා නිදසුනක් පහත දැක්වේ. 70 දශකයේ අග භාගයේ නිකුත් වූ ’වෙළඳ ගී තැටියක’ එය ඇතුළත් විනි.
’මං ගමන් කරත්තෙන් පිටගං යනවා ...කොහේ යාඵ නුඹ නාඩන්....’
’කැවුම් බදින අවුරුදු දා .... එයයි මමයි මහ ගෙදරට නෑගම් එනවා....
(ගී පද ආචාර්ය අජන්තා රණසිංහ - ’ජෙම්ටෝන්’ වෙළඳ ගී තැටි - 1979)
ඔහුගේ වැඩිහිටි විය ඉක්මවා යන්නට පෙරාතුව, පන්ඩිත් අමරදේවයන් ගේ මධූර ගී නාදයට සවන් යොමු කරන්නට අවස්ථාවක් ලද රසිකයන්ගේ මතකයේ රැඳුනු ඊට සාජෂි සපයන ගීතයක පදවැළ මෙයාකාරයෙනි.
කව් කෝකිළයන් ගයන වේලාවේ.... මල් යාය කිකිණි හඞට සිනාසේ ......
නෙත් දැළවරින් කියන කථාවේ - මල් සළෙල සමේ මහිම උදාවේ ...
බඹර පැටික්කි.... තුනුසිරි විලේ නටන බඹර පැටික්කි.....
(මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක - වෙළඳ ගී තැටි - 1975)
මින්පෙර සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව අවධානයට ගෙන, ශ්‍රාවකයා විවිධ ඉසව් ඔස්සේ සිය පරිකල්පනය මෙහෙයවා ගන්නට රුකුල් දුන් ගීයක ප්‍රබන්ධකයා වූයේ සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා ශූරීන් ය. 70 දශකයේ ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රතිචාරය දැඩිව ලබමින්, පෙරමුණට සපැමිනි මෙම නිර්මාණය සර්ව සම්පූර්ණ වන්නේ අමරදේවයන්ගේ මෝහණිය ගායන මාධුර්යෙයන් සහ තනුවෙන් පුබුදුවා ලීමෙනි.
පෙරදිනයක මා පෙම්කල යුවතිය...සියපුතු නළවනවා ............
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...............
සිංහල ගීත කලා ඉතිහාසය තරම්ම පුඵල්ව දශක සතක් තරම් දිර්ඝ කාලයක් තිස්සේ අතිමහත් සංඛ්‍යාවක සිනමා සහ ගුවන් විදුලි ගීත ගයමින් සිය කමණීය ස්වරදැහැනෙන් ශ්‍රාවකයා වශි කල කලාශූරී ලතා වල්පොළ හඞ සාපේක්‍ෂව පුඵල් පරාසයක මෙහෙයවීය හැකිබව ශ්‍රාවක සහ සංගීත ශිල්පයේ නිපුනයන්ගේ මතයයි.
ලංකා...............භූමි...පින්බර ලංකා...භූමී.....
කිත්සිරි රැන්දු ............ලක්දද බැන්දූ .............
භූපතියන් රන්දාමේ .............සම්බුදු සසුනේ ...
සම්පත විළසේ...රක්‍ෂිත ලංකා භූමි..පින්බර ලංකා භූමි....
ගීත ගයනු රිසිව, රූපවාහිනි රියැලිටි වැඩසටහන් කරා එළඹෙන යව්වනයන්ගේ පැතුම් මල්ඵල ගැන්විමේ ගාමක බලවේගය ඔවුන්ගේ ’මේ ගායන මාධූර්යයි’. ඔවුන් විනිශ්චයට බඳුන් වෙන මෙවළම එයයි. යමෙකු සතු ’ධනබලය’ ඔහුව හෝ ඇයව ප්‍රසිද්ධ ගායකයෙකු හෝ ඇතැම්විට ගායන තරුවක් බවට පත් කරනු ඇතිබව නිසැකය එහෙත් ඔහුට හෝ ඇයට එහි අඛන්ඩව රැඳි සිටිමේ ඉරණම තීන්දු කෙරෙන, ගීයක රසය තිව්ර කරන, ශිල්පිය කුසලතාවය කෙතරම් වැදගත් දැයි එයින් ද පසක් කරගත හැකිවනු ඇත.
ලාංකීය මෑත කාලීන ගායන ඉතිහාස වංශ කථාවේ, දුටුගැමුණු චරිතය හා සමගාමි වූ ජනතාවාදී නිල නොළත් ගායන රජූ ’එච් ආර් ජෝතිපාලයන්ගේ ගායන ළයාදර බව, සුමධුරබව විසින් සිංහල සිනමා ගීතය ප්‍රේක්‍ෂකයන් මතුනොව ඉන් එපිට ශ්‍රාවකයන් අතරට රැගෙන ගියේය. ඔහු සැබැවින්ම ආශ්චර්යජනක කුසලතාවයකින් හෙබියා වූ ගායන තරුවක් බවට අවිවාදාත්මක වන්නේ සිනමා ජවනිකාව තිරය මත දිස්වෙන ඕනෑම චරිතයක් හා එකී හඞ මනාලෙස පෑහී ගිය බැවිනි. සිංහල වදනින් වෙස්වළාගත් ඔහු ගැයූ අනුකාරක විදෙස් තනු විසින් ඒවයේ මුල් ගැයුම් පාගා යටපත් කළ අවස්ථා බොහාමයකි.
ගීතයක අරුතෙන් මතුකරදෙන ’භාවයන්’ තිව්ර කර, එය අසන්නාගේ හදවතේ ලැගුම් ගන්වන්නට සමත් වූ ’ගයන ශිල්පී ශිල්පිනියන්, ක්‍ෂේත්‍රයේ දිගු චාරිකාවට ස්ථිරසාර අඩිතාලම එයින් සකසා ගත්හ. ඔවුන් කිසියම් ප්‍රසංග වේදිකාවක, සංදර්ශනයකට පිවිසියේද, ශ්‍රාවක ප්‍රේක්‍ෂක ගනයා, වහා එක්රොක්වී දැහැන් ගත විය. දශක තුනකට අධික කාලයකදී අඛන්ඩව එක්දහස්පන්සියයකට අධික වාරගණනක, මතු නොබිඳිය හැකි ස්ථිරසාර ඒක පුද්ගල සංදර්ශන වාර්තාවට හිමිකම් කියන ’වික්ටර් රත්නායකයන්, ඒ බව අත්කරගත්තේ ඔහුම පවසන පරිදී, දැඩි කැපවීමෙන් එහි නිරත වී සිදුකරන ලද අභ්‍යාසයෙනි. මනාව සංයමයෙන් හික්මවා ගන්නා ලද සිය හඞ මාධුර්යයෙන් රසික ගණයා වසගයට ගැනීමෙනි. ඔහුගේ ’ආදරයේ උල්පත වූ අම්මා,..... සිහිල් සුළං රැල්ලේ.....අමා දහර දිය ගලා ගලා..., පාවේ වලා ...., වැනි විසල් ගණනක ගැයුම් හමුවේ ශ්‍රාවකයා උන්මාදයෙන් දැහැන් ගත වන්නේ, ඒවයේ ස්වරසංකලනයන් ගේ අපුර්වත්වයෙනි.
'
03 තනු නිර්මාණ විසිතුරු
කවියක් ගීතයක් බවට රූපාන්තරනය වන්නේ, සරළ හෝ සංකීර්ණ ස්වර රටාවකට නතු ව, තනුවකට අනුගත වීමෙනි. යමෙකු ක්‍රමානුකූලව වඩවා ගත් පාරමිතාවක් බඳුව, හදේ ඇඳන තනුවක්, කිසියම් වාද්‍ය භාන්ඩයක් ඇත්නම් එයින් වයන්නට රිසිවෙයි. ඊට අසමත්වුවද, යටත් පිරිසයෙන් තොල් අතරින් හෝ මුමුණන කල්හී, පුහුණුව ලද්දෙකු විසින් සංගීතය නම් විශ්ව බසේ අක්‍ෂර මාලාව වන ’සවර ලිපියකට’ නංවනු ලබයි. ඔහුම හෝ වෙනත් අයෙකුගේ වදන් ඊට සිරුවෙන් මුසුකළ යුත්තේ අර්ථ සම්පන්න බව නොබිඳි යා නොදී පවත්වා ගන්නට උත්සහ කරමින්ය.
එහෙත් පුතිභාපුර්ණත්වයෙන් පරිපූර්ණ තනු නිර්මාපක සංගීතඥයෙකු ’කවියක්’ වහා ’ගීතයකට’ පරිවර්තනය කරද්දී ඇතැම් අවස්ථාවලදී එහි තැනුම් ඒකක වන ’වදන්’ සිරුමාරු කරන්නට සිදුවනවා ඇත.
මේ දෙවර්ගයේම සංගීතඥයන් ගණනාවක් එකම යුගයකදී ලක් ඉතිහාසයේ පහළවීම ද අසිරිමත් සිදුවීමකි. 1950-1980 යුගයේදී ඔවූහූ එකිනෙක පරයමින් සුන්දරත්වයෙන් සපිරි මනරම් ගී තනුරටාවෙන් වදන් වැල් සරසවා, අසල්වැසි භාරතීය ගී උන්මාදයෙන් විකල් ව සිටි ලාංකීය ශ්‍රාවකයන් සැළකිය යුතු මට්ටමකින් ඉන් මුදවා ගන්නට සමත්විය.
සහජයෙන් ගී තනු රටා මනසේ මැවී මතුවී නැගෙන බොහෝ සහෘදයන් සංගීතය න්‍යානුකූලව හෝ ප්‍රයෝගිකව හදාරා ඇත්තවුන් නොවේ. ඒවා නිරායාසයෙන්ම ඔවුන් ගේ සිතුවිලි දහරාවේ වෙළි එතී පවතී.
එදවස ක්‍ෂේත්‍රයේ කැපි පෙනෙන විපර්යාසයකට දායක වූ බොහෝ ගයන ශිල්පී ශිල්පිනියන් මෙකී ගණයේ සාමාජිකයන් බව වාර්තා වේ. එයින් ප්‍රමුඛතමයන් වේගරිද්ම බටහිර ආරට නතුව ගී ගැයූ ’එම් එස් ප්‍රනාන්දු’ සහ ’ක්ලැරන්ස් විජේවර්ධන’ ය. ඔවුන් ගැයූ ගීත අතිවිශාල සංඛ්‍යාවක තනු හිමිකරුවන්ද ඔවුන්ම වේ. ’මිල්ටන්’ යුගළය ඒ වර්ගීකරණයේ දෙවැනි ස්ථානයට පත්වෙයි. ඒ ’මිල්ටන් පෙරේරා’ සහ ’මිල්ටන් මල්ලවාරච්චි’ ය. කාන්තා ගායන පාර්ශ්වයෙන් ගුවන් විදුලි ගායිකාවන්ද වූ ආචාර්ය ’නන්දා මාලිනි’ සහ ’නාලිනී රණසිංහ’ නම්කළ හැකි මුත් ඔවුන් මනාලෙස සංගීත ශිල්පය ප්‍රගුණ කරන ලදුව ඒ තත්වය අත්කරගත්තෝ වෙති.
මේ ප්‍රස්තුතයේදී වඩාත් සුවිශේෂි තැනැත්තා ’ගලගෙදර එම් එම් ඒ හක්’ නම් වූ රසවතාණන්ය. ඔහුද ’සංගීත’ විෂයයට සම්පුර්ණ ආගන්තුකයෙකුව සිටිමින් අතිශය මධුර ’තනු’ උල්පතකට හිමිකම් පෑවෙකි. ඔහුව සොයාගැනීමේ සම්පුර්ණ ගෞරවය හිමිකරදිය යුත්තේ උතුරේ අගනගරයෙන් හෙළ සිනමා කර්මාන්තයට පිවිසි ’ජෝ දේව් ආනන්ද්’ සිනමාකරුවාණන්ටය. තමා සහජයෙන් ලද දායාදයෙන් ඔහු 1970 වසරේ සිට, ් මධුර ගී තනු ආකාරයන් වූ සමකාලීන භාරතීය ශිල්පීන් ද පරයමින් සිංහල සිනමා රසිකයන් ගී රසගුලාවක සතපාලීය.
ජෝති ගැයූ ’චන්දන ඇල්ලෙන් නාලා........., (සුජිවා- 1972) - ගී පද ධර්මසිරි ගමගේ, ඇන්ජලීන් ගුණතිලකගේ ’මගේ හද වෙණ පිරිමැදලා..........., නුපුරුදු හැගුමකි තෙරපෙන්නේ..(සුජීවා) - කරුණාරත්න අබේසේකර, ආචාර්ය සූජාතා අත්තනායක ගැයු ’ඈත වනපෙත සරසාලා............(සුජීවා) - කරු. අබේසේකර, ’පැන පැන එන සඳේ............(ගීතා) - සුජාතා අත්නායක - ධර්මසිරි ගමගේ, දකින දසුනේ දෙනෙත ඇඳුනේ (ගීතා) - ජෝති - ධර්මසිරි ගමගේ, හිටින්න පොඩ්ඩක් හිටින්න... (සුනේත්‍රා - 1973) - ජෝති - ධර්මසිරි ගමගේ, පායයි මේ රෑ සඳවතී... (සුනේත්‍රා) - සුජාතා - ධර්මසිරි ගමගේ, හංස දෝණි හංසයාගේ... (සුනේත්‍රා) - ජෝති - ඇන්ජලීන් - කරු. අබේසේකර, ප්‍රංසයෙන් රැජිනක්... (සුනේත්‍රා) - ෆ්‍රෙඩී සිල්වා - ප්‍රේමකීර්ති ද අල්විස්, හද සන්තානේ ඇති සන්තෝසේ... (සුනේත්‍රා) - ජෝති - ඇන්ජලීන් - කරු අබේසේකර
වැනි ගී තනු ඔහු මුමුනද්දී, ලංකා ගුවන් විදුලියේ ප්‍රවිණ සංගීතඥ ’ටී එෆ් ලතිෆ්’ විසින් ඒවා ස්වර ලිපි පිටපත් කර, සංගීත සංයෝජනයෙන් රසවත් කළ බවට වාර්තා වේ.
බටහිර ගී ආරට සබඳකම් පෑ, එහෙත් ලාංකීය ජන සංගීතයේ ගැබ්වුනු සුවිශේෂිතා සැළකිල්ලට බදුන් කරමින් පරිපුර්ණ ස්වතන්ත්‍ර ගී තනු නිර්මානය කරදීමේ බුහුමන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වෙත හිමිකර දුන්නේ ඔහුගේ නිර්මාණ ගණනාවක් ’ජනපති සිනමා සම්මානයට ලක් කරනට කටයුතු සැළැස්වීමෙනි. සිනමාවේදී ’කේ ඒ ඩබ්ලිව් පෙරේරා’ සහ ’ටී අර්ජුන්’ ගේ නිර්මාණ ගීයෙන් සරසවාලූයේ ඔහුය.
සුළං කුරුල්ලෝ - හරූන් ලන්ත්‍රා - ඇන්ජලීන් -(සැනසුම කොතැනද) -ධර්මසිරි ගමගේ, කැකුඵ මලක පෙති කැට - ජෝති - ඇන්ජලීන් - (ලොකුම හිනාව) - ප්‍රේමකීර්ති, මා ප්‍රර්ථනා ආසාවෝ.. - ජෝති - ඇන්ජලීන් (ළසඳා) - කරුණාරත්න අබේසේකර, හඳ හාවුන් හඳේ .. (මොණරතැන්න - 01) - නන්දා මාලිනි - අජන්තා රණසිංහ, දේදුන්නෙන් එන සමනලුනේ - සංගීත් නිපුන් සනත් නන්දසිරි - ලතා වල්පොළ (වසන්තයේ දවසක්) - අජන්තා රණසිංහ
ඒ අතරින් අල්පයකි.
සංගීතඥ සරත් දසනායකයන්ගේ ගී තනු නිර්මාණ ලැයිස්තුව දිගු පුඵලෙන් වැඩිය. ඔහු ප්‍රවිණ සිනමාකරු ’සේන සමරසිංහ’ ප්‍රමුඛව, යසපාලිත නානායක්කාර, දයා විමලවීර, විජය ධර්ම ශ්‍රී හමුවේ සිනමාවේ නිර්මාණකරණයේ නිරතව සිටියා මතුනොව ලංකීය වෙළඳ ගී තැටි නිර්මාපකයන් ගේ මැදිහත්වීමෙන් කරළියට පැමිනි ශිල්පීනී ඉන්ද්‍රාණි පෙරේරා ඇතුඵ ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන් ඇතුඵ චන්ද්‍රිකා සිරිවර්ධන, තිලකසිරි රත්නායක, ආචාර්ය දයාරත්න රණතුංග වැනි ශිල්පීන් ගේ ’ගී තැටි’ සත්සර රටාවෙන් හැඩවැඩ කළේය. ඔහුද සිය තනු නිර්මාණයන් විදෙස් ගීතයන්ගෙන් කිළිටි නොවීමට වගබලාගත්තේය.
පාට පොදක් තිලකලා ...... - ජෝති ඇන්ජි (කස්තුරි සුවඳ) - සෝමපාල ලීලානන්ද, අමර පෙම් ලතාවේ.... - ජෝති ඇන්ජලීන් - කරු, අබේසේකර (සදහටම ඔබ මගේ), බොඳ මිදුම් කඳුරැල්ලේ - සුජාතා අත්තනායක - අබේවර්ධන බාලසූරිය - (දුහුඵ මලක්) - අජන්තා රණසිංහ, ලස්සන නම් නෑ පෙනෙන්නේ .... සනත් නන්දසිරි (විශ්මය), උන්මාද සිතුවම් මැවේ බිඳේ... - ගුණදාස කපුගේ (එක්ටැම්ගේ) - මහචාර්ය සුනිල් ආරියරත්න, නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ...මිල්ටන් මල්ලවාරච්චි - (නිල්ල සොයා) - සෝමපාල ලීලානන්ද, කීන දං මිටක් කඩන් ආවා....නීලා වික්‍රමසිංහ - මිල්ටන් මල්ලවාරච්චි (චංචල රේඛා) - අජන්තා රණසිංහ
ලාංකීය සංගීත වංශයේ නව පර්ච්ඡේදයක් ඇරඹිය යුත්තේ ’ආචාර්ය වික්ටර් රත්නායකගෙනි. ඔහු අසමසම වාර්තාගත ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් පැවැත්වමෙන් ඊට දායක වූවේය. ප්‍රමාණාත්මකව, තමා ගැයූ නිර්මාණයන් හා ආසන්නව සමවන ගී තනු ගණනාවක් ඔහුගේ සමකාලීන වෙනත් ශිල්පීන් වෙත තිළිණ කරදෙන්නට ඔහු සමත්විය. ඒ අතර උපහාස රසය ජනිත කළ ගී ගැයූ ෆ්‍රෙඩී සිල්වා, මෙන්ම ගුවන් විදුලි ගායිකා ශ්‍රීමතී තිලකරත්න, සුජාතා අත්තනායක, වින්සන්ට් ප්‍රේමසිරි,අබේවර්ධන බාලසූරිය, නෙරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග ප්‍රමුඛත්වය ලබයි.
ඔහුගේ ගී රන්දාමයේ පුරුක් අල්පයකි.
ආනන්ද සමරකෝන් ගේ සිට බී ඇස් පෙරේරා, පන්ඩිත් අමරදේව, සුනිල් සාන්ත, ආර් මුත්තුසාමි, එම් කේ රොක්සාමි, මර්වින් පෙරේරා, ලාල් තේනබදු, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න,ක්ලැරන්ස් විජේවර්ධන, පැට්‍රීක් දෙණිපිටිය, ටී එෆ් ලතිෆ්,මොහොමඩ් සාලි,සුසිල් ප්‍රේමරත්න, සිසිර සේනාරත්න, ස්ටැන්ලි පීරිස්, ග්‍රේෂන් ආනන්ද, ආචාර්ය දයාරත්න රණතුංග, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, ඔස්ටින් මුණසිංහ, පී වී නන්දසිරි, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය රෝහණ වීරසිංහ, සෝමතිලක ජයමහ, විශාරද නිහාල් ගම්හේවා, තිලක් කරුණාතිලක, ගුණදාස කපුගේ, පුන්‍යසිරි මහවත්ත, සෝමරත්න පෙරේරා, එඩ්ගා පෙරේරා, කළනි පෙරේරා, ටියුලින් ජයරත්න, අමරසිරි පීරිස්, නිමල් පෙරේරා, ආචාර්ය නන්දා මාලිනී, එච් එම් ජයවර්ධන, නාලිනී රණසිංහ, සරත් බාලසූරිය, මෙල්රෝයි ධර්මරත්න,ආර් ඒ චන්ද්‍රසේන, උපාලි කන්නන්ගර, සරත් ද අල්විස්, ද සම්පත් දායකයන්ගේ සෘජු හෝ වක්‍ර බලපෑම මත විදෙස් තනු ඉඳහිට සිය නිර්මාණ සඳහා යොදගන්නට පෙළඹුනත් ඔවුන් ද රසිකයන්ගේ මතකයෙන් නොමියෙන මියුරු ස්වාධින ගී තනු රැසකින් සදාතනික ගී නිර්මාන රැසක් දායාද කර දුන්හ.
50 දශකයේ ස්වාධීන තනු නිර්මාණයන් ඉදිරිපත් කළ ’පී එල් ඒ සෝමපාල’ එයින් පසුව බැහැරව ගිය බවක් පෙනෙන්නට තිබිණ. එකී දශකයේ සිටම සිනමා ගීත ක්‍ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවුයේ ඔහුගේ සංගීත රටා රැගත් සිනමා පට ගණනාවක ගීත ජනප්‍රිය කරවා දී ඒවා වානිජමය සාර්ථකත්වයෙන් ඉහළ තලයකට නංවමිනි. බටහිර ලෝකයේ සහ භාරතයේ අතිශය මධුර ගී තනු රැසක්, ඔහුගේ තියුණු නිරික්‍ෂණයට ලක්වී ඒවයේ සුඵ වෙනස්කම් සහිතව, සිංහල සිනමා පසුබිම් ගීතාවලියට එක් විය.
අදරේ හිතෙනවා දැක්කම (1972) - මගේ ජිවිතයම වටහා ගන්නට ........ - මිල්ටන් මල්ලවාරච්චි, ඔබට තිබෙන ආදරේ මම.... - එම් එස් ප්‍රනාන්දු, දෑසේ විමන් දොරින් - ජෝති, සයිමන් අයියයි මාටින් අයියයි - එම් එස්, මුතු මිටක් පිරි ඇත්තේ - මොරිස් දහනායක, අකාසේ රැස් විහිදා... - ශිරෝමි ප්‍රනාන්දු
දමයන්ති (1975) - සිනහවෙන් හෝ කථාවෙන් බැහැ.... - මොහිදීන් බෙග්, මල් මල් හැගුමින් පැතුම් පිරී.... ඉන්ද්‍රාණි පෙරේරා සහ අනිල් භාරතී, (කරු. අබේසේකර) කෝ කොයිදෝ ලොවේ සම්පත් ... - මිල්ටන් මල්ලාරච්චි (ප්‍රේමකීර්ති)
පෙම්බර මධු (1977) - පෙම්බර මධු මගේ..... වික්ටර් රත්නායක - (කරු. අබේසේකර)
මෙම සංගීතඥයාගේ අනුකාරක ගීත ලැයිස්තුව වර්ණවත් කරයි.
ගීයක ප්‍රාණනාලිය බඳු වු ’තනුව’ ඊට අනන්‍යතාවයක් එක්කර, එය ’කවිය’ යන කලානිර්මාණයෙන් ’ගීතය’ වෙන්කර දක්වයි. ’ගී අරුත’, ඇවැසිනම් පුර්ණ ලෙස නොසළකා සිටීමින්, භාෂාවේ සිමා මායිම් අතික්‍රමණය කර එය බිහිවූ සංස්කෘතියෙන්, දැයින්, දේශයෙන් ඔබ්බට පතුරාව හරින ගාමක බලවේගය ’තනුව’ යි. දශක ගණනාවක සිට, භාරතීය ගී රසයෙන් ලක්වැසියා මන්මත් වන්නේ මේ කාරණය හේතුකොටගෙනය. නුහුරු නුපුරුදු බසක පදරුත් අඳුරේ අතපත ගාමින් වුවද ඔවූහූ ඒ ගීත ශ්‍රවණයෙන් පමණක් සෑහීමකට පත්වී භාෂා උච්චාරනයේ ශිල්පීය ක්‍රම අංශූ මාත්‍රයක් හෝ නොදැන, එය ’ගයන්නට’ පෙළඹේනවා මතුනොව එසේ ගයා ඒ භාෂා මාධ්‍යය නොදන්නා රසික සමූහයක් වසග කරති. හින්දී ගීත් මාධූර්යය එසේ බෙදාහදා දුන් ලාංකිකයන් අතර ගායන ශීල්පීන් වූ ’මිල්ටන් මල්ලවාරච්චි’ , ’ටියුඩර් ජයශාන්ත’, ’නුවන් ගුණවර්ධන’, ’චම්පා කල්හාරි ජයසේකර’ වැන්නෝ කැපී පෙනිනි.
මෙම කාරණය මනාලෙස ප්‍රකට කෙරෙන සිංහල ගීත ද අනල්පය. ඒ සියඵ ගෞරව බුහුමානය එකී තනු නිර්මාපකයන්හට හිමිවිය යුතුය. ( ’කැන්ඩි ළමිස්සී’ - මරියසෙල් ගුණතිලක - තනුව එම් කේ රොක්සාමි, සළකා බලනු වටී)
මෙතැන් සිට ඉදිරියට ................