namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, October 5, 2022

බන්දුල විජේවීර ගැයු ගී - Bandula Wijeweera creations of 70s

 බන්දුල විජේවීර මියුරස ගී වින්දන දැහැන - 70 දශකය


මල් වටේ රෝස කැකුඵ ...............


මැදින් මට පෙනේ ....................


නිල්වලා යහන් ගැබේ ...


කිරිසිනා දිලේ 


යන්තැනේ සෝක තැවුල් ...


නිවාලන මිනේ...


එනුමැනේ මගේ යහනට


ඈත නොඉන්නේ ...

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

නැසිගිය ප්‍රවින පුවත්පත් කලාවේදී ගීත රචක ගාමිණි විජේතුංගයන් ලියු මෙකි පදවැළ ගීයකට හරවා තනු නිර්මාණය කර ඇත්තේ ගෝඨයිම්බර වැළපිල්ල නම් වු ජන ගීතයේ නාදමාලාව ඇසුරිනි. 70 දශකයේ සී ද එස් කුලතිලකයන් ගේ ගුවන් විදුලි සංගීත පර්යේෂන අංශයේ කාර්ය භාරය වුයේ සාම්ප්‍රදායික ජන සංගීතය ප්‍රවර්ධනය කිරීමයි. ඒවා ඇසුරෙන් නව නිර්මාණයන් බිහිකිරීමයි. මෙහි නාදමාලාව වෙනුවෙන් සංගීත සංයෝජනය සිදුකළේ පසුකාලීනව සංගීතඥයෙකු නොව ගායකයෙකු ලෙස ගුවන් විදුලි ශ්‍රාවකයන් විසින් හඳුනාගත් බන්දුල විජේවීරයන්ය. ගැමි හඞකින් මනාව සන්නද්ධව පර්යේෂන ගී ගායන බලඇණිය වර්ණවත් කළ නන්දා පතිරණ ශිල්පිනිය ගේ හඞින් එය රසගැන්විනි. ඒ අනුව 1973-1983 දශකයේ නිරතුරුවම පර්f්ය්ෂණ ගී වැඩසටහන ඔස්සේ එය ගුවනින් විසුරුවා හරින්නට ගුවන් විදුලි බලධාරීන් කටයුතු කරන ලදී. 



බන්දුල විජේවිර ගායන ශිල්පියා නොව සංගීතඥයා හැඳින්වීමට පිවිසුමක් ලෙස ඉහත ගීතය පිළීබඳව අවධානය යොමුකරන ලද්දේ ඔහු ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට පෙර පවා දක්‍ෂ සංගීතඥයෙකු ලෙස කටයුතු කරන ලද බව පසක් කර දෙන්නටය. උක්ත ගීතය කරළියට පිවිසි 1975 පමණ යුගයේදී පවා ඔහුගේ හඞ අසන්නන්ට නුහුරු වුවද ඒ වසර ගතවු වහාම ඔහු ගුවන් විදුලි වැඩසටහනකට ගායනා කරන ලද්දා වු වෙනත් ගුවන් විදුලි ගීතයක් නිසා එකරැයින් ඔහු එදා ගුවන් විදුලි ගායන ශීල්පී මඞුල්ලේ සුවිශේෂි ස්ථානයක් හිමිකරගත්තේය. එහි ගෞරව බුහුමන අන් කවරෙකුට හෝ නොව හිමිවිය යුතතේ ඔහුටමය. කෙසේද යත්, එහිද නැසිගිය උපාලි ධනවලවිතාන නම් වු සොඳුරු රසවතාගේ පද සංකල්පනයට තනු සහ සංගීත සංයෝජනයන් මැවුයේ ඔහුම නිසාය.



දෝත පුරා මුතු මාල කථා ...........


දෑස පුර මනමාල කථා .........


ඈත ඉමේ සුදු සේළඑලා ....


නැළවෙන කුසුමිය නාරිලතා..............
----------------------------------

යූ තලයේ වීඩීයෝව නරඹන්න
------------------------

පෙරකී ගීත ද්විත්වයම 70 දශකයේ මහරු ගුවන් විදුලි ගීත නිධානයේ අමිල නිර්මාණ ලෙස නොසළකන්නට කරුණු නැත. රජයේ සංගීත විදුහලේ ශීල්ප ඥානය අත්කරගන්නා ලදුව පසුව ගුවන් විදුලිය ඔස්සේ ලාංකීය සංගීත කලාවට මහගූ මෙහෙවරක් ඉටුකළ ශිල්පි ශීල්පිනියන් අතර ඔහුද වෙයි.


ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඔහුව සිය සංගීත සංයෝජන රටා ඇතුළත් හුළවාලි සිනමා පටයේ ගී ගයන්නට තෝරාගැනීම නිසා, සිය නාමය වඩාත් හොඳින් කලා රසිකයන් අතරට පිවිසියේය.

කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ ...............


පතිකුලයට අද ..................


කැන්දන් එනවා ...........


දුම්බර මැණිකේ ...............


මනුකුල සිරිතට ...


පතිකුලයට අද ...


කැන්දන් එනවා ..


දුම්බර මැණිකේ...



ඉක්බිති දශකයේ ගුවන් විදුලි සංගීත පර්යේෂන අංශයේ අනික් යාවජිව සාමාජික රෝහණ බැද්දගේ සමගින් එක්ව මාමායි බැණයි ද්විපුද්ගල ප්‍රසංගයේ යෙදෙන්නට පෙරාතුව ඔහු එක්තර සිමිත ප්‍රමානයක ගුවන් විදුලි ගීත සඳහා හඞින් සහයෝගය පළකළ අතර ඒවා එකකුදු නෑර ශ්‍රාවකයන්ගේ ආදර ගෞරව සම්මාන සත්කාරයට බඳුන් විනි.


01 හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි ....


තැන් තැන ඇවිදිනවා ...


හිතෙන හිතෙන තැන ..


නවතිනවා..


(මහාචාර්ය සුනිල් ආරියරත්න - ආචාර්ය වික්ටර් රත්නායක)


එහෙත් බන්දුල විජේවීර ගේ අසමසම ගී හඞ රැව්පිළිරැව්දෙන්නට වඩාත් තෝතැනි වුයේ ගුවන් විදුලිය එදවස නිර්මාණය කළ දේශාභිමානී අරුණා්දයේ ගීතාවලියයි. තමාට පැවරුණු වැඩසටහන් සම්පාදක තනතුර ඉතා හරවත්ව අපතේ නොහැර අවභාවිතා නොකර හෙබවු නැසිගිය ප්‍රවිණ ගායන ශිල්පිනී ජී එස් බී රාණි පෙරේරා විසින් නිර්මාණය කරන ලද ජනප්‍රසංගනී, ප්‍රබුද්ධ ගී ගුවන් විදුලි සංගීතමය විචිත්‍රාංගයන් රසවත් කළ සමූහ ගීතාවලියේ දී පසුබිමින් නැගී තරව රැව්දුන්නේ ඔශුගේ හඞය.


සාගර වෙරළේ වැව් බැන්දෝ අපි .......


කැටපත් පවුරේ ගී ලිවෝ අපි .........


නොසැළෙන නොබිඳෙන නොබැඳි පවුල අපි ............


(සෝමපාල රත්නායක - ගාමිණි විජේතුංග?)

ගායන සහය - නැසිගිය නීලා වික්‍රමසිංහ සමග ආනන්ද වීරසිරි

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------


වැව්තල බඳවා ගොවිතැන් කරවා .............


අටුකොටු සහළින් පුරවන්නයි...


මී මුත්තන් අපේ පණනළ හෙඵවේ....................


(ආචාර් ය රෝහණ වීරසිංහ සමග )

--------------------

උදාර සිංහල යශෝ කීර්තිය


අහස උසට රැව්දෙන සංකේතය


පුත ඔබ ඉපදුනු සිංහල දේශය


වසා සැළෙන මේ සිංහ ධජය මේ


මිණිමුතු සැදුනේ කෙත්වතු සැදුනේ


විරුවන් දිනුවේ මේ සෙවණේ


(ගී පද - නැසිගිය ස්වර්ණ ශ්‍රී බන්ඩාර සංගීතය - බන්දුල විජේවිර)

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

සහ තවත් ජනප්‍රිය ගීත ගණනාවක දී ඔහුගේ යොවුන් ගී හඞ ඇසෙයි.


ඊට අමතරව පුංචි කාලේ අපි සිංදු කියපු හැටි, බිඳුවෙන් බිඳුවට මාල සදා දෙන්නයි (පන්ඩිත් අමරදේව නීලා වික්‍රමසිංහ සමග), දෙපා නගන්නට හිත නැතුවාථ, නිදහස ගැන කවි කියන්න රසකර සී පද, (චිත්‍රානන්ද අබේසේකර)  පොත්ගුල අතරේ තර්කවාද මැහැළිය තුරුලේ (ස්වර්ණ ශ්‍රී බන්ඩාර), රිදී නිම්නය කදුඵ නිම්නය ඔබය මගේ වැනි ගී සදාතනික සිහල ගී නිමැයුම් අතරට පිවිසෙයි.


ගුවන් විදුලි සරළ ගීයට ඉන්ග්ලිෂ් මැන්ඩලීනය හඳුන්වාදුන් ශීල්පියා විජේවිරයන්ය. 


-----
එඩ්වර්ඩ් ජයකොඩි සහ රෝහණ බෝගොඩ
------

සුවඳ මලේ පැණි බඹරුනට පිරෙන්නයි.............


යළට මහට කෙත් සරු වි පැහෙන්නයි............


ගොයම් කරල් රන් පාටින් දිළෙන්නයි............


අවුරුද්දේ සුභ ආසිරි ගෙනෙන්නයි.........


නව හිරු පායා නව සඳු පායා ..............


(ගැයුම - එඩ්වර්ඩ් ජයකොඩි සමග රෝහණ බෝගෝඩ ගී පද නැසිගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

--------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

ගුවන් විදුලි ගීතාවලිය පුරා පැතිර විසිර පවතින පෙම් ගී සමුච්ඡයේ ඉඳහිට නැවුම් තේමාවක් ඔස්සේ ලියැවුනු ගීත ද හමුවේ. ළපැටියන් නිතර ගැවසෙන දෙහිවල සත්වෝද්‍යානය ට පිවිසෙන ළමා වැඩිහිටියන් දොරටුවෙන් වමට හැරී එහි දිවිගෙවෙන විසිතුරු සාගර මත්ස්‍යයන්ගේ විමන වන මින් මැදුරට පිවිසෙන්නට අමතක කරන්නේ නැත.


එහිතුළ ගතකරන කෙටිකාලාන්තරයකදී, ඇසට ඇසක් හැටුනේනම් ? නුරා නෙත් පහර වැදුනේ නම් ? ඔවුන් ගේ ආදර අන්දරය සටහන් කෙරෙන ලීලාව කෙබඳුවේද ?


සිරිකත සරසවි ............අතිනත අරගෙන


හෙළකත හමුවෙන ....තැන මෙතැනයි....


මින් මැදුරයි ...මිණි යුග දෙනෙතයි...


නුරා බැලුම් හද සළිත කරයි............


මින් මැදුරේ මින් මැදුරේ මින් මැදුරේ බැඳි ආදරේ.......................


තාවතිංස දෙව් විමානයේ ...


අසිරිය මැවෙනා මින් මැදුරේ


නන්දන උයනේ චන්දන සිහිළස


මින් යුග දෙණුවන් අතර මැවේ.................. 


මීනරංග රග ඇගේ නුවන් යුග...


මහද රගහලේ රග දෙනවා ...............


සිත්නොවමත්වී සුවසේ මගෙ නතේ


ඇගේ නෙත් යහනේ නැළවෙනවා..................

----------------------------

ගී පද - චන්ද්‍රසිරි රාජපක්‍ෂ


තනුව සහ සංගීතය - ශිල්පි බන්දුල විජේවිර


ගීතය නිර්මාණය - ලංකා ගුවන් විදුලිය  - 70 දශකය අවසන් යුගය

-----------------------

යූ තලයේ වීඩියෝව නරඹන්න






9 comments:

  1. එදා ඇසුණු හිත බැඳගත් ගී..!! ඒ යුගයේ සිටි ගායක ගායිකාවන්, ගායනය වගේම තනු නිමැවුමටත් එක සේ දස්කම් පෙන් වූ අය...
    මර් වින් පෙරේරා, වික්ටර් රත්නායක, ප්‍රියා සූරියසේන, නන්දා මාලිනී වගේම ෂෙල්ටන් පෙරේරා සහ මිල්ටන් පෙරේරා ඇතුළු බොහෝ පිරිසකගේ නාමයන් එසේ ගීතනු නිමැවුම් විමසද්දී අසන්නට ලැබෙනවා..
    මේ ගීත මෙතරම් මිහිරිව ගැයෙන්නේ ඔවුන් කුසලතාවන්ගෙන් පිරිපුන් අය නිසාම විය හැකියි..

    ReplyDelete
  2. මැනවින් කියයි රසබරවූ අතීතයක්
    එක්කම ගෙනෙයි සුමිහිරි ගී සමුච්ඡයක්
    විවරණ කෙරුම මේ වැනිවූ පරාසයක්
    පමණකි කරන්නේ; ඔබ වැනි දැනුමැත්තෙක්!

    ReplyDelete
  3. නැණ ඇත්තේ දනමන සුව සහනයට
    පැණ ඇත්තේ සියල් සතට සෙත්වෙන්ට
    රස ඇත්තේ බෙදහදා ගෙනදෙන්ට
    ලොව ඇත්තේ මේ ගුණ නිති පතුරන්ට

    ReplyDelete
  4. ආසාවෙන් කියෙව්වා සර් ....බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. රුසිරු බොහොයි සුහද ඔබේ පැමිනීම
      අසිරි සිරිිය පිරිතිරෙයි හැමමොහොත
      සපිරි වදන් මනබඳවයි සිතුසේම
      විසිර ⁣පැතිර දසත හමයි රසමිහිර

      Delete
  5. එක දිය බිඳුවෙන් කෙලෙසද පවසක් දුරලන්නේ...ගීයේ පැහැදිලි මුල් ගායනයක් තියනවා නම් ඉදිරිපත් කරන්න 🙏

    ReplyDelete