namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, December 15, 2022

රන් කෙන්දෙන් රනින් සැදු රන් ඔන්චිල්ලා - ඔන්චිල්ලාවක පැද්දෙන ගී

 ජන ගී මිහිර කැටිකොට ගත් හෙළ ගී සිංදු ............ ’ඔංචිලි වාරම් කවි’

ජන සංගීතයේ පැණෙන ’ඔන්චිලි වාරම්’ කවි ඇසුරෙන් සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කළ ගී පද රචනා ගණනාවකි. ’ඔන්චිල්ලාව’ පසුව ළමා උද්‍යානයන්හි අනිවාර්ය කෙළි භාන්ඩ අංගයක් ව දක්නට ලැබුනද, පාරම්පරික දේශිය සිරිත් විරිත් කරළියට පැමිණෙන, සිංහල සහ හින්දු අඵත් අවුරුදු සමයේ එය ද පෙරකී ’පාරම්පරික කෙළි සෙල්ලම්’ ගණනයට ඇතුළත්ය.



ඒ අනුව උස ශක්තිමත් අත්තක බැඳෙන ඔන්චිල්ලාව සිංහල අවුරුදු සමය අවසන් වි කලක් යනතුරු ද ක්‍රියාශීලීය. බාල තරුණ අය එහි නැග හැකිවෙර යොදා පදිති. 

’ඔන්චිලි චිලි චිල්ල මලේ....................’ පදපෙළීන් ගැයෙන කවිය ඇසුරෙන් පබැඳුනු ඇතැම් ගීත ’ගැමි සුන්දරත්වය සහ සිරිත් විරිත් ද එහි සුලභ කටයුත්තක් වූ ’නෑනා - මස්සිනා’ ආදර අන්දරය ද පාදක කොටගෙන රචනා වෙද්දී, තවත් ගී ඒ පදය පමණක් උපුටාගත් ප්‍රශස්තබවින් දුර්ලභ රචනා විය.

බටහිර වේගරිද්ම සංගීතය යොදනු ලැබ පොදුජන ගායන තරුව වූ එච් ආර් ජෝතිපාල එක්තරා වෙළඳ ගී තැටියකට ගැයු ගීතයක් සිහිගන්වනු වටී.



ඔන්චිලි චිලි චිල්ල මලේයා................


වැල්ල දිගට නෙල්ලි කැලේයා ...................


මලක් වගේ ඔබ තියලා රන් ඔන්චිල්ලේ ............


රැකුල් දෙමි පදින්නකෝ මා සියුමැල්ලේ .......................


වටින් පිටින් සිසිල් සුළං හමා ඇදෙන්නේ ................


ඔබෙයි මගෙයි කනත්දරේ තමා කියන්නේ .................


කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී .....


කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී ................


මගේ කිරිල්ලී ..මගේ කිරිල්ලී ...


------------------------------

සවන්දෙන්න


ගී පද රචනය නැසිගිය ප්‍රවිණ ගී පද රචක ගුවන් විදුලි නිවේදක සහ වැඩසටහන් සම්පාදක කරුණාරත්න අබේසේකරයන් විසිනි. සංගීත රටා උපේන්ද්‍ර ප්‍රනාන්දුගේය. 

’රන් ඔන්චිල්ලා’ නමින් ප්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ධර්ම ශ්‍රී කල්දේරා විසින් නම්කරනු ලැබ තිබු කඵ සුදු සිනමා කෘතියක් මිට අඩසියවසකට පමන පෙර යුගයකදී තිරයේ ඇඳුනි. එවකට සිංහල සංගීත රටාව බටහිර සංගීත මූලධර්මයන්ගේ අනුසාරයෙන් විචිත්‍රවත් කරමින් එය නව මගකට යොමුකළ පෙරළිකාර සංගීතඥ නැසිගිය ප්‍රේමසිරි කේමදාස  කල්දෙරා සිනමා පට උදෙසා නාදමිහිර නංවන්නට යොමු වූ යුගයයි.

අද්වීතිය සිනමාතිර කාන්තා හඞකින් සන්නද්ධ ව සිටි ගායන ශීල්පිනී නැසිගිය ඇන්ජලීන් ගුණතිලක ඊට හඞමුසු කළාය. සාම්ප්‍රදායික ගැමි කාන්තා ඇඳුම් කට්ටලය එනම් රෙද්ද හැට්ටයෙන් සැරසි ගත් යොවුන් යුවතියන් රැසක් ඔන්චිල්ලා ක්‍රිඪාවෙහි යෙදෙනු එහි ජවනිකා ගත කෙරිණි. නැසිගිය ධර්මසිරි ගමගේ නම් වූ ශූර පුවත්පත් කලාවේදියාණන් ගේ ගී පදයන් වූ එහි යටිපෙළින් ගැඹූරු අරුතක් මතුකරගන්නට තැත් දරා ඇති බව පෙනීයයි

රන් කෙන්දෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා ...............


අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා ...........


දෑතින් බැඳ ලණූ දෙපොටයි දෑතට ගන්නේ ...........


අහසට ගිය සේරම පොළොවට එන්නේ ...........


බාළොලියන් රං ඔන්චිල්ලාව පදින්නේ .............


ජිවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ..

------------------------------

යූ තලයෙන් නරඹන්න



මීට සමකාලීන එකම විද්යුත් ජනමාධ්‍යය වු ’ලංකා ගුවන් විදුලි සේවය’ එදවස ලක්දිවයිනේ පැවති ජනසමාජය ආර්ථික තත්වය සහ සංස්කෘතිය විහිදා දැක්වු පැහැදිලි පැතිකඩක් විය. එහි ඇසුනු සංවාදමය විචිත්‍රාංග වැඩසටහන් සහ වෙනත් සංගීතමය වැඩසටහන් උදෙසා දිවයිනේ ප්‍රමුඛතම විද්වතුන් නිරතුරු සහභාගී වූ අතර ඔවූහූ අතරින් බහුතරය ද ’ගැමිකම’ අත්නොහළ ’ගැමියන්’ ම විය. එහි ගුවනට මුසුවූ වැඩිමනත් ගීතයන්ට ප්‍රස්තුත කොට ගැනුනේ ද ’ගැමි සංස්කෘතිය’ මය. 

එදවස ගම්මානයේ සැරිසැරූ ආගන්තුකයෙකු හට එය ’සිංහල සංස්කෘතිය සහ සිරිත් විරිත්’ හැදෑරිමේ  මහ තක්සලාවක් සරසවියක් බඳුවිය. මහඇදුරු ජේ බී දිසානයක, පුංචිබන්ඩාර සන්නස්ගල වැනි  සම්භාවනීය සරසවි ඇදුරුතුමන්ලා ඒවා ගැඹූරින් හදාරා විශ්ලේෂනය කරමින් එයින් අත්කරගත් මහා දැනුම් සම්භාරය නිතිපතා ’ගුවන් විදුලි’ සගරාමය වැඩසටහන් ඔස්සේ මුඵ රටටම කියාපෑහ. 70 දශකයේ අගභාගයේ ගුවනින් විසුරුවා හැරි ’තුන්පත් රටා’ (මෙහෙයවීම මහඇදුරු ජේ බී දිසානායක) එවැන්නකි. 

සංකීර්ණ දිවිපෙවෙතකට හුරු නොවූ ඔවූන් ගේ දරුකැළ තැන් තැන් හී එක් රොක් වී රංචු ගැසී සිය මිදුල් අංගනයන්හී වැලි පොල්කටු කෝම්පිට්ටු හදමින් කෝටුකැබැලි අටවා ගත් සෙල්ලම් ගෙවල් යටට වි සිටියහ. එකකු බෙලෙක් ටින් එකක් කෝටු කැබැල්ලකට සවිකරගත් කරත්තයක් තල්ලු කරද්දී තවකෙකු ’පොල්පිති’ ගොන්වස්සකු දක්කමින් සිටි.  මේ දරු දැරියන් සැලකිය යුතු පිරිසක් කණිෂ්ඨ ශ්‍රේණිවලදීද නැතහොත් සාමාන්‍ය පෙළ දී පාසල් ගමනට සමුදී සිය දෙමව්පියන්ගේ ගොවිතැන් සහ වෙනත් වැඩකටයුතුවලට උදව් පදව් කරන්නට ගියහ.



මේ ඔවුන් කළ කී දෑ අරභයා ලියැවුනු සුවහස් සංඛ්‍යාත මධූර ගී පද අතරින් එකකි. මෙහි සංවාදයේ යෙදෙන්නේ ද ’නෑනා - මස්සිනා’ ය. ඉතා අහඹු සිදුවිමක් වූ මෙහි ’මස්සිනා’ නොව ’නැනා’ ගම්මානයෙන්’ නගරයට සේන්දු වී තිබේ.  එසේ පිටත් ව ගිය යුවතියන් ’සංකර’ වී හුරුපුරුදු ජීවන රටාවෙන් මිදී, දූෂීත මනස් ඇත්තියන් වෙතැයි ඇගේ ඥාති සමූහයා බියපළකරති.  මේ ගීතය ලියැවුනු 70 දශකයේ මධ්‍ය භාගයේ එසේ ’නගරයට’ සංක්‍රමණය වූ ’යුවතිය’ බොහෝදුරට ද්‍රරිද්‍රතාවය නිසා ’ගෘහ සේවිකාවක්’ ලෙස කටයුතු කරන්නට යෙදුනු අතර මේ අවධිය වෙද්දීත් ඔවූනුගේ දැවැන්ත නාගරික සංක්‍රමණයක් සිදුවී මහත් විපර්යාස ගණනාවකට පසුව හේතුපාදක වූ  ’මහා පරිමාණ ඇගලුම් කර්මාන්ත’ සහ ’මැදපෙරදිග රැකියා’ උල්පත් පෑදී නොතිබිනි.


ඔහු


ඔන්චිලි චිලි මලේ පුංචි නංගියේ ..,

වැල්ල දිගට නෙල්ලි කැලේ නෙළන්න බැරියේ...

ඇය

වෙරඵ හිඹුටු අහුලාගෙන ගේ ලග මිදුලේ ...

වැලි සෙල්ලම් කරපු අයුරු මට සිහිවෙන්නේ .............

දෙදෙනාම

ඔන්චිලි චිලි චිල්ල මලේ නෙල්ලි කැළෑවේ ..........

ඔහු

සිදාදියට උඹ ගිය පසු ඇළ දොළ ළිඳ ලග ආයේ ............

උඹේ වෙනස කථා බහට ලක් වී ඇත ගම්මානේ .........

ඇය

කියන තරම් වෙනසක් නෑ ..,

ගිහින් ආපු ආරංචිය බොරුවකි පසුගිය කාලේ ................

ඔහු

සුදු නැන්දත් මෙහි නෑවිත් ගමට ගියා පිට පාරේ ....

ගිනි අවුලනු එපා නගේ ඇයගේ හද සන්තානේ ...

ඇය

අයියේ නැන්දට කියන්න පදිංචියට උඩහේනේ ...

සිදාදියෙන් මා එන බව මල් පීදෙන බක්මාසේ ....

------------------------------

සවන්දෙන්න

මෙහි  පද රචකයා ක්‍රිස්ටි ගුණසේකරය ච සංගීතඥයා  චන්ද්‍රපාල බෝගොඩය ඔහු දකුණුලක සුප්‍රකට  බෝගොඩ සංගීත පරපුරේ සාමාජිකයෙකි. ගායනය ද චන්ද්‍රපාල බෝගොඩ සහ ශාන්තා බෝගොඩ  යුවළගෙනි.  මෙහි මතුව නැගෙන්නේ පසුව බටහිර සංගීතයෙන්   නව පරිණාමයකට පත්වෙන්නට ළංවී තිබුනු  ’70 දශකයේ ගුවන් විදුලි සරළ ගී’ ආකෘතියයි. මේ ගණයේ ගීත රසවින්දනයේ යෙදෙනු රිසි වූවන්, දිර්ඝ කාලයක සිට හොඳින් පුරුදු පුහුණු කොට වගාකරගත්, සංයමයෙන් සිය ශ්‍රවණෙන්ද්‍රිය මෙහෙයවා ගත්, රසිකත්වයකින් යුක්ත විය යුතුමය. 

ඒ වින්දන කලාව 90 දශකයෙන් සිට කෙමෙන් පරිහාණිය කර එළඹ වර්තමානයේ පුර්ණ ලෙස වියැකි මියැදෙන්නට ආසන්නය. 

ඔන්චිලි ’වාරම් කවි’ ’පත්තිනි දෙවගන’ වෙත පුද කෙරෙන බුහුමනකි. යාතු කර්ම විශේෂයක් ලෙස ’ගැමියන්’ සළකනු ලබයි. ඒවා ගායනා කරන්නට නියමිත ’ලය’ අනුව ඔවූහූ කන්ඩායම් සැදී ඔන්චිලි පදිමින් ඒවා ගායනා කරයි. ඒවා සුභ නැකැත් වේලාවන් වෙන්කරගෙන නියමිත පුද චාරිත්‍ර විධි අනුගමනය කිරීමෙන් පසුව සකස්කරගනු ලබන අතර සාමූහිකව එක්රොක් වී තමන්ගේ ’වාරය’ ලබාගනිමින් පදින අතර ඇතැම්විට දෙදෙනෙකු ද ඊට වැඩි ගණනක්ද එකවර පදින අවස්ථාවන් ලංකීය ඔබ දැක ඇතුවාට සැක නැත.

ඔන්චිලි වාරම් කවි ගණනාවකි. ඒවා ශ්‍රාස්ත්‍රානුකූලව නියමිත ’ළය’ පිහිටුවා ගායනා කරන්නේ කෙසේද යන්න පහත දැක්වෙන අධ්‍යාපනික වීඩියෝව පෙන්නුම් කරයි.


------------------------------

නරඹන්න යු තලයෙන්


------------------------------

70 දශකයේ යෞවන යෞවනියන්ගේ සිත් රංජනය කරමින් ඔවුන් වේගරිද්ම බටහිර ගී රසයෙන් මත් කල ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන්ගේ නායිකාව 1969 දී වසර 19 ක් පමණක් වියැති යුවතියක් ව ’දිල්හානී දුවනී’ ගායනා කරමින් කරළියට පිවිසියාය. එදත් අදත් ඇයව රසිකයන් හඳුනන්නේ එවැනි වේගරිද්ම පොප් ගී ගායිකාවක් ලෙසය. එහෙත් ...? ඇය ගුවන් විදුලි හඬ පරික්‍ෂණයෙන් සමත්ව ජය කෙහෙළි නංවා ’ඒ’ ශ්‍රේණියේ  සරළ ගී ගායිකාවක් ලෙස වර්ගීකරණය වී සිටි බව දැන හැඳින ගත්තෝ ඉතා අල්පය. එදවස ගුවන් විදුලිය සිංහල ජන සංගීතයේ ප්‍රගමනය පිනිස මහත් මෙහෙවරක නිරත වූයේ එහි දුරදක්නා නුවනින් හෙබි පාලක බලධාරීන්ගේ මග පෙන්වීමෙනි. ජන සංගීත පර්යේෂණයේ මහ විද්වතෙකු ව සිටි දිවංගත සී ද එස් කුලතිලක එහි නියමුවා ලෙස කටයුතු කරමින් එනමින් එහි විශේෂ අංශයක් පිහිටුවා කටයුතු කරන ලදීන් නිතිපතා දිවයිනේ සතර දිග්භාගයෙන් එක්රැස් කරගත් ජන ගී ප්‍රවිණයන් ලවා ගයා පටිගත කරවා ප්‍රතිනිර්මාණය කර ’තැටි’ මගින් ජනගත කරන්නට යෙදිනි.  

ත්‍රී සිස්ටර්ස් ගායිකා ඉන්ද්‍රානි පෙරේරා ජන සංගීත පර්යේෂණ අංශයේදී  ඔංචිලි වාර්ම ගැයු දුර්ලභ අවස්ථාවකි මේ



අර බලන්න ඉර ..........ගිරවිගේ පැටියෝ ............’

අර බලන්න සඳ ........සාවිගේ පැටියෝ ..............’

අර බලන්න රණ මොනරිගේ පැටියෝ ...............

අර බලන කවි අසනා දෙවියෝ ...........

අපි ගි සිංදු බද්‍රකාලී සමග සලොලීන් .........

තතිගූ තාතිගූ වඩි යේරුම තරි යේරිඳු පන්තේරු නනා............

------------------------------

සවන්දෙන්න

ඔන්චිල්ලා වර්ග ගණනාවක් අතර සාමාන්‍ය රැහැන් හෝ කඹ ආධාරයෙන් ගසක අත්තක ගැටගසන ඔන්චිල්ලාව හැරනුවිට සාමූහිකව සිදු කරන අවුරුදු උත්සව භූමි ආශ්‍රිතව ’කතුරු’ ඔන්චිල්ලාව ද දක්නට හැකිය. එහෙත් බොහෝ අය එවැනි වර්ගයේ ඔන්චිල්ලාවන් පැදීම අත්දැක තිබෙන්නට ඇත්තේ සැණකෙළි භුමි වල සවිකර ඇති යාන්ත්‍රික කතුරු ඔන්චිල්ලාව මගිනි. 

බටහිර ගී තනු මෙන්ම බටහිර සංගීත රටා අනුව ගී ගැයු තවත් ප්‍රවිණයෙකු වූ ’සී ටී ප්‍රනාන්දු’ ඇය ගීත කලාවට පිවිසෙද්දීද. ලාංකීය රසිකයන් අතර අතිශය ජනප්‍රසාදයට පාත්‍ර ව සිටි අතර ඔහුගේ ගීත බොහොමයක් වෙළඳ ගී තැටි ඇල්බම ඔස්සේ නිකුත් වී සහෘද රසිකයන් අතර සංසරණය විය. එහෙත් ඔහු ලංකා ගුවන් විදුලි සේවයේ ලියාපදිංචි වී ගැයු ගීතද කිසියම් ප්‍රමාණයක් ඉතිරිව පැවතුනද ඒවා අතරින් ජනප්‍රිය වුයේ අතළොස්සකි.

මෙහි කියැවෙන්නේ ඔංචිල්ලා ක්‍රිඩාව ගැන නොවුනද එය  ඒ ක්‍රිඩාව නිරන්තරයෙන් ප්‍රියකළ කුඩාවුන්ගේ සිහින ලෝකය වෙත වැඩිහිටියන් පිවිසවයි. ’පරිසරය’ වින්දනය කරන්නට යෙදුනු තත්කාලීන ’ළපැටියන්’ ගේ අනේකාකාර වූ කෙළිකවට සිනා මැද්දේ සිදුකරන පෙරළි එහි අපූරුවට පෙළගස්වා ඇත්තේ කරුණාරත්න අබේසේකරයන් විසිනි. මේ 60 දශකයේ දෙවන භාගයේ ලක්දිව සමාජයේ අසිරියයි. ගී තනු පැට්‍රික් දෙණිපිටිය ගෙනි.



ඔංචිලි චිලි චිල්ල මලේ ............

ඔංචිල්ලාවේ .... වැල්ල දිගේ ..............

එන්න මලේ නෙල්ලි කැළැවේ..............

පේර දොඩම් පැණි රඹුටන් හිඹුටු ඉදින්නේ..................

ලේනෝ ගිරව් රිළා පැටව් ඒවා සොයන්නේ ...........

කුරුඵ කොබෙයි කිචි බිචි ගා මුකුඵ කරන්නේ..

සුරංගනා ලෝකෙද මේ පුංචි ළමුන්නේ.............

ඈත එහා මූදේ ඔරු පාරු ඇදෙන්නේ ....

වැල්ල පුරා රැල්ල ගලා බෙල්ලෝ දිළෙන්නේ

මාඵ පැටව් කැරළි ගැසේ පෙරළි කරන්නේ...

වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ...........

වනන්තරේ අනන්ත වූ මල් පිබිදෙන්නේ ...

හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ ...

මල් සිඹලා සුවඳ උළා පාට දමන්නේ..,

මොකද අනේ ඔවුන් අපට හාදු නොදෙන්නේ ....

------------------------------

සවන්දෙන්න

වර්තමානයේ මෙවැනි නිර්මාණ බිහිවන බවක් පෙනෙන්නට නැත. ඊට හේතු සාධක ගණනාවකි. සන්නිවේදන විප්ලවයකට නතු වෙමින් සිඝ්‍රයෙන් විපර්යාසයකට පත්වෙමින් යන වත්මන් සමාජයේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද නිරත වන්නේ ජීවන අරගලයකය. මේ ගීත බිහිවු යුගය හා සැසැඳීමේදී වත්මන් මිනිසාට භෞතික අවශ්‍යතා අපමණය. ඒවා සපුරාගන්නට නම් ඉපැයීම සිදුකළ යුත්තේ තමන් මිනිසෙකු ව මේ පොළෝ තලයේ බිහිව සිදුකළ යුතු යහපත් ක්‍රියා බොහොමයක් කැප කරමිනි. ඔවුනට සෞන්දර්යය වින්දනය කිරීමට, සාහිත රස සාගරයේ කිමිදෙන්නට අවැසි විවේකය ඔවුන් විසින්ම අහිමි කරගෙන, මානසික අවපිඩනයට ලක්ව දිවි ගෙවති.

කෙසේ වෙතත්, දෛවෝපගතව මේ සොඳුරු රසයට ගැති ව ළැදිව එහි රසය සොයා සැරිසරන අතළොස්සක් වු වත්මන් යෞවන පරපුර වෙත මෙම අතීත ගී රසදහර පුදකරන්නට සිත්විය

                                                       විරාමයකි



Thursday, December 8, 2022

Muwan Pelessa මුවන් පැළැස්ස අතීතාවලෝකන පුවත

 ’පුබ්බඩයා’ හෙවත් ’ඇටගෙම්බා’ ඇතුඵ පිරිස ගේ අන්දරය - 1979 - 1983

1983 ජූලි මස ගෙවි යද්දී සිංහල සිනමාවට සේවය කල ද‍්‍රවිඩ ජාතික කාර්මික ශීල්පීන් ඇතුඵ වැඩි පිරිස ඉන් ඉවත්වී මෙබිම ද හැරදා යද්දී සිනමාශාලා ගණනාවක්ද චිත‍්‍රාගාර සහ ඒවයේ සංරක්‍ෂනය වෙමින් පැවති සිනමා සේයාපට ද යළි පිළිසකර කළනොහැකි ලෙස අභාවයට ගියේය. 

ඉන් තෙමසක් පමණ ගත වෙද්දී කෙමෙන් සිනමා කර්මාන්තය පිබිදීමේ සළකුණු පෙනී ගියද එය ඉහත ව්‍යාසනයෙන් පෙර තිබු තත්වයට පැමිණීයේ යැයි කිව නොහැකිය.  බොහෝ සිනමා ශාලාවල රාත‍්‍රි සිනමා දර්ශනය අවලංගු වි පැවතින. 


ලංකා ගුවන් විදුලියෙන් එදවසද විසුරුවා හරිමින් පැවති දිර්ඝතම සහ ජනප‍්‍රියතම මාලා නාටකය ’මුවන් පැළැස්ස’ ඇසුරෙන් නිර්මාණය කරන ලද සිනමා පට ද එහි නිෂ්පාදකයන් හට ධනඋල්පතක් වන්නට ඇත. එහි 60 දශකයේ වෙඩික්කාරයා පසුව 70 දශකයේ කදිරා බවට පත්වී පසුව 80 දශකයේදී ’වීරා’ බවට රූපාන්තරණය විය. 

1983 ඔක්තෝබර් මස 13 දින සිකුරාදා දින දිවයින පුරා ප‍්‍රදර්ශනය කෙරුනේ පෙරකී ’වීරා’ ’කෝරළේ මහත්තයා’ ’මැණීකේ’ ’ගුරුන්නාන්සේ’ සහ ’පිනා’ ඇතුඵ ගම්වැසියන්ගේ මනංකල්පිත ජීවන අන්දරයයි. 

ඒ සිනමාහල් ලැයිස්තුවට දැනට අවිද්‍යාමාන මහනුවර ’වේල්ස්’ සිනමාහල ද ඇතුළත්ය. ඒ භූමිය දැනට කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයට යාබද රථගාලක් ලෙස භාවිත කෙරේ.  මහනුවර අවට ගම්වලින් රැුස්කකා එක්රොක් වූ මුවන් පැළැස්ස ගුවන් විදුලි අසන්නන් සහ ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්ගෙන් සිනමා ශාලා දර්ශනවාර පීරි ඉතිර ගියේය. ඇතැම් දිනවල දර්ශන වාර 05 ක් ද ඉක්මවා ප‍්‍රදර්ශනය කරන්නට යෙදුනේ, එක් දර්ශනවාරයක ප‍්‍රදර්ශනය ඇරඹි පැයක් ගතවූ විට සිනමාහලේ පිටත දිගුපෝලිම් වල රැුඳි සිටින පේ‍්‍රක්‍ෂක ජනයා වෙත ඊලග දර්ශනයේ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත්කරවා ඔවුන් සිනමාශාලාව තුලට කැඳවා එහි ශාලා දොරටු විවෘත කෙරෙන කොරිඩෝවේ රඳවා තබා ගනිමිනි. ඒ නිසා ඔවුනට සිනමා දර්ශන නැරඹිම කෙසේ වෙතත් එහි හඞ පටය සහ ගීත පැහැදිලිව රස විඳිමේ අවස්ථාව හිමිවිය. ඔවුනතර මේ ලියුම්කරු ද විය.

එහි එවැනි දැඩි තදබදයකට ලක් වන්න සිදු වූ දෙවන අවස්ථාව එයයි. පළමුවැන්න ඊට වසර 04 කට පෙර 1979 දීය. ඒ මුවන්පැළැස්ස ’පළමුවන කොටස’ යි. එහි එදවස නිරතුරු තිරයේ දිස්වුනු වෙනත් සිනමා පට මෙන්ම ’කඵ සුදු’ සිනමාපටයකි. 

’වීරා’ ට අභියෝග කරන්නට බියගුඵ ’කෝරළේ’ (හියුගෝ ප‍්‍රනාන්දු* විසින් සිය කටකාර ඇඹේනිය වු ’මැණිකේ’ (රත්නාවලී කැකුණවෙල* ගේ සිදාදියේ සිටි මලයන්ඩිය (පුංචි ආරච්චිල මහත්තයා - ජෝ අබේවික‍්‍රම* විසින් ගම්මානය ත‍්‍රාසයට පත් කරමින් බීමත්ව ඇවිද යමින් කරණ බැණ අඩගැසීම් පැහැදිලිව දෙසවන වැකිණි. ඒ අතර පිනා (ෆ්‍රෙඩී සිල්වා* ගේ නෝංජල් කේලම් බස් ද අතරින් පතර විය. කොරිඩෝවේ රැුඳි සිටි පේ‍්‍රක්‍ෂක ජනයා ගුවන් විදුලියෙන් අදාළ කොටස ප‍්‍රචාරය වෙද්දී සිය චිත්තරූපාවලියේ සටහන් කරගත් චරිත යළි පණගන්වා ගන්නට එය කදිම අවස්ථාවක් විය. 

’ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස’ එදවස සිංහල සිනමා සංගීතයේ දැවැන්තයෙකු බවට පත්වී සිටියේය. ’මුවන් පැළැස්ස’ දෙවන කොටස එහි අනෙක් දැවැන්ත චරිතය වු ’සරත් දසනායක’ විසින් සංගීතවත් කරන්නට යෙදුනු අතර තෙවැන්න සහ පළමුවැන්න ’කේමදාස’ තනු නිර්මාණයෙන් හැඩවැඩ විය.

චරිත

කෝරළේ මහත්තයා - හියුගෝ ප‍්‍රනාන්දු

මැණිකේ - රත්නාවලී කැකුණවෙල

වීරා - රවින්ද‍්‍ර රන්දෙණිය

තිසා - මාලිනී ෆොන්සේකා

පිනා - ෆ්‍රෙඩී සිල්වා

ඩිංගි ගුරුන්නාන්සේ - ගැමුණූ විජේසූරිය

වානිජකරණයට හසු වන්නට පෙරතුව ලාංකීය නෙඉඳුල් ගම්මානයක තතු රැුගත් රූපරාමු රැුසකින් ’මුවන් පැළැස්ස තෙවැන්න වර්ණවත් විය.  එහි චරිත නිර්මාණය කෙරුනේ අනාදිමත් කාලයක සිට  සෙසු ලෝකයාගෙන් හුදකලාව පවතින සාම්ප‍්‍රදායික ලංකීය ගැමි සමාජයේ දිවිගෙවු චරිතයන් අනුකරණයෙනි. එවන් ගමක බොහෝවිට ’දාමරිකයන් රැුළක් සහ එහි නායකයා’ ’නෝංජල් අවිහිංසකයන්’ ’බොහෝ ඇසු පිරූ තැන් ඇති වැඩිහිටියන්’ සිටියහ.  මුවන් පැළැස්ස ගමේ පන්සලේ පිංකමකට ගැමියන් සහභාගිවන්නට නියමිතව තිබින. ගම්මානයේ කුඩා දරු දැරියන් එක්රැුස් වී පන්සල් භූමිය කොඩිවැල් වලින් සරසමින් සිටිද්දී පසුබිමින් වාදනය වන ගීතයකි. ’කේමදාස’ ගුවන් විදුලි සහ වෙළඳ තැටි නි්ර්මාණයන් වෙත හඞින් ජීවය කවමින් සිටි නැසිගිය ප‍්‍රවිණ ශීල්පිනී මාලිනී බුලත්සිංහල ඇතුඵ ළමා පිරිස විසින් එය ගයනා කරන්නට යෙදිනි.


බුදුරැුස් මල් පිපෙන සමේ .................

බුදුරැුස් මල් සුවඳ දැනේ ..................

දහසක් මල් පිපෙන ගමේ ................

දහසක් මල් ඔබයි පුතේ .................


ගැයුම - මාලිනි බුලත්සිංහල ඇතුඵ පිරිස

සංගීතය - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

ගී පද - ධර්මසිරි ගමගේ

-----------------------------------

මෙතැනින් අසන්න


’මුවන් පැළැස්ස’ ගුවන් විදුලි ශ‍්‍රාවකයන් හට හුරු පුරුදු චරිතයන් ම සිනමා නිර්මාණයන් සඳහා ’හඞ’ මුසුකිරීම නිසා ඒවා නරඹන ඔවුන්හට තමන් නිවසේ ගුවන් විදුලියේ රසිවිඳි ශ‍්‍රව්‍යමය මාලා   නාට්‍යයේ දෘෂ්‍යමය වින්දනය සිනමා කෘතියේදී විඳ ගන්නට ඇතත් එයින් එක් එක් ශ‍්‍රාවකයා සිය මනසේ චිත‍්‍රනය කරගෙන සිටි එකී චරිත ස්වභාවයන් සහ ඒවයේ පෞරුෂයන් හට සිනමාපටය විසින් එක්තර මට්ටමකට හානි සිදු කරන්නට ඇති බව පැවසිය හැකිය. ඊට අමතරව, බහුතරයන් ගැමි ජනතාවම වු ගුවන් විදුලි රසිකයන් හට එහි හුවමාරු වෙන දෙබස් තමන්ගේ එදිනෙදා ව්‍යාවහර බසට ඉතා සමීප වීම යන මේකරුණ නිසාද එය ඔවුන්ගේ හදවත් හි නොමැකෙන සළකුණු සටහන් කරන්නට ඇත.

ආරච්චිල - කෝරළේ මහත්තයා (විජේරත්න වරකගොඩ)

මැණීකේ - (රත්නාවලී කැකුණවල)

කදිරා - විරා - (වික්ටර් මිගෙල්)

ගුරුන්නාන්සේ සහ පිනා ද්විත්ව චරිත (ගැමුණු විජේසූරිය)

 මුවන් පැළැස්සේ චරිතාංග නංඵවන් ගේ මතු දැක්වුනු පාරිභාෂික වදන් කෝෂයෙන් උපුටාගත් නිදසුන්. 1960 දශකයේ සිට මෙම කථාංගයේ රචකයන් ව සිටි වෛද්‍ය ’මුදලිනායක සෝමරත්න’, ’වික්ටර් මිගෙල්’ ’ශ‍්‍රී නිමල් පද්මකුමාර’ ඒවා නොමදව සිය දෙබස් ඛන්ඩයන්හි ඇතුළත් කිරීමට වගබලාගත් අතර එයින් එහි තාත්විකබව මනාව රැුකගත්හ.

කිරිමෙනෙල් (අපරාධමය)

දඞු කඳේ ගහනවා (පුරාතනයේ සිට පැවතෙන, පාදයන්ගේ වළලුකර අසලින්  බරැුති ලී දඞු යුගලයකට සිරකර තැබිම)

පතබෑවෙනවා (වෙඩි වැදි වැටෙනවා)

සෝලි වැටෙනවා (දෝෂාරෝපනයට ලක්වීම)

කඵකුඩු බස්නය (වෙඩි පහර)

හිමේ (මහවනයේ)

සීවරං දෙයියන් (සතරවරම් දෙවියන්)

කෝලිත්තං කොරනවා (උකුඵ මුකුඵ කරනවා)

මුලිච්චි වෙනවා (මුණ ගැහෙනවා)

මහඋඵ ගෙදර (බන්ධනාගාරය)

කොලනැති ගහ (එල්ලුම් ගහ)

වින්නැහිය (විපත)

කොටාබානවා (බුදිනවා)

(ගැමි ’වාග්කෝෂය’ ඉතා පුඵල්ය එය එසේම පළාතෙන් පළාතට තරමක් වෙනස්ය. ඒවා ලැයිස්තු ගත කරන ලද ග‍්‍රන්ථාලිය ද ඒ නිසා විසල්ය)

හම්බන්තොට දිසාපති ධුරයේ කටයුතු කළ ’ලෙනාඩ් වුල්ෆ්’ ගේ බැද්දේගම නවකථාවේ ද සඳහන් කර ඇති ලෙස, ’අහිංසක අසරණ ගැමියන්’ (එමි ’සිළීඳූ‘ නම් වු චරිතය විමසන්න*  සතු දේපොළ සහ ඉඩකඩම් අසාධාරණ ලෙස කොල්ලකෑමේ යෙදුනු පාලක පැළැන්තිය ’ආරච්චිල සහ ඔහුගේ සහචරයන්’ ය. මුවන් පැළැස්සේ කෝරාළ ද ඒ කටයුත්තේ යෙදෙයි. ’වීරා’ ඊට එරෙහිව නැගි සිටින බලවේගයයි. කෝරාළ ගේ මස්සිනා වූ ’පුංචි ආරච්චිල’ ද ’වීරා’ ද ේම වෙනුවෙන් ගැටෙයි. ඒවා සමථයකට පත් කරන්නට ඇතැම් විට ගම්මානයේ සූරුපී එහෙත් නිර්භිත ’තිසා’ (මාලනී ෆොන්සේකා) මැදිහත් වෙයි.

’තිසා’ ගේ ධෛර්යසම්පන්න භාවය නිරතුරුව ’ගුරුන්නාන්සේ’ ගේ පැසසුමට ලක්වෙයි. කෝරළේ මහත්තයාගේ ව්‍යාජ ගර්වය නිරතුරුවම ඔශුගේ ඇඹේනිය වූ ’මැණීකේ් ගේ පරිභවයට ලක්වෙයි. ඇය බොහෝ විට ඔහුට ’පුබ්බඩයා’  ’ඇටගෙම්බා....’ වැනි අපහසාත්මක වදන් වලින් දමා ගසද්දී බාල මහඵ තරුණ වැඩිහිටි සිනමා පේ‍්‍රක්‍ෂකාගාරය සිනමාහලේ පියස්ස ගැලවි යාදෝ යැයි සිතෙන පරිදි හඞනගා සිනාසෙමින් මහත් විනෝදයක් ලබයි. .  (මුවන් පැළැස්ස’ නරඹන්නට මෙකි සෑම වයස් ඛාන්ඩයක සාමාජිකයන් පැමිණ සිටියහ. නිවස්වල දී පවා ඔවූහූ ඊට සවන්දුන්නේ පවුල් පිටිනි එහෙත් තමා ආශාවෙන් සවන්දුන් දැනටමත් එනම් සිනමාපටය තිරගත වන අවධියේ පවා සවන් දෙන නාටකයට සෙස්සන්ගේ ප‍්‍රතිචාරය  ද නියම ලෙස අත්විඳගන්නට ඔවුනට මෙහිදී අවස්ථාව ලැබී තිබුනි.)

සැබැවින්ම මුවන් පැළැස්ස ශ‍්‍රාවකයන්ගේ ද සිනමා ලෝලීන් ද විනෝදමත් කලේ ’පිනා’ නම් වු නෝංජල් එහෙත් ඇතැම් අවස්ථාවලදී විචක්ෂණශීලී ව ක‍්‍රියා කරන චරිතයට වඩා ’මැණීකේ’ විසින් ’කෝරාළ’ වෙත දමාගසන අපහසාත්මක වදන්ය. ඒ අනුව මුවන් පැළැස්ස සිනමා කෘති ත‍්‍රිත්වයේම ’උපහාසාත්මක’ චරිතය වුයේ ’නෝංජල් පිනා’ නොව මෙකී ’කෝරාළ’ මහත්තයාය. එයින් මෙම නාටකයේ නිර්මපාකයා ගම්මානයේ ’වෙදදැරා’ හැරුණුවිට ප‍්‍රමුඛතම ’ප‍්‍රභූවරයා’ වූ ’කෝරාළ’ පරිභවයට ලක්කරයි. මෙම කථාංගය ගැමි ජනතාව අතරට යන්නට එකී කාරණය ද හේතුභූත වන්නට ඇත. මක්නිසාද යත් සැබෑ දිවියේදී පරිභවයට ලක්කරන්නට සිහිනෙනුදු නොසිතන සිය ගම්මානයේ ප‍්‍රභූවරයා මෙහිදී එය සිදුවනු අත්දැක කිසියම් ආකාරයක ආත්මතෘප්තියක් ලබන්නට හැකි වූ නිසා බැවිනි. 

50-80 දශකයන්හි බොහෝ ලාංකීය සිනමාපට විසින් ගමේ බලපුඵවන්කාර ධනවත් ප‍්‍රභූ දාමරිකයා එහි සාමාන්‍ය තරුණයෙකුගේ අණසකට තාවකාලිකව හෝ නතු කරගනී. එය මනංකල්පිත කථාවකින් හෝ සිදුවන දකින සාමාන්‍ය පේ‍්‍රක්‍ෂක දනන් පෙරකී චරිතය අරභයා සිය සන්තානයේ නිදන් ව ඇතී වෛරී සහගත ආවේග පිටකර දමති. 

එහෙත්  මැදපෙරදිග රැුකියා උල්පත, විවෘත ආර්ථක ක‍්‍රමවේදය නිසා 80 දශකයේ සිට වේගයෙන් විපර්යාසයකට ලක්වූ ලාංකීය ’ගම්මානයේ’ කුල ධූරාවලිය ද පංතී භේදයද ක‍්‍රම ක‍්‍රමයෙන් වේගයෙන් දිය වී යමින් පවතින වර්තමානයේ මතුකී වෘතාන්ත ආකෘතිය තවදුරටත් වළංගු නොවන බව පැහැදිළිය. වත්මනේ අර්ධ නාගරිකත්වයට ගොදුරු වූ ගම්මානයේ වෙසෙන්නේ එහි වතු වෙන්දේසියට ලක්ව ඒවා අත්පත් කරගනිමින් බාහිරින් සංක‍්‍රමණය වූ නන්නාදුනන පිරිසකි. ඔවූහූ අතර එදවස ගම්මානයේ පැවති අන්තර් මානව සම්බන්ධතා අවමය. බටහිර පන්නයට අනුව ඔවූහූ ’හුදකලාව’ වෙසෙන්නට ප‍්‍රිය කරති. 

’මුවන්පැළැස්ස’ ගුවන් විදුලි නාට්‍යයේ අතීතාවර්ජනය

50 දශකයේදී හක්ගල්ලේ පී කේ ඩී සෙනෙවිරත්නයන් ලියූ ’සිකුරු තරුව’ කොටස් 218 කින් අවසන් වී ගිය පසු, ගුවන් විදුලි බලධාරීන්ට ඒ අඩුව සපුරාගැනීමේ භාරදුර කර්තව්‍යය ඉටු කර ගැනීමේ අවශ්‍යතාවය ඇති විය. (1952-1957) එය ලාංකීයයන්ට ඉතා හුරු පුරුදු ’ගැමිදිවිය’ අළලා නිර්මාණය කෙරුණු නිසා යළිත් ඇවැසි වුයේ ඒ ආකෘතියේ ම ආදේශකයකි. එදවස ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් ’එස් බී සේනානායක’ විසින් ඒ සඳහ වෙදැදුරු මුදලිනායක සෝමරත්න’ ට ඇරයුම් කර සිටියේ ඔහු ඒ වකවානුවේදී ද ඒ රාමුවට කොටුවු ගුවන් විදුලි නාට්‍ය රචනයේ යෙදුනු නිසා බව කියැවේ. 

’සිකුරු තරුව’ බඳු මාලා නාට්‍යයක් අඛන්ඩව රචනා කීරිමේ අභියෝගයට පුර්ව සුදානමක යෙදුනු ඔහු ලාංකීය ගැමි ජීවන රටාව සහ පරිසරය හොඳින් අධ්‍යයනය කරන්නට යෙදිනි. එය සැබැවින්ම සංකීර්ණ මානව ශාස්ත‍්‍ර ගවේෂනයක් වන්නට ඇත. ’ඇදැහිලී - සිරිත් විරිත්’ ’ජන ගී සහ කථා’ ’යාදිනි - යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සහ අභිචාර විධි’, ’රෝග සහ ආබාධ සුවකිරීමේ කලාව’, ’පරිපාලනය’, ’ගැමි වහර’ ’නැළවිලි ගී සිංදු’ 



වලින් සමන්විත වු එය සංකීර්ණ ජාලයකි. ඒ සඳහා ඔහු තෝරාගත් ආදර්ශ පරිසර පද්ධතිය වූයේ මතු සඳහන් ලෙසින් බාහිර ලෝකයා හා අවම සබඳතා පැවැත්වූ හුදකලාව වෙන් ව පැවති උඩරට පළාතේ මාතලේ පරිපාලන දිස්ත‍්‍රික්කයේ ලග්ගල, කයිකාවල  මෙන්ම මහනුවර ට ඔබ්බෙන් වු ’මිනිපේ’, ’මහිංයගනය’, ’මි මුරේ’ ’මැද මහනුවර’ වැනි පදෙස්ය. 

මෑත කාලීන 90 දශකයේ පවා මේ ගම්මනායන්හි ස්ථිර ව දිවිගෙවු වැසියන්ගේ ජනවහර සහ සිරිත් විරිත් මතුනොව ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පවා සංකර නොවි පැවතීම හේතුවෙන් ඔවූහූ නාගරික පරිසරයකදී පවා සෙස්සන්ගෙන් වෙන්කොට හඳුනාගැනීමේ හැකියාවක් තිබිනි.

ගැමියන් විසින් හේන් වගාව සඳහා තාවකාලිකව වනගහනය එළිපෙහෙළි කරගත් බිම්කොටස මිනින්දෝරු වාර්තාවන්හිදී ’පැළැස්ස’ නමින් සඳහන් කෙරෙන්නට යෙදුනු බව කියැවේ. හම්බන්තොට දිසාවේ සටහන් වී තිබුනු එවැනි ’පැළැස්ස’ ගණනාවකට පසුව විශේෂන පද යාවි පවතී එයින් වඩාත් චිරප‍්‍රසිද්ධ ’අගුණකොළපැළැස්ස’ ය. එවැනි ’පැළැස්ස’ කට පිවිසි ’සෝමරත්න’ මහතා හට ඒ හරහා දිවගිය ’මුවෙකු’ ඇසගැටී එතැන් පටන් ඔහු රචනා කරන්නට යෙදෙන මාලා නාටකය ’මුවන්පැළැස්ස’ ලෙස නම්කෙරිනි.

1964 වසරේ ගුවන් විදුලි අසන්නන් හට ’මුදලිනායක සෝමරත්න’ ගේ ’මුවන්පැළැස්ස’ මුල්වරට කණ වැකිනි. එහි චරිතයන් හට පණපෙවූවන් එතැන් හි සිට අඛන්ඩව සත්වසක් (1971* සතිපතා එක්රැුස්ව කොළඹ ලංකා ගුවන් විදුලි මුලාස්ථානයේ මැදිරියේ සවිකර තිබු දැවැන්ත මයික‍්‍රෆෝනය වට පෙළගැසෙන්නට සිදුවිය. 

නෙතලි නානායක්කාර - බිනරමලී

විජේරත්න වරකාගොඩ - මැක්වුඩ් නම් සුදු නිලධාරියා සහ පසුව ආරච්චිල

මුදලිනායක සෝමරත්න - සුදුබන්ඩා

ගැමුණූ විජේසූරිය - වෙදමාමා

වික්ටර් මිගෙල් - වෙඩික්කාරයා

රත්නාවලී කැකුණවෙල - එතනහාමි

1971 දී වෛද්‍ය මුදලිනායක ’ඇමෙරිකාව’ බලා පිටත්වූයෙන් ලාංකීය ජනප‍්‍රියතම සහ එකම විද්යුත් මාධ්‍යයේ ජනාදරයට පත් එකම නාට්‍යය නෑසි ගියේය. ශ‍්‍රාවකයන් ගේ නොසන්සුන් තාවය අවබෝධකරගත් ගුවන් විදුලි මාධ්‍ය දැවැන්තයා වූ ’තේවිස් ගුරුගේ’ මහතා ඒ පිටපත නැවත රචනා කල හැකි අයෙකු විදැයි ’මුවන් පැළැස්ස’ ශිල්පීන් රැුස්කරවා විමසන ලදින්, ඒ කටයුත්ත එහි පළපුරුදු සාමාජික ’වික්ටර් මිගෙල්’ ගුවන් විදුලි ශිල්පියා විසින් භාරගන්නා ලදී. 1971 මැදභාගයේ සිට එය යළිත් අඛන්ඩව ප‍්‍රචාරය වන්නට පටන්ගත්තේ ඊට ආවේනික සංගීත ඛන්ඩය පෙරටුකොටගෙනය.

------------------------------

එතැන් හි සිට වෙඩික්කාරයා ’කදිරා’ ලෙසත් එතනහාමි ’මැණීකේ’ ලෙසත් මෙන්ම ආරච්චිල ’කෝරළේ මහත්තයා’ ලෙසත් වෙදමාමා ’ඩිංගි ගුරුන්නාන්සේ’ යළිඋපදින්නේ  මුදලිනායක සෝමරත්නයන්ගේ බුද්ධිමය දේපොළ ගැටඵව නිරාකරණය කරගන්නට සිදුවිම නිසාය. එහෙත් එයින් ශ‍්‍රාවක වින්දනයට අබමල් රේණුවක හෝ හානියක් නැත. ඔවුනට සිය නාට්‍ය පිපාසය සංසිඳවා ගන්නට අවැසි වුයේ කුමනාකාරයේ හෝ ’ගැමි වෘතාන්තයකි’.  ඒ ප‍්‍රවණතාවය අදටත් එසේමය වෙනස ’ගුවන් විදුලියේ’ කාර්යභාරය ’රූපවාහිනිය’ විසින් භාරගැනීම පමණකි. උක්ත පිපාසය සංසිඳවාලන්නට දැන් හතු පිපෙන්නාසේ බිහිවි ඇති රූපවාහිනි නාලිකා එදාමෙන් ’සතිපතා’ නොව ’දිනපතා’ එකී වගකීම ඉටුකරදෙන්නට සැදී පැහැද සිටින්නේ එදාට වඩා සිය දහස් ගුණයකින් කාර්ය බහුල සාමාජයේ සාමජිකයන්ගේ අමිල කාලය කබාසිනියා කර දමමිනි.

රත්නාවලී කැකුණවල ප‍්‍රවිණ ගුවන් විදුලි ශීල්පිනිය ගේ දෙටු සොහොයුරු ’වික්ටර් මිගෙල්’ ශිල්පියාණන්ගේ අභාවය සිදුවු 1994 වසරේ දී, ’මුවන්පැළැස්සේ’ කාර්යභාරයේ භාරදුර බව සෑහෙන පමණකින් තුනි වී තිබිනි. ඒ වනවිට ද ලංකාවේ ගුවන් විදුලි ශ‍්‍රාවකයා රූපවාහිනි නාලිකා තුනකින් ග‍්‍රහණයට ගෙන සිටි බැවිනි. එහෙත් ’ශ‍්‍රී නිමල් පද්මකුමාර’ විසින් ඒ කටයුත්තද නොනැවතී කරගෙන යෑමේ වගකීම කරට ගත්තේ එය ආසියානු ගුවන් විදුලි ඉතිහාසයේ වාර්තාගත දිර්ඝතම මාලා නාටකය බවට පත් කරමිනි.

මෙම වැඩසටහන ඇතැම් විට එදාමෙදාතුර කිසියම් හෝ රූපවාහිනි නාලිකාවක ප‍්‍රචාරය කරන්නට යෙදුනු ජනප‍්‍රියතම ටෙලිනඵව ද අභිබවා කිහිප ගුණයකින් ජනප‍්‍රියව පැවති බවට නිදසුන් බොහෝය.  ඇත්තෙන්ම එහි මිහිරෙන් අනුනය. මේ චරිතයන්ගේ රූපකාය නිරන්තරයෙන් එක් එක් ගුවන් විදුලි අසන්නාගේ මනසේ ඇඳි ඔහුටම ආවේනික රුවකින් සමන්විත විය. 1969 සිනමාවට මුලින්ම මේ අරභයා සැපත්වුයේ මුවන් පැළෑස්ස නොව ’බිනරමලීය’ ය. ඒ වෙද්දී මෙකී මාලානාටකයේ ’බිනරමලී’ චරිතය ඇසුරෙන් ගුවන් විදුලි ගීත පවා එළිදුටුවේය.


රන් රැුස් කෙඳි - දසත විදා අහස්තලේ මැද

තරුමුතුහර ගෙළ පළඳා  - වලා සේල ඇඳ ...

බිනරමලී එක්ක එන්න බිනරමහේ මැද ....

පායාපන් මගේ පැලට පායාපන් සඳ ....

රෝහිත විජේසූරිය සංගීතවේදියා ඇතුඵ පිරිස එය ගයනා කරන්නට යෙදුනු අතර ගී පද රංජිත් හේවාබටගේ විසිනි. (1967 පමන)

----------------------------

මෙතැනින් සවන්දෙන්න

බිනරමලී තිරයේ ඇඳි හරියටම දශකයක් ගෙවෙද්දී 1979 වසරේදී ’මුවන් පැළැස්ස’ සිනමා පට මාලාවේ පළමුවැන්න කළඑළි දුටුවේ ’ධර්ම ශ‍්‍රී කල්ෙද්රා’ සිනමා වේදියාගේ නිර්මාණයන් ලෙසිනි. එහි ඒ යුගයේ මුවන්පැළැස්ස ගුවන් විදුලි නාටකයේ යුවතියගේ චරිතය ’නාමලී’ මතුවි ආයේය.

සිනමාපටය ඇරඹෙද්දී උක්කුබන්ඩේ සහ නමලී දියමත පැදයන ඔරුවක රැුඳෙමින් මෙම ගීතය ගයන්නේය. 


පාඵගමේ පාඵපැලේ පාලු මකන්න ........

ආසයි මම ලගදිම ඔබ කැන්දන් යන්න .......

පමානොවි ඒ අදහස ඉටුකර ගන්න ......

ලගදීම ඔ්නෑ බව කියන්න සහේට ගන්න .............

(ටී එම් ජයරත්න සහ මාලිනි බුලත්සිංහල)

--------------------------

මෙතැනින් සවන්දෙන්න

’නාමලී’ ගම්මානයේ සෙසු ළඳුන් සමග දියනාන ජවනිකා පෙළක පසුබිමින් වැයෙන්නේ මෙම ගීතයයි

නාමලි කුමාරි නාමලෙන් උපන්නදෝ ..........

නාරිලතාවී ..ඉරෙන් හඳෙන් උපන්නදෝ ..............

(මාලිනි බුලත්සිංහල, නිරංජලා සරෝජිනී ඇතුඵ පිරිස)

---------------------------

මෙතැනින් සවන්දෙන්න

සිදාදියේ වෙසෙන මිතුරු කැළ ආරච්චිල ගේ මුවන් පැළෑස්සේ නිවසට පැමිණෙන අතර එහිදී මධුවිතෙන් සප්පායම් වී ඔහු සහ මැණිකේ අරභයා ගයන ගීතයකි.

පැළඳ කඩුකස්ථාන ගමට නම්බුව ගේන .........

ගමේ ආරච්චි මැතින්දා වීරයා .................

සද්ද විද්ද කටුපුල්ලේ ගෙදර වීරයා ............

පරාද වි නෑ බඳු හපන් සූරයා ..............

වංසෙ පුජිත වුයේ රාජ පරම්පරාවේ ............

සිංහ සෙයියාවෙන් අයුක්තියට පයින් ගසන්නේ ...

රාජකාරිය දන්නේ ...........

-------------------------

ගැයුම - එම් එස් ප‍්‍රනාන්දු ඇතුඵ පිරිස

ගී පද - කරුණාරත්න අබේසේකර

තනු - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

-------------------------------

මෙතැනින් සවන්දෙන්න


චරිත - 

කදිරා - රෙක්ස් කොඩිප්පිලි

මාලිනී ෆොන්සේකා - නාමලී

වොලී නානායක්කාර - උක්කුබන්ඩේ

වීනා ජයකොඩි - සිළිඳු

හියුගෝ ප‍්‍රනාන්දු - ආරච්චි 

රත්නාවලි කැකුණවෙල - මැණීකේ

ගැමුනු විජේසූරිය - වෙදමාමා

ෆ්‍රෙඩී සිල්වා - පිනා

දේවිකා කරුණාරත්න -බිසෝ

කිංස්ලි දිසානයක  -උන්ඩියා

රැුල්ෆ් විජේකෝන්  -හඳුනා

---------------------
From Left to Right

වික්ටර් මිගෙල් (කදිරා)
විජේරත්න වරකාගොඩ (කෝරාළ මහත්තයා)
නෙතලි නානායක්කාර (නාමලී -තිසා)
රත්නාවලී කැකුණවෙල (මැණීකේ)
ගැමුණූ විජේසූරිය (පිනා සහ ඩිංගි ගුරුන්නාන්සේ)
ශ‍්‍රී නිමල් පද්මකුමාර (80 දශකයේ සිට)
----------


වර්ණයෙන් එළිදුටු ’මුවන්පැළෑස්ස 02’ 1982 වසරේදී සිනමාහල් චාරිකාවේ යෙදුනේය. එහි නියමුවා තවත් ප‍්‍රවිණ සිනමාවේදියෙකු වූ ’යසපාලිත නානායක්කාර’ ය.

’කදිරා’ යහගුණයෙන් හෙබි හැඩිදැඩි තරුණයෙකු වුවද ඉඳහිට දාමරිකකම් කරන්නේ ’කෝරාළ’ ඇතුඵ පිරිස විසින් සිදුකරන අකටයුතුකම් වලට එරෙහිවය. මුලින් රංබන්ඩේ සහ කදිරා මිතුරන් වුවද පසුව විරසක ව ඔහුට විරුද්ධව කෝරාළ හා එක්ව කි‍්‍රයා කරයි. ඔහු ඇතුඵ පිරිස ගේ කුමන්ත‍්‍රණ නිසා ’කදිරා’ අවසානයේ පොලිස් නිලදරුවන්ට කොටුවන අතර ඔවුන්ගෙන් වෙඩිපහර කා මියයද්දී පවා රංබන්ඩා ට ඔවදන් දෙමින් ඔහු ගේ අකටයුතුකම් උදෙසා සමාව භජනය කරයි.

ගමේ විහාරබිමේ පැවැත්වෙන පිංකමකට ඒ දෙසට සෙමෙන් ඇදෙන පෙරහැරක ගම්මුන් පෙළගැසි ගමන් කරයි. චන්දකින්නර ජාතකය සිහිකැඳවන  ’කිඳුරු නැටුම’ එහි එක අංගයකි. ’නීල’ වර්ණයෙන් සැරසුනු කිඳුරා සහ කිඳුරිය එහි රගමින් ගමන් කළ පසු දෙදෙනා එක්ව පවත්වන නර්තන සංදර්ශනය නැරඹීමට ගම්මුන් එක්රොක්වි සිටිති. ඒ අතර ’මලී’ සහ ’රංබන්ඩේ’ ද සිටිති. නර්තනාංගය අතවාරයේ දෙදෙනා ඇස්කොණින් අදහස් හුවමාරු කරගනිති. පෙරදිග සංගීත ශෛලීය සහ සාම්ප‍්‍රදායික ජන සංගීතය ඇසුරේ නිර්මාණකරණයේ යෙදෙන්නට රිසි වු දිවංගත සංගීතවේදී සරත් දසනායකයන් එවන් ගීත නිර්මාණ ගණනාවකින් 70 දශකයේ සිනමා ගීත කලාව හැඩවැඩ කරයි.  පහත ගීතයේදී ඔහු සාම්ප‍්‍රදායික නාඩගමි සංගීතයෙන් අභාෂය ලබයි. 

 

නිල්වන ලන්දේ මල් මකරන්දේ ............

අසිරි හිමව් පෙත හොබවමිනා .........

කිඳුරු රජින්දේ මෙසඳ 

(වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී )

සංගීතය - සරත් දසනායක

නීරූපනය - ශ‍්‍රීයානි අමරසේන සමග රොබින් ප‍්‍රනාන්දු (නර්තනය කුලසිරි බුදවත්ත සහ සහය ශීල්පිනිය)

-------------------------

යූ තලයේ නරඹන්න


-----------------------

සෙසු චරිත

කදිරා - රෙක්ස් කොඩිප්පිලි

මුතු - ස්වර්ණා මල්ලවාරච්චි - 

ඩිංගි ගුරුන්නාන්සේ - ගැමුණු විජේසූරිය

මලී -  ශ‍්‍රියාණි අමරසේන

පිනා - ෆ්‍රෙඩී සිල්වා 

පිංචා මාමා - වින්සන්ට් වාස්

රංබන්ඩේ - රොබින් ප‍්‍රනාන්දු

---------------------

මුවන් පැළැස්ස මෙම කොටස උදෙසා සැකසුනු තේමා ගීතය ලියැවෙන්නේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ නම් වු ප‍්‍රවිණ ගී පද රචක පුවත්පත් කලාවේදියා විසිනි. හිමේ ඇවිදින කදිරා ගේ දර්ශනය පසුබිමින් නාමාවලිය තිරයේ දිස්වෙද්දී ටී එම් ජයරත්න ගායන ශීල්පියා ගේ හඞ ඊට මුසුවෙයි

මුවන් පැළැස්සේ වැසියන් ගේ (සත්‍ය වශයෙන් ලාංකීය ගැමියන්ගේ)නොමද ගෞරව බුහුමානයට පාත‍්‍ර වන්නේ අයියනායක (කන්දේ) දෙවියන්ය. කුමන හෝ අවදානම් හෝ සුබ කටයුත්තක යෙදෙන්නට පළමුව ඔවූහු ඔහු සිහිකර කොළ අතු එල්ලා භාරහාර වෙති. 

ගම්මානයේ ඔබ්බනේ ඇති වනයේ (හිමේ) සැරිසැරිය යුත්තේ සැළකිල්ලෙනි එහි මරුවැල් (අඩිපාරට එල්ල කර එක්තරා උසකින් ගසක ඇටවු කොටන තුවක්කුවේ කොකා ට අමුණා ඒ හරහා ඇද ඇති ලණුපොටකි. එය මැඩීම කොකා ගැස්සී වෙඩි පහරකට ලක්විමේ අවදානමට මුහුණු පායි*  අටවා තිබෙන්නට හැකිය. 

පැණිමොර මල් පැණිමොර මල් වෙනදා මෙන් පිපේදෝ..........

තුරු මුදුනේ රස මීවද බැඳේදෝ ........

දුටුව හීන යළි හැබැහින් පෙනේදෝ..........

යන එන තැන මග මරුවැල් ඇදේදෝ .....

කන්දේ දෙවියනේ කන්දේ දෙවියනේ ..........

ලෙණගල මුදුනේ වෙසෙනා කන්දේ දෙවියනේ............

--------------------------
ගී පද  - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ 

තනු සහ සංගීතය - සරත් දසනායක

ගැයුම - ටී එම් ජයරත්න

පසුබිම් නිරූපනය - රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි (කදිරා)
----------------
මෙතැනින් අහන්න 
 

මුවන් පැළැස්ස සිනමාපට මෙන්ම ගුවන් විදුලි මාලා නාට්‍යය සඳහා බරපැන ’ලින්ටන් මාස්ටර්ස් ටෙලර්ස්’ අධිපති ’මුණිදාස ද සිල්වා’ මහතා ගෙනි. එහි සියඵ සිනමාපට සඳහා රංගනයේ යෙදෙමින් හඞ මුසුකරද්දී රත්නාවලී කැකුණවල සහ ගැමුණූ විජේසූරිය සුවිශේෂීය ඔවුහු එහි පෙනී සිටිමට අමතරව හඞින් ද දායකත්වය දක්වන ලදී. සැත්තෑපස් විය ඉක්මවා යන්නට සැරසෙන ලංකා සිනමා ඉතිහාසයේ වෙනත් මාධ්‍යයකින් නිර්මිත එකම කථාංගයක් ඇසුරෙන් කොටස් ත‍්‍රීත්වයක සිනමා පට තුනක් බිහිවිමේ වාර්තාව සතු වූ අවස්ථා ද්විත්වයකි. ඒ මෙම ’මුවන්පැළැස්ස’ සිනමා නිර්මාණය සහ මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන් ගේ තුන් ඇඳුනු නවකථා ඇසුරෙන් බිහිවු ’ගම්පෙරළිය’  ’කළියුගය’ සහ ’යුගාන්තය’ යි. ඒ අතරින්ද සතරවසක් තරම් කෙටි කාලයකදී කොටස් 03 ක් බිහිවු එකම අවස්ථාව ’මුවන් පැළැස්ස’ ය.

’මුවන්පැළැස්ස’ ගුවන් විදුලි නාටකය 80 දශකයේ මධ්‍යභාගය වෙද්දීද, එය 60 දශකයේ අත්කරගෙන තිබූ ශ‍්‍රාවක ප‍්‍රතිචාරයෙන් මදකුදු හෝ නොවෙනස්ව පැවති අතර එය සිනමා කර්මාන්තයට ධනඋල්පතක් බව දැන හැඳිනගත් ආයෝජකයන් ඒ චරිත අළලා වෙනත් සිනමාපටද නිපදවීය.

1984 වසරේ තිරගත වූ ’බිනරි හා සුදු බන්ඩා’ (රොබින් ප‍්‍රනාන්දු සහ ශ‍්‍රීයානි අමරසේන)

1990 වසරේ ’මුවන් පැළැස්සේ කදිරා’ 


මාල පබල වැල් කරවට ලන්නට ............

තෝඩු අරුංගල් පෑහි ඉන්නට ............

දවසක් ඒවිලු බිනර මහේ ...........

කෝල කොමල ඉගි වලින් හිනා වී ...........

හීන් හඞින් කොඳුරමින් එදා කී .......

හිරිමල් හීපද තාම ඇසේ ...............

----------------

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස තනු සහ සත්සර නාද 

ගැයුම - පන්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනී

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ

සිනමාපටය - බිනරී සහ සුදුබන්ඩා - 1984

-----------------

මෙතැනින් සවන්දෙන්න


එයින් කැපී පෙනුණි.

මුවන් පැළැස්ස  මේ 2022 වසර ගතවන විටදීද අටපණස් වසක් තරම් දිර්ඝ කාලයක් ගතවී, අදද ගුවන් විදුලි වෙළඳ සේවයෙන් සඳුදින රාත‍්‍රි යාමයේ විසුරුවා හැරෙයි. 

(මුවන් පැළෑස්ස නාටකයේ යටගියාව මුලාශ‍්‍ර  - ශ‍්‍රී නිමල් පද්මකුමාර ලියු ’මුවන් පැළැස්ස පසුබිම් කථා - දිණමින ලිපියකිනි)

මෙම ලිපිය වෙසෙසින් සකස්කලේ 1980 දශකයේ දෙවන භාගයෙන් මෙපිට උපන්, ගුවන් විදුලි නාටක කලාව පරිශීලනයෙන් ඈත් වූ රූපවාහිනි යුගයේ හැදි වැඩී බිහිවූ රසික ප‍්‍රජාව අරභයාය. 

------------------
Eda Asunu Gee
Composed by - Prabath Rajasooriya
06 December 2022

යුනිකෝඩ් අක්ෂර දෝෂ නිසා ඇතැම් වදන් වීකෘතියට ලක්වි ඇත නමුත් එය ලිපිය වටහගන්නට බාධා සිදුනොකරන ඇති බවට විශ්වාසය. ඊට කණගාටුව පළ කරමි






Thursday, December 1, 2022

M.K. Rocksamy රොක්සාමි සත්සර සර

ලෝකේ වට එන්න යන්න මෙන්න ආදරේ................ සංගීතඥ මරදකොළොන්නේ රොක්සාමි මෙහෙවර මහිම....

(එම් කේ රොක්සාමි සංගීතවේදියා ගේ 34 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි - 30 නොවැම්බර් 2022)


ගී පදමාලාවක් අතට පත් සංගීතඥයා එය හොඳින් පිරික්සා බලා අධ්‍යයනය කරයි. ගීතයේ අදහස ග‍්‍රහනය කරගත් පසු එය ඉලක්කගත ශ‍්‍රාවක රසික කන්ඩායම පිළිබඳව අවධානය යොමු කරයි. එපමණකින් නොනැවතී අදාළ ගීතය ගයනා කරන්නට නියමිත ගායකය සහ ගායිකාවේ හඞ, ඔහුගේ හෝ ඇයගේ ස්වර පරාසය, ඔවුන් අත්කරගත් ජනප‍්‍රියතාවය සහ ගොඩනගාගත් ප‍්‍රතිරූපය මෙන්ම අනන්‍යතාවය ද සැළකිල්ලට බඳුන් කරනු ලබයි.

---------
ඉන්ද‍්‍රානී රොක්සාමි මහත්මිය සමග රොක්සාමි සංගීතවේදියා
-------


70 දශකයේ ගුවන් විදුලි සහ වෙළඳ තැටි සහ කැසට් ගී නිර්මාණකරනයේ යෙදී සිටි සංගීතඥයන් ගේ ස්වභාවය එයයි. ඉහත සියඵ කරුණු සම්පින්ඩනය කරගෙන ඒවා හොඳින් සළකා බලනු ලැබීමෙන් පසුව පමණක් වඩාත් උචිත යැයි හැගෙන තනු නිර්මාණයේදී මෙන්ම අන්තර් වාද්‍ය ඛන්ඩයන් වැයිමේදීද වෙනත් නිර්මාපකයන්ගෙන් උපදෙස් පතයි.


එදවස නිර්මාණයන් මධුර මනෝහර වීමේ එක් රසහකි මෙය.


ඉහත කුලකය නියෝජනය කල පුඵල් අත්දැකීම් සහ දැනුමකින් හෙබි සංගීතඥයෙකු ලෙස නැසිගිය එම් කේ රොක්සාමි මහත සැළකිය හැකිය. මහත් සංයමයකින් හා හසුරුවා ගත් ස්වරයන්ගෙන් හික්මවා ගත් හඞකින් නැසිගිය ඉන්ද‍්‍රානි විජයබන්ඩාර ගැයු ගීතයකට ඔහු භාවිත කළ ස්වර රටා සහ තනුව ගීතයේ අදහසට මනාව ගැළපෙන පරිදි සකස් කොටගෙන ඇති ආකාරය විමසන්න


බුදු සාමිනේ සිරිපා පියුම්.............


කරමි බැතී පිණීපා .................


ගුණෙනි සොමි සෙත පෑ හිමි .................


කරුණා සුවේ සතපා .......................


(කරුණාරත්න අබේසේකර)

--------------------------
අහන්න  මෙතැනින්

එවන් බොදු ගී ගැයිමේ විශේෂඥයෙකු වු නැසිගිය අල්හාජ් මොහිදීන් බෙග් උදෙස නිර් මිත ස්වර රටාව ද සළකා බලනු වටී


සකල සතම බොදු බැතියෙන් ..........


නමදින දුරහැර  හැම ෙබ්ෙද්..........


සුගත තථාගත ලෝක සිවංකර ............


සම්බුදු සිරිපාදේ ...............

(ශ‍්‍රී පතුල සිනමා පටය වෙනුවෙන් කරුණාරත්න අබේසේකර - 1978)

--------------------------
අහන්න  මෙතැනින්

එසේ සංයමයකින් ගැයිය යුතු ’බොදු ගී’ රාමුවකට කොටුනොවු ’රොක්සාමි’ සංගීතවේදියා එයින් පුර්ණලෙස වෙනස් වූ අධීවේගී රිද්මයකට උස් හඞින් ගැයෙන ගීත අරභයා නිර්මාණය කළේ ඊටම ගැලපෙන සම්පුර් ණයෙන්ම වෙනස් ස්වර රටාවකි,


-------------------------------
යොවුන් මරියසෙල් මැදිකරගෙන Midnight Mist  ගායක වාදක මන්ඩලය.  
එම් කේ රොක්සාමි සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු’කැන්ඩි ළමිස්සී’ ගී තැටිය වෙනුවෙන් පසුබිම් සංගීතය මුසු කරමින් සහය වූයේ ඔවුන්ය. 

-------------------------

පාට රත්තරං අහසේ රතු වළාකුලේ ...............


හරිම සීතලක් දැනෙනවා උඩු ගුවන් තලේ ......


හිම කදුවැටි අතරින් එන මන්ද මාරුතේ...............


ලෝකේ වට එන්න යන්න මෙන්න ආදරේ................


(ගී පද - හඩ්සන් සමරසිංහ ගැයුම මරියසෙල් ගුණතිලක  - වෙළඳ තැටි ගී - 1976)

--------------------------
අහන්න  මෙතැනින්

ංං සැ යූ - ඉහත ගීතය සිංහල ගීත සාහිත්‍යය වංශ කථාවේ සුවිශේෂී සංධීස්ථානයකි. අධිවේගී රිද්මයකින් හෙබී දිර්ඝ ධාවන කාලයක් සහිත ගීත අතර එය ප‍්‍රමුඛය. විනාඩි 05 ඉක්මවා යන ධාවන කාලයක ගැයෙන එකී ගීතය ඇතුළත් ’කැන්ඩි ළමිස්සී’ තැටියේ දෙවන පැත්ත පුර්ණ ලෙස අත්පත් කරගන්නට එය සමත්විය. එහි අනෙක් පස ඇතුළත් වූ අභව්‍ය පදපෙළකින් සමන්විත ’කැන්ඩි ළමිස්සි’ ගීය ද එය ගැයු ’මරියසෙල් ගුණතිලක’ ද අසිමිත ලෙස එකරැුයකින් තරුවක් බවට පත් වුයේ ’රොක්සාමි’ සංගීතවේදියාණන් ගේ ඉන්ද‍්‍රජාලික තනු සහ සංගීත සංයෝජනය හේතුවෙනි. 


ඒ අන්කවරෙක් නොව සිමාමායිම් පවුරු පිළීකෙව් කල, එම් කේ රොක්සාමි නම්වු මානව හිතවාදී විශීෂ්ඨයාය. ඔහු නිහඞ නිසංසල වී පෙරදිනයට වසර තිස්හතරක් තරම් දිගු කාලයකි. ඔහු පිළීබඳව තැන තැන සටහන් වූ දෑ බොහෝය. ඔහුගේ පරපුරේ සමකාලීනයන් ඔහු තරමටම විශීෂ්ඨයන්ය. ඔවූහූ එකිනෙක පරයා නිසග ප‍්‍රතිභාවය විහිදා පාද්දී ඔහු ද ස්වාධින රසපුර්ණ ස්වර රටා විවධාකාරයෙන් ගළපා හැඳු සිංහල ගීත සංඛ්‍යාත්මක සුවිසල්ය.

--------------------------
වාද්‍ය වෘන්දයක වයලීනය වයමින් (පසුබිමින් ගිටාරය වාදනය කරන්නේ දිවංගත ගේ‍්‍රෂන් ආනන්ද සංගීතඥයා ය)
----------------------

වරෙක ඔහු බටහිර සංගීතයේ සුසංවාද ප‍්‍රසංවාද තාක්‍ෂනයේ උපරිම ඵල ප‍්‍රයෝජන විඳ ගන්නට රිසිවිය. එකී විෂයයේදී පරප‍්‍රාප්ත වූ ඔහු, සිය මුල්කාලීන යුගයේ ගීත උදෙසා තමන්ම වැයූ ’සැක්ස්ෆෝනය’ නම් බටුහිර ශුෂිර සංගීතභාන්ඩය කෙබඳු වේද එයින් මිහිර මැවිය යුත්තේ කෙළෙසකද යන්න එක්තරා වෙළඳ ගී තැටි නිර්මාණයකින් පසක් කර දුන්නේය. එහිදී ඔහු ගායකයාගේ හඞ ට පසුබිමෙන් නිසංසලේ ’සැක්සෆෝන්’ සංවාදයක යෙදෙන්නේය. 


නෙත පිනන රුසිරු වත ඔබේ................


සිත එකග කරන සිත ඔබේ...........


රන් දිමුතු  මුතුද ලග තිබේ..........


මගේ සියඵ දෙයම මතු ඔබේ...............

(දිවංගත  **පේ‍්‍රමකීර්ති ද අල්විස් ගී පද සංකල්පනාව ගැයුවේ ෆීලික්ස් ඇන්ටන් විසිනි - 1975)

--------------------------
අහන්න  මෙතැනින්


හිරු නිදිසුව විඳිද්දී  ඔහු සිය සුරතළා වු ’වයලීනය’ අතදරා ශබ්දාගාරයේය. හිරු කිරණින් ලොව නැහැවෙන්නට පටන් ගත් මොහොතේ තම නිදිදෙව්දුව සොයා සිය අදරණිය කැදැල්ලට පිවිසෙන ඔහුට ඒ අවස්ථාව ද බොහෝ විට අහිමි වුයේ ක්‍ෂේත‍්‍රයේ සගයෙකු ගේ බාධාකිරිමකිනි. වහාම ඒ කටයුත්තට සැරසෙන ඔහු යළිත් විදී බසින්නේය. සැඩහිරු පෙරළි කරද්දී ඔහු නැවතත් සුපුරුදු ලෙස ගුවන් විදුලි මැදිරියකය. කෙමෙන් සැඳෑ අඳුර එළඹෙද්දී සිය හිතවතෙකුගේ කැඳවීමෙන් බාහිර ශබ්දාගාරයක ය එසේත් නැතහොත් ඒක පුද්ගල ප‍්‍රසංගයක වාද්‍ය වෘන්දය සරසන්නට කිසියම් හෝ පොදු ආයතනයක ශාලාවකය. අඳුරු වැටුනු නිශා යාමයේ නැවතත් ශබ්දාගාරයකය. 


එවන් කාර්යබහුල ඔහුට ඉන් යසඉසුරු සම්පත් අත්කරගන්නට ලැබිනැයි ඔබ සිතුවේ නම් එය නිවැරදි නොවේ. මන්ද යත් ඒවා බොහොමයක් ’හිතවත්කමටය’ පසුව දෙන කාසිපනමටය. එහෙත් ඔහට එසේ ලැබෙන්නට නියමිත කාසි පණම් අහිමි වූ අවස්ථා එමටය. එය නොසළකා සිනහමුසු පිබිදුනු වතකමලින් පසුදිනද ඔහු සිය සුපුරුදු රාජකාරියේය.


ඔහු පිළිබඳව පැවසිය යුතු දෑ අපමණය. ඔහුකල නිර්මාණවලිය මහත්ය. එය මතු මතු පුනපුනා සිහිකැඳවිය යුතුවන්නේ එවන් මිනිසුන් ලොව පහළවිම විරල බැවිනි.

රොක්සාමි සංගීතවේදියාණෙනි  ඔබට මොක් සුව අත්වේවා

---------------------------------------------------------------

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් අඩවිය

30 නොවැම්බර් 2022

 **  යුනිකෝඩ් අක්ෂර දෝෂයක් හේතුවන් ඇතැම් වදන් වීකෘති වී තිබිම පිළීබඳව සමාව අයදිමි


Thursday, November 24, 2022

R Muththusamy songs of 60-70s මුත්තුස්වාමි ගී රස සරණිය

ඔහු ආර් මුත්තුස්වාමි නම් විය ............. විවිධ රස කැළතු සත්සර ලාලිත්‍යය


මහසංගීතවේදී සුනිල් සාන්තයන් ගේ පළමු සිනමා සංගීත නිර්මාණ ඇතුළත් වුයේ 1956 තිරගත වු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ පළමු සිනමාකෘතිය වු ’රේඛාවේ’ ය. එවර ඔහු ඒවා පටිගතකිරීම් මෙහෙයවීමට ඉන්දියාවට ගියේ නැති බවත් ඒ වෙනුවට ඒ යුගයේ බටහිර සංගීත විද්‍යාව හදාරා එහි නිපුණත්වය ලද බී ඇස් පෙරේරා සංගීතඥයා ඊට යොමුකරවු බවත් සඳහන්ය. 




රේඛාවේ ’ඉන්ද‍්‍රානි විජයබන්ඩාර’ සහ ’සිසිර සේනාරත්න’ මෙන්ම ’අයිවෝ ඩෙනිස්’ සහ ’තිලකසිරි ප‍්‍රනාන්දු’ ගැයු සියඵ ගීත වල තනු නිර්මාණය පමණක් සිදුකල සුනිලුන් ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ කාර්ය භාරය පෙරකී බඹරැන්දේ ශ‍්‍රීනාත් පෙරේරා වෙත පැවරීය. 


ලෙස්ටර් ගේ ’රේඛාව’ එදවස සම්මත සිනමා ආකෘතියෙන් බැහැර වීම නිසාදෝ මුල්‍යමය සාර්ථකත්වය නොළද්දේය. භාරතයේ මහා සිනමාකරු ’රාජ් කපූර්’ ඔහුගේ ’රේඛාව’ නරඹා එය අගය කර ලෙස්ටර් ට හැකිනම් තවත් අවස්ථාවක් උදාකරදෙන ලෙස ලාංකීය සිනමා කර්මාන්තයේ එදවස දැවැන්තයෙකු වූ ’සිනමාස්’ සමාගමේ අධිපති ’කේ ගුණරත්නම්’ ගෙන් ඉල්ලා සිටි බව ද කියැවේ.


ඒ අනුව ලාංකීය සිනමාලෝලීන්හට දැවැන්ත පසුතල සහිත බටහිර ක‍්‍රියාදාම ගණයේ සිනමා කෘතියක් ලෙස ’සංදේශය’ නරඹන්නට අවස්ථාව ලැබුනේ 1960 වසරේදීය. එය දක්‍ෂින භාරතීය සිනමා වට්ටෝරුවේ සංඝටක වූ ’සංගීතය’, ’සටන්’ සහ ’උද්වේගකර දර්ශන’ යන්ගෙන් සමාලංකෘත වූ නිසාදෝ අති සාර්ථක සිනමා පටයක් ලෙස කිරුඵ පැළැන්දේය.


එහි ඇතුළත් ’අරිසෙන් අහුබුදු’ ශූරීන් ගේ ගී පද රචනා උදෙසා නැවතත් ලෙස්ටර් ගේ ඉල්ලීමට අවනත වෙමින් ’සුනිලුන්’ මධුර ගී තනු නිර්මාණය කළේය. එහෙත් මෙවර ගුණරත්නම්ගේ නිර්්දේශය නිසාදෝ ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ භාරදුර කටයුත්ත පැවරුනේ දක්‍ෂින භාරතියෙකු ව පසුව ලාංකීය පුරවැසි භාවය ලත් නැසිගිය ’ආර් මුත්තුසාමි’ සංගීතවේදියා වෙතය.


ඔහුගේ කාර්යභාරයේ සාර්ථක අසාර්ථක භාවයේ තීරණය කිරීමේ වගකීම රසික ඔබ වෙත පැවරේ. ලතා වල්පොළ ගායන ශිල්පිනිය   මෙන්ම එච් ආර් ජෝතිපාල ගායන තරුව ගැයු සංදේශයේ ගීත සියල්ලම සැටවස් පිරී අදද එදාමෙන් ශ‍්‍රාවක හද පිනවමින් පවතින්නේය.


01 පුන්සඳ එළියයි එන මද සුළගයි මල් මල් සුවඳයි .....................


02 ?න ගිරා ?න අඹේ මී බීබී රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ ..................


03 රැුජින මමයි අපේ රාජ්ජේ මගේ සැමියා රජා තමයි.......................


04 සුදට සුද වළාකුලයි නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි ...................


සහ ජෝති ඇතුඵ පිරිස ගැයු 


05 පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා .................


මෙන්ම බෙග් ඇතුඵ පිරිස ගැයු


06 කෝ හතුරෝ කෝ හතුරෝ .................


ධර්මදාස වල්පොළ ගේ හඞ ඇතුළත්


07 කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා .................


නරඹන්න ’පුන්සඳ එළියයි...,

-----------------------


එදවස සිනමා පටයක අවම වශයෙන් වත් අඩංගු විය යුතුව තිබුනු ගීතමාලාව සම්පුර්ණ කර දුන්නේය. සංදේශයේ මේ අත්‍යන්ත සාර්ථකත්වයට සුනිල් සාන්ත සහ මුත්තුසාමි දෙපොළ ගේ මෙම සංගීතමය කාර්ය භාරය ද සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන්නට ඇතිබව නිසැකය. මන්ද යත් එදවස සිනමා ගීතයක් සවන්දෙන්නට නම් සාමාන්‍ය ජනයා අදාළ සිනමා පටය නැවත නැවතත් නරඹනවා හැරෙන්නට වෙනත් විකල්ප නොතිබුනු නිසාවෙනි. නමුත් යමක් කමක් තිබූ අයට නිවසේ ග‍්‍රැමෆෝන් තැටි ධාවන යන්ත‍්‍රයක් තිබුනේ නම් එහි ගීත ඇතුළත් තැටිය ගෙනැවිත් වාදනය කරමින් රස විඳින්නට හැකි විය. (එහෙත් සංදේශය සිනමා පටයේ තැටියක් නිකුත් කරන ලද්දේදැයි නොපැහැදිලිය*.


ඉහත පූර්විකාවෙන් ප‍්‍රවේශය උදාකර ගන්නේ පෙරකී භාරතීය සම්භවයක් සහිත ලාංකීය සංගීතවේදී ආර් මුත්තුස්වාමි එනම් රාමයියා මුත්තුස්වාමි ගේ සංගීත කාර්යභාරයේ තොරතුරු අතරින් බිඳක් මතුකරදෙනු පිණිසය.


ඉහත ලැයිස්තු ගත වුයේ ඔහු හා පුරා කියා සිංහල සිනමාපටයක සංගීත සංයෝජනයේ යෙදුනු අවස්ථාව නොවේ. ඉන් වසර පහකට පමණ පෙර දී  තිරයේ ඇඳුනු ’මාතලන්’ නම් සිනමාපටය වෙනුවෙන් ද යොවුන් ලතා වල්පොළ ශිල්පිනිය යොදවා ඔහු ඒ ප‍්‍රමාණයේම ගීත සංඛ්‍යාවක් බිහිකරදුන්නේය. ඒවයේ සංගීත අදියුරු මතුනොව සත්සර රටා තනු පවා ඔහුගේය.



එතැන් සිට ’60 දශකයේ’ සිංහල සිනමා සංගීත බලාධිකාරිය පැවැත්වූවන් අතර ඔහු ප‍්‍රමුඛයෙකුව සිටියේය. විසල් වාද්‍ය වෘන්දයක් යොදවා දිර්ඝ අන්තර් වාදන සංගීත ඛන්ඩ  ඔහු සිය සිනමා ගී නිර්මාණ සඳහා යොදාගත්තේය




වසන්ත සමයේ මි අඹ වනයේ ..........

අනන්ත සුවයකි ගෙන දෙන්නේ ..........

ගිමන් හරින්නට සමන් වැලක් යට .........

නිරන්තරේ ඒ යාදෙන්නේ................


(ධර්මදාස වල්පොළ ගැයුම - ’ඉපදුනේ ඇයි- 1967 )

සවන්දෙන්න ’වසන්ත සමයේ’

-----------------------

කර්ණාටක සංගීතයේ හසළ දැනුමකින් හෙබියා වූ ඔහු ගේ පරපුර එහි සංගීතවේදීන් ලෙස කටයුතු කළ බව කියැවේ. එහෙත් ඔහු ඒ කර්ණාටක ශෛලියේ ඇලිගැලී සිටියේ නැති අතර තමන්ට පැවරී ඇති භාරදුර කාර්ය භාරය, එනම් ගීත මගින් අදාළ සිනමාපටය ජනප‍්‍රිය කරවීමේ වගකීම හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරනු ලැබ ඇති බවට සාක්‍ෂි එමට හමුවෙයි.


රාගධාරී ශෛලිය භාවිත කරමින් එදවස ලාංකීය රිදිසිණු හඞ නිළි රැුජින ’රුක්මණි දේවී’ වෙනුවෙන් ඔහු එදා කල නිර්මාණයක රසය එදත් අදත් නොඅඩුව පවතී.


සිතාරේ ...සිතාරේ ...සිතාරේ...........


අතැගිලි පිරිමදින හඞට ගයන සිතාරේ ...වයන සිතාරේ............


(ගී පද - කරුණාරත්න අබේසේකර - සම්පත - 1966)


සවන්දෙන්න ’සිතාරේ...........'

-----------------------


බටහිර සංගීතයේ ආභාෂය ලබනට නිසි තැන නිසි පරිදි කටයුතු කරන්නට ඔහු කිසි විටක පැකිලුනේ නැත. විමසනු මැනවි. එදවස බටහිර ඉංග‍්‍රිසී ගිත ගයක කන්ඩායමක් වු ’ද ජෙට්ලයිනර්ස්’ ප‍්‍රමුඛ ගායිකා ’මිනෝන් රත්නම් ප‍්‍රනාන්දු’ ගේ හඞ එම් එස් ආනන්දන් හැදු  ’සත පනහ’ වෙනුවෙන් යොදාගත් ආකාරයයි මේ



අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී .........


ඔව් මේ රැ ............


කවුරුද එන්නේ හොරාවගේ මත්වි එය හොඳ නෑ ...........


මම නැළවෙන්නේ  ඔබේ සිතේ හැංගී ඔව් මේ රැ ...


සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා ඔව් මේ රැ ......


(සත පනහ- 1965) ගී පද හර්බට් ඇම් සෙනවිරත්න ගෙනි.


සවන්දෙන්න ’අද අපි ඉන්නේ’

-----------------------


මේ යුගය  පසුවි යද්දී ලංකාවේ සංගීත භාවිතාව මහත් පෙරළියකට ලක්වෙමින් පැවතියේ ’බීට්ල්ස්’ වැනි බටහිර සංගීත කන්ඩායම් අනුකරණය කරමින්  හතු පිපෙන්නා සේ බිහිවු විසල් ගණනක ’ගායක කන්ඩායම්’ නිසාය.  ක්ලැරන්ස් විජේවර්ධනගේ ’මූන්ස්ටෝන්ස්’ කළඑළි බසිද්දී තවත් යොවුන් ශිල්පියෙකු වු ’නෙවිල් ප‍්‍රනාන්දු’ නම් අතිදක්‍ෂ ගිටාර් වාදකයා විසින් තමන්ගේ ’ලොස් කැබැයියරෝස්’ සතරදෙනාගේ ගායක සංසදය බිහිකර තිබිනි. 

ආචාර්ය ලෙස්ටර් ද  එයින් කුල්මත් වී පන්ඩිත් අමරදේවයන් ලවා සිය සිනමා නිර්මාණයක් වූ ’දෙලොවක් අතර’ ට ,’නෙවිල් ගේ කන්ඩායම’ යොදාගත්තේය. 

මෙම රසවතුන් අතරින් සමහරු සාම්ප‍්‍රදායික භාරතිය සංගීත භාන්ඩ යොදා ගනිද්දී තවත් අය බටහිර ලතින් ඇමෙරිකානු වාද්‍ය භාන්ඩ සහ  බෙරවර්ග භාවිතයට පෙළඹි සිටියේය. ’ඩ‍්‍රම්ස්’ කට්ටලය වාදනය කරමින් ගැයු ගීත ඒ අතර කෙමෙන් විසිර පැතිර යද්දී ’මුත්තුස්වාමි’ සංගීතවේදියා එයින් උපරිම ඵලනෙලා ගන්නට සමත් විය. 


යුරෝපයේ හිම වැටෙනා තාලෙට .............


සිතල සුවය දැනේ .........


ජපානයේ පිපි හිරිමල් සුවඳයි අප වෙත තුරුඵ වුනේ ..........


මේ ලක් පොළවේ නිල්කඳුවැටි මැද සීතල සුවය ගෙනේ ........


තේ කඳු පාමුල පිපිමල් සුවඳයි අපදැක තුරුඵ වුනේ .............


(ලතා සහ ධර්මදාස වල්පොළ ’උතුම් ස්ත‍්‍රි - 1969 වෙනුවෙන් - ගී පද - නැසිගිය ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ)


නරඹන්න යුතලයේ දී ’යුරෝපයේ හිම’

-----------------------------


1970 වසර උදාවෙද්දී ’මුත්තුස්වාමී’ සංගීතවේදියා ලංකා ගුවන් විදුලි ද‍්‍රවිඩ වාද්‍ය වෘන්දයේ මෙහෙයුම්කරුවාණෝ ලෙස පත්කරනු ලැබ සිටියේය. එතැන් හි සිට සිනමා සංගීත කර්මාන්තයෙන් ඉසිඹු ලද ඔහු විසින් සිය ප‍්‍රතිභාව ගුවන් විදුලි ගීත කලාව කරා විහිදුවන්නට විය. 


ශ‍්‍රීණීධරිත ස්වර්ණ භූමියයි..............

කමනීය විජය භූමියයි............

අසමානය ජනම් භූමි සම්මානනීය භූමියයි...............

(ලතා වල්පොළ 1972 ජනරජ ව්‍යවස්ථා උළෙල සැමරුම් ගී පද හේම ශ‍්‍රී ද අල්විස් විසිනි)


රහසක් ඇත ඔබ හට පවසන්නට .........

සෙව්වෙමි සසර පුරා ...........

පෙරමග බල බල .............

පියමැන ඉන්නෙමි .........

ඔබමුණ ගැසෙන තුරා ............


(ලතා  - ධර්මදාස වල්පොළ ගුවන් විදුලි සරළ ගී - හේම ශ‍්‍රී ද අල්විස් ගී පද සංකල්පනා - 1972)


සවන්දෙන්න ’රහසක් ඇත’

-----------------------

උක්ත වසර ගෙවිගිය කාලය සිංහල ගී තැටි ඇල්බම් කර්මාන්තයේ වසන්තයයි. විවිධ වෙළඳ සමාගම් පවත්වාගෙන ගිය ගිත කලාවට පෙම්බැඳි රසවතුන් එකිනෙකා පරයා ජනප‍්‍රිය ගුවන් විදුලි ගායක ගායිකාවන් යොදා නව ගීත මෙන්ම එදවස අතිශය ජනප‍්‍රසාදයට පත් ගුවන් විදුලි ගීත ද ප‍්‍රතිනිර්මාණය කරමින් සිය තැටි ලේබල් ඔස්සේ ජනගත කරන්නට තරග කලේය. ඔවුනතර 


’සූරිය’ - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

’ජෙම්ටොන්’ - විජයපාල හෙටිටආරච්චි

’පිලිප්ස්’ ජාත්‍යන්තර ලේබලය ලංකා නියෝජිත - පැට‍්‍රික් කොරේරා

’අර් ඒ සී’ සහ ’ශ‍්‍රීමත්’  මෙන්ම ’වාසනා’ ලේබල - සංගීතවේදී ආර් ඒ චන්ද‍්‍රසේන

’නිව් සවුන්ඩ්’ - ලක්‍ෂමන් පෙරේරා

’ලෝටස්’ - ක‍්‍රීශාන්ත කුරේ

’සිල්වර්ලයින්’ - කෙනත් සී පෙරේරා

’ෂානක’ - නවරත්න අත්තනායක (සුජාතා අත්තනායක ගී)

’තරංගා’ - විජය රාමණායක

අදද එදාමෙන් අමර වරම ලද මිල්ටන් මල්ලවාරච්චි, ඉන්ද‍්‍රානි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මලිනී, ටී එම් ජයරත්න, නීලා වික‍්‍රමසිංහ, සෝමතිලක ජයමහ, ලතා ව්ලපොළ, ඇනස්ලි මාලේවන, ළමා ගායිකාවන් වූ දමයන්ති ඒකනායක, ලිලන්ති කරුණානායක, ශිරෝමි ප‍්‍රනාන්දු ජනප‍්‍රිය ගී ගණනාවක් එළිදුටුවේ ඉහත ලේබලයන්ගේ නැවුම් ගී ලෙසය (ඒවායෙන් සමහරක් ගුවන් විදුලි ගී නොවේ* ’ජොති’ සහ ’එම් එස් ප‍්‍රනාන්දු’ වැනි ජනප‍්‍රිය ආරේ ගායකයන් ගැයු ගුවන් විදුලි ගී නැතුවා නොවුනද එය ඉතා අල්පයකි. ඔවුන් දෙදෙනාගේ අතිශය ජනප‍්‍රිය ගීත බහුතරය සිනමාවෙන් හැරෙන්නට බිහිවුනේ ’වෙළඳ තැටි’ වෙතිනි. 

’වෙළඳ තැටි’ නිෂ්පාදකයන් නොසිටින්නට ’ලංකාවේ කන්ඩායම් ගී යුගය’ බිහිනොවන්නට ඉඩ තිබිනි. මක්නිසාද යත් ඔවුනට එක්තරා යුගයක ගුවන් විදුලියේ දොර කවුඵ වැසී එය තහනම් පදෙසක් බවට පත් වි තිබුනු නිසාවෙනි.

සංගීතවේදී ආර් මුත්තුස්වාමී හට 1973 දී ’ගොපඵ හඞ’ සිනමාකෘතිය සංගීතවත් කරන්නට වරම් ලබන ලදුව හරූන් ලන්ත‍්‍රා ශිල්පියාගේ අතිශය ජනප‍්‍රිය නිර්මාණයක් වු ’මගේ නාමලී බැඳි ආදරේ...........’ බිහිකරදුන්නේ  නමුදු එය අවසනාවකට හින්දි ගී තනුවක ප්‍රතිනිර්මානයෙන් එළිදුටුවේය.. ඒ අතරවාරයේ ඔහුටද මතු කී වෙළඳ ගී තැටි ඇල්බමයක් සඳහා සිය නිසග ප‍්‍රතිභාව යොමුකරන්නට අවස්ථාව ලද්දේය. ඒ කෙනත් සී පෙරේරා ගේ ’සිල්වර්ලයින්’ ලේබලය වෙතටය. ඔහු බොහෝ අවස්ථාවලදී ගුවන් විදුලි ගී ප‍්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට වඩා නැවුම් හරවත් මධුරතර නිර්මාණ සිය ශ‍්‍රාවක පාරිභෝගික භවතුන් උදෙසා පිරිනමන්නට ඇප කැපවි සිටියෙකි. ඒ වෙනුවෙන් දිව ? වෙහෙසුනු ඔහු නිසා ලාංකීය සංගීත කෙතට හරවත් ගී රැුසක් එකතුවිය. සිය නැවුම් ගී නිර්මාන ’ගුවන් විදුලියේ’ මැදිහත්වීමකින් තොරව ප‍්‍රසිද්ධකරලීමේ අපහසුතාවය මනාලෙස වටහගෙන සිටි නිසාදෝ ඔහු සෑම ඉරුදිනකම  පෙරවරු 10 සිට අඩපැයක කාලයක අනුග‍්‍රහක වෙළඳ වැඩසටහනක් ගුවන් විදුලියේ එදවස සිංහල දෙවන සේවය එනම් වත්මන් වෙළඳ සේවය වෙතින් වෙන්කරවාගෙන ප‍්‍රවිණ ගුවන් විදුලි ශිල්පී නාට්‍යවේදී දිවංගත ගැමුණු විජේසූරිය ශිල්පියා එහි නිවේදක කාර්යය භාරය ඉටුකරගන්නට යොදා ගත්තේය. ශ‍්‍රාවක අපද ’සිල්වර්ලයින්’ නිකුත් කළ නැවුම් ගී රසය විඳගත්තේ මෙම වැඩසටහන ඔස්සේය.

මුත්තුස්වාම් සංගීතවේදියා එවරද ’පෞද්ගලික වෙළඳ තැටි ගී’ යනු හොඳින් ලාභ ඉපදවිය යුතු ව්‍යාපාරයක් යන්න මනාලෙස අවබෝධකරගෙන සිටින්නට ඇති අතර ඒ අනුව විවිධ තාක්‍ෂනික ශීල්පීයෝප‍්‍රකම ද යොදාගැනීමෙන් නොනැවත බටහිර  ඉලෙක්ට්‍රෝනික සංගීත භාන්ඩ වැඩිමනත් ව යොදා එමෙන්ම එහි එන ’සුසංවාද’ ’ප‍්‍රසංවාද’ (Harmony)  - (Counter Melody) විමසා බලනු මැනවි මුත්තුස්වාමී ස්වරාලංකරණ රසෝඝය ආචාර්ය සුජාතා අත්තානයක කමණිය ස්වර සමාධියෙන්.

ප‍්‍රාථමික තාක්‍ෂනයකදී වුවද කළහැකි උපරිම ශබ්ද ප‍්‍රයෝග භාවිත කරන්නට එදවස සංගීතවේදීන් සහ සංයෝජකයන් උත්සුක වූහ. ඒ සිය නිර්මාණයෙන් උපරිම වෙනසක් රසයක් ජනිත කරවන්නටය.

පහත වැයෙන ’නළලත කියඹු ලතා’ ගීතයේදී ’රිවර්බ්  (Reverb) නම් තාක්‍ෂනය භාවිත කර ඇති බවක් හැගීයයි. එහිදී ගායන ශිල්පියා ගේ හඞ දෝංකාර නවයි. ඇතැම් සිනමා ගී සහ විශේෂ තැටි ඇල්බම් පටිගත කිරිමේදී මෙවන් ශබ්ද ප‍්‍රයෝග එදවස භාවිත කරනු ලැබ තිබින

නළලත කියඹු ලතා ..............

පළඳින සිරිළියේ .........

හිරු සඳු මිහි මඞලේ ............

ඔබ රුව නෙවෙද ප‍්‍රියේ ..............

නළලතා කියඹු ලතා ..............

තුඩ තුඩ මියුරු නදින් .........

ඔබ ගී වරුණ ඇසේ ...

කවි ගී මුතුහරසේ ............

ලියැවෙයි සතර දෙසේ .............

පෙම්හද පොකුරු පියුම් හදඔබේ ලියේ .............

පහනේ සිඵව ලෙසින් බැබලේ ...........

මෙරූප නාරිලතා ගුණ රූ වරුණ කියා .......

දයාද ඇයි පැතුවේ රන්මිනි අගය කියා ..........

අරුමය අරුම ලොවේ ...........

ඒකයි සොඳුරු ලියේ ....

යහගුන නිමල යොවුන් හදඔබේ ලියේ ..........

ධනයට වැඩියෙන් නැතිවද අගේ .............

(ගී පද ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ආචාර්ය අජන්තා රණසිංහ - 1975*

ලේබලය - සිල්වර්ලයින්

නිපැයුම - කෙනත් සී පෙරේරා


සවන්දෙන්න ’නළලත කියඹු ලතා’වට

-----------------------

’රාමයියා මුත්තුස්වාමි’ සංගීතවේදියාගේ වෘත්තිය දිවියෙන් අසුරු සැණක තොරතුරු මෙලෙස කැටිකොට දැක්වුයේ වෙසෙසින් ඔහු එහි රාමුවකට, ශෙලීයකට කොටුනොවු ස්වාධීන පුඵල් දැක්මක් සහිත නිර්මාණකරුවෙක් බව පසක් කරනු රිසියෙනි.

ආර් මුත්තුස්වාමී  ගාන්ධර්වයාණෝ 1988 ජූනි මස 27 දාතමේදීී සිය දයාබර පියඹ ’නිලීයා මුත්තුස්වාමී’ සහ ’දරු තිදෙනා’ මෙන්ම සුවහස් සංඛ්‍යාත ගී ශ‍්‍රාවකයන් තනිකර දමා මෙළොවින් නික්ම ගියහ.

---------------------------------------------------------------------

මුත්තුස්වාමි සංගීතවේදියාණෙනි ඔබට මොක් සුව පතමි...........